මැකොගේ දිව දෙකේ කතාව
මැකොගේ දිව දෙකේ කතාව එජාපය මාධ්‍යයට ඔප්පු කරයි
දේශීය 2010 පෙබරවාරි 11 වෙනි බ්‍රහස්පතින්දා, 09:29
"තමාට ඡන්ද පෙට්ටියක් වත් රැක ගන්න බැරි වුණා" යැයි මුලින් ප්‍රකාශ කොට, එවැනි ප්‍රකාශයක් තමන් විසින් නොකළ බවත්, වීඩියෝ පට පරීක්ෂා කර බලන ලෙසත් පසු ප්‍රකාශයේදී මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කළ අතර, පසුගිය 09 වැනිදා පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී එක්සත් ජාතික පක්ෂය විසින් මැතිවරණ කොමසාරිස්වරයා විසින් මුලින් කතාවේදී එම ප්‍රකාශය කළ බවට ඔප්පු කරන ලද සී.ඩී. පටයක් මාධ්‍ය වෙත බෙදා දෙනු ලැබිණි.
කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පෙරේදා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුරදී මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් එම සී.ඩී. පටය මාධ්‍යවේදීන්ට අසන්නට සැලැස්වූ අතර, පසුව ඒ සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වීය.
"මැතිවරණ කොමසාරිස්වරයාගේ ප්‍රකාශය සත්‍යදැයි අපට ප්‍රශ්න කරන්න සිදුවී තිබෙනවා. මුලදී ඒ මහතා පවත්වපු සාකච්ඡාවකදී මට ඡන්ද පෙට්ටියක්වත් රැක ගන්න බැරිවුණා කියල පැහැදිලිවම කිව්ව. ඊට පස්සෙ ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියල ඔහු කියන්නෙ තමා එහෙම කිව්වෙ නැහැ කියල. මේක පුදුම කතාවක්.
මැතිවරණ කොමසාරිස්වරයා විවිධ දේශපාලන පක්ෂ පිටිපස්සේ යනවා. ඔහු උත්සහ කරන්නේ තනතුර රැක ගන්න විතරයි. මෙතුමා ඡන්ද කාලෙදි කළේ ලියුම් ලිය ලියා කල්මරපු එක විතරයි. රාජ්‍ය මාධ්‍ය අනිසි ලෙස භාවිතා කරනාවා කීව්වහම එතුමා ඒ ආයතනවලට ලියුමක් ලියනවා. බොරුවට ලියුම් ලිය ලියා ඇඟ බේරගන්න රක තමයි කළේ.
උතුරේ අවතැන් ජනතාවට ඡන්දය භාවිතා කිරීමට ආණ්ඩුවෙන් ලබා දීපු විශේෂ හැඳුනුම්පත පිළිගන්නා ලෙස යාපනයේ දිසාපති කළ ඉල්ලීම මැතිවරණ කොමසාරිස්වරයා පිළිගත්තේ නැහැ. හැබැයි ඡන්දය අවසේ උදේ 10 ට විතර එතුමා යාපනයේ දිසාපතිවරයාට දැනුම්දුන්නා එම හැඳුනුම්පත ඡන්දය ප්‍රකාශ කිරීමට පිළිගන්නවා කියල. ඒ වෙනකොට මුකුත් කරගන්න වෙලාවක් නැහැ. මේ විදියට තමයි එතුමා වැඩ කරන්නේ."