මැච් එක වෙලාවේ ග්‍රවුන්ඩ් එකේ උඩින් යටින් ş
අපි නොදන්න Spidercam
_____________________________________________
SLPL තරඟාවලිය ආර් ප්‍රේමදාස ක්‍රීඩාන්ගනයට ගොස් නැරඹු අයට නම් මේක එච්චර අලුත් දෙයක් නෙවෙයි. ඒවගේම මෙවර T20 ලෝක කුසලානයේ අවසන් පුර්ව වටයට සහ අවසාන තරගයට මෙම උපකරණය භාවිතවෙනවා. නමුත් හැමෝටම දැනගන්නත් එක්ක අපි හිතුව Spidercam ගැන විස්තරයක් දැම්මොත් හොදයි කියල.
Spidercam යනු වෙළඳ සලකුණකි. මෙය කැමරාවක්, එහෙත් විශේෂිත එකක්. මෙහි විශේෂත්වය වන්නේ පූර්ව නිශ්චිත සීමාවක් තුල තිරස්ව සහ සිරස්ව ගමන් කරවිය හැකි වීමයි. මෙය වැඩි වශයෙන් යොදා ගන්නේ ක්‍රීඩා තරග කැමරාගත කිරීමටයි. උදාහරණයක් වශයෙන් ක්‍රිකට්, පාපන්දු තරග සහ සංගීත සංදර්ශන නම් කල හැකියි.
මෙම උපකරණය ගමන් කරන්නේ එමගින් අවරණය වන කලාපයෙහි හතර කෙරවලේ සවි කර ඇති මෝටර් සහිත දබර වලිනි. මෙහි කැමරාව සවි කර ඇති අදාරකය සහ එම දබර සම්බන්ද කර ඇත්තේ කෙව්ලර් කේබල් මඟිනි.
කෙව්ලර්(kevlar) යනු වෙළඳ සලකුණකි. මෙය ඉතා ශක්තිමත් කේබල් විශේෂයක් වන අතර මේ හා සමාන බර යකඩ කේබල් එකකට වඩා පස්ගුණයක් ශක්තිමත්.
කැමරාව සවි කර ඇති අදාරකය ගමන් කරන්නේ මෙම කේබල් වල එතීම සහ දිගහැරීම මගිනි. මෙම අදාරකයට එය ආවරණය කරන ප්‍රදේශය තුල ඕනෑම ස්ථානයකට ළඟා වියහැකි අයුරින් මෙය නිමවා තිබෙනවා.
මෙය මෘදුකාංගයක් මගින් මෙහෙයවන අතර මෘදුකාංගය මගින් නිකුත් කරන විදාන මෝටර් සහිත දබර වෙත යවන්නේ fiber optic කේබල් වලිනි. ඒවාගේම මෙම අදාරකය ගමන් කරන කෙව්ලර් කේබල් දෙකක් තුලින් ගමන් කරන fiber optic කේබල් මගින් කැමරාව පාලනය කිරීමට (zoom, focus, කැමරාව උඩට පහලට ගැනීම වැනි ගුණාංග) අවශ්‍ය විදාන ලබා දෙයි. ඒවගේම කැමරාව මගින් ලබාගන්නා HD (High Definition) සිග්නල් මෙහෙයුම් ස්ථානයට ගෙන එන්නේ මෙම fiber optic කේබල් මගිනි. මෙම උපකරණය ක්‍රියා කිරීමට විශේෂයෙන් පුහුණුකල ක්‍රියාකරවන්නෙකු යොදා ගනියි.
මෙම කැමරාවේ ක්‍රියාකාරීත්වය ගැන මෙන්න මේ video එකෙන් බලාගන්න පුළුවන්...http://youtu.be/nCUwua4O34I