මැණික් පැළදීම

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    මැණික් පැළදීම

    මචන්ලා ඇත්තටම සුදුසු මැණික් වර්ග මුද්දකට හෝ මාලෙක දල ගෙන හිටියම බලපෑමක් තියෙනවද???
    දැනුම ඇත්තෝ අදහස දක්වත්වා....
     
    • Like
    Reactions: snm1990

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    it depends..
    ඒක ගැන විශ්වාස කරනවද ? එහෙනම් බලපෑමක් තියනව හිතට..
    මොකද ඒක ගැන විශ්වාස කරන නිසා තමන්ට තියන කරදර නැති වෙයි කියල හිතට විශ්වාසයක් ඇති වෙන නිසා..
    හරියට දෙයියො උදව් කරයි කියල හිතන් ඉන්නව වගේ..
    හොද දෙයක් මිසක් නරකක් වෙන්නෙ නෑ..

    ඊලගට විශ්වාසයක් නැත්තම් දාන්න එපා කිසිම බලපෑමක් නෑ ඕවයින්..
    අතේ තියන මැණික් ගල් කෑලි වලට පුළුවන් ද බන් එහෙම බලපෑමක් කරන්න.. ඔක්කොම තියෙන්නෙ අපේ හිතේ..
    බලපෑමක් තියනව වටින් නැති ගල් කෑලි ලොකු ගණන් වලට අන්දල විකුණන එවුන්ට..

    වාලම්පුරි සීන් එකත් ඕකම තමයි..
    දියුණු වෙනව වාලම්පුරිය විකුණන් කන එකාව..
    නැතුව ගන්න එකාට වෙන දෙයක් නෑ..
    හිත තමයි මුල..
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    hithaa thama.. e unata vidyathmaka patatt thynewa nea..ape rate parana kaeli minissu manika damma neda??
    e kale unth minissu karapu dewal wla deyak thyenawa mn hithana ehema ithn..
     

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    මමත් ඔයගැන හොයපු කෙනෙක්. මට දැනගන්න ලැබිච්ච හැටියට ඕක වෙන්නේ මෙහෙමයි,

    හිරු එලිය හැදිලා තියෙන්නේ පාට 7 ක් එකතුවෙලා කියලා දන්නවානේ.මේ පාට 7 එන්නේ එක එක තරංග ආයාම 7 ක් තියන කිරණ නිසා. ඉතින් ඔය ජෝතිශ්‍යයේ ග්‍රහ බලපෑමක් ගැන කියනවානේ. ඒකියන්නේ එක එක ග්‍රහයාට එක එක කිරණ (පාට) තියනවා. උදාහරණයක් විදිහට සෙනසුරුගෙන් එන කිරණ නිල් පාටයි. ඉතින් යම් කිසි ග්‍රහයෙක්ගේ බලය වැඩිකරගන්න ඕනනම් ඒ ග්‍රහයාට අයිති කිරණ වැඩි ප්‍රමාණයක් ලබාගන්න ඕන. ඉතින් සෙනසුරුගේ බලය වැඩිකරන්න කාක නිල් මැනිකක් දානවා. එතකොට හිරු එලිය ඒ මැණිකට වැටිලා සෙනසුරුට අයිති කිරණ සෘජුවම පෙරිලා එනවා.
    තව දෙයක් තමයි මෙහෙම කිරණ පෙරිලා එන්න නම් නියමම මැණිකක් දාන්න ඕනලු.මොකද මැණික් ගලෙන් විතරලු ඕක වෙන්නේ.
     

    ushankv

    Member
    Feb 15, 2009
    189
    71
    0
    යම් තරමක බලපෑමක් තියනවා. අර කලින් කීවත් වගේ මැණික් ගලින් කරන්නේ සුර්ය කිරණ filter කරලා අපේ ඇගට ඇතුල් වෙන එක. සුර්ය කිරණ වල ලොකු ශක්තියක් ගැබ් වෙලා තියනවා. ඉස්සර රාවනා රජුත් හිරු කිරණින් ලොකු වැඩක් ගත්ත කෙනෙක් කියනවනේ. ඉතින් ඒ විදිහට හිරු කිරණ අපේ ඇගට එනකොට එතන බලපෑමක් තියනවා. දැන් එතින් ඕකට අව්වේ හිටිය නම් හරිනේ වගේ දේවල් කියන්න එපා. මැණික් ගල් කපන විදිහට ඒකට වැටෙන හිරු කිරණ filter වෙනවා. සෝ එතන ඔය කියන බලපෑමක් තියෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: patiencefox

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    ඕක මෙහෙම හිතන්න පුළුවන් ගල් අල්ලලා රත්තරන් වලින් මුද්දක් හරි මොකක් හරි හැදුවා කියන්නකෝ. මැණික් වලයි රත්ත්‍රන් වලයි වටිනාකම අඩු වෙන් නැ වැඩි වෙනවා මිසක්. ඕකට වියදම් කරන සල්ලි ආයෝජනයක් කියලා හිතන්න. ඕකෙන් ඔය වැඩේ වුනත් හොදයි නැතත් අවුලක් නැ නේ පාඩුවක් නැ think smart my friend :)
     
    • Like
    Reactions: patiencefox

    blue_in_rio

    Well-known member
  • it depends..
    ඒක ගැන විශ්වාස කරනවද ? එහෙනම් බලපෑමක් තියනව හිතට..
    මොකද ඒක ගැන විශ්වාස කරන නිසා තමන්ට තියන කරදර නැති වෙයි කියල හිතට විශ්වාසයක් ඇති වෙන නිසා..
    හරියට දෙයියො උදව් කරයි කියල හිතන් ඉන්නව වගේ..
    හොද දෙයක් මිසක් නරකක් වෙන්නෙ නෑ..

    ඊලගට විශ්වාසයක් නැත්තම් දාන්න එපා කිසිම බලපෑමක් නෑ ඕවයින්..
    අතේ තියන මැණික් ගල් කෑලි වලට පුළුවන් ද බන් එහෙම බලපෑමක් කරන්න.. ඔක්කොම තියෙන්නෙ අපේ හිතේ..
    බලපෑමක් තියනව වටින් නැති ගල් කෑලි ලොකු ගණන් වලට අන්දල විකුණන එවුන්ට..

    හිත තමයි මුල..

    හරිම සහ එකම උත්තරේ තමයි මේ තියෙන්නේ.මම කිව්වනම් කියන්නෙත් මේකම තමා.හොඳ හෝ නරක, හැමදේටම මුල්වෙන්නේ හිත.එලකිරි සචියා
    11.gif
    11.gif
     
    • Like
    Reactions: patiencefox

    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    issara rajawarut otunnata athata manik gal allala tiyanawa.mama hitanne owalin apita balapamak tiyanawa .mata podi addakimakut tiyanawa..
     

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    මන් අර කලින් කිවුවේ මගේ අදහස නෙවෙයි. මොකද මන් ඕක ගැන පරීක්ෂණ කලේනෑ. මේක මම අහගත්ත එකක්.
    හැබැයි මටත් හිතෙනවා ඒකේ යම්කිසි සත්‍යතාවයක් ඇති කියලා. ඒවාගේම කලින් එක්කෙනෙක් කිවුවා වාගේ මේකෙන් අපේ හිතටත් පැහැදිළිවම බලපෑමක් තියනවා.මොකද මෙහෙම දෙයක් තියනකොට අපිට හිතෙනවා මේකත් තියන නිසා මට සාර්ථකවෙන්න පුළුවන් කියලා හිතිලා ඒ විශ්වාසයෙන් වැඩකරනකොට ඒ වැඩේ සාර්ථක වෙන්න ඒකත් එක හේතුවක් වෙනවා.
     
    • Like
    Reactions: patiencefox

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,255
    29,955
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ග්‍රහයන්ගෙන් බලපෑමක් නෑ කියන ඕනෑම කෙනෙක් හොදට ඉර එලිය තියෙන දවසක අත්කාචයකින් හිරුඑළිය තමුන්ගේ ඇගට නාබිගතකරන් බලන්න.
    තත්පර දෙකෙන් බලපෑම තේරෙයි.........
    හදේ බලපෑම බලාගන්න වෙරළට යන්න
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    ග්‍රහයන්ගෙන් බලපෑමක් නෑ කියන ඕනෑම කෙනෙක් හොදට ඉර එලිය තියෙන දවසක අත්කාචයකින් හිරුඑළිය තමුන්ගේ ඇගට නාබිගතකරන් බලන්න.
    තත්පර දෙකෙන් බලපෑම තේරෙයි.........
    හදේ බලපෑම බලාගන්න වෙරළට යන්න

    ethakota ithuru planet 7
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,255
    29,955
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ethakota ithuru planet 7

    මට ඕනකලේ ග්‍රහ බලපෑමක් නෑ කියකිය පෘතුවියේ හුදකලාව ඉන්න උන්ට ග්‍රහ බලපෑම කියලදෙන්න. උදේට ඉර පායනවා, අපි අවුවට කුඩ ඉහලන් යනවා, අවුවට මිනිස්සු කලුවෙනවා..... ඕවා ඔක්කොම එදිනෙදා වන සාමාන්‍ය දේවල් වුනාට හැබැවටම සුර්යා ඇතුළු ග්‍රහ බලපෑම්......... අනක් ග්‍රහයන්ගේ බලපෑම ඉක්මනින් ග්‍රහණය කරගන්න අමාරුයි, නමුත් බලපෑම් තියෙනවා...... ඒකට තමයි ජෝතිෂ්‍ය තියෙනේ. මැණික් කියන්නේ පාට කරපු විදුරු නෙමෙයි, මේවා ප්‍රශස්ත තත්ව යටතේ විවිධ රසායන අනුපාතයට වර්ධනය වූ පාෂාණ, විවිධ මැණික් විවිධ ආලෝක පෙරනයන් විදියට හැසිරෙනවා. එමගින් ග්‍රහ දෝෂ නිවාරණයක් සෘෂිවරුන් භාවිතා කර තියෙනවා. ලෙඩකට බෙහෙත් ගන්න දොස්තර ලගට යනවා..... දොස්තර බෙහෙත් අහුරක් දෙනවා...... ලෙඩේ හොදවෙනවා, නමුත් කොහොමද හොදවුනේ කියන්න අපි දන්නේ නෑ.... දන්නේ දොස්තර....... එකෙත් සමහර කරුණු දන්නේ බෙහෙතේ නිෂ්පාදකයෝ.........

    මම ඔය මගුල් පස්සේ යන්නේ නෑ ආභරණ පාවිච්චිකරන්න කැමතිත් නෑ හැබැයි බහුතරයක් වගේ නොදන්නා හැමදේම නෑ කියන්නේ නෑ..... කියන්නේ මම දන්නේ නෑ කියලා විතරයි
    :)