මැණික් පැළදීම

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    යම් තරමක බලපෑමක් තියනවා. අර කලින් කීවත් වගේ මැණික් ගලින් කරන්නේ සුර්ය කිරණ filter කරලා අපේ ඇගට ඇතුල් වෙන එක. සුර්ය කිරණ වල ලොකු ශක්තියක් ගැබ් වෙලා තියනවා. ඉස්සර රාවනා රජුත් හිරු කිරණින් ලොකු වැඩක් ගත්ත කෙනෙක් කියනවනේ. ඉතින් ඒ විදිහට හිරු කිරණ අපේ ඇගට එනකොට එතන බලපෑමක් තියනවා. දැන් එතින් ඕකට අව්වේ හිටිය නම් හරිනේ වගේ දේවල් කියන්න එපා. මැණික් ගල් කපන විදිහට ඒකට වැටෙන හිරු කිරණ filter වෙනවා. සෝ එතන ඔය කියන බලපෑමක් තියෙන්න පුළුවන්.

    මමත් ඔයගැන හොයපු කෙනෙක්. මට දැනගන්න ලැබිච්ච හැටියට ඕක වෙන්නේ මෙහෙමයි,

    හිරු එලිය හැදිලා තියෙන්නේ පාට 7 ක් එකතුවෙලා කියලා දන්නවානේ.මේ පාට 7 එන්නේ එක එක තරංග ආයාම 7 ක් තියන කිරණ නිසා. ඉතින් ඔය ජෝතිශ්‍යයේ ග්‍රහ බලපෑමක් ගැන කියනවානේ. ඒකියන්නේ එක එක ග්‍රහයාට එක එක කිරණ (පාට) තියනවා. උදාහරණයක් විදිහට සෙනසුරුගෙන් එන කිරණ නිල් පාටයි. ඉතින් යම් කිසි ග්‍රහයෙක්ගේ බලය වැඩිකරගන්න ඕනනම් ඒ ග්‍රහයාට අයිති කිරණ වැඩි ප්‍රමාණයක් ලබාගන්න ඕන. ඉතින් සෙනසුරුගේ බලය වැඩිකරන්න කාක නිල් මැනිකක් දානවා. එතකොට හිරු එලිය ඒ මැණිකට වැටිලා සෙනසුරුට අයිති කිරණ සෘජුවම පෙරිලා එනවා.
    තව දෙයක් තමයි මෙහෙම කිරණ පෙරිලා එන්න නම් නියමම මැණිකක් දාන්න ඕනලු.මොකද මැණික් ගලෙන් විතරලු ඕක වෙන්නේ.

    මට ඕනකලේ ග්‍රහ බලපෑමක් නෑ කියකිය පෘතුවියේ හුදකලාව ඉන්න උන්ට ග්‍රහ බලපෑම කියලදෙන්න. උදේට ඉර පායනවා, අපි අවුවට කුඩ ඉහලන් යනවා, අවුවට මිනිස්සු කලුවෙනවා..... ඕවා ඔක්කොම එදිනෙදා වන සාමාන්‍ය දේවල් වුනාට හැබැවටම සුර්යා ඇතුළු ග්‍රහ බලපෑම්......... අනක් ග්‍රහයන්ගේ බලපෑම ඉක්මනින් ග්‍රහණය කරගන්න අමාරුයි, නමුත් බලපෑම් තියෙනවා...... ඒකට තමයි ජෝතිෂ්‍ය තියෙනේ. මැණික් කියන්නේ පාට කරපු විදුරු නෙමෙයි, මේවා ප්‍රශස්ත තත්ව යටතේ විවිධ රසායන අනුපාතයට වර්ධනය වූ පාෂාණ, විවිධ මැණික් විවිධ ආලෝක පෙරනයන් විදියට හැසිරෙනවා. එමගින් ග්‍රහ දෝෂ නිවාරණයක් සෘෂිවරුන් භාවිතා කර තියෙනවා. ලෙඩකට බෙහෙත් ගන්න දොස්තර ලගට යනවා..... දොස්තර බෙහෙත් අහුරක් දෙනවා...... ලෙඩේ හොදවෙනවා, නමුත් කොහොමද හොදවුනේ කියන්න අපි දන්නේ නෑ.... දන්නේ දොස්තර....... එකෙත් සමහර කරුණු දන්නේ බෙහෙතේ නිෂ්පාදකයෝ.........

    මම ඔය මගුල් පස්සේ යන්නේ නෑ ආභරණ පාවිච්චිකරන්න කැමතිත් නෑ හැබැයි බහුතරයක් වගේ නොදන්නා හැමදේම නෑ කියන්නේ නෑ..... කියන්නේ මම දන්නේ නෑ කියලා විතරයි
    :)

    අම්මෝ බොල, මාර පෙරිල්ලක්නේ උබල පෙරන්නේ :rofl::rofl::rofl::rofl:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,255
    29,953
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ජොනී බට්ට;22706587 said:

    අම්මෝ බොල, මාර පෙරිල්ලක්නේ උබල පෙරන්නේ :rofl::rofl::rofl::rofl:
    Polarization.jpg



    http://gemologyproject.com/wiki/index.php?title=Polariscope
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    it depends..
    ඒක ගැන විශ්වාස කරනවද ? එහෙනම් බලපෑමක් තියනව හිතට..
    මොකද ඒක ගැන විශ්වාස කරන නිසා තමන්ට තියන කරදර නැති වෙයි කියල හිතට විශ්වාසයක් ඇති වෙන නිසා..
    හරියට දෙයියො උදව් කරයි කියල හිතන් ඉන්නව වගේ..
    හොද දෙයක් මිසක් නරකක් වෙන්නෙ නෑ..

    ඊලගට විශ්වාසයක් නැත්තම් දාන්න එපා කිසිම බලපෑමක් නෑ ඕවයින්..
    අතේ තියන මැණික් ගල් කෑලි වලට පුළුවන් ද බන් එහෙම බලපෑමක් කරන්න.. ඔක්කොම තියෙන්නෙ අපේ හිතේ..
    බලපෑමක් තියනව වටින් නැති ගල් කෑලි ලොකු ගණන් වලට අන්දල විකුණන එවුන්ට..

    වාලම්පුරි සීන් එකත් ඕකම තමයි..
    දියුණු වෙනව වාලම්පුරිය විකුණන් කන එකාව..
    නැතුව ගන්න එකාට වෙන දෙයක් නෑ..
    හිත තමයි මුල..


    bump
     

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    මෙහෙමයි මෙවායේ තියන ප්‍රශ්ණෙ තමයි මිනිස්සු මේදිහා ගොඩාක් පටු විදිහට බලන එක. මොකෝ අපේ මිනිස්සු ඇත්තටම ප්‍රායෝගික වෙන්න කැමතිනෑ.මම ඇතුලු ඕනෑම කෙනෙක් කැමතියි එතරම් ආයාසයක් නොගෙන දියුණු වෙන්න.ඉතින් මිනිස්සු හිතනවා මේවා දාගත්තාහම ඔක්කෝම ප්‍රශ්න හරිගිහිල්ලා නිකන්ම දියුණු වෙනවා කියලා.

    අපි හිතමු කවුරුහරි ගොඩාක් මහන්සි වෙවී උදලු යකඩ වලින් කාණුවක් කපනවා කියලා. එතකොට අපි ඒ මනුස්සයාට තේ කොප්පයක් දෙනවා.එතකොට තේ බිව්වා කියලා ඒ මනුස්සයා කපන කාණුව අඩුවෙනවාද? නැත්නම් නිකන්ම කැපෙනවාද? එහෙම වෙන්නෑ.හැබැයි මෙහෙම වෙනවා. ඒතමයි තේ බිවුවාහම එයාගේ මහන්සිය පොඩ්ඩක් අඩුවෙලා එයාට කායිකව යම්කිසි ශක්තියක් ලැබෙනවා.
    හැබැයි ඒකටත් ඒ තේක හරියට හදලා තියෙන්න ඕන.ඒකියන්නේ කහට හරියට දාලා ඒවගේම ඒ තේකොල නියම ප්‍රමිතියෙන් තියන උසස් තත්වයේ ඒවානම් තමයි එහෙම වෙන්නේ.

    නමුත් අපි හිතමු තේ බිවුවහම මේ මිනිහා හිතනවා කියලා දැන්මට JCB එකක් පහලවෙලා කාණුව කැපෙයි කියලා.එහෙම හිතලා කාණුව නොකපා හිටියොත් කාණුව කවදාවත් කැපෙන්නෑ.

    ඔන්න ඔය තේ කොප්පේ වාගේ තමයි මෙන්න මෙකත්. අපේ මිනිස්සු JCB එකක බලාපොරොත්තු තියාගෙන හැමදාම හොරට හදන තේ කොප්ප බොනවා. ඉතින් හොරට තේ හදන එවුන් දියුණු වෙනවා බොන එවුන් නැතිවෙනවා.;)

     

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    ජොනී බට්ට;22706587 said:

    අම්මෝ බොල, මාර පෙරිල්ලක්නේ උබල පෙරන්නේ :rofl::rofl::rofl::rofl:

    ඔකෙන් ඔය පෙරෙන එකක් වෙනවනම් ඒකත් ඔය පොඩියට තමයි වෙනවා ඇත්තේ.නැතුව අරක්කු පෙරනවා වගේ පෙරෙන්නෑ.:P
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    මචන්ලා ඇත්තටම සුදුසු මැණික් වර්ග මුද්දකට හෝ මාලෙක දල ගෙන හිටියම බලපෑමක් තියෙනවද???
    දැනුම ඇත්තෝ අදහස දක්වත්වා....

    Gem eke quality eka nisa, Mind eka concentrate venava Gem ekata. Aka nisa Mind power ekak athi venava, concentration eka nisa. Meditation ekak vage. Emagin noyekth deval kara ganna puluwan. Concentration force eka nisa.
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    Gem eke quality eka nisa, Mind eka concentrate venava Gem ekata. Aka nisa Mind power ekak athi venava, concentration eka nisa. Meditation ekak vage. Emagin noyekth deval kara ganna puluwan. Concentration force eka nisa.


    oya thwa mnawada danne..wisthra danna..pm me ubata pm danbaa inbox poddak clear karahanko