යම් තරමක බලපෑමක් තියනවා. අර කලින් කීවත් වගේ මැණික් ගලින් කරන්නේ සුර්ය කිරණ filter කරලා අපේ ඇගට ඇතුල් වෙන එක. සුර්ය කිරණ වල ලොකු ශක්තියක් ගැබ් වෙලා තියනවා. ඉස්සර රාවනා රජුත් හිරු කිරණින් ලොකු වැඩක් ගත්ත කෙනෙක් කියනවනේ. ඉතින් ඒ විදිහට හිරු කිරණ අපේ ඇගට එනකොට එතන බලපෑමක් තියනවා. දැන් එතින් ඕකට අව්වේ හිටිය නම් හරිනේ වගේ දේවල් කියන්න එපා. මැණික් ගල් කපන විදිහට ඒකට වැටෙන හිරු කිරණ filter වෙනවා. සෝ එතන ඔය කියන බලපෑමක් තියෙන්න පුළුවන්.
මමත් ඔයගැන හොයපු කෙනෙක්. මට දැනගන්න ලැබිච්ච හැටියට ඕක වෙන්නේ මෙහෙමයි,
හිරු එලිය හැදිලා තියෙන්නේ පාට 7 ක් එකතුවෙලා කියලා දන්නවානේ.මේ පාට 7 එන්නේ එක එක තරංග ආයාම 7 ක් තියන කිරණ නිසා. ඉතින් ඔය ජෝතිශ්‍යයේ ග්‍රහ බලපෑමක් ගැන කියනවානේ. ඒකියන්නේ එක එක ග්‍රහයාට එක එක කිරණ (පාට) තියනවා. උදාහරණයක් විදිහට සෙනසුරුගෙන් එන කිරණ නිල් පාටයි. ඉතින් යම් කිසි ග්‍රහයෙක්ගේ බලය වැඩිකරගන්න ඕනනම් ඒ ග්‍රහයාට අයිති කිරණ වැඩි ප්‍රමාණයක් ලබාගන්න ඕන. ඉතින් සෙනසුරුගේ බලය වැඩිකරන්න කාක නිල් මැනිකක් දානවා. එතකොට හිරු එලිය ඒ මැණිකට වැටිලා සෙනසුරුට අයිති කිරණ සෘජුවම පෙරිලා එනවා.
තව දෙයක් තමයි මෙහෙම කිරණ පෙරිලා එන්න නම් නියමම මැණිකක් දාන්න ඕනලු.මොකද මැණික් ගලෙන් විතරලු ඕක වෙන්නේ.
මට ඕනකලේ ග්‍රහ බලපෑමක් නෑ කියකිය පෘතුවියේ හුදකලාව ඉන්න උන්ට ග්‍රහ බලපෑම කියලදෙන්න. උදේට ඉර පායනවා, අපි අවුවට කුඩ ඉහලන් යනවා, අවුවට මිනිස්සු කලුවෙනවා..... ඕවා ඔක්කොම එදිනෙදා වන සාමාන්‍ය දේවල් වුනාට හැබැවටම සුර්යා ඇතුළු ග්‍රහ බලපෑම්......... අනක් ග්‍රහයන්ගේ බලපෑම ඉක්මනින් ග්‍රහණය කරගන්න අමාරුයි, නමුත් බලපෑම් තියෙනවා...... ඒකට තමයි ජෝතිෂ්‍ය තියෙනේ. මැණික් කියන්නේ පාට කරපු විදුරු නෙමෙයි, මේවා ප්‍රශස්ත තත්ව යටතේ විවිධ රසායන අනුපාතයට වර්ධනය වූ පාෂාණ, විවිධ මැණික් විවිධ ආලෝක පෙරනයන් විදියට හැසිරෙනවා. එමගින් ග්‍රහ දෝෂ නිවාරණයක් සෘෂිවරුන් භාවිතා කර තියෙනවා. ලෙඩකට බෙහෙත් ගන්න දොස්තර ලගට යනවා..... දොස්තර බෙහෙත් අහුරක් දෙනවා...... ලෙඩේ හොදවෙනවා, නමුත් කොහොමද හොදවුනේ කියන්න අපි දන්නේ නෑ.... දන්නේ දොස්තර....... එකෙත් සමහර කරුණු දන්නේ බෙහෙතේ නිෂ්පාදකයෝ.........
මම ඔය මගුල් පස්සේ යන්නේ නෑ ආභරණ පාවිච්චිකරන්න කැමතිත් නෑ හැබැයි බහුතරයක් වගේ නොදන්නා හැමදේම නෑ කියන්නේ නෑ..... කියන්නේ මම දන්නේ නෑ කියලා විතරයි![]()
අම්මෝ බොල, මාර පෙරිල්ලක්නේ උබල පෙරන්නේ





