මැණික් පොකුරේ බොරුව එළියට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මෙරටින් හමුවූ ලොව විශාලතම මැණික් පොකුර බව පැවසෙන මැණික් පාෂාණය තක්සේරු කිරීමේදී, යම් මුලාවක් සිදුවී ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේදී අනාවරණ වුණි.

    මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් ඊයේ (24) එම කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදී කමිටු සාමාජික අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසුවේ, එම මැණික් පාෂාණය සම්බන්ධයෙන් ස්වර්ණාභරණ අධිකාරිය කටයුතු කළ ආකාරය එහි වෘත්තීයභාවයට නොගැලපෙන බවය.

    පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ කමිටු සාමාජික අනුර ප්‍රියදර්ශන යාපා මහතා,

    "ඔබතුමාලා ලොකු සද්දයක් දැම්මා පහුගිය කාලේ මැණික් පාෂාණයක් ගැන, හැබැයි ඒක විකුණුනේ නැහැ ආපහු ආවා. අපිට තියන තොරතුරු අනුව මේ වගේ ක්ලස්ටර්ස් හැම තැනම තියෙනවා. අපිත් දැකලා තියෙනවා සමහර ගරන උදවියගේ ගෙවල්වල මිදුල්වලත් තියලා තියෙනවා. මේ වගේ බොරුවක් කෙරුවේ ඇයි ?"

    නිලධාරියෙක් - "මේ ගල සර්.. කපා ඔප දමන්න පුළුවන් ප්‍රමාණයේ එකක් නෙමෙයි. කිලෝ 510 එකක්."

    අනුර ප්‍රියදර්ශන යාපා මහතා,

    "හිටපු සභාපතිවරයානේ මේ ලොකු කතාවක් කරලා ටී.වී වල දාලා ලෝකේ තියෙන ලොකුම මැණික් ගල හම්බුණා.. මිල නියම කරන්න බැහැ, අරහෙන් මෙ‍හෙන් කිව්වේ, මම කියන්නේ නිලධාරීන් හැටියට කවුරු කිව්වත් ඔයාලගේ වෘත්තීය නිපුනත්වය බාල්දු වෙච්ච අවස්ථාවක්."

    නිලධාරියෙක් - "ලෝකේ හම්බෙච්චි ලොකුම ක්ලස්ටර් එක විදිහට ගිනස් වාර්තාව අරන් තියෙනවා සර්."

    පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති මහාචාර්ය රන්ජිත් බණ්ඩාර මහතා,

    "මේ අපි ළඟ තියෙන ලියකියවිලි ඔබතුමාට දෙන්නද ? බලන්න.

    මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති විරාජ් ද සිල්වා මහතා,

    "ඕක අර කිව්වා වගේ ගින ස් රෙකෝර්ඩ් එකක් අරං තියෙනවා.. BIGGEST SAPPHIRE කියන එක. ඒක අරගෙන එයාලා උත්සාහ කරලා තියෙනවා ප්‍රදර්ශනයට දාලා විකුණන්න, ඒක විකුණගන්න බැරි වෙලා තියෙනවා. ආපහු ලංකාවට ගෙනැල්ලා ඕක REEXPORT කරන්න හදන්නේ."
     
    • Haha
    Reactions: aneasarayana