අගෝස්තු 5 වැනි දා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට සමගි ජන බලවේගය පක්ෂයෙන් තරඟ කිරීම සඳහා නාම යෝජනා බාර දී සිටි තවත් අපේක්ෂකයෙක් තමා මැතිවරණයට ඉදිරිපත් නොවන බව අද (10) පැවසීය.
ඔහු ගාල්ල දිස්ත්‍රික්කයේ අපේක්ෂකයෙක් ලෙස නාම යෝජනා භාර දී සිටි ඩෙනට් පනියන්දූවගේ මහතා ය.
අද (10) බලපිටිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සදහන් කළේය.
තමාගේ තීරණය පක්ෂ මහ ලේකම්වරයාට සහ මැතිවරණ කොමිසමට ඊයේ ලිඛිතව දැනුම් දුන් බවද ඔහු පැවසීය.
සමගි ජන බලවේගය පක්ෂයෙන් මාතර දිස්ත්‍රික්කය සඳහා නාම යෝජනා බාර දී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා ද තමා ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව ඊයේ (09) ප්‍රකාශ කළේය.
copyright: Ada derana news
eka eka ayin wenawa wage