මැතිවරණ ප්‍රතිපල 2014 ඌව පළාත් සභාව

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    උගුර ලේ රහවෙනකම් වේදිකාවල කෑගහල, ආණ්ඩුවේ මැති ඇමති වරුන්ගේ රෙදි ගලවල, ආණ්ඩුවට උන ගැනෙන්න සමන්ත විද්‍යාරත්න කෑ ගැහුවත්, මොන හේතුවක්ද මන්ද ලංකාවේ මිනිස්සු jvp එකට කැමති නැහැ. එකට කැමති සීමිත පිරිසක් ඉන්නවා. එච්චරයි. සමහරවිට campus එකේ jvp දෙෂප්ලානේ කරපු හින්ද වෙන්න ඇති මිනිස්සු පොරට කැමති නැත්තේ. රටේ සාමාන්‍ය මිනිස්සු කැමති නැහැ campus වල ඉගෙනගන්න ශිෂ්‍යයන jvp දෙෂප්ලනෙට ඇද දමනවාට.

    ෆොන්සේකා මේ පාර නැති උන. එත් ෆොන්සේකා ඇරුනහම ඒ පක්ෂයේ තව ඉන්නේ කවුද? කවුරුවත් නැහැ. ෆොන්සේකාට හරියට නිවැරදි මාර්ගයේ එන්න පුළුවන්, හොද අය පක්ෂයේ ඉන්නවනම් නම් මම හිතන්නේ 10% වලට වැඩියේ අරගෙන තීරණාත්මක බලවේගයක් වෙන්න පුළුවන්.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔතන ප්‍රධාන සාධකය යුද්ධය ජයග්‍රහණය කිරීම . මේ රටේ මිනිස්සු තාමත් ජනාධිපති තුමාට කැමතියි. ප්‍රධාන මැතිවරණයක් කිට්ටුව එන කොට රජය ජනතාවට නොයක් ආධාර දීලත් චන්ද වෙනස් කරන්න හදනවා. තාම නම් විපක්ෂයේ ලොකු සුදානමක් නැහැ. JVP එක නම් සමගියෙන් ඉන්නවා. ඔවුන් වෙනම අපේක්ෂකයෙකුත් ඉදිරිපත් කරාවී . ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ජනාධිපතිවරණයකදී එජාපය හා එකතු වේවි. ප්‍රශ්නය තියෙනේ UNP එක ඇතුලේ තාමත් කචල් :dull:

    පොදු අපේක්ෂකයෙක් දාන්න ඕනෙ. හැමෝම පාට පක්ෂ බේධ නැතුව ඒ අපේක්ෂකයා දිනවලා මේ රටට හෙණයක් වෙච්චි විධායක ජනාධිපතිධූරය අහෝසි කරවන්න ඕනෙ. :yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    පැටියා;17163735 said:
    පොදු අපේක්ෂකයෙක් දාන්න ඕනෙ. හැමෝම පාට පක්ෂ බේධ නැතුව ඒ අපේක්ෂකයා දිනවලා මේ රටට හෙණයක් වෙච්චි විධායක ජනාධිපතිධූරය අහෝසි කරවන්න ඕනෙ. :yes:

    විපක්ෂයේ කට්ටිය කොච්චර අවන්කද කියන එක ප්‍රස්නයක්

    ඔය වගේ වැඩක්නේ කලිනුත් කරේ පොදු අපේක්ෂකයෙක් ගෙනෙල්ල. ලාල් කාන්ත කිව්වේ ෆොන්සේකා දිනපු ගමන් විදායක ජනදිපතිදුරය අහෝසිකරලා ගෙදර යන්න ඕන කියල. ඕක අහපු ෆොන්සේකාට මල පැන්න. ෆොන්සේකා මිනිහට හොද උත්තරයක් දීල තිබ්බ පණ්ඩිත කතා කියනවා කියල :P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    විපක්ෂයේ කට්ටිය කොච්චර අවන්කද කියන එක ප්‍රස්නයක්

    ඔය වගේ වැඩක්නේ කලිනුත් කරේ පොදු අපේක්ෂකයෙක් ගෙනෙල්ල. ලාල් කාන්ත කිව්වේ ෆොන්සේකා දිනපු ගමන් විදායක ජනදිපතිදුරය අහෝසිකරලා ගෙදර යන්න ඕන කියල. ඕක අහපු ෆොන්සේකාට මල පැන්න. ෆොන්සේකා මිනිහට හොද උත්තරයක් දීල තිබ්බ පණ්ඩිත කතා කියනවා කියල :P

    ෆොන්සේකා වගේ නරි නාවල හරි යන්නෙ නෑ :no:
    මොකක් හරි චන්ද සහ දේශපාලන පදනමක් තියන පක්ෂයක පුද්ගලයෙක්ව තමා පොදු අපේක්ෂක විදියට ඉදිරිපත් කරන්න ඕනෙ :yes:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    පැටියා;17163735 said:
    පොදු අපේක්ෂකයෙක් දාන්න ඕනෙ. හැමෝම පාට පක්ෂ බේධ නැතුව ඒ අපේක්ෂකයා දිනවලා මේ රටට හෙණයක් වෙච්චි විධායක ජනාධිපතිධූරය අහෝසි කරවන්න ඕනෙ. :yes:

    පොදු අපේක්ෂකයෙකුට ඉන්නේ සෝහිත හාමදුරුවෝ විතරයි. එත් සෝහිත හාමුදුරුවෝ අවොත් මුස්ලිම් , දෙමල , ක්‍රිස්තියානි චන්ද අහිමි වීමේ අවදානමක් තියනවා. :nerd:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    එළකිරි දේශපාන ඔස්තාර්ලාගේ ජනමත ප්‍රතිපලය

    68 -sandane 13%
    306 -UNP 60%
    131 -JVP 25%

    :rofl::rofl::rofl::rofl:

    ඔය තියෙන්නෙ එලකිරියෙ ආන්ඩුවට තියෙන අකැමත්ත
    මූනු දාල එකට හිනා උනාට වැඩක් නැහැ මෙ පාර මැතිවරන ප්‍රතිපල වලින් එක පෙනව
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    පැටියා;17163735 said:
    පොදු අපේක්ෂකයෙක් දාන්න ඕනෙ. හැමෝම පාට පක්ෂ බේධ නැතුව ඒ අපේක්ෂකයා දිනවලා මේ රටට හෙණයක් වෙච්චි විධායක ජනාධිපතිධූරය අහෝසි කරවන්න ඕනෙ. :yes:

    pissuda eka thiyenna one digatama..... mona ehekatada parlimenent ekata balaya denne ..... eke inne okkoma horu mankolla karayo gon mee harak.... unta balaya dunna kiyanne katussage kare banda raththaran wage..... ekama de eke thiyena podi podi ewa wenas karana eka..... jandipathita amathi kam thiyena eka .... amathi mandale seemawa.... oya wage ewa.... ita passe eka hoda ekkenekta denna one..... naththum oka adi 7denage kada haliyak wenawa.....parliment eke inna kalakanni salli walata atha ussanna ganawa parliment ekata balaya dunnama ......... man nam kiyanne eka thiyena one
     
    මේ ජරාජීර්ණ දේශපාලන ක්‍රමේම හැදිලා තියෙන්නෙ විධායක ජනාධිපතිධූරය වටේට කියලා හිතෙන්නෙ නැද්ද? හොරාකන ඔක්කොම හොරාකන්නෙ විධායක ජනාධිපතිධූරයේ රැකවරණය යට.:D
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    foj887.jpg
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    JVP එකට 10-15% අවනම් මෙතන අපි ඉදල ඉවරයි :P

    :dull:යු එන් පී එවුන් මහ කුහක ඡාතියක් එකයි උන්ට ගොඩයාමක් නැත්තේ විපක්ෂේ පක්ෂයක් වැඩි පුර ඡන්ද ගත්තනම් දිනන්නේ විපක්ෂේ .බදුල්ලෙන් ඔය කියන තරම් රැල්ලක් ආවද නෑ නේ හරීන් ගේ ආසනෙත් වැඩි ඡන්ද 5000 යි ගත්තේ.:dull:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    :oo::oo::baffled::baffled::baffled::yes::yes::yes:
    676515659113196

    රැයක් එලිවිය රටක් නොනිදා පතාගෙන සතහට හෙටක්...
    රටක් වැනසිය එකෙක් රජවී හදාගෙන උගෙ පර පුරක්...
    දුකක් ඇතිවිය නිමක් නොපෙනී අගාධෙට යන විට රටක්...
    සැකක් නොමැතිය තවත් හිඳිනා බවට බත්කන මී හරක්...
     
    • Like
    Reactions: gangst3r.93

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මට කියන්න ඕනේ උන ටිකම තව එකෙක් බුකියේ පෝස්ට් කරලා තිබුණා. ලියන්න කම්මැලි නිදි මත නිසා කොපි පේස්ට් පාරක් දැම්මා

    දමිළ ජන්ද බහුතරයක් තොණ්ඩමාන් ට වැටීම නිසා බදුල්ල දිස්ත්‍රික්කය එක්සත් ජාතික පක්ෂය සුළු ජන්ද සංඛ්‍යාවකින් පරාජයට පත් විය. පොදු විපක්ෂය ආණ්ඩුවට වඩා ජන්ද ලබා ගනී. තවද රාජ්‍ය සේවකයන් ආණ්ඩුවට විරුද්ධව ජන්ද 10000 කට වැඩි ප්‍රමාණයක් භාවිත කොට තිබේ. ආණ්ඩුවට ජන්ද 8000 කි. විශාල අනතුරු ඇඟවීමක් ආණ්ඩුවට බදුල්ලෙන් ලැබී ඇත..අප ඉදිරිය පිළිබඳ අවධානෙන්...කිසිදා පරාජය කළ නොහැකි යැයි සිතූ ආණ්ඩුව පරාජය කළ හැකි බව අභිමානවත් බදුලු ජනතාව පෙන්වා ඇත..

    මෙය පාඩමක් කොට ගෙන ආණ්ඩුව තම ගමන් මඟ වෙනස්කොට ගත යුතුය.එයට සුවිශාල දායකත්වයක් ලබාදුන් හරීන් ප්‍රනාන්දු ඇතුළු අනෙකුත් විපක්ෂයේ අපේක්ෂකයන්ට, බදුල්ලේ හා මොනරාගල ආණ්ඩුවට විරුද්දව චන්දෙ දුන්න කොන්ද පණ තියන ජනතාවට අපගේ ප්‍රණාමය.
    :yes::yes:
     
    • Like
    Reactions: gangst3r.93

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ

    :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Srilankan1