මැතිවරණ ප්‍රතිඵලය
මැතිවරණයට පෙර මහින්ද රාජපක්ෂ මැතිතුමා දිනන බවට කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කල සමහරු අද මෛත්‍රිපාල මැතිතුමාව පත්කලේ ද්‍රවිඩ ජනතාව ලෙස හුවා දැක්වීමට උත්සහ කරන්නේ දකුණේ කිසිවකු ඔහුට ඡන්දය දුන්නේ නැති ගානට. තීරණයට ද්‍රවිඩ ඡන්ද බලපෑ බව සත්‍යයකි. එහෙත් දකුණේ ඡන්ද ප්‍රතිශතයේ මහා වෙනසක් නැත. රාජ්‍ය මාධ්‍ය තුප්පහි ලෙස යොදා ගනිමින් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිරූපය කෙලෙසමින්, ගම්වල ජනයාගේ මනසේ කොටි බිල්ලන් මවමින් ඡන්දය මංකොල්ල කෑ අයුරු, බස් රථ යොදා සෙනග අදිමින් බොරු ජන බලයක චිත්‍රයක් මවමින් විපක්ෂයේ ගැමි ජනයා අධෛර්යමත් කල අයුරු ඔවුනට මතක නැත. මෙයින් පිළිබිඹු වූයේ සිංහල ජනයාගේ රාජපක්ෂ මහතාට ඇති කැමැත්ත නොව ඔහු මව පෙන්වූ කොටි රකුසාට ඇති බියයි. සමබර මාධ්‍යය සමග මේ ඡන්දය පැවැත්වූවා නම් දකුණේ ප්‍රතිඵලය මීට හාත්පසින් වෙනස් වනු ඇත.
ශ්‍රී ලාංකිකයෝ ආගම, ජාතිය සේම පක්ෂයද උපතින් උරුම කරගෙන පැමිණෙති. යටත් පිරිසෙන් තමාගේ නොවන පක්ෂයක් බලයට පැමිණ රටේ උන්නතිය පිණිස කටයුතු කිරීම ඔවුන්ගේ ප්‍රසාදය පිණිස හේතුනොවන අතර තම පක්ෂය බලයට පැමිණ රට සූරා කෑවද ගැටලුවක් නොවේ. මූණු පොතේ මෛත්‍රීපාල මැතිතුමා කොටි හිතවාදියකු ලෙස ලේබල් කරන ඇත්තනුත් සමහරෙක් මේ වර්ගයේ අයය. එසේත් නැත්නම් පහුගිය කාලයේ බොදු බලේ වැනි ජාතිය සාසනය නගාසිටුවන්නන් ලෙස පෙන්වා ජාතිය සාසනය වැනසූ උන්ට කඩේ ගිය, බුද්ධ ධර්මය ගැන අබමල් රේණුවක දැනුමක් හෝ ලැබීමට උත්සහයක් නැති, නිවැරදි ශාසනික ප්‍රතිපදාව නොහදුනනා, ජාතිය ගැන සැබෑ හැගීමක් වෙනුවට හුදු ද්වේශය නිසා ඒ දේවල් සිදුකල අයය. නැතහොත් ලාභය තකා උන් පසුපස ගිය අය ය. ඒ සංවිධාන හා කටයුතු කලද සැබෑ ලෙස දැය සමය කෙරෙහි හැගීම ඇති අය නිවැරදි මාවත තෝරා ගත්හ. මෛත්‍රීපාල මහතා කොටියකු කරන අය අතර මනස පසෙකින් තබා හුදෙක් හදවතින් පමණක් තීරණ ගන්නා, මහින්ද රාජපක්ෂ මැතිදුන්ගේ දරුවන් සුරතල් කරනා, අත්තම්මලා හා සාමීචයේ යෙදන, පපුවට ගසා ගන්නා පෞර්ෂයට ආකර්ෂණය ඌ, මාධ්‍යය දෙන දේ නොවිමසාම අදහන කාන්තාවන් සැලකිය යුතු තරම් විශාල පිරිසක්ද වෙති.
අප අවදියෙන් සිටිමු. පුද්ගලිකව මා කිසිදු පක්ෂයකට ගැති නොවන ඒ ඒ අවස්ථවේ රටට අවශ්‍ය තීරණ සමග සිටින්නෙක් වෙමි. කරන කරන සෑම දෙයකටම අත්පොලසන් දෙමින් අවසානයේ රටටද හානියක් වෙමින් ඇද වැටී බලයෙන් පිරිහෙන තැනට මහින්ද මැතිදුන්ව පත් කලාක් මෙන් නව ජනපති තුමන්වද රටට පිලිලයක් නොකිරීමේ වගකීම ඡන්දය දුන් නොදුන් රටේ අභිවෘද්ධිය කැමති සෑම පුරවැසයෙක්ගේම යුතුකම බවද මතක් කරනු කැමැත්තෙමි.