මැතිවරනයට නලු නිලියන්

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මැතිවරනයට නලු නිලියන්

    2015 මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා මෙවරද නළු නිළි පිරිසත් තරග බිමට එක්ව සිටිනවා.
    මේ අතරින් සමාජ සේවා,සමාජ සුභසාධන හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය ධූරය දැරූ රන්ජන් රාමනායක මහතා ගම්පහ දිස්ත‍්‍රික්කයෙන්ද එජාපයේ කොළඹ ලයිස්තුවෙන් රෝසි සේනානායකද මහත්මියද ඇතුලත් වේ. ඇය විවාහක රූ රැජින වෙමින් දේශපාලන කේෂත්‍රයට පැමිණි තැනැත්තියක වන අතර රංගන ශිල්පිණියක වනවා.

    කොළඹට එජාපයෙන් තරඟ වදින උදාර රත්නායකද යොවුන් රංගන ශිල්පියතු වන අතර ඔහු ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ බෙනට් රත්නායක මහතාගේ පුත‍්‍රයායි.

    එක්සත් ජනතා නිදහස් සන්ධාන ලයිස්තුවෙන් ඉදිරිපත් වන නිළි චරිත අතර උපේක්ෂා ස්වර්ණමාලි හා ගීතා කුමාරසිංහ ඇතුලත් වනවා.
    එසේම ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් කළුතරට තරඟවදින රවීන්ද්‍ර යසස් කුමාරනායක හා කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන නලින් ප්‍රදීප් උඩුවෙල වේදිකාව, පුංචි තිරය මෙන්ම සිනමාවද ජයගත් රංගන ශිල්පීන් වේ.
    මේ හැර සන්ධානයෙන් තරඟ කරන කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාද රංගන ශිල්පියකු ලෙස කටයුතු කර තිබෙනවා.

    1618617_884093881669734_1987796339318408512_n.jpg
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,637
    14,285
    113

    මේ හැර සන්ධානයෙන් තරඟ කරන කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාද රංගන ශිල්පියකු ලෙස කටයුතු කර තිබෙනවා.

    එතුමා වැඩි කාලයත් කටයුතු කරේ රංගන ශිල්පියෙක් හැටියට තමයි :lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,783
    113
    මහින්ද මැතිතුමාගේ රංගනයන්ට මමත් ගොඩක් රැවටුන කෙනෙක්.

    z_Presi-sup-p10-FATHER'S01.jpg

    z_new350.jpg
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    නැගිගෙන යන පරපුරේ බැසීගෙන යන...... ඇප නැතිවෙන නලු
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මොනවා වුනත් පබා මැතිනිය නිසා පාර්ලිමේන්තුවේ හැමෝටම දැන් ඇති තරම් හරක් මස් කන්න පුළුවන් එතුමියගේ හරක් මස් යෝජනාව නිසා. :lol:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඡන්දෙ අස්සෙ ඇක්ශන් ෆිල්ම් එකක ශූටින් ගිහින්