මැතිව්ස්ගේ මහනුවර පිළට දරුණු පරාජයක්..

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    මැතිව්ස්ගේ මහනුවර පිළට දරුණු පරාජයක්..

    කොළඹ පි. සරවනමුත්තු පිටියේදී අද(08) පැවති ශ්‍රීි ලංකා ක්‍රිකට් ආයතනයේ අන්තර් පළාත් එක්දින තරඟාවලියේ තරඟයකින් කඩුලු 5ක දරුණු පරාජයකට මුහුණදීමට ශ්‍රී ලංකා ජාතික එක්දින කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් මහනුවර කණ්ඩායමට සිදුවිය.

    කුසල් ජනිත් පෙරේරාගේ නායකත්වයෙන් යුතු දඹුල්ල කණ්ඩායම සමග පැවති මෙම තරඟයේ මුලින් පන්දුවට පහරදුන් මහනුවර කණ්ඩායම පන්දුවාර 29 ක් තුල රැස්කරගත්තේ ලකුණු 127ක් පමණි. එය මෙම තරඟාවලියේ මේ දක්වා කණ්ඩායමක් ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාව වේ. චාමර කපුගෙදර ලකුණු 40ක් සහ සචිත් පතිරණ ලකුණු 38ක් ලබාගත් අතර නායක මැතිව්ස් ලබාගත්තේ ලකුණු 2ක් පමණි. පන්දු යැවීමේදී ජෙෆ්රි වැන්ඩර්සේ කඩුලු 4ක් ලබාගත්හ.

    පිළිතුරු ඉනිම ක්‍රීඩාකල දඹුල්ල කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු 5කදී කඩුලු 5ක් පමණක් බිඳවැටී ලකුණු 130ක් ලබාගනිමින් තරඟය පහසුවෙන් ජයග්‍රහණය කලහ. කුසල් ජනිත් හයේ පහර 3ක් සමග ලකුණු 41ක් සහ රුවිඳු ගුණසේකර ලකුණු 38ක් ලබාගැනීමට සමත්විය. පන්දු යැවීමේදී සචිත් පතිරණ කඩුලු 3ක් ලබාගැනීමට සමත්විය.

    මෙම පරාජය සමග තරඟාවලියේ ලකුණු සටහනේ අවසන් ස්ථානය දක්වා මහනුවර කණ්ඩායම පසුබැස තිබුණි. තවත් තරඟයක් ගාල්ල කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අතර පැවැත්වෙමින් තිබේ.

    උපුටා ගැනීම -www.her.lk
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මැතිව්ස් නුවර එකෙක්යැ :baffled: නුවර උන් ඉන්න එපැයි නුවර ටීම් එකේ මුන්ව එලවන්න ඕනේ :no:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මැතිව්ස් නුවර එකෙක්යැ :baffled: නුවර උන් ඉන්න එපැයි නුවර ටීම් එකේ මුන්ව එලවන්න ඕනේ :no:

    හාමු මහත්තයව දාපන්
    උබත් පලයන්
    පාත්ත කොල්ලවත් දාගනින් :lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හාමු මහත්තයව දාපන්
    උබත් පලයන්
    පාත්ත කොල්ලවත් දාගනින් :lol:
    අන්නේකයි අපි ක්‍රිකට් ගැහුවනන් මෙහෙම වෙන්නේ නෑ නුවර ටීම් එකට :P හාමු දාල නං ක්‍රිකට් ගහන්න වෙන්නේ නෑ අඩුකුලේ උන්ගේ බෝල වලට ගහන්නේ නෑ කියාවි, අඩුකුලේ උන්ගේ පාරවල් වලට බොලේ අල්ලන්නේ නැතිවෙයි හෙන කෙලියක් වෙන්නේ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,498
    21,023
    113
    Panadura
    අන්නේකයි අපි ක්‍රිකට් ගැහුවනන් මෙහෙම වෙන්නේ නෑ නුවර ටීම් එකට

    105q1m.jpg
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අන්නේකයි අපි ක්‍රිකට් ගැහුවනන් මෙහෙම වෙන්නේ නෑ නුවර ටීම් එකට :P හාමු දාල නං ක්‍රිකට් ගහන්න වෙන්නේ නෑ අඩුකුලේ උන්ගේ බෝල වලට ගහන්නේ නෑ කියාවි, අඩුකුලේ උන්ගේ පාරවල් වලට බොලේ අල්ලන්නේ නැතිවෙයි හෙන කෙලියක් වෙන්නේ

    :lol::lol::lol: