මැති ඇමතිවරුන්ගෙන් බහුතරය දෙපත් නයි’ –

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    20 වන සංශෝධනයට පක්ෂව මුස්ලිම් දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරු ඡන්දය ප්‍රකාශකිරීම සම්බන්ධයෙන් සාධාරණ සැකයක් නිර්මාණය වී ඇතැයි බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසති.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (25) නාරාහේන්පිට අභයාරාම පුරාණ විහාරස්ථානයට පැමිණ එහි විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ සුවදුක් විමසා බැලුවේය.

    අග්‍රාමාත්‍යවරයා ඉන් පිටව ගිය පසු පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මාධ්‍ය වෙත අදහස් පළ කළහ.

    එහිදී පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පැවසුවේ ද්විත්ව පුරවැසිභාවය භයානක කරුණක් බවය.

    එමෙන්ම 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතැම් කරුණු වලට තමන් විරුද්ධ බව ද උන්වහන්සේ පැවසූහ.

    ඇතැම් මැති ඇමතිවරු “දෙපත් නයි” ලෙස කටයුතු කරන බවත් ඔවුන්ට අවශ්‍ය රට ආරක්ෂා කිරීම නොව සිය පුටුව ආරක්ෂාකර ගැනීමට බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.
     
    • Like
    • Haha
    Reactions: Identity and RLT4U

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    okunta labenna ona kuttiya rajapakshala deela ne ekai.
    anika onna ohoma salli deela thamai rajapakshala eyalage card eka hadan inne, salli dunne nethi unoth ohomai balu wenna wenne