මැදමුලන මුර්ගයගේ නීතිය

monson

Well-known member
  • May 7, 2007
    25,606
    28,567
    113
    මැදමුලන මුර්ගයගේ නීතිය

    හිටපු ජනාධිපතිවරයා නීතිපති දෙපාර්තමේන්තුවට නොමිලේ පැවැත්වූ ‘සුද්ද සිංහල' පාඩම!

    ශ්‍රී ලංකා ඉතිහාසයේ පලමු වතාවට නීතිපති දෙපාර්තමේන්තුව රාජ්‍ය නායකයා යටතට පත්කර ගත් ජනාධිපති මහින්ද රාජපක්ෂ ඔහුගේ පාලන සමයේදී අවම වශයෙන් සතියකට වතාවක් හෝ දෙකක් ජනාධිපතිවරයාගෙන් සුද්ද සිංහලෙන් බැණුම් ඇසීමට නීතිපති දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නිලධාරීන්ට සිදුවී තිබූ බව වාර්තා වේ.

    2010 ජනාධිපතිවරණයෙන් පසු නීතිපති දෙපාර්තමේන්තුව මහින්ද රාජපක්ෂ මහතා යටතට පත්කර ගැනීමෙන් පසු ඔවුන්ට ලැබී තිබූ පලමු නියෝගය වූයේ ජෙනරාල් සරත් ෆොන්සේකා කෙසේ හෝ සිරගත කිරීමයි. ඒ අනුව හමුදා අධිකරණය හමුවේ ජෙනරාල් ෆොන්සේකාට එරෙහිව පවරනු ලැබූ නඩුවේ පැමිණිල්ල මෙහෙයවන ලද්දේද නීතිපති දෙපාර්තමේන්තුව විසින් වන අතර යුද්ධාකරණයේ විනිසුරු නීති උපදේශක (Judge advocate) ලෙසද කටයුතු කරන ලද්දේ නීතිපති දෙපාර්තමේන්තුවයි.

    පැමිණිල්ලද විනිශ්චයද එකම ආයතනයකින් මෙහෙය වීමෙන් විත්තිකරුට අගතියක් වන බවත් එය මූලික නීති සිද්ධාන්තයක් වන ස්වාභාවික යුක්ති රීතියට (Rule of Natural Justice ) පටහැණි බවට ජෙනරාල් සරත් ෆොන්සේකාගේ නීතිඥයන් ගෙන ආ තර්කයද යුධාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

    ඉන්පසු තංගල්ල මැඩිල්ල ප්‍රදේශයේ ‘ද නේචර්' හෝටලයේදී බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව තංගල්ල ප්‍රාදේශීය සභා සභාපති සම්පත් පුෂ්ප විදානපතිරණ අත්අඩංගුවට ගත් අවස්ථාවේදීද සුද්ද සිංහලෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට බැණ වැදුනු මහින්ද රාජපක්ෂ ඔහුව නිදහස් කරන ලෙස නියම කර තිබිණ. එහෙත් අන්තර් ජාතික බලපෑම් හමුවේ ඔහුට නඩු පැවරීම සිදුවූ විට ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙසට අගවිනිසුරුගෙන් ඉල්ලා සිටීමට නීතිපතිවරයා සැරසුනු අවස්ථාවේදීද ජනාධිපති සුපුරුදු කුණුහරුප සංග්‍රහය නීතිපතිවරයාට පිරිනමා එම කටයුත්ත අත්හිටවීමට කටයුතු කර තිබිණ.

    භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේදී සැකකාර දුමින්ද සිල්වා ඉන් ගලවා ගැනීමට මහින්ද රාජපක්ෂ නීතිපති දෙපාර්තමේන්තුව වෙත දැඩි බලපෑම් සිදුකර තිබූ අතර ජනාධිපතිවරයාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන මේජර් නෙවිල් සිල්වා සහ දුමින්ද සිල්වා සම්බන්ධතාවය පිළිබඳව කටඋත්තරයක් සටහන් කළ සිද්ධියක් සම්බන්ධව විශේෂ විමර්ශනයක්ද පැවැත්වීමට නියෝග කර ඇත.

    නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සිද්ධියේදීද වාස් ගුණවර්ධනව ගොඩින් බේරන ලෙසට හිටපු ජනාධිපතිවරයා නීතිපති දෙපාර්තමේන්තුවට නියෝග කර තිබිණ. එහෙත් එම පරීක්ෂණය භාරව කටයුතු කළ නීතිපති දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නිලධාරියා නඩුව ඔප්පු කළ හැකි ආකාරයට මෙහෙයවීම නිසා යලිත් කුණුහරුප සංග්‍රහයෙන් ඔහුට සංග්‍රහ කළ මහින්ද රාජපක්ෂ නීතිපති පදවිය කරා යන ගමනෙන්ද එකී ජේෂ්ඨ නිලධාරියා ඉවත් කිරීමට කටයුතු කලේය.

    කෙසේ වුවද හිටපු නීතිපති පාලිත ප්‍රනාන්දු මහතා මහින්ද රාජපක්ෂගෙන් කෙතරම් කුණුහරුප අසා ගත්තද ඔහු ඒ බවක් තමා යටතේ සිටින නිලධාරීන්ට නොපෙන්වමින් ඔවුන්ව පීඩනයට ලක් නොකරමින් විශාල මානසික පීඩාවක් පරිණත පුද්ගලයෙකු ලෙස තනිවම විඳදරා ගනිමින් කටයුතු කළ අයෙකු බව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිහිපත් කරන්නේ ඉතා කෘතවේදීවය. ඔහුට කලින් සිටි නීතිපති චිත්ත ද සිල්වා (බුල්ලා) කලින් විශ්‍රාම ගියේද අගවිනිසුරු පදවිය භාර නොගත්තේද සෞඛ්‍ය හේතූන්ට වඩා මහින්ද රාජපක්ෂගේ මජර ක්‍රියා කළාපය ඔහු අනුමත නොකළ හෙයිනි.

    කෙසේ නමුත් නීතිපති දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නිලධාරීන් මේ වන විට බියක් සැකක් නැතුව නිදහසේ කටයුතු කරමින් සිටී. දුරකතන වලින් පවා ඔවුන් නිදහසේ අදහස් ප්‍රකාශ කරනු ලබන්නේ අනපේක්ෂිතව ලද නිදහස ඉමහත් සේ අගයමිනි. නීතියේ ආධිපත්‍ය නැවත ශ්‍රී ලංකාව තුල ස්ථාපිත කිරීම සඳහා ඔව්හු මේ වන විට මහත් වෙහෙසක් ගෙන කටයුතු කරති.

    - http://sinhala.lankanewsweb.net/news/15735-2015-02-10-17-54-45
     
    Last edited:
    • Like
    Reactions: Silly point

    monson

    Well-known member
  • May 7, 2007
    25,606
    28,567
    113
    අධිකරණය නොමග යැවීම සහ බොරු සාක්ෂිදීම සම්බන්ධයෙන් වෛද්‍ය මහේෂි විජේරත්න සහ සුමල් පෙරේරා අත්අඩංගුවට ගත යුතුයි!

    වෛද්‍ය මහේෂී විජේරත්න හා ඇගේ ආදරවන්තයා වන සුමල් පෙරේරා අත්අඩංගුවට ගත යුතු අතර මෙම වෛද්‍යවරිය රුපියල් මිලියන 700 ක් ලබාගෙන මිනීමරු දුමින්ද සිල්වා ආරක්ෂා කිරීමට වැරදි සාක්ෂි දීම සම්බන්ධයෙන් ඇය තවදුරටත් වෛද්‍ය වෘත්තීයේ නියැලීම තහනම් කළ යුතුවේ.

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය සම්බන්ධයෙන් කුඩු ව්‍යාපාරික දුමින්ද සිල්වාට චෝදනා එල්ල වූ අවස්ථාවේදී සුමල් පෙරේරා සහ ඔහුගේ සගයින් වහා ක්‍රියාත්මක විය. මිනීමරු, කුඩු ව්‍යාපාරික දුමින්ද සිල්වා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉතා සමීපතයෙක් වූ අතර ඔවුන්ගේ ව්‍යාපාරික හවුල්කරුවෙක්ද වේ. අවුරුදු 50කටත් වඩා අධික කාලයක් ජීවත් වූ නිවාස හිමියන් ඉවත් කර එම ඉඩම් සංවර්ධන කටයුතු වෙනුවෙන් රාජපක්ෂවරුන් විකිණුවේ මෙකී දුමින්ද සිල්වාගේ ආධාර උපකාරයෙනි.

    භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය වූ දිනයේදී තමා වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබූවා යැයි කියමින් දුමින්ද සිල්වා ජයවර්ධනපුර රෝහලේ නේවාසික විය. මෙහිදී දුමින්ද සිල්වා බැලීමට ආ පලමු ප්‍රභූවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ජයවර්ධනපුර රෝහලට ළගා වූ අතර එහි පැයකට අධික කාලයක් රැදී සිට ඇත.

    මහේෂී විජේරත්න යනු හිටපු එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයෙකු වන මහේන්ද්‍ර විජේරත්නගේ දියණියයි. ඇය විවාහ වූයේ දිවංගත නයිජෙල් කුමාරස්වාමි මහතා සමගයි. නයිජෙල් කුමාරස්වාමි මහතා සුමල් පෙරේරාගේ ‘ඇක්සෙස්' ආයතනයේ සේවකයෙකි. සුමල් පෙරේරා හා වෛද්‍ය මහේෂි විජේරත්න ඉතා කිට්ටු සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියේය. කුමාරස්වාමි සහ දරුවන් බාන්ස් පෙදෙසේ පිහිටි නිවසේ ජීවත් වූ අතර දරුවන් නිවසේ සිටින අවස්ථාවලදී පවා සුමල් පෙරේරා එම නිවසට ආ ගියේය. මත්ලෝලියෙකු වූ කුමාරස්වාමි අකාලයේ මිය ගිය අතර ඔහුගේ දේහය නිවස තුල තැන්පත් කර තිබූ අතරතුර පවා වෛද්‍ය මහේෂි විජේරත්න ප්‍රසිද්ධියේම තම සබඳතාවය සුමල් සමග පවත්වාගෙන ගියේය.

    රෝහල් ගත කළ දුමින්ද සිල්වා වෙනුවෙන් යොදවා තිබුනේ ස්නායු ශල්‍ය වෛද්‍ය උපදේශිකාවක් වන මහේෂි විජේරත්නයි. දුමින්ද සිල්වාට කිසිදු තුවාලයක් නොතිබියදීත් රාජපක්ෂවරුන්ගේ උවමනාව මත සුමල් පෙරේරා විසින් තමාගේ හිතවතිය වන මහේෂි විජේරත්න ලවා දුමින්ද සිල්වාගේ මොලයට මූනිස්සමක් ඇතුලුවීමෙන් සිහි මදගතියෙන් පසුවන බවට බොරු වාර්තාවක් සකස් කලේය. තුවක්කුවකින් නිකුත් කළ විවෘත පරිසරයක් හරහා එන මූනිස්සමක වේගය අනුව එය මොලයට ඇතුලුවුව හොත් එම පුද්ගලයා කිසිසේත් ජීවත් විය නොහැක යන කාරණය ඕනෑම මෝඩයෙකුට තේරෙන දෙයකි. කකුලකට හෝ වෙනයම් කොටසකට ඇතුළුවන මූනිස්සමක් මෙන් නොව සංවෘත වූ හිස්කබලට ඇතුළු වුවහොත් එය පුපුරා යෑමෙන් පුද්ගලයාගේ ජීවිතය සම්පූර්යෙන්ම හානිවේ. එසේම හිස්කබල කෑලි කෑලි වලට කැඩී යයි.

    මෙම සත්‍යයට එරෙහි වෙමින් මහේෂි විජේරත්න විසින් උත්තරීතර වෛද්‍ය වෘත්තිය බාල්දු කරමින් යුහුසුළුව වැරදි ප්‍රකාශයක් නිකුත් කරමින් කියාසිටියේ මූනිස්සම හිස පසාරු කරගෙන ගොස් ඇති නිසා මෙය ඉතා බරපතල විය හැකි බවයි. මාස 17 සිංගප්පූරුවේ සිට පැමිණි දුමින්ද සිල්වා නවලෝක රෝහලට ඇතුළු කළ අවස්ථාවේදී පවා වෛද්‍ය මහේෂී විජේරත්න තම පෙර ප්‍රකාශයම සිදු කලේය. ඇය පවසා සිටියේ දුමින්ද සිල්වා මතුපිටින් පෙනෙනුයේ ශක්තිමත්, කිසිම වරදක් හෝ කිසිදු කැළලක් නැති බවයි. බැලූ බැල්මට දුමින්ද සිල්වා හට මොලයේ ආබාධයක් ඇත යැයි නොපෙනුනාට එය සුවවීමට අඩුමතරමේ තවත් අවුරුදු දෙක තුනක් වත් ගත වනු ඇතැයි ඇය ප්‍රකාශ කලේය. මෙවැනි තුවාල සිදුවූ රෝගීන්ගේ ස්වභාවය හදිසියේ වෙනස්වීමට ඉඩ ඇති බවද ඇය පැවසීය. බරපතල තත්වයන්, ආතතිය සහ සුළු බලපෑම් වැනි දේට මෙම රෝගී තත්වය වෙනස් නොවී එය ජීවිත අනතුරකට පවා හේතුවිය හැකි බව ඇගේ රෝග නිශ්චය විය.

    මෙම වාර්තාව බේරීම සඳහා වූවක්ම විය. එයින් මහදවාලේ බොහෝ සාක්ෂිකරුවන් ඉදිරියේ මෙම මිනීමැරුම සිදුකළද එකදු මිනිත්තුවක්වත් අත්අඩංගුවේ හෝ නීතිය ඉදිරියේ පෙනී නොසිටීමට එම වාර්තාව සවිමත් විය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ නීතිඥයින් අධිකරණයට ඒත්තු ගන්වනු ලැබුවේ දක්ෂ වෛද්‍යවරුන් කිහිප වතාවක්ම රෝගී තත්වය එකම අයුරින් නිශ්චය කර ඇති හෙයින් තම සේවාදායකයා රෝගී පුද්ගලයෙක් බවයි. එහිදී දුමින්ද සිල්වාගේ වම් අංශය පණනැති බව පවසන ලදී. ඔහුගේ මොලයේ ක්‍රියාකාරිත්වය 40% කින් අඩුවී ඇති බවද පෙන්වා දෙනු ලැබීය. ඔහුගේ සුවවීම ඉක්මන් කරවීමට කළයුතු වන්නේ තම ආදරණීය පවුලේ සාමාජිකයන් සමග එක්වීම බවද වැඩිදුරටත් පැවසීය.

    නමුත්ජූලි 05 වෙනිදාට යෙදී තිබූ ඊඒපී එදිරිසිංහ සමාගමේ සෝමා එදිරිසිංහ මැතිණියගේ උපන්දින සාදයේදී ගත් ඡායාරූප වල දුමින්ද සිල්වා රාත්‍රියේ නර්තනයේ යෙදුනු අයුරුත් එසේම දුමින්ද සිල්වා විසින් සෝමා එදිරිසිංහ මැතිණිය හොදින් හදුනාගත් අයුරු දක්නට ලැබුනි. විකිපීඩියා අනුව (Wikipedia page; RDSS) අනුව ඉතාම කලාතුරකින් ඇතිවන බරපතල මොලයේ ආබාධයක් වන අතර මෙයින් සිදුවන්නේ මතකය අඩුවීම පමණකි' යනුවෙන් සටහන් වී තිබුනි. දුමින්ද සිල්වාගේ රෝගයට අනුව රෝගියාට අමතක වන්නේ මෙම මෝලයේ හානියට හේතුවූ සිද්ධිය පමණක් වීම විශේෂයකි. නමුත් එදිනෙදා සාමාන්‍ය ජීවිතයේ සිදුවීම් ඔහුට අමතක නොවේ. අදාළ සිද්ධියේ තොරතුරු සැගවීම සදහා සුමල් පෙරේරා හා මහේෂි විජේරත්න විසින් සොයා ගන්නා ලද මෙම දුමින්ද සිල්වාගේ රෝගය තවමත් මතභේදයට තුඩුදෙයි.

    කුලියට ගත් මැරයන්ගේ බලයෙන් ඉතා බරපතල තුවාල ලැබූ ශ්‍රී ලාංකික දේශපාලඥ දුමින්ද සිල්වාගේ සුවවීමේ ආශ්චර්ය යනුවෙන් අපට එය පැවසිය හැක. සුමල් පෙරේරාට සහ ඇගේ පෙම්වතිය මහේෂි විජේරත්නට දුමින්ද සිල්වා නිදහස් පුද්ගලයෙකු කිරීම සම්බන්ධයෙන් ස්තූතිය පුද කළ යුතුය.

    මෙම උදව්වට සුමල් පෙරේරා විසින් මිලියන 700ක් වටිනා නැගෙනහිර වෙරළේ ‘පිජන් අයිලන්ඩ් බීච් රිසෝට්' මහේෂි විජේරත්නට තෑගි කර තිබේ. මෙම හෝටල් ඉඩම කලින් අයිතිව තිබුනේ විජේරත්න සහ ඔහුගේ සොයුරාටය. මෙම ඉඩම සුමල් පෙරේරා විසින් මිලදී ගෙන තිබේ. දුමින්ද සිල්වා බේරා ගැනීම නිසා රාජපක්ෂලා සදහටම සුමල් පෙරේරාට කළගුණ සලකනු ඇත.

    මෙම පිජන්අයිලන්ඩ් රිසෝට් හි සභාපති මහේෂී පෙරේරාගේ ආරාධනයක් මත මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටි අවධියේ එය විවෘත කරනු ලැබීය. පහත ඡායාරූපයෙන් පෙන්වනුයේ එසේ එම බීච් රිසෝට් විවෘත කරන අවස්ථාවේ දර්ශනයකි.

    - http://sinhala.lankanewsweb.net/news/15750-2015-02-11-13-00-11
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    හිටපු ජනාධිපතිවරයා නීතිපති දෙපාර්තමේන්තුවට නොමිලේ පැවැත්වූ ‘සුද්ද සිංහල' පාඩම!

    ශ්‍රී ලංකා ඉතිහාසයේ පලමු වතාවට නීතිපති දෙපාර්තමේන්තුව රාජ්‍ය නායකයා යටතට පත්කර ගත් ජනාධිපති මහින්ද රාජපක්ෂ ඔහුගේ පාලන සමයේදී අවම වශයෙන් සතියකට වතාවක් හෝ දෙකක් ජනාධිපතිවරයාගෙන් සුද්ද සිංහලෙන් බැණුම් ඇසීමට නීතිපති දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නිලධාරීන්ට සිදුවී තිබූ බව වාර්තා වේ.

    2010 ජනාධිපතිවරණයෙන් පසු නීතිපති දෙපාර්තමේන්තුව මහින්ද රාජපක්ෂ මහතා යටතට පත්කර ගැනීමෙන් පසු ඔවුන්ට ලැබී තිබූ පලමු නියෝගය වූයේ ජෙනරාල් සරත් ෆොන්සේකා කෙසේ හෝ සිරගත කිරීමයි. ඒ අනුව හමුදා අධිකරණය හමුවේ ජෙනරාල් ෆොන්සේකාට එරෙහිව පවරනු ලැබූ නඩුවේ පැමිණිල්ල මෙහෙයවන ලද්දේද නීතිපති දෙපාර්තමේන්තුව විසින් වන අතර යුද්ධාකරණයේ විනිසුරු නීති උපදේශක (Judge advocate) ලෙසද කටයුතු කරන ලද්දේ නීතිපති දෙපාර්තමේන්තුවයි.

    පැමිණිල්ලද විනිශ්චයද එකම ආයතනයකින් මෙහෙය වීමෙන් විත්තිකරුට අගතියක් වන බවත් එය මූලික නීති සිද්ධාන්තයක් වන ස්වාභාවික යුක්ති රීතියට (Rule of Natural Justice ) පටහැණි බවට ජෙනරාල් සරත් ෆොන්සේකාගේ නීතිඥයන් ගෙන ආ තර්කයද යුධාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

    ඉන්පසු තංගල්ල මැඩිල්ල ප්‍රදේශයේ ‘ද නේචර්' හෝටලයේදී බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව තංගල්ල ප්‍රාදේශීය සභා සභාපති සම්පත් පුෂ්ප විදානපතිරණ අත්අඩංගුවට ගත් අවස්ථාවේදීද සුද්ද සිංහලෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට බැණ වැදුනු මහින්ද රාජපක්ෂ ඔහුව නිදහස් කරන ලෙස නියම කර තිබිණ. එහෙත් අන්තර් ජාතික බලපෑම් හමුවේ ඔහුට නඩු පැවරීම සිදුවූ විට ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙසට අගවිනිසුරුගෙන් ඉල්ලා සිටීමට නීතිපතිවරයා සැරසුනු අවස්ථාවේදීද ජනාධිපති සුපුරුදු කුණුහරුප සංග්‍රහය නීතිපතිවරයාට පිරිනමා එම කටයුත්ත අත්හිටවීමට කටයුතු කර තිබිණ.

    භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේදී සැකකාර දුමින්ද සිල්වා ඉන් ගලවා ගැනීමට මහින්ද රාජපක්ෂ නීතිපති දෙපාර්තමේන්තුව වෙත දැඩි බලපෑම් සිදුකර තිබූ අතර ජනාධිපතිවරයාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන මේජර් නෙවිල් සිල්වා සහ දුමින්ද සිල්වා සම්බන්ධතාවය පිළිබඳව කටඋත්තරයක් සටහන් කළ සිද්ධියක් සම්බන්ධව විශේෂ විමර්ශනයක්ද පැවැත්වීමට නියෝග කර ඇත.

    නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සිද්ධියේදීද වාස් ගුණවර්ධනව ගොඩින් බේරන ලෙසට හිටපු ජනාධිපතිවරයා නීතිපති දෙපාර්තමේන්තුවට නියෝග කර තිබිණ. එහෙත් එම පරීක්ෂණය භාරව කටයුතු කළ නීතිපති දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නිලධාරියා නඩුව ඔප්පු කළ හැකි ආකාරයට මෙහෙයවීම නිසා යලිත් කුණුහරුප සංග්‍රහයෙන් ඔහුට සංග්‍රහ කළ මහින්ද රාජපක්ෂ නීතිපති පදවිය කරා යන ගමනෙන්ද එකී ජේෂ්ඨ නිලධාරියා ඉවත් කිරීමට කටයුතු කලේය.

    කෙසේ වුවද හිටපු නීතිපති පාලිත ප්‍රනාන්දු මහතා මහින්ද රාජපක්ෂගෙන් කෙතරම් කුණුහරුප අසා ගත්තද ඔහු ඒ බවක් තමා යටතේ සිටින නිලධාරීන්ට නොපෙන්වමින් ඔවුන්ව පීඩනයට ලක් නොකරමින් විශාල මානසික පීඩාවක් පරිණත පුද්ගලයෙකු ලෙස තනිවම විඳදරා ගනිමින් කටයුතු කළ අයෙකු බව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිහිපත් කරන්නේ ඉතා කෘතවේදීවය. ඔහුට කලින් සිටි නීතිපති චිත්ත ද සිල්වා (බුල්ලා) කලින් විශ්‍රාම ගියේද අගවිනිසුරු පදවිය භාර නොගත්තේද සෞඛ්‍ය හේතූන්ට වඩා මහින්ද රාජපක්ෂගේ මජර ක්‍රියා කළාපය ඔහු අනුමත නොකළ හෙයිනි.

    කෙසේ නමුත් නීතිපති දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නිලධාරීන් මේ වන විට බියක් සැකක් නැතුව නිදහසේ කටයුතු කරමින් සිටී. දුරකතන වලින් පවා ඔවුන් නිදහසේ අදහස් ප්‍රකාශ කරනු ලබන්නේ අනපේක්ෂිතව ලද නිදහස ඉමහත් සේ අගයමිනි. නීතියේ ආධිපත්‍ය නැවත ශ්‍රී ලංකාව තුල ස්ථාපිත කිරීම සඳහා ඔව්හු මේ වන විට මහත් වෙහෙසක් ගෙන කටයුතු කරති.

    - http://sinhala.lankanewsweb.net/news/15735-2015-02-10-17-54-45

    good post:yes::yes::yes:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    දැනට මොහොතක පෙර ගෝඨාබය රාජපක්ෂ මහතාගෙන් CID ප්‍රශ්න කිරීම ආරම්බ කළේය .​
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    දැනට මොහොතක පෙර ගෝඨාබය රාජපක්ෂ මහතාගෙන් CID ප්‍රශ්න කිරීම ආරම්බ කළේය .​
    :yes:අරම්බක කරලා මදි හොර කපු සේරම ජනතා සතු කල යුතුය