මැදමුලන වරිග සබාව

shoo

Banned
Mar 5, 2009
592
24
0
මැදමුලන වරිග සබාව

ලංකා ඊ නිව්ස් -2019.ජූලි.15, ‌පෙ.ව.10.45) රාජපක්ෂ ‌කෙනෙකුට ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා වීමට අවස්ථාව ලද හොත් එහිදී ඉදිරිපත් කළ යුත්තේ ගෝඨාභය බවට තීන්දු කළ බව ශෂීන්ද්‍ර පසුගියදා සඳහන් කළේය . රාජපක්ෂලා 06 දෙනෙක් එක්ව පැවැත්වූ සාකච්චාවකදී මහින්ද රාජපක්‍ෂ මෙම තීන්දුව ගත් බව සති අන්ත ලංකාදීපයට ඔහු ප්‍රකාශ කළේය. එපමනක් නොව තම පියා වන චමල් රාජපක්‍ෂගේ නම ද ජනාධිපතිවරණ අපේක්ෂක පෝලිමේ ඇතත් අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්නේ ගෝඨාභය රාජපක්ෂ යැයි ඔහු සඳහන් ක‌ෙළේය. ශෂීන්ද්‍රගේ මෙම කථාව පැහැදිලිවම ” බොම්ඹේ ලුකින් කල්කටා” වැනි එකකි. ශෂීන්ද්‍ර කරන්නේ කොලේ වසා ගැසීමකි.

මහින්ද සහෝදරයන් කොටවා ගෝටාගේ කට වැසූ හැටි..
පාස්කු ප්‍රහාරයත් සමගම රාජපක්ෂ පවුලේ අපේක්ෂක අරගලය උච්චතම අවස්ථාවට පැමිණියේය. එතෙක් කාලයක් මහින්ද අයියා කව්දැයි නම් කරාවි යැයි කිය කියා සිටි ‌ගෝටා, මුස්ලිම් ත්‍රස්තවාදීන් අතුගා දැමීමට තමන් ජනපතිවරණයට ඉදිරිපත් වන බව කෙලින්ම කීවේය. ගෝටාගේ එම ප්‍රකාශයත් සමගම රාජපක්ෂ පවුල ගිණි ඇවිලී ගියේය. මහින්ද අනෙක් අනෙක් සහෝදරයන් ශූක්ෂම ලෙස භාවිතා කොට ගෝටාගේ කට වැසුවේය . ගෝඨා 'ඔබ සූදානම් නම් මමත් සූදානම්' කියූ දිනයේම 2020 ජනපතිවරණයට අනිවාර්යයෙන් පොහොට්ටුවේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව බැසිල් කියා සිටියේය. ගෝඨාභය පොහොට්ටුවේ සාමාජිකයෙකු ලෙස පෙනී නොසිටින පසුබිමක් තුළ ගෝඨාභයගේ හා බැසිල්ගේ කතා පරස්පර මුහුණුවරක් ගන්නා ලදී.

මහින්දගේ උපදෙස් වලටත් උඩින් ගොස් අපේක්ෂකයා ගැන ශෂීන්ද්‍ර කියන්නේ ඇයි?
ගෝටා ‘මම එනවා’ කියා දින හතරක් ගතවීයාමටත් මත්තෙන් චමල් ද ඊට නොදෙවෙනි කථාවක් කීවේය. ලංකාදීප පුවත්පත වෙත ප්‍රකාශයක් ලබා දුන් චමල් ජනපතිධූරය සඳහා තමන් සුදුසු නම් ඒ සඳහා තමන්ද සූදානම් බව පවසා සිටියේය. ඒ සමගම මාධ්‍යට ප්‍රකාශයක් කළ මහින්ද ‘නියම වෙලාවට නියම අපේක්ෂකයා කවුද කියලා අපි රටට කියනවා’ කියා කීවේය. තවද අපේක්ෂකයා කවුද යන්න නිලවශයෙන් ප්‍රකශකරන තුරු ඒ පිලිබඳව කථා නොකළ යුතු බවට පවුලේ උන්ට සහ පොහොට්‍ටු කාරයන්ට දන්වා සිටියේය. දැන් ශෂීන්ද්‍ර, ගෝටා අපේක්ෂකයා බව කියන්නේ මහින්දගේ කථාවටද උඩින් යමිනි. ශෂීන්ද්‍රගේ කථාව බටර් බටර් ගා ඇරීමකි.

රටේ මිනිසුන් ශෂීන්ද්‍රගේ ඇරිල්ල වටහා ගත නොහැකි මෝඩයන් නොවේ..
අද වන විට ගෝටාට ඇති සුව ‌නොවූ 'අසනීප තත්ත්වයට' අමතරව ගෝටාගේ ඇමෙරිකානු පුරවැසි භාවය ඉවත් කරගැනීමට ඇති හැකියාව ඉතා සීමිතය. ඒ අනුව ඔහුගේ ද්විත්ව පුරවැසිභාවය නිසා ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමේදී නුසුදුස්සෙකු වන්නේය. ගෝටා නුසුදුස්සෙකු වූ කල විකල්ප ලෙස ඉතිරි වන්නේ චමල් සහ ශිරන්තීය. ගොනා සහ තණකොල මෙන් චමල්, මහින්දට සහ ශිරන්තීට කීකරු භාවයක් පෙන්වන නිසා චමල් 2020 පොහොට්‍ටු අපේක්ෂකයා වීමට ඇති ඉඩ කඩ බොහෝය. හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්නා සේ, අක්කා පෙන්වා නංගී දීග දෙන්නා සේ ශෂීන්ද්‍ර මේ කරන්නේ චමල්ගේ ආගමනය පිංතාරු කිරීමය. රටේ මිනිසුන් ශෂීන්ද්‍රගේ ඇරිල්ල වටහා ගත නොහැකි තරමේ මෝඩයන් නොවේ .

රාජපක්ෂලා පරදින්න රාජපක්ෂ ‌කෙනෙක් දාන්නේ නැත..
චමල් අපේක්ෂකයා වුවහොත් ඔහු පරාජය වීමේ ඉඩ කඩ වැඩිය. මන්ද යත් රාජපක්ෂලා අතරින් ජනප්‍රියතාවයෙන් අඩුම රාජපක්ෂ චමල් බැවිනි. රාජපක්ෂලා පරදින්න නම් රාජපක්ෂ ‌කෙනෙකු ඉදිරිපත් ‌නොකරනු ඇත. මන්ද යත් එය අනාගත නාමල්ට නරකට බලපාන නිසා ය. එබැවින් ශ්‍රීලනිපය 1982 දී පරාජය විඳීමට බණ්ඩාරනායක ‌කෙනෙකු ‌නොදා ‌කොබ්බෑකඩුව ‌කෙනෙක් දැම්මා ‌සේ ‌‌මෙදා ‌වෙල්ගම ‌කෙනෙක් ඉදිරියට ගැනීමට ද බැරි නැත.
 
Last edited:

shoo

Banned
Mar 5, 2009
592
24
0
චමල්,මහින්ද ගෝටා කියන්නේ ඇවිදින මලමිනී. රට පාලනය කරන වයසක ඉන්න එවුන් නෙවෙයි.බල තන්හාවේ කෙලවරක් නෑ.මහින්දගේ වයසේ අයට අවුරුදු පනහේ පුතාල ඉන්න ඕන.නාකි වෙලා ලමයි හඳලා අන්තිමට උන්ට වයස පිරෙනකම් දේශපාලනේ බදාගෙන ඉන්නවා.අනේ මෙහෙම තන්හාවක්,අනේ මෙහෙම ආසාවක්.මලමිනී උස්සගෙන ඇවිල්ලා මේ රටට කරන්න පුලුවන් දෙයක් නෑ.අවුරුදු දහයක් කාලත් මුන්ට මදි.තව එනවා.මැරුනට පස්සෙ ප්‍රේතයො පුම්බාන්ඩයො වෙලා එයි.