මැදමූලන සොහොන් නඩුවෙන් ගෝඨාභය නිදහස්..!!

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
මැදමූලන සොහොන් නඩුවෙන් ගෝඨාභය නිදහස්..!!

ජනාධිපතිවරණයේ තවත් ‘ඡන්ද ප්‍රතිඵලයක්’ නිකුත් කරමින් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව විශේෂ මහාධිකරණයේ පවරා තිබූ මැදමූලන සොහොන් නඩුවේ සියළු චෝදනා වලින් ගෝඨාභය නිදහස් කර තිබේ.

විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් අද(21) මෙම නියෝගය ලබා දුන්නේය.

ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ඔහුගේ නීතිඥවරු ඉදිරිපත් කළ මෝසමකට අනුව අදාළ නඩුව අද සම්පත් අබයකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35(1) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට එරෙහිව අධිකරණයක් හමුවේ සිවිල් හෝ අපරාධ නඩු කටයුත්තක් පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන්නේය.:lol::lol::lol::lol:

ඒ අනුව මෙම නඩුවේ පළමු විත්තිකරු ලෙස නම් කර සිටින ගෝඨාභය රාජපක්ෂ ට එරෙහි නඩු කටයුතු අවසන් කර ඒ මහතා මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද ඉල්ලා තිබිණ. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂට එරෙහි නඩු කටයුත්ත අවසන් කිරීමට තීන්දු කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඔහුට පණවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කළ අතර ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය මුදා හැරීමටද නියම කළේය. ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ඇප තැබූ ඔහුගේ ඇපකරුවන් මුදා හැරීමටත් අධිකරණය වැඩිදුරටත් නියෝග කළේය.

එහිදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ එම නඩුවේ සෙසු විත්තිකරුවන් තිදෙනා සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ගය මීළඟ නඩු දිනය අධිකරණයට දැනුම් දෙන බවයි. ඉන් අනතුරුව නඩුව නැවත ජනවාරි මස 09 වැනිදා කැඳවීමට ද නියම කළේය.

හම්බන්තොට ,මැදමුලන, ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රජයට අයත් රුපියල් මිලියන 33.9 ක මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ පළමුවන විත්තිකරු ලෙස නම් කර සිටි ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පවරා තිබුණි.

ලංකා ඊ නිව්ස් කළ විමසීමක දී ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකු පවසා සිටියේ යම් දිනෙක ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපති ධූරය අවසන් වූ කලෙක ජනාධිපතිධූරයට හිමි මුක්තියද අවසන් වන බැවින් යලි මේ නඩුව විභාගයට ගත හැකි බවයි. නමුත් එය තීරණය වන්නේ මෙකී නඩුවේ අවසන් තීන්දුව අනුව සෙසු සැකකරුවන් වැරදිකරුවන් වුවහොත් ය. මන්ද යත් මෙකී නඩුකරයෙන් ගෝඨාභය නිදහස් වන්නේ ජනාධිපති මුක්තිය පිළිබඳ කාරණය සලකා පමණක් වන බැවිනි.

මෙම නඩු විභාගය රාජපක්ෂලා යළි බලයට පැමිණීම දක්වා වසර 5 ක් පුරා අදිමින් ප්‍රමාද කිරීමට පැරණි ආණ්ඩුවේ සිටි අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ ද, ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටි විනිසුරුවන් 4 දෙනෙකු ගෝඨාභයගේ නඩු ඇසීමට නොහැකි යයි කියමින් නඩු විභාග වලින් ඉල්ලා අස්වෙමින් ද, විශේෂ මහාධිකරණ නඩු විභාගයට වාරණ නියෝග නිකුත් කරමින්ද විශාල 'සේවයක්' කළ බව ජනතාවට නොරහසකි.
:lol::lol::lol:
 

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,137
    3,991
    113
    විලි ලැජ්ජාවක් කියල එකක් ඇත්තෙම නැද්ද බං උඹට.

    සජිත් ගේ ලෙව කාල ලෙව කාල අන්තිමට ඌ කුජීත වෙලා ගෙදර ගියා.

    උඹල තාම ට්‍රයි එකක් දෙනවා.

    ඉස්සර සිරිකොතෙන් දුන්න සල්ලි වලට සාධාරණයක් කරන්නද හදන්නේ ? :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    විලි ලැජ්ජාවක් කියල එකක් ඇත්තෙම නැද්ද බං උඹට.

    සජිත් ගේ ලෙව කාල ලෙව කාල අන්තිමට ඌ කුජීත වෙලා ගෙදර ගියා.

    උඹල තාම ට්‍රයි එකක් දෙනවා.

    ඉස්සර සිරිකොතෙන් දුන්න සල්ලි වලට සාධාරණයක් කරන්නද හදන්නේ ? :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :lol::lol::lol:
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    දැන් චන්දෙ ඉවරයි යකෝ. දැන් වත් අපිට සැනසිල්ලෙ ඉන්න දීපන්.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මංගල‍ෙග් මඩ බලකා‍ෙය් එවුන්ට තාම ‍ෙගවනවද බං ‍‍ෙමව්වට
    දැන් චන්දෙ ඉවරයි යකෝ. දැන් වත් අපිට සැනසිල්ලෙ ඉන්න දීපන්.
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    නෑ ඉතින් මිලියන් ගනන් මහජන මුදල් වලින් අම්මගේ තාත්තගේ සොහොන හදපු එකා ජනාදිපති කරපු බුද්දිමත් ඡන්දදායකයෝ ඉන්න රටක් නේ මේක!:lol::lol::lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,823
    113
    මාලඹේ
    විලි ලැජ්ජාවක් කියල එකක් ඇත්තෙම නැද්ද බං උඹට.

    සජිත් ගේ ලෙව කාල ලෙව කාල අන්තිමට ඌ කුජීත වෙලා ගෙදර ගියා.

    උඹල තාම ට්‍රයි එකක් දෙනවා.

    ඉස්සර සිරිකොතෙන් දුන්න සල්ලි වලට සාධාරණයක් කරන්නද හදන්නේ ? :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    😀😀😀😀😀😀😀
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,823
    113
    මාලඹේ
    නෑ ඉතින් මිලියන් ගනන් මහජන මුදල් වලින් අම්මගේ තාත්තගේ සොහොන හදපු එකා ජනාදිපති කරපු බුද්දිමත් ඡන්දදායකයෝ ඉන්න රටක් නේ මේක!:lol::lol::lol:

    මහා බැංකුව කඩන කොට උබ ට නින්ද ගිහින්ද හිටියේ
     
    Last edited:
  • Dec 18, 2013
    535
    98
    28
    විලි ලැජ්ජාවක් කියල එකක් ඇත්තෙම නැද්ද බං උඹට.

    සජිත් ගේ ලෙව කාල ලෙව කාල අන්තිමට ඌ කුජීත වෙලා ගෙදර ගියා.

    උඹල තාම ට්‍රයි එකක් දෙනවා.

    ඉස්සර සිරිකොතෙන් දුන්න සල්ලි වලට සාධාරණයක් කරන්නද හදන්නේ ? :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,419
    8,586
    113
    රූකඩ රාජ්ජේ
    ගණන් ඉලක්කම් සමග බොරු කළ නොහැක..! ගෝටාබය නියතවම පරාජය වන හැටි ‌මෙන්න..!

    How_Gota_loose.jpg



    ජනාධිපතිවරණය ජය ගැනීමට අපේක්ෂකයෙකු වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50% ක් සහ තවත් එක් චන්දයක් ලබාගත යුතුය. මැතිවරණයෙදී සිංහල දෙමල මුස්ලිම් යන සියළු ජන කොටස් ඡන්දය භාවිතා කරයි. යම් අපේක්ෂකයෙකුට සිංහල ජන්ද වලින් පමනක් වුවද මෙකී 50% ලබා ගත හැකිය. එවන් අවස්ථාවකදී ඔහු සිංහල ඡන්ද වලින් අති බහුතරයක් ලබා ගත යුතු වෙයි. එවන් අවස්ථාවකදී ඔහු සිංහල ඡන්ද වලින් ලබා ගත යුතු ප්‍රතිශතය පහත පරිදි ගණන් බැලිය හැක. එම ගණන් බැලීම ලංකාවේ ජන සංයුතියට සාපේක්ෂව සිදු වන්නකි. ලංකාවේ වත්මන් ජන සංයුතිය පහත පරිදිය . සිංහල – 74%. දෙමල 16%. මුස්ලිම් -10%.

    ඉහත ජන සංයුතිය අනුව සිංහල ඡන්ද වලින් පමනක් පමනක් ජය ගැනීමට නම්, සිංහළ 74%න් 50% හදා ගත යුතුය . ඒ අනුව 74 න් 50 ක් නම් සියයට කොපමනද යන්න බැලිය හැක. එය සෙවීමට 50, 74න් බෙදා 100න් වැඩි කළ යුතුය . ලැබෙන උත්තරය 67% කි. එනම් සිංහල ඡන්ද වලින් 67% ලබා ගත හොත් ඔහුට වලංගු ඡන්ද සංඛ්‍යවෙන් 50% ක් ගත හැක.

    ගෝටාබය හමුවේ ඇති අභියෝගය
    කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ගෝටාබයට සිංහල ඡන්ද වලින් පමනක් මැතිවරණය ජයගැනීමට සිදුව ඇත. දැන් බැලිය යුත්තේ ගෝටාබයට සිංහල ඡන්ද වලින් 67% ක් ලබා ගත හැකිද යන්නයි. එය ගණන් බැලීමට පසුගිය පලාත් පාලන මැතිවරණයේ දත්ත විශ්ලේෂණය කළ හැකිය. පලාත් පාලන මැතිවරණය පුංචි ඡන්දයක් බව ඇත්තය. නමුත් පසුගිය පලාත් පාලන මැතිවරණයේදී ඡන්දය භාවිතා කල ප්‍රතිශතය 80%කි. එය ජනපතිවරණයකදී භාවිත වන ඡන්ද ප්‍රතිශතයට සමානය. ඒ අනුව පුංචි ඡන්දයේදී නොපැමිනි පිරිසක් මහ ඡන්දයෙදී පැමිනෙනවා කියා සිතීමට නොහැකි ය.

    ශ්‍රීලනිප සහ පොහොට්‍ටු හවු‌ලේ යථාර්තය..
    ලංකාවේ වැඩිම බෞද්ධ ප්‍රතිශතයක් සිටින්නේ මොණරාගල දිස්ත්‍රිකයේය. එහි බෞද්ධ ප්‍රතිශතය 95% කි. 2018 පලාත් පාලන මැතිවරණයේදී පොහොට්‍ටුව මොණරාගලින් ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 53 % කි. නිදහස් පක්ෂයට ලැබුනු සියළු චන්ද පොහොට්‍ටුවට එකතු කළද ඔවුන්ට ලබා ගත හැක්කේ 63% කි. පොහොට්‍ටුව සහ සිරිසේන හවුලේ පැමිනියද ඔවුන්ට වාසිදායකම දිස්ත්‍රික්කයෙන් ලබා ගත හැක්කේ 63% නම් අනෙක් දිස්ත්‍රික්ක වල තත්වය මීට වඩා අයහපත්ය. ඇල්පිටියේ ඡන්ද ප්‍රතිඵලය විෂ්ලේෂණය කල ද නිගමනය මීට වෙනස් නොවේ

    ගණන් ඉලක්කම් සමග බොරු කළ නොහැක..
    2018 පාලන මැතිවරණයෙදී පොහොට්‍ටුව ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 42% කි. වැඩිම බෞද්ධයන් සිටින දිස්ත්‍රික්කයෙන් වත් පොහොට්‍ටුවට තම ඉලක්කය කරා යා නොහැකි විය . ඒ අනුව 50% හදා ගැනීමට එකම විකල්පය වූයේ නිදහස් පක්ෂය සමග සංධාන ගත වීමය. පොහොට්‍ටුව සංධාන ගත වුවද සිදු වූයේ අනෙකකි. පොහොට්‍ටු වේදිකාවට ගොඩවූ නිදහස් පක්ෂ සාමාජිකයන් බලු නොවටිනා තැනට වැ‍ටුනි. ගිය ගිය තැන ඔවුන්ට ”මහින්ද හූවෙන් ” පහර වැදුනි. තවද නිදහස් පක්ෂයේ ලොකු පළුව සජිත් සමග එක් වීමට සූදානමින් සිටියි. සිරිසේනගේ සහාය ලැබෙන්නේද සජිත්ට ය.චන්ද්‍රිකා තවත් ගේමකට සූදානමින් සිටියි

    මහ පොළොවේ යථාර්තය..
    ඉහත පැහැදිලි කළ පරිදි ගෝටාබයට සිංහල ඡන්ද වලින් 67% ලබා ගැනීම මහ පොළොවේ යථාර්තය නොවේ. සිරිසේන ඇතුළු නිදහස් පක්ෂය සජිත් වටා රොක් වීමද නොවැලැවිය හැක. චන්ද්‍රිකාගේ සහායද සජිත්ට හිමිය . ගෝටාබයට සුළු ජාතික ඡන්ද ආකර්ශනය කර ගත හැකි පසුබිමක් නොමැත. ගෝටාබයට 50% හදා ගැනීම කළ නොහැක්කකි.

    ගෝටාබයට සුළුජාතීන් දිනා ගත නොහැකි වීමට ප්‍රධාන හේතු 2කි



    1. ගෝටාබය ජාතිවාදීන් පිරිසකගේ ඔඩොක්කුවේ සිටීම.
    2. සජිත්ගේ පියා සුළු ජාතිකයන් විෂයේ අමිල මෙහෙවරක් කළ අයෙක් වීම.

    89 ජනපතිවරණයේ පොරොන්දු ප්‍රකාරව රණණසිංහ ප්‍රේමදාස 15 වන ආණ්ඩු ක්‍රම සංශෝධනය සම්මත කළේය. කිසියම් ඡන්ද කොට්ඨාසයකින් මන්තී‍්‍රවරුන් තෝරා පත් කර ගැනීමට වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 1/8 ක් ලබා ගත යුතු බවට තිබූ නියමය 1/20 ක් දක්වා පහත හෙළනු ලැබීය. මෙයින් සුළු ජන දේශපාලන පක්ෂවල නියෝජනය සහතික කරනු ලැබීය. තවද පසුගියදා වතු කම්කරුවන්ට 1500 ක් දෙන බව සජිත් කීවේය.

    ගෝටාබයගේ ඉරණම..
    කරුණු එසේ හෙයින් ගෝටාබයට සිංහල ඡන්ද වලින් 67% ලබා ගත නොහැක. සුළු ජාතිකයන් දිනා ගැනීමද කළ නොහැක්කකි. මහින්ද හූව, විමලේ, මධුමාධව, පැන්ෂන් ගිය ආමි කාරයන්, ඥානක්කා ගෝටාබයට කරන්නේ සුළු ප‍ටු හානියක් නොවේ. ගෝටාගේ කැම්පේන් එක මෙහෙයවන චිචී, බිචී කල්ලි කරන විනාශයද එලෙසමය. සිංගප්පූරුවක් හදනවා කියමින් සෑම සතියකම අනුරාධපුරයේ ඥානක්කාගේ දේවාලයට රිංගන ගෝටා මිත්‍යා දෘෂ්ඨිකයෙකි . අසාර දේ සාර ලෙස ගත් මිත්‍යා දෘෂ්ඨික ගෝටාබයගේ පරාජය නියතයකි.

    මහ දවල් මිනී මැරූ, අමු අමුවේ මහජන මුදල් මුදල් කොල්ල කෑ ගෝටා වැනි දුෂ්ඨයෙකු අපේක්ෂකයෙකු ලෙස පත් කිරීම ශිෂ්ඨ සම්පන්න මිනිසුන්ට කළ නිගාවකි.

    කීර්ති රත්නායක
    හිටපු හමුදා බුද්ධි අංශ නිලධාරී

    dfdsfsd
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    විලි ලැජ්ජාවක් කියල එකක් ඇත්තෙම නැද්ද බං උඹට.

    සජිත් ගේ ලෙව කාල ලෙව කාල අන්තිමට ඌ කුජීත වෙලා ගෙදර ගියා.

    උඹල තාම ට්‍රයි එකක් දෙනවා.

    ඉස්සර සිරිකොතෙන් දුන්න සල්ලි වලට සාධාරණයක් කරන්නද හදන්නේ ? :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    දැන් චන්දෙ ඉවරයි යකෝ. දැන් වත් අපිට සැනසිල්ලෙ ඉන්න දීපන්.
    :yes::yes::yes::yes::yes::yes:
     

    Similar threads