මැදවල රජමහා විහාරය

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
මැදවල රජමහා විහාරය

මැදවල රජමහා විහාරය


මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ප්‍රදේශීය බලප්‍රදේශයට අයත් මැදවල ග‍්‍රාමනිලධාරි වසමේ මැදවල රජමහා විහාරය ස්ථානගතව ඇත. (07° 21’ 21” හා 80° 33’ 49” ඇත. මහනුවර-දොරණෑගම මාර්ගයේ මැදවල නගරයේ සිට කිලෝමීටර 1.5ක පමණ දුරක් ගමන් කළ විට දී විහාරස්ථානයට ළඟාවිය හැකිය. සියම් නිකායේ මල්වතු පාර්ශවයට අයත් විහාරක් වන මැදවල විහාරය පූජ්‍ය දෙහිගම චන්ද්‍රරතන හිමියන්ගේ අනුශාසනා යටතේ පරිපාලනය වෙයි.

මෙම විහාරය මහනුවර යුගයේ ජනප්‍රිය ස්ථානයක්ව පැවැති බව එසමයේ ප්‍රචලිත ආධ්‍යාපනික ග්‍රන්ථයක් වූ විහාර අස්න හෙවත් නම් පොතේ සඳහන් වී තිබීමෙන් පැහැදිළි වෙයි.

temple.jpg


2011042701.jpg

ජනශ්‍රති අනුව මැදවල විහාරයේ ඉතිහාසය වට්ටගාමණී අභය රජුගේ (ක‍්‍රී.පූ. 103 කාලසීමාව දක්වා ගමන්කරයි. එතුමා මලය දේශයේ ගතකළ සමයේ මෙම විහාරස්ථානය ඉදිකළ බව දැක්වෙයි. විහාරස්ථාන ඉතිහාස විවරණයේ දී භාවිත කළහැකි ලිඛිත පුරාවිද්‍යා මූලාශ්‍ර දෙකකි. ඒ විහාරස්ථාන මළුවේ දක්නට ඇති ප්‍මැදවල ශිලාලේඛනය හා මැදවල සන්නස යන මුලාශ්‍රද්වයයි. සන්නසට අනුව විහාරය ඉදිකිරීමේ ගෞරවය කීර්ති ශ්‍රී රාජසිංහ (1755) රජුට හිමි වේ. විහාරස්ථානයේ හමුවන වාස්තුවිද්‍යාත්මක අංගයන්හි කලා ආකෘතික ස්භාවය මත ඓතිහාසික පදනම මහනුවර යුගය දක්වා ගමන් කරන බව පැහැදිලි වෙයි. මෙම නිගමනයට පැමිණීම සඳහා ටැම්පිට විහාරය, බුද්ධප්‍රතිමා ලක්ෂණ හා බිතුසිතුවම් උපකාරී වෙයි.

ආගමික, වාස්තුවිද්‍යාත්මක, පුරාවිද්‍යාත්මක, හා සෞන්දර්යාත්මක ආදි අගයන් රැසක් පිළිබිඹු කරන මැදවල විහාරය බෞද්ධ ආගමික මධ්‍යස්ථානයක් ලෙස ප්‍රදේශීය ජනයාගේ ගෞරවාදරයට පාත්‍රවෙයි. ටැම්පිට විහාරය හා නව බුදු මැදුර ජනයාගේ ආගමික ප්‍රතිපදාවන් උදෙසා වැදගත්වෙයි. එමෙන්ම ටැම්පිට ප්‍රතිමාගෘහය ඉදිරිපස ඇති පොහොය ගෙය භික්ෂූන්වහන්සේගේ විණය අවශ්‍යතා සපුරාලයි.

විහාරස්ථානයේ පවතින ටැම්පිට විහාරය දිවයින් වඩාත් ප්‍රචලිත ටැම්පිට විහාරයක් වේ. ශ්‍රී ලංකාවේ තෙත් කලාපය තුළ පොළොවේ තෙතමනය හා වේයන් වැනි කෘමී සතුන්ගේන් දැවයෙන් කළ ප්‍රතිමාගෘහයට වන හානිය අවම කිරීම සඳහා උපක‍්‍රමයක් ලෙස මහනුවර යුගයේ දී ව්‍යප්ත වූ වාස්තුවිද්‍යා නිර්මාණයකි. ටැම්පිට සම්ප්‍රදායට අයත් විහාර කුරුණැගල, කෑගල්ල, මහනුවර ආදී දිස්ත්‍රික්කයන්හි බහුල ව්‍යාප්තියක් පෙන්වයි.

2011042702.jpg

පිළිමගෙයට පිවිසීමට ඇති දැව ද්වාරය දෙපස අල්පෝන්නත මුරභටයන් දෙදෙනකු නිරූපණය කොට ඇත. මහනුවර ශෛලියේ අලංකරණ රටා මඟින් සරසණ ලද ද්වාරයෙන් පිවිසෙනවාත් සමඟම දර්ශනය වනුයේ භූමිස්පර්ෂ මුද්‍රාව මුද්‍රව නිරූපණය බුදුරජාණන් වහන්සේගේ ගිරිගරුඩ බුදුපිළිමය හා අලංකාර මකර තොරණයි. පිළිමයේ ශෛලිය මහනුවර කලා සම්ප්‍රදායට සමීපය. උස් වූ ආසනයක් මත ප්‍රතිමාව ස්ථාපනය කොට ඇති අතර ම එම ආසනයේ අංගයක් ලෙස අල්පෝන්නත කැටයම් හා සිතුවම් සහිත මකරතොරණ, ප්‍රතිමාව පිටුපස නැගී සිටියි. ප්‍රධාන බුද්ධප‍්‍රතිමාව දෙපස කාලවර්ණ දෙවියකුගේ හෝ මුරකරුවකුගේ ප‍්‍රතිමා දැකගත හැකිය. මකරතොරණ මත සතරවරම් දෙවිවරු නිරූපණය කෙරෙයි. ප‍්‍රතිමා අතර හිස් අවකාශයන් පිරවීම ස`දහා සිතුවම් භාවිත කොට ඇත. ප‍්‍රධාන ප‍්‍රතිමාව ඉදිරිපස දෙපසින් හිදි ඉරියවි සහිත කුඩා ප‍්‍රතිමා යුග්මයකි. එම ප‍්‍රතිමා පෙර ප‍්‍රතිමාවනට වඩා නූතන ස්වරූපයක් ගෙන ඇති බව පෙනේ.

ප්‍රතිමාගෘහයේ සිවිලිම, වම් හා දකුණු, පිටුපස ආදි සියලූම බිත්ති මහනුවර ශෛලයේ සිතුවමින් අලංකාර කොට ඇත. මෙම සිතුවම් මැදවල විහාරයට ජාතික මට්ටමේ කීර්තියක් අතිකර දීමට සමත්ව ඇත. අඛණ්ඩකතන සම්ප්‍රදාය අනුව චිත්‍රණය කොට ඇත.

වම්පස බිත්තිය ඉහළ තලය සොළොස්මස්ථාන නිරූපණය කොට ඇති අතර දෙවන තීරුව බුදුපුදට යන රහතන් වහන්සේ නිරූපණය වෙති. දකුණු පස බිත්තිය ඉහළම ඵලකය සත්සතිය ද, දෙවන ඵලකය ජාතක කථා නිරූපණය ද වේ. එහි දී වෙස්සන්තර ජාතකය ප්‍රධාන වේ. ද්වාරය දෙපස බිත්තිය භික්ෂූන්වහන්සේ, ප්‍රභූවරු හා සාමාන්‍ය ජනයා නිරූපණය කෙරෙයි.

පිළිමගෙයි දැව සිවිලිම පුරා තුසිත භවණ නිරූපණය කොට ඇති අතර මල්කම් හා ලියකම් ද ප්‍රමුඛ වේ.

මෙම බිතුසිතුවම් විවිධ හායනකාරි තත්ත්වයනට ලක්වන බව හා ලක් වූ ආකාරය හඳුනාගත හැකිය. මෙම සිතුවම් මීට ඉහත දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ සංරක්ෂණයට ලක්ව ඇත. කෙසේ වුව ද වර්ණ ධරණ ස්තරයේ කුඩා හා විශාල කුහර Laquna දැකගත හැකි ය. එමෙන්ම සිතුවම් අතර කුඩා හා විශාල පිපිරීම් දැකගත හැකි ය. විශේෂයෙන්ම සීලිම ආශ‍්‍රිතව තෙතමනය ම`ගින් ඇතිකරන හායනයට ලක්වෙමින් පවතී. වේයන් වැනි කෘමීන් ම`ගින් දැවමය ද්වාරයට හානිකිරීමට උත්සහ දරා ඇත. මෙවැනි හායනකාරී තත්ත්වයන් වැලැක්වීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තු සංරක්ෂණයේ දී ද උත්සහකොට ඇති බව පෙනේ.

2011042703.jpg


ටැමිපිට විහාරය ඉදිරිපස භික්ෂූන් වහන්සේ විණයකර්ම සිඳුකරණ පොහොයගෙය ස්ථාගගතව ඇත. මෙය මහනුවර හා ලංදේසි ශෛලයේ වාස්තුවිද්‍යා ලක්ෂණ එකට මුසු වූ නිර්මාණයක් වෙයි. උස් වූ පිල හා පියස්ස මහනුවර ශෛලය ද, බිත්ති හා කුඵණු ලංදේසි ආභාසය ද නිරූපණය කෙරෙයි. ගොඩනැගිල්ල වටා සීමාගල් ස්ථාපනය කොට ඇත. ටැම්පිට විහාරය, පෝයගෙය හා නව ප‍්‍රතිමාගෘහයට ප‍්‍රවේශවීම සඳහා ඉදිකොට ඇති විශේෂ වාස්තුවිද්‍යාත්මක අංගයක් ලෙස වාහල්කඩ දැක්විය හැකිය. මෙය ද මහනුවර හා ලංදේසි වාස්තුවිද්‍යා ශෛලයේ බලපෑම සහිතව නිර්මාණය කර ඇති බව පැහැදිලි ය.

ඍජුකෝණාස‍්‍රාකාර හැඩයක් ගන්නා වූ වාහල්කඩ සඳහා ප‍්‍රවේශවීමට ගල් පඩිපෙළක් භාවිතයට ගෙන ඇත. මදක් උස් වූ පාදමක් මත ඉදිකොට ඇත
ි මෙම ගොඩනැගිල්ල ඉදිරිපස හා දෙපස බිත්ති සම්පූර්ණයෙන් ඉදිකොට ඇති අතර පිටු පස බිත්තිය අර්ධ (කොට* බිත්තියකි. ද්වාරය දෙපස රවුම් හැඩැති ලංදේසි ආභාෂය දනවන කුඵණු 2කි. ඉදිරිපස බිත්තිය අතරින් ප‍්‍රවේශයයි. එය මකර තොරණකින් අලංකාර කරන ලද ලංදේසි ආරුක්කුවක් වේ. මහනුවර ශෛලයේ පියස්ස සඳහා පෙති උඵ භාවිත කර මනබදින රටා නිරූපණය කරයි. අතීත කාලයේ භික්ෂූන්වහන්සේගේ ගමනාගමන කටයුතු සඳහා භාවිත කිරීමට ඇතැයි සිතිය හැකි පැලැක්කියක් ද මෙම වාහල්කඩ තුළ ප‍්‍රදර්ශනයට තබා ඇත.

2011042704.jpg


මැදවල විහාරස්ථානයේ භික්‍ෂු ආවාස ගෘහය ද වාස්තුවිද්‍යාත්මක අතින් වැදගත් ස්ථානයකි. මැදමිදුලක් සහිත ආවාසගෘහයේ ඉදිරිපස පසුකාලීනව විපර්යාසයනට ලක් ව ඇත. ආවාසයේ මැදමිදුල අටුව තැබීම සඳහා භාවිත කරයි.

කන්ද උඩරට සෙන්කඩගල නුවර පිහිටි මැදවල විහාරය වාස්තුවිද්‍යාත්මක, පුරාවිද්‍යාත්ම, සෞන්දර්යාත්මක හා ආගමික අගයන් ප‍්‍රකාශකරන අගනා සිද්ධස්ථානයක් ලෙසින් ආරක්ෂාකොට මතුපරපුර වෙත සම්පේ‍්‍රෂණය අත්‍යවශ්‍ය සමාජවගකීමක් වන්නේ ය.

විහාරාධිපති, පූජ්‍ය දෙහිගම චන්ද්‍රරතන හිමි,
මැදවල රජමහාවිහාරය, මැදවල

කියවලා බම්පියක් දාගෙනම යමු​
 
Last edited:

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
මැදවල රජමහා විහාරය

වසර 2100 ක අතීතයකට උරුමකම් කියන මැදවල රජමහා විහාරය​


වසර 2100 ක්‌ සපිරුණු බෞද්ධ තොරතුරු රැසක්‌ හෙළිකෙරෙනා අනුරාධපුරය, කුරුණෑගල, ගම්පොල සහ මහනුවර රජකළ රජවරුන් රැසකගේ සංරක්‍ෂණයට, ගෞරවයට මෙන්ම ආරක්‍ෂාවට පත්ව ඇති මැදවල රජමහා විහාරය ඓතිහාසික ගෘහ නිර්මාණ, කැටයම් කලාව, සෙන්aලිපි මෙන්ම ලේඛන ගත තඹසන්නස්‌ සහිත ශ්‍රී ලංකාවේ බෞද්ධ ගෙන හැර පානා සාධක රැසකින් යුත් හාරිස්‌පත්තුවේ රමණීය කඳු මුදුනක පිහිටි බෞද්ධ කාගේත් සිත්ගත් රජවරුන් කළ ඓතිහාසික විහාරස්‌ථානයකි.

වලගම්බා රජතුමා ක්‍රි. පූ. 88 වැනි වසරේ ඉදිකරන ලද විහාරයක්‌ බවට ලේඛන ගතවී ඇතිමුත් ඊටත් එහා ගිය ඉතිහාසයක තොරතුරු හෙළි කෙරේ. වලගම්බා කුමරු මව් සමග මැදවල ප්‍රදේශයේ සැඟවී සිටි යුගයේ අකුරු ඉගෙනීම සිදුකර ඇත්තේ මෙම විහාරයේ දී බවට ජනප්‍රවාද මගින් සහ පුරාවිද්‍යා සාධක මගින් සනාථ කරගෙන ඇත.

temple.jpg

මෙම විහාරයේ ඓතිහාසික පෝයගෙය, ටැම්පිට විහාරය, බුදුගෙය, ගලින් නිමකළ චෛත්‍ය, බෝධිය සහ බදාමෙන් නිර්මාණය කළ දර්ශනීය පිවිසුම් තොරණකින් යුත් කළුගලින් නිමවූ පියගැටපෙළකින් සමන්විත ස්‌ථානයකි. ඓතිහාසික ටැම්පිට විහාරය මුල් යුගයේ ගල්කණු අටක්‌ මත දැවකඳන් සහ ලෑලි යොදා ගනිමින් වරිච්චි මැටිබිත්ති වලින් යුත් තට්‌ටු දෙකක විහාරයක්‌ බවත් විහාරයේ අභ්‍යන්තර බිත්තිවල සිවිලිමේ සහ ප්‍රවේශ දොරටුවේ බෞද්ධ බිතුසිතුවම් 1196 ක්‌ සහිත දර්ශනීය කැටයම් කාලවකින් තිබූ බවත් ලේඛන ගත සාක්‍ෂි හෙළි කෙරේ. මෙම ටැම්පිට විහාරය එකල පෘතුගීසීන් විසින් විනාශකර ඇත.

පසුකලක සෙංකඩගල රජවූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ක්‍රි.ව. 1755 වසරේ එක්‌ මහලකින් යුක්‌තව නැවත ටැම්පිට විහාරය දැවයෙන් සාදා මහනුවර යුගයේ බිතුසිතුවම් වලින් නිමවා විහාරයේ තේවාව සඳහා ගම්වරක්‌ ද සහිතව තඹ සන්නසකින් සඟ සතුකොට පූජාකර ඇත. මෙම සන්නස අදද විහාරය සතුව පවතී. එමෙන්ම විහාර පරිශ්‍රයේ ඇති සෙන්ලිපිය හා එහි කොටා ඇති ඉර හඳ සංකේතවත් ලිපියේ තවමත් හඳුනා නොගත් තොරතුරු රැසක්‌ සැඟවී ඇතැයි සිතිය හැක. අද මෙම ලිපිය ඇති ගලේ පාසි බැඳී විනාශයට පත්වෙමින් පවතී.

DD-P-12-07-30(SASUNA)-SIL-6.jpg

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නඩත්තුවේ පවතින මෙම විහාරයේ ඇති පෝයගෙයි බිත්තිවල වේගුල් මතුවෙමින් පවතින අතර වහලේ දැව නිර්මාණ විනාශයට පත්වෙමින් පවතී. මල්වතු අස්‌ගිරි මහා විහාර සතු පෝය ගෙවල් හැම පිටස්‌තර ස්‌ථානයක ඇති ඓතිහාසික එකම පෝයගෙය මෙම විහාරය සතුව පවතී. ටැම්පිට විහාරයේ පිවිසුම් දැව නිර්මාණ පියගැටපෙළ කැඩී විනාශයට පත්වෙමින් පවතින අතර ගල්කණු වටා යොදා ඇති බරන්දයේ දැව කඳන් තැනින් තැන වේයන්ගේ ග්‍රහනයට හසුවී ඇත. වහලයේ දැව නිර්මාණ විනාශයට පත්වෙමින් පවතින අතර වර්ෂා ජලය කාන්දුවීමෙන් මහනුවර යුගයේ නිර්මාණය වූ බිතුසිතුවම් විනාශයට පත්වෙමින් පවතී.

temple2.jpg

පූජ්‍ය දෙහිගම චන්දරතන නා හිමි, හාරිස්‌පත්තු ප්‍රධාන සංඝනායක විහාරාධිපති හිමි(- මෙම විහාරයේ සංරක්‍ෂණ කටයුතු සිදුකරන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන්. ඓතිහාසික බිතුසිතුවම් ගෘහ නිර්මාණ දිනෙන් දින විනාශයට පත්වෙනවා. මා වාචිකව සහ ලි�තව ඔවුන් දැනුවත් කළා. කලකට ඉහත නිලධාරියෙක්‌ පැමිණ පරීක්‍ෂා කළා. මෙතෙක්‌ කිසිවෙක්‌ පැමිණියේ නෑ. අපේ බෞද්ධ උරුමය අනාගත පරපුර උදෙසා ආරක්‍ෂාකර දිය යුතුයි. මෙය වගකිවයුතු බලධාරීන්ගේ අවධානයට යොමු වේවා.


ජී. බී. දිසානායක, හාරිස්‌පත්තුව​
 
  • Like
Reactions: darshana4u

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    :eek::eek::eek:

    ay bung adanne ? :confused: :confused:

    uba gewal laga tiyena pansalatawath yanne nethi ekekne, gedara idan unath buddagama adahanna puluwan thamai, hebei itin sasane rekennath ona neda. aduma gane thamange gewal laga tiyena pauranika siddasthanayakatawath aynne hitha nodena tharmata uba sirawatama adyathmikawa supiri thenakada inne
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,616
    113
    Auckland
    uba gewal laga tiyena pansalatawath yanne nethi ekekne, gedara idan unath buddagama adahanna puluwan thamai, hebei itin sasane rekennath ona neda. aduma gane thamange gewal laga tiyena pauranika siddasthanayakatawath aynne hitha nodena tharmata uba sirawatama adyathmikawa supiri thenakada inne

    :lol::lol::lol::lol::lol:

    ridlia™ :lol::lol:

    mama dan inna thanata wena pansalak thiyenne ithin a pansalata thama yanne

    mama podi kale kalayak daham pasal nam giya medawala pansalata :lol::lol:

    ay bung balen ridda ganne ohoma ? :confused: mama kiwwe mata 5 minutes walin oya pansalata yanna puluwan kiyala..
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    :lol::lol::lol::lol::lol:

    ridlia™ :lol::lol:

    mama dan inna thanata wena pansalak thiyenne ithin a pansalata thama yanne

    mama podi kale kalayak daham pasal nam giya medawala pansalata :lol::lol:

    ay bung balen ridda ganne ohoma ? :confused: mama kiwwe mata 5 minutes walin oya pansalata yanna puluwan kiyala..

    ok ok mata ubage oya ridlia™ wage ridila nam ne ban. may be uba mama wage hitana kenek nowena nisa wenna athhi eka ubata denila nette. uba giyath nethath mata aulak ne. mokada mama inna peththe ithihasaya gena mata adambarayak tiyenawane ban. ubalata wage itih herena herena peththata puravidya stana ne ape pethiwala. a nisa api ehema deyak lagaka tiyenawa nam hoyan gihin balala enawa, a wagema mama karana vurthiyath ekka mama ekata sehenna kemathi machan.. its ok baby :p ubata ona ekak hithaganin..