මැන්චෙස්ටර් බෝම්බය සහ කැබිතිගොල්ලෑවේ සි&

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,153
    7,157
    113
    Back Bay-Beacon Hill, Boston
    මැන්චෙස්ටර් බෝම්බය සහ කැබිතිගොල්ලෑවේ සි&




    මැන්චෙස්ටර් උතුරු එංගලන්තයේ ප්‍රධාන ම නගරය. එය ඇත්තේ ලැන්කෂයර් කෝරළයේ. එය කාර්මික විප්ලවයේ උපත සිදු වූ තැන ලෙස සැලකෙනවා. දැන් නම් ලන්ඩනයේ සිට පැය දෙකක ගමනක්. ලිවර්පූල් නගරයත් වෑඩි ඈතක නොවෙයි. බටහිර විද්‍යාවේ ඇතැම් සංකල්ප, ප්‍රවාද නිර්මාණය වී ඇත්තේත් මැන්චෙස්ටර් නගරයේ. නවසීලන්තයේ සිට පැමිණි රදර්ෆර්ඩ් මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයේත් කලක් හිටියා. ඔහුගේ පරමාණු ආකෘතිය ඔහු ඉදිරිපත් කෙළේ ඒ විශ්වවිද්‍යාලයේ දී බව කියැවෙනවා. දැන් එය බොරුවක් බව දන්නවා. ඒත් එදා ඒක පිළිගැණුනා. පට්ටපල් බොරුවක් වුවත් ඒක හොඳ අදහසක්. මැන්චෙස්ටර් පාපන්දු හා ක්‍රිකට් ක්‍රීඩාවලටත් ප්‍රසිද්ධයි. සුප්‍රසිද්ධ ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රිකට් හා පාපන්දු ක්‍රීඩාංගන ඇත්තේ එකිනෙකට නුදුරින් මැන්චෙස්ටර්හි. පාපන්දු ක්‍රීඩාංගනය මැන්චෙස්ටර් යුනයිටඩ් පාපන්දු සමාජයේ මූලස්ථානය. බොබී චාර්ල්ටන් එහි දක්‍ෂතම ක්‍රීඩකයෙක් වූවා. ක්‍රිකට් ක්‍රීඩාංගනය ලැන්කෂයර් ක්‍රිකට් සමාජයේ මූලස්ථානය. දඟ පන්දු යැවූ සුප්‍රසිද්ධ ජිම් ලේකර් එහි දී එක් ටෙස්ට් තරගයක දී කඩුළු 19ක් ම ලබාගත්තා. ඒ අප ළමා හා තරුණ අවධියේ දැනගත් දේ.




    එහෙත් අද මැන්චෙස්ටර් ප්‍රසිද්ධ වී ඇත්තේ ඒ එකක්වත් නිසා නො වෙයි. ඒ බෝම්බ පිපිරීමක් නිසා. සංගීත සංදර්ශනයක් අවසානයේ දී ආපසු යන ජනතාව එල්ල කරගෙන සිය දිවි නසා ගත් බෝම්බකරුවකු බෝම්බය පුපුරවා ගත්තා කියා කියනවා. මියගිය සංඛ්‍යාව දැනට විසිදෙකක් කියා කියනවා. කුඩා ළමුන් ඒ අතර වූවා. අයිසිස් ත්‍රස්තවාදීන් එහි වගකීම භාරගෙන. මේ මුස්ලිම් ත්‍රස්තවාදයයි. ඒ හා සම්බන්ධ නැති වුවත් අද ක්‍රිකට් ක්‍රිඩාංගනය හැඳින්වෙන්නේ එමිරේට්ස් ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ලෙස. ඒ එමිරේට්ස් අනුග්‍රහය නිසා. අරාබි රටවල හා චීනයේ මුදල් අද බටහිර රටවලට අවශ්‍යයි. මූල්‍ය මධ්‍යස්ථානය තවමත් වැඩි වශයෙන් ලංඩන්.



    අයිසිස් මුස්ලිම් ත්‍රස්තවාදය යුදෙව් ක්‍රිස්තියානි ආධිපත්‍යයට එරෙහිවයි. එහෙත් අප මුස්ලිම් ත්‍රස්තවාදය හෙළා දකිනවා. ජීවිත හානිය ගැන කණගාටු වෙනවා. ත්‍රස්තවාදය කොන්දේසි විරහිත ව පරාජය කළ යුතුයි. මිනිස් බෝම්බ ලෝකයට පුරුදු කෙළේ දෙමළ කොටි ත්‍රස්තවාදීන්. එහෙත් අවාසනාවකට එංගලන්තය කොටි ත්‍රස්තවාදීන් ආරක්‍ෂා කළා. අදත් ආරක්‍ෂා කරනවා. මහින්ද කොටි ත්‍රස්තවාදීන්ට එරෙහිව කළ මෙහෙයුම් නතර කිරීමට එංගලන්ත විදේශ ඇමති තම ප්‍රංශ සගයා ද සමග මෙරටට පැමිණියා. එසේ නතර කළා නම් අදත් ලංකාවේත් බෝම්බ පුපුරනවා. සරත් ෆොන්සේකා සාමාන්‍ය විධියට විශ්‍රාම යනවා. සුදු කොඩි කතා කියන්නේ නැහැ. එංගලන්තයට අවශ්‍ය දෙමළ කොටි ත්‍රස්තවාදය පරාජය කළ රණවිරුවන්ට දඩයම් කිරීමටයි. එංගලන්තය අදවත් ඉගෙන ගත යුතු පාඩම ත්‍රස්තවාදය අනුකම්පා විරහිත ව පරාජය කළ යුතු බවත් කොටි ත්‍රස්තවාදය පරාජය කල අපේ රණවිරුවන්ට උසස් ම සම්මාන පිදිය යුතු බවත්. එහෙත් ඔවුන් ඒ පාඩම කිසි දිනෙක මුළුමනින් ඉගෙන ගන්න එකක් නැහැ. දෙමළ කොටි ත්‍රස්තවාදීන් පසුපස එංගලන්තය සිටියා. අදත් ඉන්නවා. ඒ අතර තවත් රටවල් හිටියා.



    මෙරට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට එංගලන්තයත් ඇතුළු ව එදා යුරෝපීය සංගමය ජී එස් පී + දීම සඳහා කොන්දේසි දැම්මා. අද එංගලන්තයේ සිටින විසිරුණු දෙමළ ජනයාගේ ආධාරය ලබන විග්නේස්වරන්ලා පමණක් නොව සම්බන්ධන්ලා ද නව ත්‍රස්තවාද පනතට විරුද්ධ වෙනවා. මේ දෙමළ ජාතිවාදීන් සිටින තාක් මෙරටට ත්‍රස්තවාදී තර්ජන නවතින්නේ නැහැ. මේ නායකයන්ට අවශ්‍ය ත්‍රස්තවාදීන් නිදහස් කර ගැනීම හා ත්‍රස්තවාදීන්ට උඩගෙඩි දීම. ත්‍රස්තවාදී පනතට විරුද්ධ වන්නේ රටේ ආරක්‍ෂාවට විරුද්ධ වන්නන්. ජ වි පෙ කළත් කොටි කළත් අයිසිස් කළත් ත්‍රස්තවාදය ත්‍රස්තවාදයමයි. ත්‍රස්තවාදය පවත්වාගෙන යෑමට ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී නිදහසක් නැහැ.



    අප යුදෙව් ක්‍රිස්තියානි ආධිපත්‍යයට විරුද්ධයි. එහෙත් ඒ ආධිපත්‍යය ත්‍රස්තවාදයෙන් පරාජය කිරීමට බැහැ. ත්‍රස්තවාදයට අප කොහොමටත් විරුද්ධයි. ලබන මස එංගලන්තයේ පැවැත්වෙන මැතිවරණයට මේ ත්‍රස්තවාදී ප්‍රහාරය බල පාවි. එංගලන්තය තව තවත් ජාතිකත්වයට තල්ලු වේවි. සැමුවෙල් හන්ටින්ග්ටන් කී දේ ඒ ආකාරයෙන් ම නොවුණත් අද ලෝකයේ සංස්කෘතික ගැටුම් බහුලයි. මැන්චෙස්ටර් බෝම්බ පිපිරීමත් ඒ සංස්කෘතික ගැටුමේ ම කොටසක්. එහෙත් යුදෙව්, ක්‍රිස්තියානි, ඉස්ලාම් ආගම්වල ඉන්නේ එකම දෙවියන් වහන්සේ. සංස්කෘතික විකාශයේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන් ඇණ කොටා ගන්නවා. බටහිර රටවල ඇත්තේ සංස්කෘතික ගැටුම්. බටහිරයන් ජාතිකත්වයට තල්ලු වන්නේ මේ සංස්කෘතික ගැටුම් මගින්. අපේ රටෙත් මුස්ලිම් ආගම්වාදයක් තියෙනවා. ඒත් එයට විරුද්ධ විය යුත්තේ රනිල්ට ආධාර වන විධියට නො වෙයි.



    අද බටහිර රටවල් දැනගත යුතු කරුණ නම් ත්‍රස්තවාදී සංවිධාන ඊනියා මානව අයිතිවාසිකම් නොරකින බවයි. ත්‍රස්තවාදයෙන් බොහෝ විට බැට කන්නේ සාමාන්‍ය වැසියන්. බටහිරයන්ගේ හා මෙරට අනුකාරක පඬියන්ගේ බසින් නම් සිවිල් වැසියන්. ඒ සාමාන්‍ය ජනයාගේ මානව අයිතිවාසිකම් ගැන කතා කරන්නේ කවු ද? ජෙනීවාහි හුසේන් කුමරු ද? මෙරට ඊනියා සිවිල් සමාජය ද? මැන්චෙස්ටර් හි පමණක් නොව කැබිතිගොල්ලෑවේ දී ද මරා දැමුණු අහිංසක ළමුන් ගැන වග කියන්නේ කවු ද? ත්‍රස්තවාදීන් මානව අයිතිවාසිකම් කඩ කරන විට ඒවාට මානව අයිතිවාසිකම් අයිතිකාරයන් විරුද්ධ නොවන්නේ ඇයි? ඊනියා සිවිල් සමාජයට අනුව ත්‍රස්තවාදීන්ට මානව අයිතිවාසිකම් කඩ කිරීමේ අයිතිය තිබෙනවා ද?



    ත්‍රස්තවාදය පරාජය කිරීමට සියල්ලන් එකතු විය යුතු යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු ලේකම් කෙනකු වූ කොෆී අනන් කියනවා. ඒත් ඔවුන් කිසිවකු දෙමළ කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට මහින්දට එකතු වූයේ නැහැ. අනන්ලාට ත්‍රස්තවාද දෙකක් තිබෙනවා. එකක් ඔවුන් මෙහෙයවන, ඔවුන්ගේ සංස්ථාපනය වෙනුවෙන් ක්‍රියා කරන ත්‍රස්තවාදය. ඔවුන් එයට සහාය දෙනවා. ඒ ත්‍රස්තවාදයට සහාය දෙමින් ඔවුන්ට ඔවුන්ගේ සංස්ථාපනයට එරෙහිව ක්‍රියා කරන ත්‍රස්තවාදය පරාජය කරන්න බැහැ.







    මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    unta ona unge ratawala yudda natara wenna witarayi. api wage 3rd world countries wala war1 natara unoth unge beheth aayuda wikunanne kaatada ? war1k kiyanne salli aakarayak suddonta. un apita wagema ltte1tath support kala.depattenma hodata wawaagena kewa...
    lankawe yudde iwara karaddi kochchara baada awada..