මැමත් සිරුරකින් ලොව මවිත කරවන දෙයක් විද්&#8205

KDH

Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    1200283717.jpg

    අලියටත් වඩා ලොකුයි නේ බන්

    :shocked::shocked::shocked:
     

    tharindu455

    Well-known member
  • Feb 9, 2016
    4,608
    878
    113
    ගෙදර
    කට්ටිය මැමත්ල ගැන උනන්දු හින්ද ඔන්න තව ලි&#350

    _69079568_london_looks_5661371640_6e67a0128d_o.jpg


    ලෝකයේ ඉතාම හොඳින් සංරක්‍ෂණය වී තිබෙන මැමත් පැටවාගේ සිරුර

    e0b6b8e0b6b8e0b793e0b69ae0b6bbe0b6abe0b6ba-e0b780e0b796-e0b6b8e0b790e0b6b8e0b6ade0b78a-e0b783e0b792e0b6bbe0b794e0b6bb.jpg


    මෙම
    මළසිරුර අවුරුදු 40000 ක්‌ පමණ පැරණි වන අතර මෙය සයිබීරියාවේ කඳුකරයකින් සොයාගෙන තිබුණා. වසර 40,000 කට පෙර මේ මැමත් පැටවා මිය යද්දී වයස මාසයක්‌ බව සොයාගෙන තිබෙනවා.
    මේ මැමත් පැටවාගේ සිරුර මුලින්ම සොයා ගත්තේ වසර 2007 දී. හදිසියේ ගලා ආ මඩ ප්‍රවාහයකට හසුවී මේ පැටවා මියගිහින් තිබෙනවා.
    වසර 2007 දී මේ මැමත් සිරුර සොයා ගැනීමෙන් පසු එයට “ලියුබා” යන නම තබනු ලැබුවා. ලොව එතෙක්‌ මෙතෙක්‌ හමුවූ වඩාත්ම හොඳ තත්ත්වයේ පවත්නා මැමත් සිරුර මෙයයි. මඩ ගොඩේ වසර 40,000 ක්‌ තිස්‌සේ තිබීම නිසා එම සිරුර විනාකිරි බඳුනක දැමූ මිරිස්‌ කරලක්‌ මෙන් සුරක්‍ෂිතව තිබෙනවා. පැටවාගේ සිරුරේ තැන තැන සුනඛයන් හෝ සිංහයන් විසින් සපාකෑමෙන් කෙරුණු තුවාල තිබෙනවා. ඊට අමතරව පැටවාගේ කුස තුළ මවගෙන් උරා බිවූ අන්තිම කිරි බින්දු ස්‌වල්පයත් ගනීභවනය වී ඇති බවයි විද්‍යාඥයන් කියන්නේ. මේ සිරුර අධ්‍යයනය කිරීමෙන් මීට වසර 10,000 කට පමණ පෙර අවසන් වූ අයිස්‌ යුගය ගැන තොරතුරු සොයාගැනීමට විද්‍යාඥයන් අපේක්‍ෂා කරනවා.

    article-2358695-1AB9F3B3000005DC-200_634x385.jpg


    මේ අතර සයිබීරියාවේම අයිස්‌ තට්‌ටුවක්‌ යට තිබී පසුගියදා වසර 10,000 ක්‌ පැරැණි තවත් මැමත් සිරුරක්‌ හමුවුණා. මේ සිරුරේ දැස්‌, පාද, පමණක්‌ නොව අභ්‍යන්තර ඉන්ද්‍රීන් පවා ඉතා සුරක්‍ෂිතව පවත්නා බව විද්‍යාඥයන් කියනවා. සයිබීරියාවේ සනීභවනය වී ඇති මැමත් සතුන්ගේ දළ සොයා ඇවිදින දඩයක්‌කාරයන් පිරිසකට මේ සිරුර හමුවී තිබෙනවා. මේ සතාගේ වයස අවුරුදු 4 ක්‌ පමණ වනවා. උගේ සිරුර හරියටම දෙකට මැදින් පලා විවරකොට අභ්‍යන්තර ඉන්ද්‍රීන් එකක්‌ හෝ දෙකක්‌ සහ සිරුරේ මස්‌ ස්‌වල්පයක්‌ ඉවත්කරගෙන තිබෙනවා. මෙය කර ඇත්තේ මෙයට වසර 10,000 කට පෙර ජීවත් වූ ගල් ආයුධ මගින් සතුන් මරාගෙන අනුභව කළ ආදිකල්පික ගල්ගුහා වාසී ප්‍රාථමික මිනිසුන් බවයි විද්‍යාඥයන් කියන්නේ.
    මැමත් සතුන් පොළවෙන් වඳවී ගියේ මෙයට වසර 10,000 කට පෙරයි. දැනට තහවුරු වී ඇති විද්‍යාත්මක මතයට අනුව එම සතුන් වඳකළේ එකල ජීවත් වූ මනුෂ්‍යයන්. ඒ මිනිසුන්ගේ ආහාරය වුණේ මැමත් මස්‌.
    මැමත් සත්ත්වයා පරිනාමය වුණේ අප්‍රිකානු අලියාගෙන්. මීට වසර දහස්‌ ගණනකට පෙර අයිස්‌ යුගය හටගත් අවස්‌ථාවේදී එම යුගයට අනුගත වීම සඳහා සිරුර වැසී යන පරිදි දිගු ලෝම ඇඟ පුරා වැවී අධික සීතලට ඔරොත්තු දිය හැකි අලින් විශේෂයක්‌ බිහිවුණා. මැමත් කියන්නේ ඒ හස්‌ති විශේෂයටයි. මැමත් සතෙක්‌ දැනට සිටින අලියෙක්‌ තරම් දෙගුණයක්‌ විශාලයි. ආදිකල්පික මිනිසුන් මැමත් සතුන් ඇල්ලීම සඳහා සිංහයන් පුරුදු කර සිටි බවට සාක්‍ෂි තිබෙනවා. මේ මැමත් සතාගේ තොරතුරු අඩංගු චිත්‍රපටයක්‌ පසුගියදා බී.බී.සී. 2 සේවය මගින් විකාශනය කළා.


     
    Last edited:

    tharindu455

    Well-known member
  • Feb 9, 2016
    4,608
    878
    113
    ගෙදර
    මුන් මේ වෙනකොටත් හිටියනම් මම ගෙදර හුරතලේට එකක් හදාගන්නවා බන් :( :(

    මැමත් කෙනෙක් ඇති කරන්න උබට අයිස් යුගයට යන්න වෙයි.

    mammoth.jpg
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    බලපංකො ඉතින් ඒකෙත් හැටි දන්න කාලේ ඉඳන්ම මිනිස්සු මේ සත්තුන්ට පාඩුවේ ඉන්න දීලම නෑ නේ..