මැරි මැරී යළි උපදින්නම්
විරහ කඳුලක නෙතු පියන් හුන් මගේ තුරැලට පහස වී
සිනාවෙන්නට තටු සිඳී හුන් මගේ මුවගට සිනහ දී
මිලාන හදවත පණ යදින සඳ තණ‘‘‘“ග හුන් පිනි දියක් වී
ගියේ ඇයිදෝ විරහ ගීයට පද බඳින්නට තනුව වී
ගැලූ කඳුලැලි දෝරේ ගියෙ නෑ ගලන්නට කඳුලුත් නැහැ
ගයන්නට ගී පද බැඳෙන් නෑ ගයන්නට හඬකුත් නැහැ
සිතන්නට හදවතක් නෑ දැන් නුඹෙන් තොර මට ලොවක් නෑ
මවන්නට දැන් රැවක් නැහැ මට නුඹෙන් තොර වූ ලොවක් නෑ
යදම් බැඳ නුඹ මගේ ලෝකේ හුදෙකලා වී සෙනෙහසින්
මැවූ විජිතය කොයිබදෝ දැන් කියා දෙනු මැන බැති සිතින්
ගෙවූ මිහිරක දුර අතීතේ සොහොන් කොතකුදු නොතබමින්
කොහේදෝ නුඹ මංමුළා වී අද ආදරේ ඇත දොම්නසින්
රුවූමුදු ආදරේ මට නුඹෙ මැවූ විජිතය උරැම නම්
ගැලූමුදු නෙතු විරහ කඳුලැලි හීනයේ මා මියෙන්නම්
තැලූමුදු හද පෙලා මදහස නුඹට සතුටක් තියේ නම්
මැවුණු කූඩුව දැක දැකම නුඹෙ මැරි මැරී යළි උපදින්නම්
සංකල්පය - මාලන් විදානපතිරණ

Last edited: