කසිප්පු කවි by හිස් අහස
කසිප්පු කවි
නිර්ධන පන්තියේ අපෙ අත් පා වලට
ජීවන බර දැනෙයි මහතුනි උපරිමට
සතියේ දින හතම වෙහෙසිය යුතු කලට
මත් පැන් පොදක් නම් නැතුවම බෑ අපට
ආතල් ගන්ට අපි කිසිදා බිවුවෙ නැති
බිවුත් නොබිවු ගානට ඉන්නයි කැමතී
ඇඟපත වේදනා දුරු කරගන්ට සිතී
කසිප්පු බොන අපි දුප්පත් ගැමියො වෙතී
පිටරට බෝතලය ගන්නට සල්ලි නැත
සැන්ඩි කරලන්ට කෝලා, සෝඩ නැත
බීගෙන ලගින්නට රෙස් ටූ රන්ට් නොමැත
ගමේ අපිට කසිප්පු පමනකි සැපත
නගරේ මහතුනේ ඔබටත් ඇහෙනවද ?
පිටරට බීම ඔබ හට රස ඇති නේද ?
"කසිප්පු" යන වචනය අහලා ඇත්ද ?
ඒවා පෙරන සොයුරන් ගැන දන්නැද්ද ?
හිල් වූ සරම ඉණ වටකර දවටගෙන
දැලි පිහියක් බඳ පටියේ ගසාගෙන
පතරොම් තුවක්කුව අතකින් දරාගෙන
කසිප්පු පෙරති ගැමියන් දුක් ගෙවාගෙන
හිරු රැස් නොවැටෙනා මහ ගන වනේ මැද
ගහගෙන වාඩියක් රුදු වන සතුන් මැද
ආතල් නොදන්නා නීතියෙ රැහැන් මැද
උන් කල් ගෙවයි දිවියත් මරණයත් මැද
රතු වූ ඇසින් පොලීසියට මරම බයෙන්
නිදි මරමින් කැලේ මැද මදුරුවො තලමින්
උන් වගුරද්දී ලේ කඳුලැලි රට වෙනුවෙන්
පිට රට බීම බොයි ඔබ ඉඳගෙන හෙළුවෙන්
සුදු රෙද්දෙන් තැනූ උඩු වියනක් බැඳලා
විල්ලුද පාවඩක් ගෙන පොළවට දමලා
සඳුන් දර දමා පතුලෙන් ගිනි දාලා
කසිප්පු පෙරයි ඉහළම ප්‍රමිතින් යොදලා
තරු හතරේ පහේ හෝටල වල වැදිලා
පිට රටකින් ගෙනා බෝතලයක් කඩලා
මොනර සල්ලි කොළ සුද්දන් හට කවලා
ලොකු අය ඉඳියි රුපියල බල්ලට දාලා
ගමේ දේට ගැමියන් කවදත් ළැදිය
රටේ සල්ලි පිට රට නොයැවිය යුතුය
කසිප්පු පෙරීමට අතහිත දිය යුතුය
ෆුඩ් සිටි වලත් කසිප්පු විකිණිය යුතුය
කසිප්පු බොන අය නිරෝගි වෙනවාය
පිරිමි හිතට සවි බල ගෙන දෙනවාය
අපේ පැරැන්නන් මේ ලක් දෙරණේය
මහ වැවු තැනුවේ කසිප්පු වල සවියෙන්ය
ප/ලි : ලියන්නා කෙසේ ලීවත් බලන්නා ..................................................
බෙහෙත් බඩු කඩේකින් පුංචි මුදලට රැගෙන
දවටනේ ඉවත් කර කටේ දාගෙන සෙමින
උඩු තල්ලේ තියාගෙන නිරන්තරවම උරන
ගුලිය නුඹ ගුලිය නුඹ පිරිමි දුක් ගිනි නසන
පහේ ටොපි වෙලා ටික කලක් නුඹ රජ කලේ
සකල දුක් නසා අප හක්ක තුළ දඟ කලේ
දතේ ලෙඩ බඩේ ලෙඩ තත්පරෙන් දුරු කලේ
අපේ කරුමෙටයි නුඹ හතළිහට වැඩි කලේ
පැණි රසද ඇඹුල මැද තිත්ත රස කැටි වෙලා
ගංජ බිඳුවක්ද ඒ අතර මැද සිර වෙලා
විටින් විට හැපෙන වැලි ගල් කැටද බේරලා
ගුලි කෑවෙ අපි ආතල් ලොවක තනි වෙලා
ගුලි සමග වැඩි සීනි ප්ලේන්ටිය කදිමයි
පැණි වළලු සමග ගුලි කෑවොතින් සැපමයි
ගුලි කෑ විට දැනෙන බඩ ගින්න අරුමයි
බමන මත දැනේ නම් වඩා හොඳ නෑමයි
හපන්නට එපා ගුලි දතින් සොමි බිඳෙනවා
තබා උඩු තල්ලෙ ඉරුවොතින් සැප ලැබෙනවා
වරට ගුලි එක බැගින් ගතොත් ඔබ රැකෙනවා
මියෙන්නට කලින් දෙවු ලොවේ සුව දැනෙනවා
අහර රුචි වඩවමින් සිරුර හැඩ කරමිනේ
බඩ පිපුම නවතමින් ගත සවිය ගෙනෙමිනේ
පුරුස සක්තිය දිනෙන් දිනම වැඩි කරමිනේ
ගුලිය කරලන මෙහෙය ලියමි මම මෙලෙසිනේ
පෙම්වතිය වෙත යද්දි ගුලිය අරගෙන යන්න
ප්‍රථම හාදුවට පෙර ගුලි එකක් ඔබ කන්න
මගුල් දා පෝරුවේ උඩදි ගුලි අරගන්න
මධු සමය දා රෑට පැණි සමග ගුලි කන්න
ගුලිය නම් දිව ඔසුව නිතර මිලයට ගනු
විභාගෙට යන දාට කටේ දාගෙන යනු
සටනකදි ගැටුමකදි ක්ෂණිකවම අරගනු
ගුලි කමින් ඔබෙ දිවිය අර්ථවත් කර ගනු
අතුරු ආබාධ නැත නුඹෙන් කිසි දින විඳී
නුඹේ ගුණ ලියලන්න හෙල බසේ ඉඩ මදී
වැජඹුණද ඉහළින්ම නේක ජන හද රැඳී
උතුම් වූ නීතියෙන් අද නුඹට වැට බඳී
නේක හැඩ ටොපි අතර එය බෝල ටොපියකී
එයට සම කරනු හැකි වෙනත් ටොපි නැත රැකී
මදන මෝදක සකල ලෙඩ වලට ඔසුවකී
මෝදකය රැක ගන්න පෙළ සැදෙමු අපි සකී
දවසක් මහ හඬින් ගොරවන්නට ගත්තා
සුලු මොහොතකින් වැස්සක් වැටෙනට ගත්තා
කවියක් කතාවක් ලියනට සිත් ගත්තා
ලැපත් අරං මම ඇඳටම නැග ගත්තා
දෑඟිලි එකින් එක කීබෝඩය මැද්දේ
වදිනා විටදි ඇහුණා ටිකි ටිකි සද්දේ
අකුරෙන් අකුර වදිනා විට පිටු මැද්දේ
හඬනා හඬක් මතුවිණ පරදා සද්දේ
මම පිරිමියෙකි නෑ කිසිදා බය ගත්තේ
එනමුදු ඒ හඬට මම නම් තැති ගත්තේ
සරම තදකරන් හොඳ හැටි ඇඳ ගත්තේ
හඬ එන දෙසට දෙසවන් යොමු කරගත්තේ
ඇඳ පොල්ලක් අරං ආවුදයක් ලෙසට
හෙමිහිට එබුණි මා නැඟ හුන් ඇඳ යටට
කළුවර නිසා කිසිවක් නොපෙනුණු කලට
එළියක් ඇල්ලුවයි මම මගෙ ඇඳ යටට
ආලෝකයෙන් ඇඳ යට කළුවර මැකුණේ
දුටුව දෙයින් මගෙ සියොළඟ ලේ හිඳුනේ
කඳුළු පෙර පෙරා සෝකෙන් තැවෙමින්නේ
සිගරෙට්ටුවකි හයියෙන් අඬලා තිබුණේ
ෆිල්ටරෙ කෙළවරින් කඳුලැලි වැගිරෙනවා
දුම් කොළ කැබලි ඒ අතරින් විසි වෙනවා
දැක්කොත් ඔබ හදත් අනිවා උණු වෙනවා
දුම් වැටියක් හොඳටම කඳුලැල් බොනවා
අසරණ දුම් වැටිය කුමකට හඬන්නෙද
කවුරුන් හෝ නුඹට බැන්නද ගැහුවාද
ඇවිදින් ඉතින් ඔතනින් එළියට ඇවිද
කියහන් මිතුර නුඹහට උනු දුක කිමද
මා කී බස් අසා නැසිලා ආ වේගේ
ආවා දුම් වැටිය ඇවිදං වෙත මාගේ
කරණමක් ගසා හොඳ චණ්ඩියෙක් වගේ
දුම් වැටියත් මගේ ඇඳ උඩටම නැංගේ
වාඩි වෙලා මගෙ ඇඳ විට්ටම අයිනේ
බැල්මක් හෙළා මාදෙස ඒ නෙතු අගිනේ
කියූ කතාවම මගෙ පපුවට දැනුණේ
එදා පටන් මගෙ දිවියම වෙනස් වුණේ
රූප පෙට්ටියෙද පත්තර පිටු අතර
සද්ද කලයි ඉස්සර නම් අපි නිතර
දැල්වී නේක තරුණන්ගේ තොල් අතර
එදා ගත්ත ආතල් අද නැත මිතුර
මට දැන් ලැබෙන නින්දා අපහස බෝමයි
බොරු චෝදනා බොරු අවලාදද බෝමයි
ප්‍රසිද්ධියේ සිටියෝතින් දඩ උරුමයි
ඉඳින්නට වඩා ඇති සැප මිය යාමයි
දුම් බීවොතින් ලෙඩ දුක් හිමි වන බවට
කැලෑ පත්තරත් ගහලා ඇත එමට
ටීවී එකෙත් මා ගැන යයි ඇඩ් කවට
විෂ දුම කියයි උන් මගෙ නිර්මල දුමට
දුම් ඉරුවොත්න් ලිංගික සවි වියැකේලු
කටේ උගුරෙ පිළිකා තව ඇති වේලු
වයසට වඩා පෙනුමක් ඔබහට ඒලු
අසන්නට එපා ඒ බොරු බස් යාළු
භාවනාවකින් පිට කර ගත නොහැකි
සියක් වේදනා මට නම් නැසුව හැකී
චණ්ඩ සයුර මෙන් කැළඹුණු මනස සකී
නිසල වන්ට ඕනෑ දුම් ෂොට් එකකී
සිගා ගහන අය නෑ පොන්සියො වෙන්නේ
දිනෙන් දිනම ගත සවියෙන් වැඩි වෙන්නේ
දත් තිස් දෙකත් දෙතොලත් සුන්දර වෙන්නේ
කෙල්ලො වුණත් උන්ටයි තම සිත දෙන්නේ
ගිනි කූරක් අරං මගෙ කොන පුච්චාලා
මගේ පස්ස කෙළවර ඔබෙ මුව තියලා
ඇදපන් මචං ලෝකෙම අමතක කරලා
පිට කරලපං දුම් කඳ හද ගිනි නිවලා
දුම් වැටියේ කතා බහ ඒ මගෙ සිත රැඳුණේ
මටත් හොරා එය මා දෙතොලේ තැබුණේ
ගිනි පෙට්ටියෙන් එක කූරක් පත්තු වුණේ
මගේ මුවින් දුම් පාරක් නිකුත් වුණේ
දින සති මාස එක දිගටම එදා සිට
දුම් වැටි අරන් ඉරුවයි මම විටින් විට
කාලය ගෙවී යන බව නෑ දැනුණෙ මට
දත්වල රැඳුණි කහ පැහැ සිගරට් කහට
මුලින්ම මගෙ පපුවට හීතල දැනුණා
හදේ රැඳුණු දුක ටිකකට ඉවත් වුණා
මූහුණ වල ගැහී දත් කහ පාට වුණා
ටික ටික මගේ මුලු සිරුරම දුබල වුණා
උදේට තේ නැතත් දැන් සිගරට් ඕනේ
කක්කුස්සියට යන්නත් කලියෙන් ඕනේ
හවස තේ වෙලාවට තවෙකක් ඕනේ
මට ජීවත් වෙන්න ඉන් පසුවට දුම ඕනේ
සොඳුරු යුවතියක් මට හමුවන තුරුම
දුම්වැටි ඉරුවෙ මම දිනෙකට දහයක්ම
ඇගෙ ආදර වදන් මා වෙළනා තුරුම
නොමැදන උනිමි මා කල වරදක තරම
එපා රත්තරන් දැන් සිගරට් බොන්න
ඔබට බැහැ ඔහොම මට ළමයෙක් දෙන්න
තොල් කලු ඔබට හාදුවක් වුණත් දෙන්න
හිත නෑ රත්තරන් මට ඔබ හා ඉන්න
සිගරට් නොබීවොත් මම ඔබ සමග ඉමී
ඔබේ දෙපය ළඟ මම වැතිරි ඉඳිමි
සිගරට් සුවඳ නොම එන ඔය මුව සිඹිමි
මගෙ මුලු දිවිය ඔබ වෙනුවෙන් කැප කරමි
සිගරට්ටුවත් ආදරයත් අතින් ගෙන
දැම්මෙමි තරාදියකට මම බඩු කිරන
බර වුණු පැත්ත ආදරෙ බව දැන හැඳින
සිගරට් අත්හලෙමි ආදරෙ තබාගෙන
ගෙදරට හොරෙන් පස් වසරක් යන තුරුම
සිගරට් බීමි මට ඇය හමුවන තුරුම
අද දින පටන් දවසක මිය යන තුරුම
මම දුම් නොබොමි ඈ ළඟ සිටිනා තුරුම
සිගරට්ටුවෙන් ලද මත අමතක කරලා
අලුත් දිවියකට අඩිතාලම දමලා
සිටියත් ඇය සමග අද මුලු සිත පුදලා
ඇය ගියොතින් මැරෙයි මම සිගරට් ගහලා
ප/ලි : දුම් බීම අත්හලෙමි .
කටි දුම් පිටවෙන
වැසි වසින සීත උදයක
නංගි ගෙන ආ තේ එක
බීගෙන ගියා එක හුස්මට
රසින් රස වෑහිනි
කෝප්පේ අඩිය පෑදිනි
අහෝ ඛේදයකි...........!
කෝප්පය තුල හූනෙකි॥
සුදුම සුදු පැහැගැන්වි ලා
වල්ගෙ රවුමට කැරකි ලා
කටත් බාගෙට විරවෙ ලා
හිටියා බාගෙට මියැදි ලා
ලෝකයම කැරකු නා
කබරයා විසි උ නා
දෙපය පන නැති උ නා
තේක බී මම වෙරි උ නා ..!!
දැන් තේ දකින විට
හූනා සිහිවෙයි හැම විට
ඉතින් මම තේක වෙනුවට
ගසමි අඩියක් උදේ හවසට
මේව මේ මම ලියපුව නෙවෙයි හරිද.
මම ඉස්සර ගොඩක් ආසාවෙන් කියවපු දැන් නැවතිලා තියන හිස් අහස කියන බ්ලොග් එකෙන් ගත්තු ඒවා. ඒ බ්ලොග් ලියන කෙනාට මාර ලස්සනට ලියන්න පුලුවන්. ඔයගොල්ලන්ට මම ආරධනා කරනව මේකට ( http://hisahasa.blogspot.com)
ගිහින් පුලුවන් වෙලාවකට මේව කියවල එන්න කියල හිතේ තියන ප්‍රශ්ණ ඔක්කොම අමතක වෙනවා. ඒ තරම් ලස්සනට ලියනව. කවි විතරක් නෙවේ. තවත් ඒවා ඇත

කසිප්පු කවි
නිර්ධන පන්තියේ අපෙ අත් පා වලට
ජීවන බර දැනෙයි මහතුනි උපරිමට
සතියේ දින හතම වෙහෙසිය යුතු කලට
මත් පැන් පොදක් නම් නැතුවම බෑ අපට
ආතල් ගන්ට අපි කිසිදා බිවුවෙ නැති
බිවුත් නොබිවු ගානට ඉන්නයි කැමතී
ඇඟපත වේදනා දුරු කරගන්ට සිතී
කසිප්පු බොන අපි දුප්පත් ගැමියො වෙතී
පිටරට බෝතලය ගන්නට සල්ලි නැත
සැන්ඩි කරලන්ට කෝලා, සෝඩ නැත
බීගෙන ලගින්නට රෙස් ටූ රන්ට් නොමැත
ගමේ අපිට කසිප්පු පමනකි සැපත
නගරේ මහතුනේ ඔබටත් ඇහෙනවද ?
පිටරට බීම ඔබ හට රස ඇති නේද ?
"කසිප්පු" යන වචනය අහලා ඇත්ද ?
ඒවා පෙරන සොයුරන් ගැන දන්නැද්ද ?
හිල් වූ සරම ඉණ වටකර දවටගෙන
දැලි පිහියක් බඳ පටියේ ගසාගෙන
පතරොම් තුවක්කුව අතකින් දරාගෙන
කසිප්පු පෙරති ගැමියන් දුක් ගෙවාගෙන
හිරු රැස් නොවැටෙනා මහ ගන වනේ මැද
ගහගෙන වාඩියක් රුදු වන සතුන් මැද
ආතල් නොදන්නා නීතියෙ රැහැන් මැද
උන් කල් ගෙවයි දිවියත් මරණයත් මැද
රතු වූ ඇසින් පොලීසියට මරම බයෙන්
නිදි මරමින් කැලේ මැද මදුරුවො තලමින්
උන් වගුරද්දී ලේ කඳුලැලි රට වෙනුවෙන්
පිට රට බීම බොයි ඔබ ඉඳගෙන හෙළුවෙන්
සුදු රෙද්දෙන් තැනූ උඩු වියනක් බැඳලා
විල්ලුද පාවඩක් ගෙන පොළවට දමලා
සඳුන් දර දමා පතුලෙන් ගිනි දාලා
කසිප්පු පෙරයි ඉහළම ප්‍රමිතින් යොදලා
තරු හතරේ පහේ හෝටල වල වැදිලා
පිට රටකින් ගෙනා බෝතලයක් කඩලා
මොනර සල්ලි කොළ සුද්දන් හට කවලා
ලොකු අය ඉඳියි රුපියල බල්ලට දාලා
ගමේ දේට ගැමියන් කවදත් ළැදිය
රටේ සල්ලි පිට රට නොයැවිය යුතුය
කසිප්පු පෙරීමට අතහිත දිය යුතුය
ෆුඩ් සිටි වලත් කසිප්පු විකිණිය යුතුය
කසිප්පු බොන අය නිරෝගි වෙනවාය
පිරිමි හිතට සවි බල ගෙන දෙනවාය
අපේ පැරැන්නන් මේ ලක් දෙරණේය
මහ වැවු තැනුවේ කසිප්පු වල සවියෙන්ය
ප/ලි : ලියන්නා කෙසේ ලීවත් බලන්නා ..................................................
ගුලිය නුඹ
බෙහෙත් බඩු කඩේකින් පුංචි මුදලට රැගෙන
දවටනේ ඉවත් කර කටේ දාගෙන සෙමින
උඩු තල්ලේ තියාගෙන නිරන්තරවම උරන
ගුලිය නුඹ ගුලිය නුඹ පිරිමි දුක් ගිනි නසන
පහේ ටොපි වෙලා ටික කලක් නුඹ රජ කලේ
සකල දුක් නසා අප හක්ක තුළ දඟ කලේ
දතේ ලෙඩ බඩේ ලෙඩ තත්පරෙන් දුරු කලේ
අපේ කරුමෙටයි නුඹ හතළිහට වැඩි කලේ
පැණි රසද ඇඹුල මැද තිත්ත රස කැටි වෙලා
ගංජ බිඳුවක්ද ඒ අතර මැද සිර වෙලා
විටින් විට හැපෙන වැලි ගල් කැටද බේරලා
ගුලි කෑවෙ අපි ආතල් ලොවක තනි වෙලා
ගුලි සමග වැඩි සීනි ප්ලේන්ටිය කදිමයි
පැණි වළලු සමග ගුලි කෑවොතින් සැපමයි
ගුලි කෑ විට දැනෙන බඩ ගින්න අරුමයි
බමන මත දැනේ නම් වඩා හොඳ නෑමයි
හපන්නට එපා ගුලි දතින් සොමි බිඳෙනවා
තබා උඩු තල්ලෙ ඉරුවොතින් සැප ලැබෙනවා
වරට ගුලි එක බැගින් ගතොත් ඔබ රැකෙනවා
මියෙන්නට කලින් දෙවු ලොවේ සුව දැනෙනවා
අහර රුචි වඩවමින් සිරුර හැඩ කරමිනේ
බඩ පිපුම නවතමින් ගත සවිය ගෙනෙමිනේ
පුරුස සක්තිය දිනෙන් දිනම වැඩි කරමිනේ
ගුලිය කරලන මෙහෙය ලියමි මම මෙලෙසිනේ
පෙම්වතිය වෙත යද්දි ගුලිය අරගෙන යන්න
ප්‍රථම හාදුවට පෙර ගුලි එකක් ඔබ කන්න
මගුල් දා පෝරුවේ උඩදි ගුලි අරගන්න
මධු සමය දා රෑට පැණි සමග ගුලි කන්න
ගුලිය නම් දිව ඔසුව නිතර මිලයට ගනු
විභාගෙට යන දාට කටේ දාගෙන යනු
සටනකදි ගැටුමකදි ක්ෂණිකවම අරගනු
ගුලි කමින් ඔබෙ දිවිය අර්ථවත් කර ගනු
අතුරු ආබාධ නැත නුඹෙන් කිසි දින විඳී
නුඹේ ගුණ ලියලන්න හෙල බසේ ඉඩ මදී
වැජඹුණද ඉහළින්ම නේක ජන හද රැඳී
උතුම් වූ නීතියෙන් අද නුඹට වැට බඳී
නේක හැඩ ටොපි අතර එය බෝල ටොපියකී
එයට සම කරනු හැකි වෙනත් ටොපි නැත රැකී
මදන මෝදක සකල ලෙඩ වලට ඔසුවකී
මෝදකය රැක ගන්න පෙළ සැදෙමු අපි සකී
මෙය මගෙ සිතට ආ එක් විකාර සිතිවිල්ලක් වන අතර මෙය කියවා බලා ගුලි කෑමට පෙළඹීමට තරම්
ඔබ මුග්ධයෙක් නොවන බව මම දනිමි.
ඔබ මුග්ධයෙක් නොවන බව මම දනිමි.
දුම්වැටියයි පෙම්වතියයි
දවසක් මහ හඬින් ගොරවන්නට ගත්තා
සුලු මොහොතකින් වැස්සක් වැටෙනට ගත්තා
කවියක් කතාවක් ලියනට සිත් ගත්තා
ලැපත් අරං මම ඇඳටම නැග ගත්තා
දෑඟිලි එකින් එක කීබෝඩය මැද්දේ
වදිනා විටදි ඇහුණා ටිකි ටිකි සද්දේ
අකුරෙන් අකුර වදිනා විට පිටු මැද්දේ
හඬනා හඬක් මතුවිණ පරදා සද්දේ
මම පිරිමියෙකි නෑ කිසිදා බය ගත්තේ
එනමුදු ඒ හඬට මම නම් තැති ගත්තේ
සරම තදකරන් හොඳ හැටි ඇඳ ගත්තේ
හඬ එන දෙසට දෙසවන් යොමු කරගත්තේ
ඇඳ පොල්ලක් අරං ආවුදයක් ලෙසට
හෙමිහිට එබුණි මා නැඟ හුන් ඇඳ යටට
කළුවර නිසා කිසිවක් නොපෙනුණු කලට
එළියක් ඇල්ලුවයි මම මගෙ ඇඳ යටට
ආලෝකයෙන් ඇඳ යට කළුවර මැකුණේ
දුටුව දෙයින් මගෙ සියොළඟ ලේ හිඳුනේ
කඳුළු පෙර පෙරා සෝකෙන් තැවෙමින්නේ
සිගරෙට්ටුවකි හයියෙන් අඬලා තිබුණේ
ෆිල්ටරෙ කෙළවරින් කඳුලැලි වැගිරෙනවා
දුම් කොළ කැබලි ඒ අතරින් විසි වෙනවා
දැක්කොත් ඔබ හදත් අනිවා උණු වෙනවා
දුම් වැටියක් හොඳටම කඳුලැල් බොනවා
අසරණ දුම් වැටිය කුමකට හඬන්නෙද
කවුරුන් හෝ නුඹට බැන්නද ගැහුවාද
ඇවිදින් ඉතින් ඔතනින් එළියට ඇවිද
කියහන් මිතුර නුඹහට උනු දුක කිමද
මා කී බස් අසා නැසිලා ආ වේගේ
ආවා දුම් වැටිය ඇවිදං වෙත මාගේ
කරණමක් ගසා හොඳ චණ්ඩියෙක් වගේ
දුම් වැටියත් මගේ ඇඳ උඩටම නැංගේ
වාඩි වෙලා මගෙ ඇඳ විට්ටම අයිනේ
බැල්මක් හෙළා මාදෙස ඒ නෙතු අගිනේ
කියූ කතාවම මගෙ පපුවට දැනුණේ
එදා පටන් මගෙ දිවියම වෙනස් වුණේ
රූප පෙට්ටියෙද පත්තර පිටු අතර
සද්ද කලයි ඉස්සර නම් අපි නිතර
දැල්වී නේක තරුණන්ගේ තොල් අතර
එදා ගත්ත ආතල් අද නැත මිතුර
මට දැන් ලැබෙන නින්දා අපහස බෝමයි
බොරු චෝදනා බොරු අවලාදද බෝමයි
ප්‍රසිද්ධියේ සිටියෝතින් දඩ උරුමයි
ඉඳින්නට වඩා ඇති සැප මිය යාමයි
දුම් බීවොතින් ලෙඩ දුක් හිමි වන බවට
කැලෑ පත්තරත් ගහලා ඇත එමට
ටීවී එකෙත් මා ගැන යයි ඇඩ් කවට
විෂ දුම කියයි උන් මගෙ නිර්මල දුමට
දුම් ඉරුවොත්න් ලිංගික සවි වියැකේලු
කටේ උගුරෙ පිළිකා තව ඇති වේලු
වයසට වඩා පෙනුමක් ඔබහට ඒලු
අසන්නට එපා ඒ බොරු බස් යාළු
භාවනාවකින් පිට කර ගත නොහැකි
සියක් වේදනා මට නම් නැසුව හැකී
චණ්ඩ සයුර මෙන් කැළඹුණු මනස සකී
නිසල වන්ට ඕනෑ දුම් ෂොට් එකකී
සිගා ගහන අය නෑ පොන්සියො වෙන්නේ
දිනෙන් දිනම ගත සවියෙන් වැඩි වෙන්නේ
දත් තිස් දෙකත් දෙතොලත් සුන්දර වෙන්නේ
කෙල්ලො වුණත් උන්ටයි තම සිත දෙන්නේ
ගිනි කූරක් අරං මගෙ කොන පුච්චාලා
මගේ පස්ස කෙළවර ඔබෙ මුව තියලා
ඇදපන් මචං ලෝකෙම අමතක කරලා
පිට කරලපං දුම් කඳ හද ගිනි නිවලා
දුම් වැටියේ කතා බහ ඒ මගෙ සිත රැඳුණේ
මටත් හොරා එය මා දෙතොලේ තැබුණේ
ගිනි පෙට්ටියෙන් එක කූරක් පත්තු වුණේ
මගේ මුවින් දුම් පාරක් නිකුත් වුණේ
දින සති මාස එක දිගටම එදා සිට
දුම් වැටි අරන් ඉරුවයි මම විටින් විට
කාලය ගෙවී යන බව නෑ දැනුණෙ මට
දත්වල රැඳුණි කහ පැහැ සිගරට් කහට
මුලින්ම මගෙ පපුවට හීතල දැනුණා
හදේ රැඳුණු දුක ටිකකට ඉවත් වුණා
මූහුණ වල ගැහී දත් කහ පාට වුණා
ටික ටික මගේ මුලු සිරුරම දුබල වුණා
උදේට තේ නැතත් දැන් සිගරට් ඕනේ
කක්කුස්සියට යන්නත් කලියෙන් ඕනේ
හවස තේ වෙලාවට තවෙකක් ඕනේ
මට ජීවත් වෙන්න ඉන් පසුවට දුම ඕනේ
සොඳුරු යුවතියක් මට හමුවන තුරුම
දුම්වැටි ඉරුවෙ මම දිනෙකට දහයක්ම
ඇගෙ ආදර වදන් මා වෙළනා තුරුම
නොමැදන උනිමි මා කල වරදක තරම
එපා රත්තරන් දැන් සිගරට් බොන්න
ඔබට බැහැ ඔහොම මට ළමයෙක් දෙන්න
තොල් කලු ඔබට හාදුවක් වුණත් දෙන්න
හිත නෑ රත්තරන් මට ඔබ හා ඉන්න
සිගරට් නොබීවොත් මම ඔබ සමග ඉමී
ඔබේ දෙපය ළඟ මම වැතිරි ඉඳිමි
සිගරට් සුවඳ නොම එන ඔය මුව සිඹිමි
මගෙ මුලු දිවිය ඔබ වෙනුවෙන් කැප කරමි
සිගරට්ටුවත් ආදරයත් අතින් ගෙන
දැම්මෙමි තරාදියකට මම බඩු කිරන
බර වුණු පැත්ත ආදරෙ බව දැන හැඳින
සිගරට් අත්හලෙමි ආදරෙ තබාගෙන
ගෙදරට හොරෙන් පස් වසරක් යන තුරුම
සිගරට් බීමි මට ඇය හමුවන තුරුම
අද දින පටන් දවසක මිය යන තුරුම
මම දුම් නොබොමි ඈ ළඟ සිටිනා තුරුම
සිගරට්ටුවෙන් ලද මත අමතක කරලා
අලුත් දිවියකට අඩිතාලම දමලා
සිටියත් ඇය සමග අද මුලු සිත පුදලා
ඇය ගියොතින් මැරෙයි මම සිගරට් ගහලා
ප/ලි : දුම් බීම අත්හලෙමි .
තේ බී වෙරි උනා
කටි දුම් පිටවෙන
වැසි වසින සීත උදයක
නංගි ගෙන ආ තේ එක
බීගෙන ගියා එක හුස්මට
රසින් රස වෑහිනි
කෝප්පේ අඩිය පෑදිනි
අහෝ ඛේදයකි...........!
කෝප්පය තුල හූනෙකි॥
සුදුම සුදු පැහැගැන්වි ලා
වල්ගෙ රවුමට කැරකි ලා
කටත් බාගෙට විරවෙ ලා
හිටියා බාගෙට මියැදි ලා
ලෝකයම කැරකු නා
කබරයා විසි උ නා
දෙපය පන නැති උ නා
තේක බී මම වෙරි උ නා ..!!
දැන් තේ දකින විට
හූනා සිහිවෙයි හැම විට
ඉතින් මම තේක වෙනුවට
ගසමි අඩියක් උදේ හවසට
මේව මේ මම ලියපුව නෙවෙයි හරිද.
මම ඉස්සර ගොඩක් ආසාවෙන් කියවපු දැන් නැවතිලා තියන හිස් අහස කියන බ්ලොග් එකෙන් ගත්තු ඒවා. ඒ බ්ලොග් ලියන කෙනාට මාර ලස්සනට ලියන්න පුලුවන්. ඔයගොල්ලන්ට මම ආරධනා කරනව මේකට ( http://hisahasa.blogspot.com)
ගිහින් පුලුවන් වෙලාවකට මේව කියවල එන්න කියල හිතේ තියන ප්‍රශ්ණ ඔක්කොම අමතක වෙනවා. ඒ තරම් ලස්සනට ලියනව. කවි විතරක් නෙවේ. තවත් ඒවා ඇත


Last edited:






