මැරුනම ආයෙත් ඉපදෙනවාද?

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මචන්ලා, මැරුනම ආයෙත් ඉපදෙනවාද?
    මේක මාර ප්‍රශ්නයක් අපි ඔක්කොම මැරිල අයෙත් ඉපදෙනව කියන නිස ජීවත් වෙන්නෙත් මාරම බයකින් නේද?
    මැරිල මොකෙක් වේද කියලා....

    ඒත්,
    බුදු හාමුදුරුවො කියලා තියෙන සමහර කාරනා හිතුවොත් මේ ආයෙත් ඉපදෙන සීන් එක හරිද කියලත් හිතෙනවා...

    උදාහරනයක් විදියට
    බුදුන් වහන්සේ "සබ්බේ සංකාරා අනිච්චාති" කියලා තියෙන්නෙ සියලු සන්ස්කාර අනිත්යයි කියලා...
    සංකාරා වලට පන්චස්කන්දයත් අයිතී (රූප වෙදනා, සංනා, සන්කාරා, විංනාන ) එතකොට මේ කියන විංනානත් අනිත්යයි...

    අයෙත් ඉපදෙන්න නම් මේ බවයෙන් ඊලග බවයට යන්නෙ විංඥානය කියනවනේ....ඉතින් ඒකත් අනිත්යයි නම් යන්නෙ මොකක්ද

    එතකොට මේ ඉන්න අපි මැරුනම වෙනත් බවයකට යන්නෙ වින්නානය නෙවේ ද?
    නැත්නම් අපි මේ හිතාගෙන ඉන්න නැවත ඉපදීම බොරුවක් ද?

    දන්නවනම් පහදලා දෙන්න...
    සංස්කාර අනිත්‍ය නෙවෙයි අනිච්චයි. ඒ කියන්නෙ සංකාර කවදාවත් ආශ්වාද විදිමේ කැමැත්ත ඉටු කරලා ඉවරයක් කරන්නෙ නැහැ. මොකද ඔය සංස්කාර වල ආශ්වාදය නැති නිසා. ඒකයි ආර්ය ශුන්‍යතාවය හෙවත් ආශ්වාදයෙන් ශුන්‍යයි කිව්වෙ. ඒකයි ඇස කවදාවත්ම නොපිරෙන සමුදුරක් කිව්වෙ. කොච්චර රූප බැලුවත් සැනසිලා ඉවර වෙන්නෙ නැහැ.
     
    • Like
    Reactions: banned guy

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    අයෙත් ඉපදෙන්න නම් මේ බවයෙන් ඊලග බවයට යන්නෙ විංඥානය කියනවනේ....ඉතින් ඒකත් අනිත්යයි නම් යන්නෙ මොකක්ද
    අප උපත ලබා ඇත්තේ කාම ලෝකයෙහි ය. එහෙයින් කාම ලෝකයෙහි පුනර්භවය සිදු වන ආකාරය අභිධර්මයට අනුව විමසා බලමු. මවුකුස මුලින් ම හටගන්නා සිත ප්‍රතිසන්ධි සිත යි. ඉන් පසු භවංග සිත් ඇති වේ. අනතුරු ව චිත්ත වීථි ඇති වෙයි. සෑම චිත්ත වීථි දෙකක් අතර ම භවංග සිත ඇති වේ. ප්‍රතිසන්ධි සිත හා භවංග සිත චිත්ත වීථිවලට අයත් නො වේ. එහෙයින් වීථිමුක්ත සිත් යනුවෙන් ඒවා හඳුන්වා ඇත.

    උපතේ පටන් මරණය තෙක් ම වීථිමුක්ත භවංග සිත හා චිත්ත වීථි දිගින් දිගට ම ඉපදී – පැවතී – නැති වී යයි.
    යම් දිනෙක පුද්ගලයා මරණයට ආසන්න වෙයි. මරණාසන්න වූ පුද්ගලයාට මේ ජීවිතයේදී අවසන් වරට ඇති වන චිත්තවීථිය හැඳින්වෙන්නේ මරණාසන්න චිත්තවීථිය යනුවෙනි.
    මෙහිදී ජවන් සිත් හතක් මරණාසන්න චිත්ත වීථියෙහි ඇති නො වේ. එහි ඇති වන්නේ ජවන් සිත් පහකි. ඉන් පසුව තදාරම්මණ සිත් හා භවංග සිත ඇති වේ. එම භවංග සිත ඉපදී, පැවතී, නැති වී යෑමත් සමඟ මේ ජීවිතයේ අවසාන සිත උපදී. එය චුති සිත යැ යි නම් කර ඇත. එය ද වීථිමුක්ත සිතකි. චුති සිත ඉපදී, පැවතී, නැති වී යෑමත් සමග මරණය සිදු වෙයි.

    අවිද්‍යාවෙන් හා තණ්හාවෙන් යුත් චුති සිතට අරමුණු වන්නේ කර්මයක් හෝ කර්ම නිමිත්තක් හෝ ගති නිමිත්තකි. මෙම කර්ම, කර්ම නිමිති, ගති නිමිති මරණයට දින කීපයකට කලින් සිට වුව ද ඇති විය හැකි ය. කෙසේ හෝ මරණාසන්න චිත්තවීථිය නැති වී ගිය පසු භවංග සිත ඉපදී, පැවතී, නැති වී යයි. ඉන් පසු කර්මයක් හෝ කර්ම නිමිත්තක් හෝ ගති නිමිත්තක් හෝ අරමුණු කරමින් චුති සිත උපදී. ඒ චුති සිත කුසල සිතක් හෝ අකුසල සිතක් හෝ විය හැකි ය. අවිද්‍යාවෙන් හා තණ්හාවෙන් යුත් චුති සිත ඉපදී, පැවතී, නැති වී යෑමත් සමඟ එහි ඇති කර්ම ශක්තියට අනුව කාම ලෝකයට අයත් මිනිස් ලොව මවු කුසක හෝ තිරිසන් සතකුගේ කුසක හෝ අන් සුදුසු තැනක තව සිතක් පහළ වෙයි. එයට ප්‍රතිසන්ධි සිත යැ යි කියනු ලැබේ. චුති සිතෙන් පසු ප්‍රතිසන්ධි සිතක පහළ වීම පුනර්භවය යි.


    උපුටාගනිම
     
    Last edited:

    banned guy

    Well-known member
  • Sep 3, 2012
    642
    381
    63
    සංස්කාර අනිත්‍ය නෙවෙයි අනිච්චයි. ඒ කියන්නෙ සංකාර කවදාවත් ආශ්වාද විදිමේ කැමැත්ත ඉටු කරලා ඉවරයක් කරන්නෙ නැහැ. මොකද ඔය සංස්කාර වල ආශ්වාදය නැති නිසා. ඒකයි ආර්ය ශුන්‍යතාවය හෙවත් ආශ්වාදයෙන් ශුන්‍යයි කිව්වෙ. ඒකයි ඇස කවදාවත්ම නොපිරෙන සමුදුරක් කිව්වෙ. කොච්චර රූප බැලුවත් සැනසිලා ඉවර වෙන්නෙ නැහැ.
    ethakota panchaskanday anithyadha? anichchadha?
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    Maybe this 👇

    If your SIM becomes damaged, you lose it, or you need another one to fit a new device, you can order a new SIM for your existing amaysim number.
     
    • Like
    Reactions: wlanka

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    අයිත් එහෙම ඉපදෙනවා නම් ක්‍ෂුද්‍ර ජීවීන්ගේ ඉඳලා ඕක Cycle එකක් විදියට යන්න එපැයි.

    අනික එහෙම වෙනවා නම්, මනුස්ස ආත්ම කියන දේ කියද්දි,

    පරිනාමය කියන දේ බොරුවක් වෙනවා. ඒත් පැහැදිලි සාක්‍ෂි තියනවා පරිනාමයට. මනුස්සයා අද ඉන්න තත්වෙට හැදුනේ කොහොමද කියන එකට.

    ඕක ආගම් Mind එකෙන් එලියට ගිහින් Open mind එකෙන් හිතන්න.
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    පිස්සුද එහෙම එකක් නෑ
    ලැබිච්ච ජීවීතෙ හොදට කාල බීල ජොලි කරල ඉදපන්
    oya balahan..solo akkgen eka dashameka adarshyak uba aran thiyenwada kyla.:frown:
    eka thma muladima kiuwe ubata mn :angry:
    paw e manussaya :(
     
    • Like
    Reactions: me2cool

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    ගිනිකූඅරක් ගහල පහන පත්තු කරා වගෙ තමා. ගිනි කූරෙ තිබ්බ ගින්දර නෙවෙයි පහනෙ තියෙන්නෙ. ඒත් පහනෙ ගින්දර හටගත්තෙ ගිනි කූරෙ ගින්දර නිසා.
    සියලු දේ අනිත්‍ය‍යයි පහනත් නිවෙනව තව එකක් අවුලගෙන.
     

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Oka hena complex kollo. Abhi darmaya oka explain karala thiyanawa. Yanne wingyanaya neme. Arammana Ekka awasana chiththa weethiye Jawan sith 5 kin passe krama 24kata chuthiya wela prathisandi wenawa.


    Sahenna gamburui. Maranaya gana witharak lession paya 10kata wada thiyanawa. Godak physics wagemai. Time eka thiye Nam welawa aragena pothak panak aragena tuition ekaka wage igena ganna balanna .

     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මොන රෙද්ද ඇහුවත් වැඩක් නෑ, මැරිලා ම බලන්න ඕනේ... එතකන් ජොලියේ ඉඳපන්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    පිස්සුද එහෙම එකක් නෑ
    ලැබිච්ච ජීවීතෙ හොදට කාල බීල ජොලි කරල ඉදපන්
    එහෙම මේවගෙ කියල හොරාට ගිහින් දන් පින් කරගන්නව නේ
     
    • Like
    Reactions: Rontmir

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,592
    113
    A කියලා පුද්ගලයෙක් මැරුනොත්. B කියලා පුද්ගලයෙක් උපදිනවා. B කියන්නේ අර කළින් මැරුණු A නෙමෙයි. හැබැයි A විසින් කරන ලද ක්‍රියාවන් ගේ විපාකයන් Bට අත් විඳින්න වෙනවා.
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    පුතා ඔයා පටලගේනනේ ඉන්නෙ. consciousness (විඥානය) වෙනයි පංචස්කන්ධයේ තියෙන විඥානය වෙනයි. බුදු හාමුදුරුවො කියලා නෑ මැරුණට පස්සේ consciousness (විඥානය) ඊලග ආත්මෙට යනවා කියලා. බුදු හාමුදුරුවෝ කිවේ මේ ආත්මේ ඉඳන් අපි ඊලග ආත්මෙට ගියොත් ඊලග ආත්මේ ඉන්නෙ මේ ආත්මේ හිටපු අපි නෙමෙයි. හැබැයි අපි නෙමෙයි කියලා කියන්නත් බෑ. බුදු හාමුදුරුවො ඕක මුහුදේ රළ වලට උපමා කරා. ඒ කියන්නේ මේ මොහොතේ තියෙන මුහුදු රැල්ල නෙමෙයි ඊලග මොහොතේ තියෙන්නෙ. හැබැයි ඒ වුනාට රැල්ල එකමයි. අන්න ඒ වගේ. එතකොට පංචස්කන්ධයේ තියෙන විඥානය කියලා කියන්නෙ සිතට. චක්ඛු විඥානය, සෝත විඥානය, ඝාණ විඥානය, ජිව්හා විඥානය, කාය විඥානය, මනෝ විඥානය. පංචස්කන්ධය අනිත්‍යයි කියලා කියන්නෙ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන (උඩ කියපු 6) යන මේ ස්කන්ධ පහේ අනිත්‍ය. ඔතන ලොකු process එකක් තියෙනවා. ඕක තමයි හරියට තේරුම්ගන්න ඕනේ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මැරිල ඉපදුනත් පරණ දේවල් මුකුත් මතකත් නැත්තං හම්බුකරපුව ආය හම්බුවෙන්නෙත් නැත්තං මුල ඉඳන් ඔක්කොම ආය පටන්ගන්න වෙනවනං ඉතිං ඒ නැවත ඉපදීමෙ ඇති වැඩේ මොකද්ද අලුතින්ම ඉපදුනා වගෙ තමා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    A කියලා පුද්ගලයෙක් මැරුනොත්. B කියලා පුද්ගලයෙක් උපදිනවා. B කියන්නේ අර කළින් මැරුණු A නෙමෙයි. හැබැයි A විසින් කරන ලද ක්‍රියාවන් ගේ විපාකයන් Bට අත් විඳින්න වෙනවා.
    ඇයි A කරපු දේකට B විදවන්නෙ.
     
    • Like
    Reactions: banned guy