මැරෙන්න ඕනෙම නම් මැරියන්

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පට්ට මචං.......
    මචං ඕක ගැලපෙනවා කෙල්ල බොරු කියලා, රැවටුන කොල්ලෙක්ට.
    එත් මචං දෙන්නගෙම කැමැත්ත තිබිලා වෙන හේතු නිසා
    දෙපැත්තකට වෙලා හුල්ලන දෙන්න්ක්ට
    ඕක ගැලපෙන්නේ නැහැ
    කොහොම උනත් ඒවගේ අයට අමුතුවෙන් මරෙන්න් ඕනි නැහැ
    හැමදම මැරී මැරී උපදින එකයි වෙන්නේ

    එහෙම කියලා අම්මලා තාත්තලාට දුක් දෙන්න අයිතියක් නැහැ.
    එයාලට පෙන්න සතුටින් ඉන්නව වගේ රගපාන්න හරි ඕනි
    සල්ලි හම්බ කරන්න ඕනි
    ජොබ් කරන්න ඕනි
    ඉගන ගන්න ඕනි
    ඒවා යුතුකම්
     
    Last edited:

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    මැරෙන්නම ඕනෙ නම් මැරියන්
    උඹ පොදි ගහගෙන ආපු ආදරේ බලාපොරොත්තු
    එක දවසින් කුණු ගොඩට විසි කරලා දාපු
    උඹේ ආදරේට බල්ලෙක් වගේ පිටුපාපු
    කොන්දක් නැති එකෙක් වෙනුවෙන් නෙමෙයි

    උඹට පණටත් වඩා ආදරේ කරන කෙනෙක් වෙනුවෙන්
    උඹෙ ආදරේ වටිනාකම දන්න එකෙක් වෙනුවෙන්
    උඹේ ආදරේ තේරෙන එකෙක් වෙනුවෙන්
    අඩුම තරමෙ උඹෙ මලකඳ බදාගෙන
    අඬයි කියලා හිතෙන එකෙක් වෙනුවෙන්

    ප්‍රශ්ණයක් ආපු පලියට
    උඹේ අම්මා තාත්ත හදලා දීපු මේ ලෝකෙ දාලා
    උඹෙ යාලුවො දාලා, උඹෙ නෑදෑයො දාලා
    කොන්ද පන නැති එකෙක් වගේ පැනල යන්න ලැජ්ජ නැද්ද?

    ගිනි පෙල්ල පස්සෙ යන කණාමැදිරියෙක් වගේ
    කාන්තාරේ මැද්දෙ පොකූණු දකින මෝඩ මුවෙක් වගේ
    නොලැබෙන මිරිඟු පස්සෙ යන්නෙපා
    යන එකාට යන්න දීපන්
    අබ මල් රේණුවක ආදරයක් හිතේ තිබ්බ නම්
    ඔහොම කවදාවත් උඹව දාලා යන්න බෑ
    උඹ මැරුණම උඹව දාලා ගියපු එකා ලැබෙන්නෙ නෑ

    උඹ ජීවත් වෙලා පෙන්නපන්
    කිසිම දේකින් මම වැටුනෙ නෑ කියලා
    කවදා හරි දවසක උඹව දාලා ගියපු එකට
    පසු තැවෙන්න උඹ හොඳ තැනකට පලයන්

    ආදරේ තේරුම් ගන්න බැරි කෙනෙක් වෙනුවෙන්
    අමාරුවෙන් ලබාගත්තු මනුස්ස ආත්මයක් විනාස කරගන්න එක
    කවදාවත් මනුස්ස ආත්මයක් නොලබන්න තරම් පවක්.


    මේක කලින් මම ම දාපු පෝස්ට් එකක්. අද මටත් මේ තත්වෙට මුහුණ දෙන්න වෙලා තියෙන නිසා ආයෙත් එළකිරි යාලුවොත් එක්ක බෙදාගන්න හිතුවා.

    "මැරියන්" කියල, කියල තිබුන නිසයි ගොඩ වැදුනේ :D

    ඒත් පට්ට මචං. එල
    11.gif
    +3

    තමන්ට ආදරේ කරන්න ඕනේ තමන් ආදරේ කරන කෙල්ල විතරක්ම නෙමෙයි. තමන්ට තමන්ගේ පෙම්වතියගේ ආදරය බලපොරොත්තු වෙන්නත් කලින් තමන් ඉපදුන දවසේ ඉඳලම අම්මා, තාත්තා ආදරේ කරනව හැමදාටම අද ඔවුන් ජීවතුන් අතර හිටියත් වෙනත් ලොවක සිට අපි දිහා බලන් හිටියත්, දෙවනුව තමන්ට තමන් කොතරම් ආදරෙයිද ඇත්තටම.. ඒ නිසා තමන් ආදරේ කරපු පලියටම තමන්ට ආදරේ නැති කෙනෙක් වෙනුවෙන් තමන්ගේ ජීවිතය විනාශ කරගැනීම, නාස්ති කරගැනීම තමන්ව ලෝකෙට බිහි කරපු තමන්ගේ අම්මටත්, තාත්තටත්, ඕක කරගන්න තමන්ටත් කරගන්න අත්මීය වැරැද්දක් තවත් වෙන නැති.
     
    Last edited: