යාලුවා, සැලෙන්න එපා. මේ ලෝකෙ බිහිවෙච්ච ගොඩක් ශ්‍රේෂ්ඨ මිනිස්සු පොඩි පොඩි විභාග ෆේල් වෙලා තියනව. උඹෙ හැංගිච්ච දක්ශතාවයන් තියනවද? නැති වෙන්න බෑ, හැමෝටම තියනව. ඒව හොයල බලපන්. ඒව ඉස්මතු කරල අරගෙන උඹ කැමති, උඹට පුලුවන් පැත්තකින් ඉස්සරහට යන්න බලපන්. තමාගෙම කියල මොනව හරි පටන් ගන්නවනම් හොඳයි මචන්, ඒත් ඊට ඉස්සෙල්ල තමන් කරන දේ ගැන පුලුවන් තරම් ඉගන ගනින්. උඹට වරදින්නෙ නෑ. අපිත් මෙහෙම ජොලියෙ හිටියට ප්‍රශ්න තියනව. මොනදේ වුනත් වැටෙන්න එපා. කොහොම හරි කාගෙන ඉස්සරහටම යමු. අනාගතේ ගැන බය වෙන්න එපා. අද හොඳට ජීවත් වෙයන්. එතකොට අනාගතේ නිකන්ම හොඳ වෙනව. All the best.![]()




