මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    ado Aththatama mekata mokak wenna athi kiyalada ubala hithanne athuradahan kalath pchcaratama athuru dahan wenne kohomada mamanam hithanne pita sakwala ewun ussanna athi :) eth ehama un enawada ban ohoma ussanna :rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මැලේසියානු ගුවන් සමාගමට අයත් MH370 යානය කුවාලාම්පූර් සිට බීජින් බලා යාමේදි අතුරුදහන් වෙලා.. :(:(:(:(:(

    Flight With 239 People Goes Missing
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මැලේසියානු ගුවන් සමාගමට අයත් MH370 යානය කුවාලාම්පූර් සිට බීජින් බලා යාමේදි අතුරුදහන් වෙලා.. :(:(:(:(:(

    Flight With 239 People Goes Missing
    උබට කොමා එකක් හැදිලා හිටියද පහුගිය මාස දෙක තූනේ.. :angry::angry::angry::angry:
     
    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    අතුරුදන් වූ MH370 යානයේ කළු පෙට්ටියෙන් නැගුණු හඬක් බවට සැකකෙරෙන නාඳුනන ශබ්දය පිළිබඳ සවිස්තර වාර්තාවක් හෙට නිකුත් කිරීමට හොංකොංහි විද්‍යාඥයින් පිරිසක් සූදානමින් සිටිති.

    එම ශබ්දය පටිගත වී ඇත්තේ, මුහුදු පතුලෙහි සිදු කෙරුණු සෝදිසි මෙහෙයුම් අතරතුරදී ය.

    විද්‍යාඥයින් පවසන්නේ, එම ශබ්දය සාමාන්‍ය පරිසරයේදී ශ්‍රවණය නොවන තරම් සුළු ශබ්දයක් බව ය.

    ඒ අනුව, එය ශ්‍රවණය කළ හැකි මට්ටමට වර්ධනය කර නිකුත් කිරීමට නියමිත ය.

    මෙම ශබ්දය විශ්ලේෂණය කිරීමෙන් MH370 යානය පිළිබඳ තොරතුරක් සොයාගත හැකි වනු ඇතැයි අදාළ විද්‍යාඥයෝ විශ්වාසය පළ කරති.

    එම විශ්ලේෂණ අනුව අදාළ ශබ්දය MH370 යානයෙන් නැගුණු ශබ්දයක් වීමේ සම්භාවිතාව 25 – 30% අතර ප්‍රතිශතයක පවතින බව ඔවුහු පවසති.
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,232
    167

    :(
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    මේ තියෙන්නේ බඩු
    හා දැන් කියහන් බලන්න
    මෙච්චර දවසක් හැංගිලා මොකෝ කලේ කියලා.
    ඇත්ත කියහන් මත්තල නේද හිටියේ..
    :frown::frown::frown:
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,232
    167
    63
    අතුරුදන් වූ MH370 යානය ඉන්දියාවට ආසන්න මුහුදේදී ගිනිබත් වූ බවට තව ත් සාක්ෂියක් හමුවී තිබේ.

    මේ පිළිබඳව දැඩි අවධානයක් යොමුව ඇත්තේ, බ්‍රිතාන්‍ය කාන්තාවක Phuket Gazette පුවත්පතට කර ඇති ප්‍රකාශයක් සමගිනි.

    තමන් පසුගිය මාර්තු මාසයේ ඉන්දියාවේ කෝචි සිට තායිලන්තයේ ෆුකෙට් දිවයින බලා යාත්‍රා කරමින් සිටියදී ගුවන් යානයක් ගිනි ගන්නා අයුරු සියැසින් දුටු බව එහිදී පවසා තිබේ.

    එම ගුවන් යානය පුද්ගලයින් 239 දෙනෙකු සමගින් අතුරුදන් වූයේ, මාර්තු මස 8 වන දා ය.

    41 හැවිරිදි කැත්රින් ටී (Katherine Tee) පවසා ඇත්තේ, තමන් මාස ගණනාවක් තිස්සේ මුහුදු ගමන්වල නිරත වීම ත්, තමන් දුටු දෙය මාධ්‍ය විශ්වාස නොකරනු ඇතැයි යන්න සැකය ත් හේතුවෙන් මේ පිළිබඳව දැනුම් දීමක් නොකළ බව ය.

    “ගුවන් යානයක් වැනි යමක් ගිනි ගනිමින් තිබෙන ආකාරය මං දැක්ක. ඒත් මට ඒ වෙලාවෙ හිතුණ මට පිස්සු ද කියල. ඒත්, මං කවදාවත් දැකල තිබුණෙ නැහැ තැඹිලි පාට ලයිට් තියෙන ප්ලේන් එකක්. ඒ නිසා මං ඒක ගින්නක් කියල හිතාගෙන අවධානයෙන් බැලුව” කැත්රින් ටී Phuket Gazette පුවත්පතට එසේ පවසා තිබේ.

    මෙම ඇසින් දුටු බව කියන සාක්ෂිය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු බලධාරීන්ගේ අවධානය යොමුව ඇතැයි මාධ්‍ය වාර්තාවල දැක්වේ.

    SOURCE: NDTV
     
    chaser123

    Member
    Apr 11, 2009
    31
    3
    0
    paw e minissu... api mehema thirisan lokekane inne.. enjoy each and every day brothers... who knows what will happen tomorrow... be with your loved ones at ALL times....
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    paw e minissu... api mehema thirisan lokekane inne.. enjoy each and every day brothers... who knows what will happen tomorrow... be with your loved ones at ALL times....
    උඹ කියන කථාවේ ඇත්තක් තියනවා බං...මාත් ඔය ‍පොයින්ට් එකේ තමයි ඉන්නේ..:oo:.මේක මහා තිරිසන් ලොකයක්. නිවුස් වල ඇ‍හන දකින දෙවල් හැටියට ලොකය සමාජය ගැන දැන් දැන් කළකිරෙන්න පටන් අරන් තියෙන්නෙ....හෙට මොනවා වෙයිද කියන්න අපි කාටවත් බැහැ...:)අපි ඉදිලා හෙට මැරිලා යයිද කියලා කියන්න බැහැ.:(:)....ඉන්න ටික කාලයෙන් ඔක්කොම එක්ක ෆන් එකෙන් ඉන්න ඔනේ...:D
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,232
    167
    63
    අතුරුදන් මැලේසියානු ගුවන් යානය පිළිබඳව නිවැරදි හෝඩුවාවක් ලබා දෙන අයෙකුට ත්‍යාගයක් ලෙස ප්‍රදානයක් ලෙස ඩොලර් මිලියන 5ක මුදලක් රැස් කිරීම සඳහා යානයේ සිටි මගීන්ගේ ඥාතීහු සූදානම් වෙති.

    අතුරුදන් එම්.එච්. 370 යානයේ සිටි මගීන්ගේ ඥාතීන් විශ්වාසය පළ කරන්නේ‍්, යානයට සිදු වූ දෙය පිළිබඳව යම් අයෙකු දැනුවත් ව සිටිය ද එය මෙතෙක් හෙළිදරව් කර නොමැති බව ය.

    අන්තර්ජාල වෙබ් අඩවියක් හරහා මෙම ත්‍යාග මුදල රැස් කිරීමට ඔවුන් අපේක්ෂා කරයි.

    මැලේසියාවේ ක්වාලාලාම්පූර් සිට චීනයේ බෙයිජිං දක්වා පියාසර කරමින් තිබියදී පසුගිය මාර්තු 8 වන දා එම්.එච්. 370 මලයාසියා ගුවන් යානය අතුරුදන් වූයේ, මගීන් 239 දෙනෙකු ද සමග යි.

    යානය ඉන්දියන් සාගරයට කඩා වැටුණු බවට එළැඹි නිගමනය ඔස්සේ යමින් විශාල මුදලක් වැය කරමින් රටවල් රැසක දායකත්වයෙන් අති දැවැන්ත මෙහෙයුමක් දියත් කළ ද මේ වන තෙක් යානය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත.

    කෙසේ වෙතත් යානයේ අතුරුදන් වීම සම්බන්ධයෙන් විවිධ මත පළ වුව ද නිසැකව ම යානයට සිදුවූයේ කුමක් ද යන්න තව දුරට ත් අභිරහසකි.

    news 1st