මැලේසියානු MH17 යානය ගැන

raveenrdk

Well-known member
  • Nov 22, 2008
    340
    322
    63
    ගෙදර
    මැලේසියානු MH17 යානය ගැන

    මැලේසියානු MH17 යානය තත්පර 12කින් විනාශ වූ හැටි



    MH17 මැලේසියානු ගුවන් යානයට සිදුවූ අනතුර පිලිබඳව දුක්බර කතා අපට විටින් විට අසන්නට ලැබුනා. යානයේ ගමන් ගත් මඟීන් හා කාර්ය මණ්ඩලයේ සියලු දෙනා මරුමුවට පත් කරමින් සිදුවූ මේ අනතුර පිළිබඳව විවිධ කටකතා පැතිර ගිය අතර දැන් දැන් ඒ අනතුර සිදුවූ ආකාරය ගැන තොරතුරු හෙලිකරගැනීමට පරීක්ෂණ අරඹා ඇත. දැනට වාර්ථා වී ඇති තොරතුරු අනුව මේ Boeing 777 යානය විනාශ වී ඇත්තේ ගොඩබිම සිට ප්‍රහාර එල්ල කරන ප්‍රහාරක මිසයිලයකිනි. එමෙන්ම එම මිසයිලය නිකුත් කර ඇත්තේ සෝවියට් රුසියාවේ නිශ්පාදිත BUK නම් මිසයිල ප්‍රහාරක රථයක්.

    Mh17-Crash-Reasons-6-610x611.jpg


    Mh17-Crash-Reasons-8-610x423.jpg



    SA-11 Gadfly යන නමින්ද හඳුන්වන BUK මිසයිල 1979 දී රුසියානුවන් විසින් නිර්මාණය කලේ Drones, කෘෘස් මිසයිල හා ගුවන් යානා විනාශ කිරීමටයි. රුසියානු භාෂාවෙන් BUK යනු “බීච් ගස්“ යන්නයි. මේ රථයට එකවර මිසයිල 4ක් ප්‍රවාහණය කල හැකි අතර රේඩාර් තොරතුරු සඳහා වෙනත් වාහානයක් භාවිත කරයි. BUK මිසයිල පද්ධතියකට එකවර 70Kg ක පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කළ හැකි අතර අඩි 75 000 පමණ ඉහළ ඉලක්කයක් දක්වා පහසුවෙන් පහර එල්ල කළ හැක.

    Mh17-Crash-Reasons-5-610x305.jpg


    BUK මිසයිල් ප්‍රහාරයකට පෙර යන්ත්‍රය රත් වීම සඳහා මිනිත්තු 5ක කාලයක් ගතවන අතර නැවත ප්‍රහාරයක් එල්ල කිරීමට reload කිරීම සඳහා මිනිත්තු 12ක් ගතවේ. එසේනම් මිසයිලය ඉලක්කය වෙත ළඟා වීමට ගත වන කාලය? එය නම් තත්පර 12කටත් අඩුයි. ඒ වගේම මිසයිලය යන්ත්‍රෙයන් නික්‍රත් කළ පසු එය ඉලක්කය වෙත ලඟාවීමේ ප්‍රතිශතය 90%කටත් වඩා වැඩි අගයක් බවයි කියැවෙන්නේ. යම් හෙයකින් MH17 යානය විනාශ වූයේ BUK මිසයිලයකින් නම් එය අඩු වශයෙන් ගුවන් යානයට මීටර් 20ක්වත් මෙහායින් පුපුරාගොස් ඇති බවයි විශේෂඥයන් පවසන්නේ. ඒ පිපුරුම නිසා ඇති වූ තාපය හේතුවෙන් යානයේ ඉන්ධන ගිනිගෙන එය යානය පුපුරා යාමට හේතු වී ඇත.

    එමෙන්ම BUK ප්‍රහාරක රථය MH17 ගුවන් යානයට 3 – 20km අතර දුරකින් සිට ප්‍රහාර එල්ල කර ඇති අතර ප්‍රහාරක රථයට ගුවන් යානයේ ගමන් පථය දැනුම් දීමට වෙනත් පිටස්තර රේඩාර් රථයක් යොදාගෙන ඇති බවද හෙලිව ඇත.

    Mh17-Crash-Reasons-7-610x406.png



    සාමාන්‍යෙයන් ගුවන් යානා ගමන්කරන්නේ විවිධ රේඩියෝ තරංඟ හුවමාරු සිදුකර ගනිමින්. ඒ නිසා යම් හෙයකින් ඔබ ජාතික හෝ ස්ථාපිත ගුවන් ප්‍රවාහන තොරතුරු පද්ධතියක් හා සම්බන්ධ වී ඇත්නම් ඉතාමත් පහසුවෙන් ගුවන්යානයේ ගමන් පථය ඇතුලු බොහෝ තොරතුරු ලබාගත හැක. එබැවින් මේ BUK ප්‍රහාරක රථය එවැනි තොරතුරු පද්ධතියට සම්බන්ධ වී නැතිව හෝ ඒ මඟින් ලැබුනු තොරතුරු නොසලකා හැර ඇති බවයි පෙනී යන්නේ. මන්ද එසේ වූවානම් MH17 යානය මඟී ප්‍රවාහන යානයක් බව පහසුවෙන් දැනගත හැකියි. ඒ අනුව මේ අනතුර අත්වැරදීමකින් සිදුවූ අනතුරක් බවයි පෙනි යන්නේ.

    සාමාන්‍යෙයන් BUK මිසයිලයකින් ප්‍රහාරයක් එල්ල කිරීම අතිශය පහසු වන අතර එක් බොත්තමක් තද කිරීමෙන් මිසයිලය නිකුත් කළ හැකි අතර රේඩර් පද්ධතිය සහිත රථය මඟින් මිසයිලයට ඉලක්කය හා දිශාව ආදී තොරතුරු සපයයි.


    mh17.jpg



    ප්‍රහාරයෙන් අනතුරුව යානයේ සුන්බුන් සැතපුම් 9ක පමණ ප්‍රදේශයක විසිර ඇති අතර මිය ගිය 298ක් පිරිස අතර මඟීන් 283ක් හා කාර්ය මණ්ඩලය 15 දෙනෙකු ගමන්ගෙන ඇත.

    මේ අනුව දැනට සිදු කර ඇති පර්යේෂන අනුව යානයට ප්‍රහාර එල්ල කිරීමට හේතු වී ඇත්තේ මෙසේයි. රුසියානුවනු බෙදුම්වාදීන් හා යුක්රේන හමුදා අතර පැවති සටන් නිසා රුසියානුවන් සිය ගුවන් සීමාවට ඇතුල් වීමට යුක්රේනට තහනම් කර අනතුරු අඟවා තිබින. නමුත් රුසියානු බෙදුම්වාදීන් විසින් යුක්රේන ගුවන් යානයක් ලෙස MH17 යානය වරදවා වටහා ගැනීම නිසා එම යානයට ප්‍රහාර එල්ල කර ඇත. එමෙන්ම පූටින් ප්‍රමුඛ රුසියානු බෙදුම්වාදීන්ට රුසියානු රජය එලිපිට සහාය නොදැක්වූවත් රුසියානු රජයේ සහාය බෙදුම්වාදීන්ට හිමිවන බව නොරහසක්. මේ නිසා මේ ප්‍රහාරයෙන් අනතුරුව රුසියානු රජයට එල්ල වන චෝදනා නිසා යුක්රේනය විසින් පූටින් ඝාතනය සඳහා මේ ප්‍රහාරය එල්ල කර ඇති බවට කට කතාවක් රුසියානු රජය පතුරුවයි.



    උපුටා ගැනීම: http://syco.me/2014/07/23/heres-how-malaysian-airlines-mh17-was-destroyed-in-12-seconds2452/
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,193
    8,925
    113
    Dubai
    ( BUK මිසයිල 1979 දී රුසියානුවන් විසින් නිර්මාණය කලේ... )

    BUK මිස්යිල් එක නිපදවලා තියෙන්නේ 1979. ඒ කියන්නේ දැනට අවුරුදු 35කට ඉස්සර.ඒ කාලේ මේවා නිශ්පාදනය කරා නම් දැන් රුසියාවේ තාක්ශනයත් එක්ක මොනවා හදලා ඇත්ද :baffled::baffled: