මැලේසියා යානය බ්ම දැමීම අදටත් අබ්රහසක්

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    මැලේසියා යානය බ්ම දැමීම අදටත් අබ්රහසක්

    යුක්රේනයට ඉහළ අහසේදී මැලේසියා යානය බ්ම දැමීම අදටත් අබ්රහසක්


    5533254085_704c26db72_b.jpg


    ජූලි 17 වැනිදා, 2014 වසර. මැලේසියා ගුවන් සේවයට අයත් එම්.එච්. 17 මගී ගුවන් යානය ඇම්ස්ටර්ඩෑම් නුවරින් ගුවන්ගත වූයේ මැලේසියාවේ ක්වාලාලාම්පූර් බලා පියාසර කිරීමටය. ග‍්‍රිනිච් වේලාවෙන් 12:01 ට යානය එවකට යුද ගැටුම්වලින් පිරි නැගෙනහිර යුක්රේනයට ඉහළ ගුවන් සීමාවට ඇතුළු වී පියාසර කරන්නට විය.
    පහළ යුක්රේනය එකම යුද පිටියකි. යුක්රේන හමුදා, ඔවුන්ගේ රට දැඩි මතධාරී, රුසියානු හිතවාදී සන්නද්ධ කැරැලිකරුවන්ගෙන් බේරා ගැනීමට සටන් ආරම්භ කර තිබුණි. දෙපිරිස අතර පැවැතියේ දරුණු අවි ගැටුමකි. දැඩි මතධාරී කැරැලිකාර කණ්ඩායම්වලට අවි ආයුද දෙන්නේත්, සහාය ලබා දෙන්නේත් රුසියාව යැයි යුක්රේන රජය චෝදනා නැගීය. නැගෙනහිර යුක්රේනයේ බෙදුම්වාදී කැරැලිකරුවන්ට තම හමුදාව සහාය දීමක් කරනවා යැයි රුසියාව පිළිගෙන නැත. පිළිගන්නේ ද නැත. ඊට හේතුව, යුක්රේන අර්බුදයට රුසියාව මැදිහත් වුණැයි අනාවරණය වුවහොත්, එය මොස්කව් පාලනය ලැජ්ජාවට පත් කරන කරුණක් වන නිසාය.

    අවි ගැටුම් හේතුවෙන් යුක්රේනයට ඉහළ ගුවන් සීමාව ‘ගුවන් යානා තහනම් කලාපයක්’ ලෙස නම් කර තිබුණි. සිවිල් ගුවන් යානා බොහොමයක් ඒ වනවිටත් නැගෙනහිර යුක්රේනයට ඉහළින් ගුවන් සීමාව මඟ හැර යෑම ආරම්භ කර තිබුණි. කෙසේ නමුත් එම්.එච්. 17 ගුවන් යානය, යුක්රේන ගුවන් සීමාව මඟ හැර ගියේ නැත. මැලේසියා යානය පියාසර කරන්න වූයේ ගුවන් තහනම් කලාපයේ සිට අඩි දහස් ගණනක් ඉහළිනි. එතරම් ඉහළින් පියාසර කරද්දී, අනතුරක් වේවි යැයි යානයේ නියමුවන් හෝ මගීන්ට හෝ සි​ෙතන්නට නැත.

    ග්‍රිනිච් වේලාවෙන් 1:20 වනවිට, මැලේසියා ගුවන් යානය හිටිහැටියේ පුපුරා විනාශ විය. ඒ, ඩොනෙස්ක් නමැති යුක්රේන නගරයට උතුරු දෙසින් අහසේ ය. බිමට වැටුණු යානයේ කොටස් සහ පිලිස්සුණු සිරුරු කොටස් වර්ග සැතපුම් 19 ක් ප‍්‍රදේශයක් පුරාවට විසිරිණි. එම අවස්ථාවේ යානයේ සිටි පිරිස 298 කි. ඒ, නියමුවන් සහ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් ද සමඟය. යානය පිපිරී විනාශ වීමෙන් කිසිවකු දිවි බේරා ගත්තේ ද නැත.



    mh17-2_3107711b.jpg

    එය ලොවම කම්පා කළ මහා ඛේදවාචකයක් විය. යානයට සිදුවුණේ කුමක්දැයි දැනගැනීම අත්‍යාවශ්‍ය විය. ඊට හේතුව ඒ වනවිටත් තවත් මැලේසියා යානයකට ඛේදනීය ඉරණමක් අත්වීමය. ඒ, මැලේසියා ගුවන් සේවයට අයත් එම්.එච්. 370 යානයයි. 370 යානය අතුරුදන් වී තිබුණි. එම්.එච්. 370 ගුවන් යානය මගීන් 227 දෙනකු ද සමඟ ලොවෙන් සඳහටම අතුරුදන් වූයේ 2014 වසරේ මාර්තු 8 වැනිදාය. ඒ වනවිට එය මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට චීනයේ බීජීං බලා පියාසර කරමින් තිබුණි. අද වනවිට එම්.එච්. 370 යානයේ අතුරුදන් වීම ‘නොවිසඳුණු අබිරහසක්’ බවට පත්වී අවසන්ය.

    එම්.එච්. 17 ගුවන් යානය පුපුරා විනාශ වුණේ එය ප‍්‍රහාරයකට ලක් වීමෙන් නම්, යානයට පහර දුන්නේ කවුරුදැයි යන්න දැන ගැනීම අවශ්‍ය විය. යානයට සිදුවුණේ කුමක්දැයි දැන ගන්නට මැලේසියානු බලධාරීහු පමණක් නොව, ලොව සැවොම යුහුසුලු වූහ. යුද පිටියකට ඉහළින් පියාසර කළ යානය විනාශ වූයේ එය ප‍්‍රහාරයකට ලක්වීමෙන් යැයි බොහෝ දෙනාගේ අනුමානය විය. පහර දී යානය විනාශ කළේ රුසියානු හිතවාදී, බෙදුම්වාදී කැරැලිකරුවන් යැයි යුක්රේන රජය චෝදනා කළේය.
    යානය විනාශ කළේ පොළොවේ සිට උඩු ගුවනට විදිය හැකි දිගු දුර මිසයිල යොදා ගෙන යැයි ද පැවැසිණි. මේ අතර, රුසියාව කියා සිටියේ යුක්රේන ගුවන් හමුදාවට අයත් ප‍්‍රහාරක ජෙට් යානයක් මැලේසියා මගී යානයට පහර දුන් බවය. මැලේසියා යානයේ විනාශය සම්බන්ධ රුසියානුවන් ඇඟිල්ල දිගු කළේ යුක්රේන හමුදාවටය. ඔවුන් ඇඟිල්ල දිගු කළා පමණක් නොව, චෝදනා ඔප්පු කිරීමට සාක්ෂියක් ද ඉදිරිපත් කළේය. එම සාක්ෂිය චන්ද්‍රිකා ඡායාරූපයකි. කෙසේ නමුත් ලෝකයාගේ ඇසින්, මගී යානය විනාශ කිරීමේ සිදුවීමේදී අංක එකේ සැකකරු වූයේ රුසියාවය. යානය විනාශ වීමේ සිද්ධියට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැතැයි ඔප්පු කිරීමට රුසියාව ප‍්‍රබල සාක්ෂි ඉදිරිපත් කළ යුතුව තිබුණි. ඔවුන් චන්ද්‍රිකා ඡායාරූප එළිදැක්වූයේ ඒ අනුවය.

    රුසියානුවන් ලොවට ඉදිරිපත් කළ චන්ද්‍රිකා ඡායාරූපයේ මැලේසියානු මගී ගුවන් යානය පියාසර කරනු පෙනෙයි. ඡායාරූපයේ පහළ කෙළවරක ඇත්තේ ප‍්‍රහාරක ජෙට් යානයකි. ප‍්‍රහාරක යානය මගී ගුවන් යානය දෙසට මිසයිලයක් එල්ල කර ඇති බව ද ඡායාරූපයේ පැහැදිලිව පෙනෙයි. ඒ අනුව, මගී යානයට මිසයිල ප‍්‍රහාරයක් එල්ල වුණු බවත්, එයින් යානය විනාශ වුණු බවත් රුසියානුවෝ පෙන්වා දුන්හ.

    චන්ද්‍රිකා ඡායාරූපය රුසියානුවන් විසින් ඔවුන්ගේ ‘ඇඟ බේරා ගැනීමට’ කළ දෙයක් බවට සැක පහළ කළේ ඇමෙරිකාවය. යුක්රේන අර්බුදය මුල්කොට ගනිමින් ඇමෙරිකාව සහ රුසියාව අතර විරසකයක් නිර්මාණය විය. එම විරසකය අද ඩොනල්ඩ් ට‍්‍රම්ප් පරිපාලනය තෙක් දිග්ගැස්සී ඇත. යුක්රේන අර්බුදය නිර්මාණය වෙද්දී, ඇමෙරිකාවේ ජනපති ධුරයේ කටයුතු කළේ බැරැක් ඔබාමාය.

    බැලූ බැල්මට චන්ද්‍රිකා ඡායාරූපයට අනුව, රුසියානුවන් කියන දේ පැහැදිලිය. යුක්රේන ගුවන් හමුදාවේ ප‍්‍රහාරක යානය, මැලේසියානු මගී යානය වෙත මිසයිල ප‍්‍රහාරයක් එල්ල කරන බව පෙනෙයි. එය ප‍්‍රබල සාක්ෂියකි. ඒත් ඡායාරූපය සැබෑවක්ද යන්න ගැටලුවක් සැකයක් මතුවූයේ මෙම අවස්ථාවේදීය.

    ජගත් වෝහාරික විශ්ලේෂකයෝ ඡායාරූපය සියුම්ව පරීක්ෂාවට ලක් කළහ. ඔවුන්ගේ පළමු අවධානය යොමු වූයේ යුක්රේන ගුවන් හමුදා ප‍්‍රහාරක යානය කෙරෙහි ය. රුසියාව කළ නිවේදනයෙහි සඳහන් වූයේ එම ප‍්‍රහාරක යානය යුක්රේන ගුවන් හමුදාවට අයත් එස්.යූ. 25 වර්ගයේ ප‍්‍රහාරක ජෙට් යානයක් කියාය. කෙසේ නමුත්, චන්ද්‍රිකා ඡායාරූපයේ පෙනෙන්න ඇති ප‍්‍රහාරක යානය එස්.යූ. 25 වර්ගයේ ජෙට් යානයක් නොවිණි.

    ඡායාරූපයේ දකින්න ලැබෙන්නේ එස්.යූ. 26 වර්ගයේ ප‍්‍රහාරක ජෙට් යානයකි. එස්.යූ. 25 සහ එස්.යූ. 26 ජෙට් යානා හැඩයෙන් සම්පූර්ණයෙන්ම එකිනෙකට වෙනස් ය. මෙම යානා දෙකම රුසියානු නිෂ්පාදනය. එහෙයින්, රුසියානු රජයට එස්.යූ. 26 ජෙට් යානය, එස්.යූ. 25 යනුවෙන් වැරදීමක් වීමට ඉඩක් නැත.

    ඇමෙරිකන් ගුවන් හමුදා ප‍්‍රවීණයෝ එක් වී ඡායාරූපයේ තවත් අසාමාන්‍ය දෙයක් ලොවට පෙන්වා දුන්හ. ඡායාරූපයේ පෙනෙන විදියට ප‍්‍රහාරක යානය මගී යානයට මිසයිල ප‍්‍රහාරය එල්ල කරන්නේ පැත්තෙනි. සාමාන්‍යයෙන්, හොඳින් පුහුණුව ලැබූ ප‍්‍රහාරක යානා නියමුවකු කිසිම අවස්ථාවක මෙලෙස මිසයිල ප‍්‍රහාර එල්ල කරන්නේ නැත. උඩු ගුවනේ දී සතුරු යානයකට පහර දීමක් කරන්නේ නම්, එය කරන්නේ එම සතුරු යානයේ පිටුපසට ගොසිනි. ඉලක්කය නිවැරදි වන්නේ එවිටය. ඒ, තාප ග‍්‍රාහක මිසයිල සහ රේඩාර් සටහන් අනුව නිවැරදි ඉලක්කය ලබා ගනිමිනි.

    image_c61c17cdaf.jpg
    රුසියාව ඉදිරිපත් කළ ඡායාරූපයේ ඇත්තේ මැලේසියානු ගුවන් සේවයට අයත් එම්.එච්. 17 යානය නොවේ යැයිද සැකයක් නිර්මාණය විය. ඒ, යානය හොඳින් අධ්‍යනය කරද්දීය. විශ්ලේෂකයෝ ඡායාරූපයේ ඇති යානය විශාලනය කළ එහි සියලු කරුණු කාරණා සියුම් ලෙස පරීක්ෂා කළහ. යානයේ ඉදිරිපස කොටසේ බඳේ ගුවන් යානා සමාගමට අයත් ‘ලෝගෝ’ (ලාංඡනය) සටහන් කර තිබේ. ඒත් ගැටලුව නම්, මැලේසියා ගුවන් සමාගම ඔවුන්ගේ ලාංඡනය සටහන් කර ඇත්තේ යානයේ ඉදිරිපස කොටසේ බඳෙහි නොවෙයි. එම්.එච්. 17 ගුවන් යානයේ ‘මැලේසියා’ යන ලාංඡනය සටහන් කර තිබුණේ යානයේ තටු දෙකට ඉහළින් යානයේ බඳ මැදට වෙන්නටය. ඒ අනුව, චන්ද්‍රිකා ඡායාරූපයේ ඇති යානය මැලේසියා ගුවන් යානයක් හෝ එම්.එච්. 17 ගුවන් යානය හෝ නොවෙයි. එසේ නම් චන්ද්‍රිකා ඡායාරූපයේ ඇති යානය කුමක්ද? එය අබිරහසකි.

    විශ්ලේෂකයන්ගේ අවධානය මීළඟට යොමු වූයේ චන්ද්‍රිකා ඡායාරූපයෙන් පෙනෙන පහළ භූමිය කෙරෙහිය. ගුවන් යානය මෙන්ම පහළ භූමි ප‍්‍රදේශය ද ‘බොරුවක්’ බවට සැක පහළ විය. පවතින ‘ගූගල් අර්ත්’ චන්ද්‍රිකා ඡායාරූපයකට, ගුවන් යානයේත් ප‍්‍රහාරක යානයේත් මිසයිල ප‍්‍රහාරයේත් දසුන් බද්ධ කර නව ඡායාරූපයක් නිර්මාණය කරන්න ඇතැයි සැක මතුවිය. ප‍්‍රහාරක ජෙට් යානයට පහළින් ඇති භූමියත්, මගී ගුවන් යානයට පහළින් ඇති භූමියත් එකිනෙකට වෙනස් ස්ථාන දෙකක් පමණක් නොව, එකිනෙකට වෙනස් දින දෙකකදී ඡායාරූප ගත කළ ඒවා බව විශ්ලේෂකයෝ පෙන්වා දුන්හ. ප‍්‍රධාන ඡායාරූපය ‘ගූගල් අර්ත්’ චන්ද්‍රිකා ඡායාරූපයකි. ගූගල් අර්ත් යනු, ගූගල් සමාගමේ අනුග‍්‍රහයෙන්, චන්ද්‍රිකා ඇසුරින් ලබා ගන්නා පෘථිවියේ ඡායාරූපය. ප‍්‍රහාරක යානය පහළින් ඇති භූමි ප‍්‍රදේශය රුසියානු චන්ද්‍රිකාවක් විසින් රුසියාවේ යැන්ඩෙස්ක්ස් නමැති පළාතේ ගත් ඡායාරූපයකි.

    ඒ අනුව, සියලුම කරුණු කාරණා සලකා බලද්දී, එම්.එච්. 17 මගී ගුවන් යානය හිටිහැටියේ උඩුගුවනේදී පුපුරා යෑමේ සිද්ධිය අවුල් ජාලයකි. රුසියාව ලොවට ඉදිරිපත් කළේ ව්‍යාජ ඡායාරූපයකි. සිදුවී ඇත්තේ ලොකු ප්‍රෝඩාවකි. සැබැවින්ම සිදුවුණේ කුමක් දැයි කාටවත් කිව නොහැකිය. යානය පහර දී බිම දැම්මේ රුසියානුවන් ද? එය වසං කිරීමට ඔවුන් යුක්රේනයට ඇඟිල්ල දිගු කළා ද? බොරු චන්ද්‍රිකා ඡායාරූපයක් ඔවුන් ඉදිරිපත් කළේ ඒ නිසා ද? මෙම ප‍්‍රශ්නවලට පිළිතුරු ලැබී නැත.

    කෙසේ නමුත්, රුසියාව එම චන්ද්‍රිකා ඡායාරූපය ප‍්‍රසිද්ධියට පත් කර මාස 11ක් ගතවෙද්දී, සිදුවුණේ කුමක්දැයි සෙවීමට මැලේසියානු රජයට සහාය දැක්වීමට ඉදිරිපත් වුණු නෙදර්ලන්ත පර්​ෙ‌ය්ෂකයන්, යානයේ ඉතිරි වුණු සුන්බුන් කොටස් සොයා ගෙන ඒවා, එකලස් කරමින් යානය හැකිතාක් යළි ප‍්‍රති නිර්මාණය කර තිබුණි.

    ඉන්පසු ඔවුහු එම්.එච් 17 යානයේ ඛේදවාචකය සම්බන්ධයෙන් ඉතා සවිස්තර වාර්තාවක් නිකුත් කළහ. ඔවුන්ගේ අවසන් නිගමනය වී තිබුණේ භූමියේ තිබූ රුසියානු මිසයිල විදිනයක් එල්ල කළ මිසයිල ප‍්‍රහාරයකින් යානය විනාශ වුණු බවය. ගුවනේ සිට එල්ල කළ මිසයිල ප‍්‍රහාරයක් පිළිබඳ කිසිදු සාක්ෂියක් ඔවුන්ට සොයා ගැනීමට හැකියාව ලැබී නැත. එම්.එච් 17 යානය පහර දී බිම දැමූ බව පැහැදිලිය. එය කළේ යුක්රේනයේ රුසියානු හිතවාදී බෙදුම්වාදීන් හෝ රුසියානු හමුදාව හෝ විය හැකිය. මේ වනවිට යුක්රේනයේ ක්‍රිමියා පළාත රුසියාව විසින් අත්පත් කරගෙන සිටී. යුක්රේන බෙදුම්වාදීට සහාය දෙන බවට හෝ රුසියානු හමුදාව යුක්රේන අර්බුදයට මැදිහත් වන බවට හෝ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අදටත් පිළිගෙන නැත. ඒ අනුව, එම්.එච් 17 යානය විනාශ කිරීමට, මිසයිල ප‍්‍රහාරය එල්ල කළේ කවුරුදැයි යන්න අබිරහසකි.

    image_02fadb9a14.jpg










    ලුසිත ජයමාන්න
    ‘වට් ඔන් අර්ත්’ ඇසුරිනි



    _77485340_mh17_debris_satellite_624.jpg
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    අඩේ අකුරු ටිකක් පොඩියට දාපංකෝ.. :sorry:
    ත්‍රෙඩ් එක කොච්චර වැදගත් උනත්
    සිබිල් වෙත්තසිංහ නැන්දගේ කතන්දර පොතක් කියවනවා වගේ වටේ උන්ට පේන්නේ..:baffled: