2016 වසරේ ආගන්තුකයා, මැස්ඩා MX - 5 Miata 
1886 වසරේදී මොටර් රථය නිපදවීමත් සමග ලොව තුල මහා පෙරලියක් ඇති විය. එදා පටන් මේ දක්වා විවිධ වෙනස්කම් සිදු වෙමින් නවීකරණයන්ට බදුන් වෙමින් මෝටර් රථය මිනිසුන්ගෙ ජිවිත වලට වඩ වඩාත් සමීපවන්නටද විය. මුල් කාලයේ ගමන් බිමන් පහසුව උදෙසා යොදාගත් මෝටර් රථය මෑත කාලයේදී විනෝදාත්මක කටයුතු වලට ද යොදාගනු ලැබීම විශේෂ ලක්ෂණයකි.
කාලයත් සමග විවිධ සමාගම් බිහි වෙමින් නවීන පන්නයේ සුව පහසුකම් වලින් පිරි මෝටර් රථ වර්ග මහජනයා අතරට පත් කරවන්නට විය. පසුගියදා මැස්(z)ඩා සමාගම විසින් සිය 25 වන සංවත්සරය වෙනුවෙන් ඔවුන්ගේ නවතම මෝටර් රථ නිර්මාණය එළි දක්වන්නට යෙදුන අතර 2016 වසරේදී මෙම මෝටර් රථය මහජනයා අතරට පත් කරන බවද එහිදී දැනුම් දෙන ලදී. මෙම මෝටර්ර රථය ඔවුන් හදුන්වා දී ඇත්තේ MX-5 miata යනුවෙනි.
ඔස්ටින් හේලි නම් බ්‍රිතාන්‍ය ජාතික මෝටර් රථ නිර්මාණකරුවා පවසන ආකාරයට මෙය MGB සහ Lotus Elan යන මෑත කාලයේ සුප්‍රකට මෝටර් රථ නිර්මාණයන්ට වඩා බෙහෙවින්ම වෙනස් ස්වරූපයක් හා සුවපහසුකම් ද සහිතව නිෂ්පාදනය කර ඇති නිසා මෙම රථයට මෝටර් රථ වළදපොලේ සැලකිය හැකි ප්‍රමාණයක ඉල්ලුමක් අපේක්ෂා කළහැක. මෙම වසරේ මුල් භාගයට ප්‍රථම New York නුවර ප්‍රදර්ශනයකදී MX-5 හි යටි තහවුරුව සහ නිර්මාණ සැලසුම පිළිබදව ගෙනහැර දැක්වුව ද මෙහි සැබෑ ආකෘතිය පෙන්වනු ලැබුවේ පසුගියදා Monterey නුවරදීය. මෙහිදී අදහස් දැක්වූ Mazda නිර්මාණ අධ්යක්ෂ Derek Jenkins මහතා පවසා සිටියේ ප්‍රතිනිර්මාණය කරන ලද නවතම MX-5 මෝටර් රථය සාම්ප්‍රදායික මෙන්ම නවතම මෝටර් රථ විකුණුම් වෙළද පොලේ සමබරතාව රැකීමට නව විලාසිතාවකින් සහ සුව පහසුකම් ද සහිතව නිර්මාණය කොට ඇති බවයි.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ Jenkins මහතා පවසා සිටියේ මෑත කාලයේ හදුන්වා දෙන ලද මෝටර් රථ වලට වඩා ඉදිරිපස පෙනුමවඩාත් තියුණු මෙන්ම පහත් ස්වරූපයක් පෙන්නුම් කරන බවයි. මෙමගින් මෝටර් රථයට සැබෑම ආකර්ෂණීය බවක් එක් වී ඇත. ඊට අමතරව ප්‍රමාණය සහ බර පිළිබදව සලකා බැලීමේදීද මෙය සිත් ඇදගන්නා සුලු මෝටර් රථයක් බවද හෙතෙම නැවත නැවතත් කියා සිටියේය.
MX-5 මෝටර් රථය සැලසුම් සහගත නිර්මාණශීලී එකක් වන අතරම පළල් හැඩයකින් ද යුක්ත වීම විශේෂත්වයකි. තවද, මුලු අතර ස්ථාවරත්වය මෙන්ම දරා ගැනීමේ ශක්තිය අතින් ද මෙය ඉතා ඉහළ මට්ටමක ඇත. දකින්නවුන් මවිත කරවන ආකාරයේ BMW Z4 හි පෙනුමත් Honda S2000 හි පෙනුමත් ඇති MX-05 එයට ආවේණික වූ අනන්‍යතාවයකින් යුක්තවනිර්මාණය කොට ඇත. තවමත් මිල පිළිබදව කිසිදු සදහනක් නොකළ ද, මෙය 2015 වසරේදී උතුරු ඇමරිකාවේදී වෙළද පොලට නිකුත් කිරීමට නියමිතව ඇත.

Last edited: