මෑටි ඈමති ගේ කාලීන තීරණයක්

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    117771862_2734371396819058_3564052638546592028_o.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය මනුස්සට මැටි ඇමති කිය කියා විහිලු කරපු ගු ඇන් පි කාරයො කෝ දැන්?????????????? බලන් ගියාම උන් අවුරුදු 5ක් මැටි අමාත්යශ්ය කරන් ගිහින් තියෙන්නෙ ලෝක වෙලද මධ්යස්තානෙ මාසෙට ලක්ශ 80 කුලියකුත් ගෙවල,මොක්කුද මැට්ටො කියල පේනවනෙ දැන් හැමෝටම...
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔය මනුස්සට මැටි ඇමති කිය කියා විහිලු කරපු ගු ඇන් පි කාරයො කෝ දැන්?????????????? බලන් ගියාම උන් අවුරුදු 5ක් මැටි අමාත්යශ්යා කරන් ගිහින් තියෙන්නෙ ලෝක වෙලද මධ්යස්තානෙ මාසෙර ලක්ශ 80 කුලියකුත් ගෙවල මොක්කුද මැට්ටො කියල පේනවනෙ දැන් හැමෝටම...

    ඔවු නේද බන්. මුන් පට්ට ආතල් එකක් අරන් තියෙන්නේ.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඔය මනුස්සට මැටි ඇමති කිය කියා විහිලු කරපු ගු ඇන් පි කාරයො කෝ දැන්?????????????? බලන් ගියාම උන් අවුරුදු 5ක් මැටි අමාත්යශ්ය කරන් ගිහින් තියෙන්නෙ ලෝක වෙලද මධ්යස්තානෙ මාසෙට ලක්ශ 80 කුලියකුත් ගෙවල,මොක්කුද මැට්ටො කියල පේනවනෙ දැන් හැමෝටම...
    මට පේන විදිහට මේ අවරුදු 10 යේ hit ම ඇමති මූ වෙයි වගේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,395
    49,772
    113
    සේදවත්ත
    ඔය මනුස්සට මැටි ඇමති කිය කියා විහිලු කරපු ගු ඇන් පි කාරයො කෝ දැන්?????????????? බලන් ගියාම උන් අවුරුදු 5ක් මැටි අමාත්යශ්ය කරන් ගිහින් තියෙන්නෙ ලෝක වෙලද මධ්යස්තානෙ මාසෙට ලක්ශ 80 කුලියකුත් ගෙවල,මොක්කුද මැට්ටො කියල පේනවනෙ දැන් හැමෝටම...
    උබ නිශාන්ත වික්‍රමසිංහව දන්නවද . එයාර් ලංකා එකේ අය දන්නවා
    උබ උදයංග වීරතුංග දන්නවද එයාර් ෆොස් එකේ අය නම් දන්නවා
    උබ කබ්‍රාල්ව දන්නවද එංගලන්තේ උසාවියනම් දන්නවා එයාව හෙජින් කියලා

    මෙයාලනම් රටේ ජාතික දනයෙන් කිසිම දෙයක් කරලා නැ හරි හොද මිනිස්සු
     
    Sen-lu

    Well-known member
  • හරි ඉතින් රනිල් ලොක්ක කිව්වනෙ ග්‍රාමීය කර්මාන්ත ලෝක වෙළෙඳපලට ගෙනියනව කියල. 😁

    ප්‍රසන්න ලොක්කට වැඩ කරන්න උණ තියෙනව වගේ. මේව හොඳ වැඩ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    මහින්ද තරුණ කාලෙ පෙනුම තියෙන්නෙ. මූත් ඒ වගේ හොඳ වැඩ්ඩෙක් වගෙ
    සමහරක් විට මූ වැඩක් කරලා පෙන්නුවොත් පක්ෂෙ ඇතුලෙම හොඳ තැනකට එන එක බැරි දෙයක් නෙමෙ. සමහර්ක් උන් වගෙ කෙඳිරි ගැවෙ නැහැ දුන්න අමාත්‍යංශෙ වැඩෙ කරගෙන යනවා වගෙ .බලමු තාම උඩින් තියන්න එපා එකපාරටම වැඩක් කරන්න දීලාම ජජ් කරමු .
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    මැටි කර්මාන්තය සහ මැටි ඇමතිවරයා මේ දවස්වලසමාජ මාධ්‍යයේ වෛරල් වන ප්‍රධාන මාතෘකාවයි.
    මැටි ඇමතිවරයා සහ මා අතරද අපුරු සම්බන්ධයක් තිබේ.
    මම අපොස උසස් පෙලට සුදානම් වෙන දවස්වල ප්‍රසන්න සා.පෙල සිසුවෙකි. ඔහු හත පමනක් පාස් මැට්ටෙක් යන්න පට්ට බොරුවකි. ඔහු සහ මම දෙදෙනාම පාඩම් කටයුතු සදහා වත්තල පුස්තකාලය පාවිචි කල අතර ඔහුට අපහසු ගනන් කොටස් අසා ගැනීමට මා ලගට පැමිනෙයි. ඔහු එදවස මැරැටියෙකු නොවු තරමක් අහිංසක කොලුවෙකි. ඔහු අපොස උ.පෙල පවා ලීවීය.
    පසු කලෙක ඔහු කැළණිය ප්‍රදේශීය සභාවේ සභාපති ලෙස වැඩිම මනාපයෙන් පත්වු අතර එදා සිට ඔහුගේ මැර සහ ජඩ ජීවිතය ඇරඹිනි.
    ඊට ප්‍රධාන හේතුව ඔහුගේ ස්වාමියා වුයේ කැළණිය ආසනයේ මන්ත්‍රි කැබිනට් ඇමති මර්වින් සිල්වා වීමයි. ඔහුගේ සියලු ජඩ වැඩ වල ප්‍රධාන සහයකයාවුයේ ප්‍රසන්නයි.
    මර්වින් සමග එකතුවු ප්‍රසන්න කැළණිය උලා කෑවේය.
    අවුරුදු ගනනාවකට පසුව නැවත ප්‍රසන්නව මට හමුවුනේ කිරිබත්ගොඩ විහාර මහ දේවි බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රධාන උත්සවයේදියි.
    එම උත්සවය එවක අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේම ජයන්තගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුන අතර එවක පැවති මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ ප්‍රතිපත්තියක් අනුව පලාතේ මැති ඇමතිවරුන් පලාතේ සියලු පාසල් උත්සවයන්ට සහභාගි කරගත යුතු නිසා මර්වින් සිල්වාද ඊට සහභාගිවිය.
    එම උත්සවය සදහා විශේෂ ආරාධිතයෙකු ලෙස මාද සහභාගි වුන අතර මට උත්සව සභාව අමතා කතාවක් කිරීමටද නියමිතව තිබිනි.
    විහාර මහ දේවි බාලිකාව අසල පාලුවට ගිය හිස් නිවසක් හා ඉඩමක් තිබුන අතර පාසලේ වසර 26 ක ඉතිහාසය තුල එම ඉඩම අත්පත් කරගැනීමට පාසැලට නොහැකිවිය.
    මගේ දරුවා පාසැලට ඇතුලු කල අවුරුද්දේ මගේ ප්‍රධානත්වයෙන් එම ඉඩම මිලදි ගැනීම සදහා අරමුදලක් පලමුවෙනි ලක්ෂයක මුදල ඊට පරිත්‍යාග කර ඇරඹු අතර දෙමව්පියන් තමන්ට හැකි පමන ඊට මුදල් පරිත්‍යාග කලහ. අපගේ අරමුණ වුයේ ත්‍යාග ප්‍රධාන උත්සවයේදි ඉඩමේ ඔප්පුව අධ්‍යාපන ඇමතිවරායට පිලි ගන්වා පස් මහල් ගොඩනැගිල්ලක් රජයේ සහ පාසල් සංවර්ධන සමිතියේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස තැනීමට ඔහුගේ කැමැත්ත ගැනීමයි. ත්‍යාග ප්‍රධාන උත්සවය කිට්ටු වන විට ඉඩම මිලදීගැනීම සදහා තව ලක්ෂ දෙකක මුදලක් මදිපාඩු වු අතර මගේ දරුවගේ පාසැල වෙනුවෙන් එයද මවිසින් පරිත්‍යාග කර අවසානයේ අපි ඉඩම මිලදි ගත්තෙමු.
    මේ මුලු උත්සවයම වලං කඩේට පැන්න ගොනා සේ මර්වින් සිල්වා විනාශ කරදැමීය. එමගින් විහාර මහ දේවියේ ප්‍රභල ගොඩනැගිලි හිඟයට පිලියමක් ලෙස ගොඩනැගීමට සිටි පස් මහල ඊට අහිමි විය.
    විහාර මහ දේවිය සහ ප්‍රසන්න අතර අනවරත ගැටුමක් විය. ඔහු කැළණියේ පලමුවන පුරවැසියා බවත් කැළණියේ ඔහුට ඕනෑ දෙයක් කරන්න පුලුවන් බවත් ඔහුගේ මතය විය. ඒ නිසා සෑම වසරකම ලමයි පස් හය දෙනෙක් වත් ඔහුගේ ලිස්ට් එකෙන් පාසැලට දමා ගැනීමට වලි දැමීය. නොගනි නම් පාසැලේ සහ අවට කුණු පිරිසිදු නොකර අපමන බාධා කලේය. ඔහුගේ දරුවන්ද එවකට ඉගන ගත්තේ එම පාසැලේමය.
    අතර මගදි උත්සවයට පැමිනි මර්වින් සිල්වා ඉදගත්තේ විදුහල්පතිතුමිය සහ මා අතරය.
    ඉදගත් විගස ඔහු ඇසුවේ "ඇයි මේ අපේ ප්‍රසන්නට ඉස්කෝලෙට එන්න දෙන්නේ නැත්තේ මිනිහටත් අයිතියක් තියෙනවනේ මේවට, කෝ මේ ප්‍රසන්න", කියා දුරකතනයෙන් කතා කොට ඔහුවද ගෙන්වා ගත්තේය.
    මා එවෙලේ ඔහුව හදුන ගත්තේය. අපිත් සමග ලයිබ්රරියේ පාඩම් කරපු එකා දැන් ප්‍රදේශීය සභාවේ සභාපතිවී ඇත. ඉදිරි පේලියේ සිටි නියෝජ්‍ය විදුහල්පතිනියක් පිටුපසට යවා ඔහුවද ඉදිරි පෙල හිදවා ගතිමු.
    මර්වින් සිල්වා තෑගි දීමට වේදිකාවට නැගුනු විට මා ඔහු ලග අසුනේ ඉදගෙන මාව අදුනනවාදැයි ඇසුවෙමි. " අම්මට සිරි චමිර අයියනේ, අයියා මොකද මෙහේ යයි ඇසීය. මගේ කෙල්ලත් මේකට එන්නේ, අද උත්සවයට එන්න යයි අරාධනා කලා ඒකයි ආවේ යයි පැවසුවෙමි".
    "ඒකනේ අයියේ මගේ කෙල්ල එන්නෙත් මේකට, මම කැළණියේ පලවෙනි පුරවැසියා ඒවුනාට මහ ගෑණි (විදුහල්පතිනිය) මට මෙලෝ මගුලකට එන්න කියන්නේ නෑනේ, ඒක නිසා අපි අද බලෙන් ආවා යයි පැවසීය. " හරි හරි , ලොක්කි මං එක්ක ෂේප්, මං වැඩේ ගොඩ දාන්නම්, ඔයා ඉස්සෙල්ලා කුණු ටික ඇදලා දානවකෝ, පොඩි ලමයිටනේ මල්ලි ලෙඩ හැදෙන්නේ" යැයි මමද මොත්තයක් දැම්මෙමි.
    ඉන් පසුව මට ප්‍රසන්නව හම්බ වන්නේ ඊට අවුරුද්දකට පසුව විහාර මහ දේවියේදීමයි.
    එය ඉතා රසවත් කතාවකි.
    මර්වින් සිල්වා ඒ අවුරුද්දේ ඉතා අපුරු ව්‍යාපාරයක් පටන් ගෙන තිබිනි. ඔහු විහාර මහ දේවියට ලමයි දාල දෙන්නම් කියා ලමයි සීයකගෙන් (විශ්වාස කරන්න) ලක්ෂ දෙක ගානේ කෝටි දෙකක් අරන් තිබිනි. ඔහුගේ සැලැස්ම වී තිබුනේ විහාර මහ දේවියට මීටර් දෙතුන් සීයක් දුරින් වු ඊරිය වැටිය මිශ්‍ර පාසැලේ පන්ති දෙකක් විහාර මහ දේවියේ නමින් පටන් අරන් දිගටම කප්පං වැඩේ කරගෙන යෑමයි. ඔහු ඒ ආදර්ශය අරගෙන තිබුනේ මට මතක විදියට කලුතර රත්තරං ගෙනි.
    මෙය පාසැලට ආරංචි වු පසුව පාසැලට ගිනි ඇවිලිනි. හැප්පෙන්න තිබුනේ ආන්ඩුවේ ප්‍රමුඛතම මැරයාවු මර්වින් සමගය. සිරසට ගල් ගසා, රෑපවාහිනියට පැන තීන්ත නාගෙන ඊට පසු ගැහැනියගේ පිට දැලි පිහියෙන් කපා කැලනියේ සියලු කඩ සාප්පු වලින් කප්පං අරං භීෂණය වැපුරු මර්වින් සමගය.
    පාසැල, සංවර්ධන සමිතිය, ආදිශිෂ්‍ය සංගමය සටන මෙහෙයවීමට සුදුසු සෙන්පතියා ලෙස මාව තෝරාගෙන තිබිනි.
    පුසාගේ කරේ ගෙජ්ජිය බැදීමට නියමිත මීයා මම විය.
    මම පාසැලට ගියෙමි. විදුහල්පතිනිය ඇතුලු පිරිසගේ අසරන බාවය දුක හිතෙන සුලුය.
    මීට එරහිව ගතයුතු ක්‍රියාමාර්ග ගැන කතාකිරීමට පාසැල් සංවර්ධන සමිතිය සහ ආදි ශිෂ්‍ය සංගමයේ විදායක කමිටුව කැදවන ලෙස මම උපදෙස් දුන් අතර වට දෙකක සාකච්ජා වලින් පසුව දෙමවිපියන් කැදවා අනුමැතිය ගෙන ඊට එරෙහිව නිහඩ පිකට් එකක් කිරීමට කතිකා කර ගත්තෙමු.
    අපි විසින් කල සාකච්ජා සංවර්ධන සමිතියේම සිටි මර්වින්ගේ ගෝලයෝ සජීවීව ඔහුට ඇසීමට සලස්වා තිබු අතර පිකට් එකේ මහ මොලකරු වන මගේ අඩු කඩන්න මර්වින් නියෝග කර තිබිනි.
    පසු දින පාසැලට රැස්වි ජාතික කොඩි, බෞද්ධ කොඩි සහ පාසැල් කොඩි රැගෙන පෙලපාලියෙන් කිරිබත්ගොඩ හංදියට ගොස් පිකට් එක කිරීම අපේ සැලැස්ම විය.
    උදේ නවයේ සිට කිරිබත්ගොඩ හංදියේ සහ පාසැල අසල රැස්වු මැරයෝ පිකට් එකට සහභාගි වීමට පැමිනිමින් සිටි දෙමවිපියන්ට බිත්තර ප්‍රහාර එල්ල කරන ලද අතර පාරවල් අවහිර කරමින් ඩබල්කැබ් සහ වැන් නතර කර කඩු පොලු මුගුරු දෙමව් පියන් බය වෙන පරිදි එහෛට මෙහෙට වනන්නට විය.
    බයවුන බොහෝ දෙමවිපියන් හැරි ගිය අතර පාසැල අතහැර නොබියව ඉතිරිවු පිරිස ආදි ශිෂ්‍යා දෙමව්පියන් බව ඔවුන්ට කරන ගෞරවයක් ලෙස ලියා තැබිය යුතුය.
    එසේ දෙමවිපියන් බියෙන් පලායන නිසා අපේ සැලැස්ම වෙනස් කරමින් දවල් 12 ට කුඩා ලමයි රැගෙන යන්න එන දෙමව්පියන් එකතු කරන් පිකට් එක කිරීමට අපි තීරණය කෙලෙමු.
    පාසැල ලග සිටි මැර කල්ලිය මෙහෙය වන ලද්දේ ප්‍රසන්න රණවීරයි. ඔහුට අදාල උපදෙස් දෙමින් මර්වින් සිල්වා කිරිබත්ගොඩ හංදියේ පැජරෝව නතර කරන් සිටිනු දැකිය හැකිවිය.
    කිරිබත්ගොඩ විහාර මහාදේවිය අසල මාර යුද්ධය රෑපවාහිනි නාලිකා වලින් Breaking News ලෙස සජීවීව දෙන්නනට පටන් ගත් අතර රටේ අවදානය එදෙසට යොමුවිය.
    මෙවෙලේ ප්‍රසන්න විසින් සිරස මාධ්‍යවේදියට බෙල්ලෙන් අල්ලා පහර දුන් අතර අනෙක් මාධ්‍ය එය සජීවීව විකාශනය කරන ලදි.
    පාසැල අසල මාර යුද්ධය සැලවුනු වෙනත් දෙමව්පියන්ද පාසැල අසලට පොදි කකා රැස්වු අතර කිරිබත්ගොඩ එකම ජන ගගක් විය.
    පාසැලේ ගේට්ටු අවහිර කරන් සිටි මැරයන් නිසා කිසිවෙකුට පාසැල තුලටත් පාසැල තුල සිටින අයට එලියටත් යෑමට නොහැකිව හිරවිය.
    එදින විදුහල්පතිනියගේ නිවාඩු දිනයකි.
    පාසැල නියෝජ්‍ය විදුහල්පතිනියන්ගේ පාලනය යටතේ තිබිනි.
    විහාර මහ දේවියව මර්වින් සහ ප්‍රසන්නට ඕනෑ විදියට හසුරුවන්න නම් දොස්තරයව සීන් එකෙන් ඉවත් කලයුතු බවට තීරණය කර තිබිනි.
    ඒ සදහා කලයුතු හොදම දෙය පාසැලේ ගැහැණු ලමයි ඉදිරි පිට මාව නිරුවත් කර පහර දීම බව තීරණය කර තිබිනි.
    නමුත් මාව අල්ලා ගැනීමට පාසැල තුලට පැමිනිය යුතුය.
    මේ අතර තම ලමයි ගැනීමට පැමිණි කැළණිය විශ්ව විද්‍යාලයේ ජේෂ්ට ආචාර්‍යවරු දෙදෙනෙක් පාසැල ඇතුලෙන් ඉදං ගේට්ටු වසං මුර කරන් සිටින ආරක්ෂයනට තමන්ගේ හැදුනුම් කම් පවසා පැත්තෙන් තිබෙන කුඩා දොරකින් ඇතුලුවී තිබිනි. මෙය දුටු ප්‍රසන්න, කෝමද එයාලා විතරක් ඇතුලට යන්නෙයැයි ගේට්ටුවෙන් ප්‍රශ්න කල අතර එයාලා පාසැලේ ලමුන්ගේ දෙමව්පියන් නිසා යන්නට අවසර දුන් බව පවසා ඇත. "එහෙනම් මාත් දෙමවිපියෙක්නේ, මටත් යන්න දීපියව්, මගේ ලමයට ඇතුලේ ඉන්නවුන් මොනවා කරනවාදැයි දන්නේ නැහැ කියා පවසා ප්‍රසන්නද ඇතුලුවී තිබිනි.
    ගේට්ටුවෙන් ඒ බව මට දැනුම් දුන්විට පරන යාලුකමකුත් තියෙන නිසා මා ඉන්න තැන පවසා ඔහුව එතැනට එවන ලෙස පැවසීය.
    මා ඔහු සමග කතාකිරීමට ඔහු පිලිගැනීමට ඉදිරිය ගිය අතර " උඹ කවුද ඩෝ අපිට උඩින් යන්න, මේ කැලනියේ අපිට උඩින් කාක්කෙකුටත් පියාඹන්න බෑ ඩෝ" යයි පවසා මගේ මුහුණට පාර කීපයක් එල්ල කලේය. ඒ ක්ෂණයෙන් මැදට පැන්න ප්‍රසන්නගේ දුවගේ පන්තිභාර ගුරුතුමිය සහ ශ්‍රී කාන්ති ගුරුතුමිය ඔහුව ඉවතට ඇදගෙන ගියෝය. මගේ දතක් ඔහුගේ පහරදීමෙන් බිදීගිය අතර වෙනත් ගුරුවරු මාව සහ අනිත් සංවිධායකයන් තැනින් තැන සඟවන්නට විය.
    ප්‍රසන්න විසින් ගේට්ටු ඇරදීමෙන් ඇතුලට බට අමල් කුඩු ලාල් ඇතුලු මර්වින්ගේ මැරයන් පාසැල පීරමින් අපව සොයන්නට විය.
    පාසැල ඇතුලේ ගිණි කෙලි ආරංචි වු මාධ්‍යයන් මැරයන් පාසැල තුලට වැදි වෛද්‍යවරයෙකු ඇතුලු පිරිසට පහර දෙන බව බ්‍රෙකින් නිවුස් ගසන්නට විය.
    මෙය දුටු GMOA හි හිටපු ප්‍රධාන ලේඛම්වරයා ගුටි කන දොස්තර කවුද කියලා හොයන විට ඒ GMOA හි උතුරු කොළඹ ශාකාවේ ලේඛම්වරයා බව හදුනා ගත්තේය.
    දැන් වගේම ඉස්සරත් GMOA එක ගෝටාභය මහතා සමග ලඟ හාදකමක් පැවැත්විය. වහාම ආරකෂක ලේඛම්වරයා ඇමතු අපේ ලේඛම්වරයා සිද්දිය ඔහුට දැනුම්දී ඇත. එවෙලෙම ක්‍රියාත්මකවු ඔහු උතුරු කොළඹ බාර සීනියර් DIG ට කතා කර මා ගලවා ගැනීම සදහා Police Squad එකක් එවීය. මර්වින් එදත් මහින්දට බය නැතිවුනත් ගෝටාභයට ගූ බයය. ඔහු වහාම ඔහුගේ මැර හමුදාව නැවත කැදවනු පෙනිනි. පසුව ඔවුන් පැමිනි වාහන වලම නැගී ඉවත් වෙනු පෙනිනි.
    මේ වෙලාවේ මා නොදැන වෙනින් ගොඩ දේවල්ද සිදුවී තිබිනි.
    ප්‍රශ්නේ විසදගන්න ගුරුවරු දොස්තරයව එලියට නොදෙන නිසා මගේ දරුවන් සහ බිරිද අල්ලන් එන්න කියා මර්වින් වෑන් රතයක් අපේ ගෙදරට යවා තිබිනි. මර්වින්ට අපේ ඔත්තු දෙන අය සිටියා වගේම මර්වින් ගන්න ක්‍රියා මාර්ගත් අපිට කියන කට්ටිය ඔහු ලගවිය. ඔත්තුව ලැබුනු විගස මං කලබල වෙයි කියා සිතු සංවිධායෙකු ඔහුගේ වාහනයක් අපේ ගෙදරට යවා දරුවන් සහ බිරිදව ආරක්ෂිත ස්තානයකට යැවීමට කටයූතු කර තිබිනි.
    මේ ගිනි විංජුබ්බරය නිසා මර්වින්ගේ සංතොශං අරං ලමයි දාන සැලැස්ම අබලං විය.
    ප්‍රසන්න විසින් පහර දී තිබුනේ අධිකරණ වෛද්‍යවරයෙකුට නිසත් ඔහු GMOA එකේ කකුලක් නිසත් ආරක්ෂක ලේඛම්වරයාත් (ගෝටාභය) වැඩේට අතගසා ඇති නිසාත් ඔහු ටිකක් කලබල විය. DIG මහතා මාව කිරිබත්ගොඩ පොලීසියට ගෙනගිය අතර පැමිනිල්ල ලිවීමට පෙර කේක්, බිස්කට්, ආනමාලු සංග්‍රහයක් පැවැත්විය.
    මාගේ පැමිනිල්ල ලියන අතර තුර ප්‍රසන්නත් ඔහුට මම පහරදුන් බවට පැමිනිල්ලක් දැමීමට පොලිස් වත්ත වටේ කැරකෙනු දුටුවෙමි. ඉන් පසු ගුටි කාපු මම ගෙදර ඉද්දි ඔහු කිරිබත්ගොඩ රෝහලේ ඇඩ්මිට්වී තිබිනි.
    මාගේ දරුවන් සහ බිරිදත් දෙමව්පියනුත් ඉතා බියට පත්ව සිටි අතර අපි සියල්ලෝ සති දෙකක් සැඟවී ජීවත් වුනෙමු. එ අතරතුර මර්වින් විසින් මැරයන් ලවා පහරදීම වැලැක්වීමට අපේ හිතවතුන් බොහෝදේ කලහ.
    ආනන්ද විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමයේ උපසභපතිවරයෙකු වන මගේ මිතුරෙකු කෙලින්ම මර්වින්ගේ පාතාලය මෙහෙයවන අමල්ට කතා කොට ලොක්කා කවුරු හරි යොදොනවානම් එය දැනුම්දීමට කටයුතු කර තිබිනි. කුඩු ලාල්ව තවකෙක් සම්බන්ධ කරගෙන තිබිනි.
    නායක හමුදුරුවරු හදුනන විශ්ව විද්‍යාල ආචාර්‍යවරු කීප පොලක් කැළණියේ ලොකු හාමුදුරුවෝ, උඩුවේ දම්මාලෝක සහ අස්ගිරි මල්වතු හිමි වරුන්ට කතාකොට අදාල වෛද්‍යවරයා තමන්ගේ දායක සභාවල වැදගත් මහත්තයෙක් බව මර්වින්ට දැනැම්දී තිබිනි. මේවා ඇසු මර්වින් "මේ දොස්තර ලංකාවේ හැම පංසලේම දායක සභාවල ඉන්න මිනිහෙක්නේ" යැයි උපහාසයට කියාතිබු අතර "වැඩේ අල්ලලා දාමු"යැයි ගෝලයන්ට පවසා තිබිනි.
    පසුව කෙසේ හෝ මර්වින්ගේ ලැයිස්තුවෙන් ලමයි 46 ක් ගන්නට සිදුවු අතර පාසැලට අලුත් පන්තියක් එකතුවිය.
    ඒ ලමයි ගත්ත හිලව්වට අපේ සල්ලි වලින් මිලදි ගත්ත ඉඩමේ වැසිකිලි කීපයක් මර්වින්ගේ ලිස්ට් එකේ දෙමව්පියන් සාදා දුන් අතර පස් මහල හීන පොතට එකතු විය.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ඉන් පසු අවුරුද්දක මර්වින් රෝමයේ කම්කරු සම්මන්ත්‍රණයකට ගොස් සිටින විට ප්‍රසන්න මිනිහට හොරෙන් අලුතෙන් සැදු සාප්පු සංකීර්ණයේ කඩ කීපයක් අත මිට මුදලට විකුණා තිබිනි.
    ලංකාවට පැමිනි විගස එය කණ වැකුනු මර්වින් යක්ෂයා වේෂ විය. කඩ ගැන ප්‍රසන්න හා මර්වින් අතර වචන හුවමාරුවු අතර බැසිල්ගේ සහය ප්‍රසන්නට තිබුනෙන් මිනිහද පෙරලා මර්වින්ගෙන් ගේම ඉල්ලීය. මහින්ද මර්වින් රැකීය.
    මද කිපුනු මර්වින් මැරයන් යොදා ප්‍රසන්නගේ ගෙට ප්‍රහාරයක් එල්ල කල අතර ප්‍රසන්නට පන බේරා ගැනීමට නිවසින් පලායන්න සිදුවිය. ඔහුට සහ ඔහුගේ පවුලට එදින මරණ බය දෙනෙන්න ඇතිබව නිසැකය. ඔහුට නිසි දඩුවම ලැබුනායයි සිතු මම එදින සිට මට කල දෙයට ඔහුට සමාව දුන්නෙමි. අමතක කර දැමුවෙමි.
    නමුත් මර්වින් ප්‍රසන්නගෙන් පලි ගතහැකි ක්‍රම කල්පනා කරමින් සිටින විට කිරිබත්ගොඩ OIC ඔහුට අපූරු ඔත්තුවක් දී තිබිනි.
    පෙර දවසකදි ප්‍රසන්න විසින් පහරදි දතක් කඩන ලද දොස්තරගේ කේස් එක උඩට ගත්තොත් ප්‍රසන්නව හිරේ යැවිය හැකි බව පවසා තිබිනි.
    දිනක් සන්ද්‍යාවක මට ඇමතුමක් ගත් ඇමතිවරයා අපුරු කතාවක් පැවසීය.
    "ඩොක්ටර්, ඕනෑම මිනිහෙකුට කවද හරි දවසක යන්න වෙන තැන් දෙකක් තියෙනවා.
    එක වෛද්‍යවරයෙක් ලගට, දෙක කනත්තට.
    ඒක නිසා අපි දොස්තරලා එක්ක හොදින් ඉන්න ඕනෑ. කවදා ඕනෑ වෙයිද දන්නේ නෑ. මේ සමහර කාළකන්නියන්ට ඔවයේ වටිනාකමක් නෑ. අර බල්ලා ඔබතුමාගේ දතක් කැඩුවා නේද? ඔකට ඕකේ බරපතල කම දනවන්න ඕනෑ. දාන්න ඩොක්ට නඩුවක්, මම දෙන්නම් සපෝට් එක යැයි පැවසීය."
    වෙන කෙනෙකුට කතා කිරීමට ඉඩ නොතබා කතා කරන මර්වින්ට මම මෙසේ පිලිතුරු දුන්නෙමි. "ඇමතිතුමා, මම බෞද්ධයක්. එයා කරන දේවල කර්ම එයා ගෙවාවි. මම කරන දේවල විපාක මම ගෙවයි. මම ඒක අල්ලලා දැම්මා යයි පැවසුවෙමි."
    එයින් කිපුනු මර්වින් " ඩොක්ටර් ඔබතුමා හිතන්න එපා මම එක එක්කෙනා ලග වැද වැටෙන නිවටයෙක් කියලා. මම කිව්වේ ඔබතුමාට වෙච්ච අසාදාරණයට විරුද්දව පියවරක් ගන්න කියලයි, එහෙම නැතුව මට ඕකෙන් වැඩක් නැහැ, හොදට කල්පනාකරලා බලන්නයැයි" පවසා ටෙලිෆෝනය තැබීය.
    දැන් කතාව වෙනස්ය.
    මා මේ සිද්ධිය මගේ මිතුරන් සමග පැවසුවෙමි.
    මර්වින් බදු පාතාල ඇමතිවරයෙකු තරහා කරගැනීම , නයාට ගහලා පොල්ල වරද්දා ගත්තා බදු වෙනු ඇතැයි යන්න පොදු උපදෙස විය.
    ඒ දවස මර්වින්ගේ එක පුරෝහිතයෙකු වුයේ ටිකිරි දිසානායක නම් කැළණිය විශ්ව විද්‍යාල ආචාර්‍යවරයෙකි. මා දන්නා ගනිත
    අංශයේ ආචාර්‍යවරයෙකු මාව ඔහු සමග සම්බන්ධ කරලීය. ඔහු හරහා මර්වින්ට මම පැවසුවේ අධිකරණ වෛද්‍යවරයෙකු වන මට පැමිණිල්ලක් විදියට උසාවි පැමිනෙන එක වෘත්තියට කැලලක් වනමුත් පරන සිද්දියට සාක්ෂිකරුවෙකු ලෙස මැදිහත්වීමක් කලහැකි බවයි.
    නමුත් බැසිල්ගේ සහය ඇති ප්‍රසන්නව හිරේ යැවීම මර්වින් හිතන තරම් පහසු නොවීය. මමද පුලුවන් තරම් කල් ඇදෙන පරිදි සිතාසියක පවා සුලු වරදකට සිතාසි හරවා යවමින් නඩුව අල වෙන්න සැලැස්සුවෙමි. පසුව කේස් එක සමත මණ්ඩලයට යැවිනි. මේ වෙනකොට මාලක සහ යෝෂිතගේ හුටපට නිසා මර්වින්ගේ බල බිදී තිබිනි.
    මා සමත මන්ඩලයට පවසා සිටියේ ප්‍රසන්න දැන් ආපසු නොහැරිය හැකි දුරක් ඔහුගේ විකල් ක්‍රියාවන්හි ගමන් කර ඇති නිසා මේ කේස් එක විභාග නොකරම ඉවත දමන ලෙසයි. මෙය අප සියල්ලන්ගෙම කාලය කාදැමීමක් බවයි.
    එය එසේ බව ඔවුනද පිලිගත්තද කේස් එක අවසන් කිරීමට එක වරක් හෝ සහභාගි වන ලෙස දැන්විය. එසේනම් එදාටම ප්‍රසන්නටත් එන්න කියා වැඩේ ඉවර කරන ලෙස ඉල්ලුවෙමි.
    පසුදිනක විද්‍යාලංකාර පිරිවෙනේ සමත මණ්ඩලය රැස්වුන අතර මා ඔහුට පවසා සිටියේ එක දෙයකි. "සභපතිතුමා මගේ ගුරුවරයෙක්, වසර තිස්ගානක් පාසැලෙන්වත් වෙන කාටවත් උගන්වන්න බැරිවුන පාඩමක් ප්‍රසන්න මට ඉගැන්නුවා. ඒකට මම ප්‍රසන්නට ස්තුතිවන්ත වෙනවා. දහය පන්තියේදි මගෙන් ගනන් අසා ගත්ත මල්ලියෙක් කරදඩු උස්වි බලවන්තවු විට මට පහරදී මගේ දතක් කඩනු ඇතැයි මා කිසිදා සිතුවේ නෑ. ඉගෙන ගෙන හොද රස්සාවල් කරලා ධනය බලය කීර්තිය ගෞරවය ලැබුනම මම හිතුවේ ජීවිතේ තව ලබන්න දෙයක් නැහැ කියලා, නමුත් ප්‍රසන්න මගේ ඔලුවට ෂොට් දෙක තුනක් දිලා අවබෝධ කෙරෙව්වා, තමුසේ මොන විභාග පාස් වෙලා තිබ්බත් බලය ඉස්සරහා පරඩැලක් කියලා. ඉතිං ඒකට මම ප්‍රසන්නට ස්තුතිවන්ත වෙනවා. මට මේක තවදුරටත් ගෙනි යන්න ඕනේ නැහැ" කියා නඩුව අවසන් කලෙමි.
    පසුව ප්‍රසන්නත් තමන්ටත් මේ ගැන කීමට කිසිවක් නැති බව පැවසීය.
    ඉන්පසු ශාලාවෙන් එලියට පැමිනි ඔහු මා ලගට පැමිණ "සමාවෙන්න ඩොක්ටර්" කියා යාන්තම් දෙකට නැමි ආචාර කල අතර "ගනන් ගන්න එපා කියා මම ඔහුගේ පිටට පොඩි තට්ටුවක් දැම්මෙමි.
    ඒ මට ප්‍රසන්න හමුවු අවසන් අවස්තාවයි.
    ඊට වසර ගනනාවකට පසු ඔහු දැන් මැටි ඇමතිවි සිටියි.
    මට ඔහු ගැන ආඩම්බරයක්ද ඇත.
    බැරි ගානක් දෙකක් මගෙන් අසාගත් ඇට්ටරයෙකු අද ඇමතිවරයෙකුය.
    ඔහුට දිගු ගමනකට සුභ පතමි.
    මන්ද මේ රට අයිති ප්‍රසන්නලාටය.
    අපි ඔවුන් ඉදිරියේ පරඩැල් වෙමු.
    ඔබ ඔලුවෙන් සිට ගෙන කීවත් සත්‍යය ලෙස පිලි ගනුයේ බහුතරයේ මතයයි. ඔබ එයට ගරු කලයුතු වෙයි.
    ඔලුවට දෙක තුනක් ඇන්නට පස්සේ වත් එය අවබෝධ කර නොගන්නා එකාට සිංහල බාසාවෙන් කියන හොදම වචනය මම තවම සොයමි.
    Chamira Nilanga Samarasinghe
     
    ඇච්චෝ බැච්චෝ මෙහෙනම් රාජපක්ෂ පවුල කෝම ගේම් දෙනවා ඇද්ද. හිතපන් තාජුදීන්, ලසන්නත , සුනන්ද දේශප්‍රිය (මැකෝගේ මල්ලි) , පෝද්දල ජයන්ත, එක්නැලිගොඩලට උන දේවල්. තව එලිපිටම වෙඩි තියන්න අණ දුන්නේ රතුපස්වල , කටුණායක ඝෝඨාබය. ඉස්සරට මේවා ඉතින් රාජ්‍යතාන්ත්‍රිකව වෙයි නේ. කස්ටිය බුස් ගාල අතුරුදහන් වෙයි මිනිත් නැ. කාල්ටන් වලට උඩින් ආයේ කපුටෙක්වත් පියාඹන්නේ නැ ලංකාවේ. හොද වැඩේ රාජ සභාවක් ඕනේ ලංකාවේ දීන ජනතාවට