මහ බෝධිසත්වයන් වහන්සේ නියත විවරණ සිරි ලැබීමට කල්ප ගණනකට පෙරාතුව මුහුදුබත් වූ නැවේ සිටි තම මෑණියන්ව නොනවත්වාම දින හතක් පුරාවට කර මත තබාගෙන සයුර තරණය කිරීම.
ඒ උතුම් මාතාව වයස්ගත නිසා තම තරුණ පුතුගේ දිවිය මහ සයුරේ සැඩ පහරින් ගලවා ගන්නට කිව්වත් මව්තුමිය අත්නොහැර පුතු ඒකායන අධිෂ්ඨානයත් සමඟ මහසාගරයේ පොරබැද ඇයගේ දිවි ගලවාගන්න සමත් විය.
රහත් බ්‍රහ්ම රාජයෙක් මේ අසහාය වීර්යය, පුරුෂ පරාක්‍රමය ලත් තරුණ දරුවා දැක මොහුනම් සම්බුද්ධත්වයට පත්වීමට ඒකාන්තයෙන්ම සුදුස්සෙක් යැයි අනුමාන කොට සිතෙහි සම්මා සම්බුද්ධත්වය ලැබීම පිළිබඳව මුල්ම බීජය වූ බෝධිචිත්තය රෝපණය කරන්නට සුදුසු ම අවස්තාවක් නිසා මව්තුමියගේ සිතට ආවේශ වී ඇය ලවා ඒ උත්තමයාණන් හට බුදු බව පිළිබඳ පණිවිඩය ඇසෙන්නට සැලැස්විය.
"මගෙ රත්තරන් පුතා මතු බුදු වේවායි " ප්‍රථමයෙන් ම මව්තුමියගේ විවරණය දුන් බලවත් චිත්තයකින් ආශිර්වාදය ලත් අවස්තාව අසිරිමත් ය..
සාමාන්‍ය මනුෂ්‍යයෙක් ව විසු මහ සත්වයෝ මනෝප්‍රණිධානය පූරණය කිරීමට පටන්ගත් අදිටනින් ම එදා උන්වහන්සේ මව්තුමි මහා සාගරයෙන් එගොඩ කරවූ ලෙසින් ම ලොව්තුරා බුදු බව ලබා මෙකල ද දෙව්, බඹුන්, මිනිසුන් ආදී අසංඛ්‍ය ගණන් ප්‍රාණීන් සසර නම් වූ ඝෝර කටුක සාගරයෙන් නිර්වාණය නම් වූ ක්ෂේම භූමියට එගොඩ කරවන්නට විය.
ඒ ශ්‍රේෂ්ඨ පුරුෂ රත්නයට මගෙ නමස්කාරයම වේවා...!!! 🪷🪷

🪷🪷