මෑණියන්ව නොනවත්වාම දින හතක් පුරාවට කර මත තබාගෙන සයුර තරණය කිරීම.

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    මහ බෝධිසත්වයන් වහන්සේ නියත විවරණ සිරි ලැබීමට කල්ප ගණනකට පෙරාතුව මුහුදුබත් වූ නැවේ සිටි තම මෑණියන්ව නොනවත්වාම දින හතක් පුරාවට කර මත තබාගෙන සයුර තරණය කිරීම.

    ඒ උතුම් මාතාව වයස්ගත නිසා තම තරුණ පුතුගේ දිවිය මහ සයුරේ සැඩ පහරින් ගලවා ගන්නට කිව්වත් මව්තුමිය අත්නොහැර පුතු ඒකායන අධිෂ්ඨානයත් සමඟ මහසාගරයේ පොරබැද ඇයගේ දිවි ගලවාගන්න සමත් විය.

    රහත් බ්‍රහ්ම රාජයෙක් මේ අසහාය වීර්යය, පුරුෂ පරාක්‍රමය ලත් තරුණ දරුවා දැක මොහුනම් සම්බුද්ධත්වයට පත්වීමට ඒකාන්තයෙන්ම සුදුස්සෙක් යැයි අනුමාන කොට සිතෙහි සම්මා සම්බුද්ධත්වය ලැබීම පිළිබඳව මුල්ම බීජය වූ බෝධිචිත්තය රෝපණය කරන්නට සුදුසු ම අවස්තාවක් නිසා මව්තුමියගේ සිතට ආවේශ වී ඇය ලවා ඒ උත්තමයාණන් හට බුදු බව පිළිබඳ පණිවිඩය ඇසෙන්නට සැලැස්විය.

    "මගෙ රත්තරන් පුතා මතු බුදු වේවායි " ප්‍රථමයෙන් ම මව්තුමියගේ විවරණය දුන් බලවත් චිත්තයකින් ආශිර්වාදය ලත් අවස්තාව අසිරිමත් ය..

    සාමාන්‍ය මනුෂ්‍යයෙක් ව විසු මහ සත්වයෝ මනෝප්‍රණිධානය පූරණය කිරීමට පටන්ගත් අදිටනින් ම එදා උන්වහන්සේ මව්තුමි මහා සාගරයෙන් එගොඩ කරවූ ලෙසින් ම ලොව්තුරා බුදු බව ලබා මෙකල ද දෙව්, බඹුන්, මිනිසුන් ආදී අසංඛ්‍ය ගණන් ප්‍රාණීන් සසර නම් වූ ඝෝර කටුක සාගරයෙන් නිර්වාණය නම් වූ ක්ෂේම භූමියට එගොඩ කරවන්නට විය.

    ඒ ශ්‍රේෂ්ඨ පුරුෂ රත්නයට මගෙ නමස්කාරයම වේවා...!!! 🪷🪷🙏🙏🙏🪷🪷
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    සීවලී මහරහතන් වහන්සේ බොහෝ කාලයක් මව්කුස දුක් විඳීමට හේතු වූ කර්මය….

    මේ හිමිට අවුරුදු හතකුත් මාස හතක් දින හතක් මවි කුස හිරවී දුක් විඳීමට සිදු විය. මව්තුමිය වූ *සුප්පාවාසාවට* ද මෙතරම් කාලයක් දරු කුස දරන් සිටීමට සිදු විය. අවසානයේ දින හතක් දරු ගැබ හරස් වී මහත් කටුක දුක් විඳීමට සිදු විය.

    මෙයට හේතුව සුඟතයන් වහන්සේ වදාළ සේක. සීවලී හිමියෝ පෙර රජෙකු ව සිටියදී කුඩා රාජ්‍යයක් අල්ලා ගැනීමට යුද්ධ කළේ ය. නමුත් ඒ කුඩා රට අල්ලා ගැනීමට නොහැකි විය. එවිට රටට ආහාර පාන එන මාර්ග සියල්ල වසා අවුරුද්දකුත් සත් මසක් රැකවල් දා සිටියේ ය. නමුදු රට අල්ලා ගැනීමට නො හැකි වූ සත් මසක් රැකවල් සිටියේ ය.

    නමුදු රට අල්ලා ගැනීමට නොහැකි වූ අතර මවගේ උපදෙස් පරිදි ඒ නුවරට ආහාර සපයන එකම උමග ද වසා දැමීය.

    පසුව රට වැසියන් යටත් විය. එදා බලය පාවිච්චි කරමින් දුර්වල රටකට දුන් දුක් හේතුවෙන් මෙදා මෙසේ දුක් විඳීමට වූ බව ද. මව දුන් උපදෙස් හේතුවෙන් මවටද ඒ කර්මය ආ බව භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

    එබැවින් රට කරවන පාලකයණි. රට වැසියාට දිය යුතු සහන සහ ආහාර බෙහෙත් ද්‍රව්‍ය අධ්‍යාපන සෞඛ්‍ය ආදී නොයෙක් පහසුකම් ඔබලාගේ සැප පිණිස. දියුණුව පිණිස නො යොදා සිටීමට වග බලා ගනිත්වා.

    මන්ද රංචු පිටින් එකතු වී රට වැසියාව පීඩනයට පත් කරන යම් රටේ පාලකයන් වේද ඔවුන්ටද අනන්ත සංසාරයක් සතර අපා තිරිසන් යොණි ප්‍රේත අසුරකාය සහ නොයෙක් ස්ථාන වල ඉපිද බොහෝ දුක් විඳීමට සිදු වීමට හේතුවක් වනවාට නො අනුමානය.

    එබැවින් සත්පුරුෂයනි අසත්පුරුෂ ගති පා බලය අනිසි ලෙස පාවිච්චි නො කරන්න.

    සියලු දෙනාට මෙම ධර්ම දානමය කුසළය නිවන් පිණිස වේවා සත්‍යය අවබෝධය පිණිසම වේවා !!!!
     
    • Wow
    Reactions: Avast0

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,744
    4,834
    113
    එලකිරි හන්දිය
    // මහ බෝධිසත්වයන් වහන්සේ නියත විවරණ සිරි ලැබීමට කල්ප ගණනකට පෙරාතුව මුහුදුබත් වූ නැවේ සිටි තම මෑණියන්ව නොනවත්වාම දින හතක් පුරාවට කර මත තබාගෙන සයුර තරණය කිරීම. //

    මේවා නම් අතිශයෝක්තියකින් කියන බොරුවක් වගේ. මේවා බොරුයි කියලා කිව්වහම අපි නිකන්ම බෞද්ධ විරෝධී වෙනවා.

    කොටින්ම හිතන්නකෝ දින හතක් කියන්නේ පෑ කීයක්ද කියලා. බරකුත් එක්ක පැයම සියයකට වැඩිය මුහුදේ පීනන්න බෑ නේ. අනික අම්මව ඕන නෑ. තනියම දවසකට වැඩිය වතුරේ හිටියහම ලෙඩ වෙලා මැරෙනන්න උනත් පුලුවන්.

    දැන් කියයි බෝධිසත්වයෝඉ හන්දා ඕවා ගානක් නෑයි කියලා.
     
    • Like
    Reactions: gamerlk

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    // මහ බෝධිසත්වයන් වහන්සේ නියත විවරණ සිරි ලැබීමට කල්ප ගණනකට පෙරාතුව මුහුදුබත් වූ නැවේ සිටි තම මෑණියන්ව නොනවත්වාම දින හතක් පුරාවට කර මත තබාගෙන සයුර තරණය කිරීම. //

    මේවා නම් අතිශයෝක්තියකින් කියන බොරුවක් වගේ. මේවා බොරුයි කියලා කිව්වහම අපි නිකන්ම බෞද්ධ විරෝධී වෙනවා.

    කොටින්ම හිතන්නකෝ දින හතක් කියන්නේ පෑ කීයක්ද කියලා. බරකුත් එක්ක පැයම සියයකට වැඩිය මුහුදේ පීනන්න බෑ නේ. අනික අම්මව ඕන නෑ. තනියම දවසකට වැඩිය වතුරේ හිටියහම ලෙඩ වෙලා මැරෙනන්න උනත් පුලුවන්.

    දැන් කියයි බෝධිසත්වයෝඉ හන්දා ඕවා ගානක් නෑයි කියලා.
    බෝධිසත්වයෝ හන්දා ඕවා ගානක් නෑ. බෞද්ධ විරෝධීයා.
     
    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    // මහ බෝධිසත්වයන් වහන්සේ නියත විවරණ සිරි ලැබීමට කල්ප ගණනකට පෙරාතුව මුහුදුබත් වූ නැවේ සිටි තම මෑණියන්ව නොනවත්වාම දින හතක් පුරාවට කර මත තබාගෙන සයුර තරණය කිරීම. //

    මේවා නම් අතිශයෝක්තියකින් කියන බොරුවක් වගේ. මේවා බොරුයි කියලා කිව්වහම අපි නිකන්ම බෞද්ධ විරෝධී වෙනවා.

    කොටින්ම හිතන්නකෝ දින හතක් කියන්නේ පෑ කීයක්ද කියලා. බරකුත් එක්ක පැයම සියයකට වැඩිය මුහුදේ පීනන්න බෑ නේ. අනික අම්මව ඕන නෑ. තනියම දවසකට වැඩිය වතුරේ හිටියහම ලෙඩ වෙලා මැරෙනන්න උනත් පුලුවන්.

    දැන් කියයි බෝධිසත්වයෝඉ හන්දා ඕවා ගානක් නෑයි කියලා.
    අපි නොහිතන මානයක් ඇති බං මේ කතා වල
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,744
    4,834
    113
    එලකිරි හන්දිය
    සීවලී මහරහතන් වහන්සේ බොහෝ කාලයක් මව්කුස දුක් විඳීමට හේතු වූ කර්මය….

    මේ හිමිට අවුරුදු හතකුත් මාස හතක් දින හතක් මවි කුස හිරවී දුක් විඳීමට සිදු විය. මව්තුමිය වූ *සුප්පාවාසාවට* ද මෙතරම් කාලයක් දරු කුස දරන් සිටීමට සිදු විය. අවසානයේ දින හතක් දරු ගැබ හරස් වී මහත් කටුක දුක් විඳීමට සිදු විය.

    මෙයට හේතුව සුඟතයන් වහන්සේ වදාළ සේක. සීවලී හිමියෝ පෙර රජෙකු ව සිටියදී කුඩා රාජ්‍යයක් අල්ලා ගැනීමට යුද්ධ කළේ ය. නමුත් ඒ කුඩා රට අල්ලා ගැනීමට නොහැකි විය. එවිට රටට ආහාර පාන එන මාර්ග සියල්ල වසා අවුරුද්දකුත් සත් මසක් රැකවල් දා සිටියේ ය. නමුදු රට අල්ලා ගැනීමට නො හැකි වූ සත් මසක් රැකවල් සිටියේ ය.

    නමුදු රට අල්ලා ගැනීමට නොහැකි වූ අතර මවගේ උපදෙස් පරිදි ඒ නුවරට ආහාර සපයන එකම උමග ද වසා දැමීය.

    පසුව රට වැසියන් යටත් විය. එදා බලය පාවිච්චි කරමින් දුර්වල රටකට දුන් දුක් හේතුවෙන් මෙදා මෙසේ දුක් විඳීමට වූ බව ද. මව දුන් උපදෙස් හේතුවෙන් මවටද ඒ කර්මය ආ බව භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

    එබැවින් රට කරවන පාලකයණි. රට වැසියාට දිය යුතු සහන සහ ආහාර බෙහෙත් ද්‍රව්‍ය අධ්‍යාපන සෞඛ්‍ය ආදී නොයෙක් පහසුකම් ඔබලාගේ සැප පිණිස. දියුණුව පිණිස නො යොදා සිටීමට වග බලා ගනිත්වා.

    මන්ද රංචු පිටින් එකතු වී රට වැසියාව පීඩනයට පත් කරන යම් රටේ පාලකයන් වේද ඔවුන්ටද අනන්ත සංසාරයක් සතර අපා තිරිසන් යොණි ප්‍රේත අසුරකාය සහ නොයෙක් ස්ථාන වල ඉපිද බොහෝ දුක් විඳීමට සිදු වීමට හේතුවක් වනවාට නො අනුමානය.

    එබැවින් සත්පුරුෂයනි අසත්පුරුෂ ගති පා බලය අනිසි ලෙස පාවිච්චි නො කරන්න.

    සියලු දෙනාට මෙම ධර්ම දානමය කුසළය නිවන් පිණිස වේවා සත්‍යය අවබෝධය පිණිසම වේවා !!!!
    මේවා හෙන පච බං.... අවුරුද්දක් නම් හිර වෙලා හිටියා කියලා විශ්වාස කරන්න පුලුවන්. ඒත් අවුරුදු 7ක්. මේවා ආගම් වලින්ම හදලා ආගම් අදහන එවුන්ට විශ්වාස කරන්න කියලා බල කරනවා. අවුරුදු 7ක් අම්මගේ බඩේ හිටියා නම් හෙන ලොකු එකෙක් වෙලා එලියට එන්න එපෑ.

    ගොං කතා !!!
     
    • Haha
    Reactions: asliyanage

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    රහත් බ්‍රහ්ම රාජයෙක්
    රහත් බ්‍රහ්මයෝ නෑ. අනාගාමී බ්‍රහ්මයෝ ඉන්නෙ. රහත් වෙලා පිරිනිවන් පනවා.
    මව්තුමියගේ සිතට ආවේශ වී
    බ්‍රහ්මයෝ මිනිස්සුන්ට ආවේශ වෙන්නෙ නැහැ පෙරේතයෝ වගේ. අනික ඔය ආත්මෙ අම්මගෙන් විවරණ ලබන්න කලින් හිට බුදුවරුන්ගෙන් විවරණ ලබල තියෙනවා. මට ඒ බුදුවරුන්ගේ නම් ටික නම් මතක නෑ කවුරු හරි දන්නවා නම් හොයලා දාන්න.
    මේවා හෙන පච බං.... අවුරුද්දක් නම් හිර වෙලා හිටියා කියලා විශ්වාස කරන්න පුලුවන්. ඒත් අවුරුදු 7ක්. මේවා ආගම් වලින්ම හදලා ආගම් අදහන එවුන්ට විශ්වාස කරන්න කියලා බල කරනවා. අවුරුදු 7ක් අම්මගේ බඩේ හිටියා නම් හෙන ලොකු එකෙක් වෙලා එලියට එන්න එපෑ.

    ගොං කතා !!!
    මන් ඉස්සර කියවපු කතාවක් තිබ්බා අවුරුදු තිස්‌ ගානකදී බඩට ආපු කලලයක් අවුරුදු විසි ගානක් තිබ්බ seen එකක්‌. Evidence තමා හොයන්න නැත්තෙ හැබැයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,066
    167,953
    113
    එකමත් එක රටක
    කොටින්ම හිතන්නකෝ දින හතක් කියන්නේ පෑ කීයක්ද කියලා. බරකුත් එක්ක පැයම සියයකට වැඩිය මුහුදේ පීනන්න බෑ නේ. අනික අම්මව ඕන නෑ. තනියම දවසකට වැඩිය වතුරේ හිටියහම ලෙඩ වෙලා මැරෙනන්න උනත් පුලුවන්.
    පිනෝකියෝ නම් දවස් 14ක් මුහුදේ ගිහින් තාත්තව බේරගෙන ආයිත් පීනුවා.. 🥱
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,678
    100,963
    113
    රහත් බ්‍රහ්මයෝ නෑ. අනාගාමී බ්‍රහ්මයෝ ඉන්නෙ. රහත් වෙලා පිරිනිවන් පනවා.

    බ්‍රහ්මයෝ මිනිස්සුන්ට ආවේශ වෙන්නෙ නැහැ පෙරේතයෝ වගේ. අනික ඔය ආත්මෙ අම්මගෙන් විවරණ ලබන්න කලින් හිට බුදුවරුන්ගෙන් විවරණ ලබල තියෙනවා. මට ඒ බුදුවරුන්ගේ නම් ටික නම් මතක නෑ කවුරු හරි දන්නවා නම් හොයලා දාන්න.

    මන් ඉස්සර කියවපු කතාවක් තිබ්බා අවුරුදු තිස්‌ ගානකදී බඩට ආපු කලලයක් අවුරුදු විසි ගානක් තිබ්බ seen එකක්‌. Evidence තමා හොයන්න නැත්තෙ හැබැයි.
    මුලින්ම අම්මගෙන් නේද විවරණ ගන්නවා කියන්නේ කතාවල.

    මම බුදු වෙනවා කියල හිතේ තියාන අවුුරුදු මෙච්චරයි. උත්සාහ කරනවා අවුරුදු මෙච්චරයි වගේ පිළිවෙලක් ගැන කියනවා නෙ