මිකැනික් කෙනෙක්ට ආදරේ කරන්න
මිකැනික් කෙනෙක්ට ආදරේ කරන්න එපා කෙල්ලෙ උඹ ආදරේ කියල කියන්නෙ දකින්නෙ ෆැන්ටසි වලින් පිරුණු ලෝකයකට නම්. ඌට උඹට ඕන විදියට ඕන වෙලාවට උඹේ ලඟ ඉන්න බැරි වෙයි. උඹ බලාපොරොත්තු වන විදියෙ ආදරයක් දෙන්න උඹව හුරතල් කරන්න උෟට වෙලාවක් නැති වෙයි.. ඇඟේ කොතනක හරි තුවාලයක් කර ගත්තෙ නැති දවසක් කියන දකින හැම මගුලම කුණුහරුපයකට විහිලුවකට නොගන්න වෙලාවක් හොයාගන්න උඹට බැරි වෙයි.
ඌට ඇඳුම් ලොරියක් තිබ්බත් මජං පැල්ලමක් නැති ඇඳුමක් හොයාගන්න එක උඹට කරන්න බැරි වෙයි. ඌව ලස්සනට අන්දලා වෙඩින් එකකට යැව්වත් කාගේහරි වාහනයක් අස්සෙ රිංගලා ඌ මජං ගාගන්නව සත්තයි. දවසෙම මහන්සි වෙලා බර වැඩක් කරපු දවසට උඹව සතේකට ගනන් ගන්නෙ නැතුව ඌ අනිත් පැත්ත හැරිල ගොරව ගොරව නිදියගනීවි. විසඳගන්න බැරි බූත දෝසයක් තියෙන වාහනයක් ගරාජ් එකෙ ලැගල ඉද්දි ඌට හැම තිස්සෙම චුරු චුරු ගාන උඹගෙ ප්‍රශ්න වලට ඇහුම්කන් දෙන්න තරම් පැහැදිලි අවධානයක් නැති වේවි..
සම්පූර්ණ නොකරපු වැඩක් තියෙන දවසක මහ රෑටත් උගෙ ඔලුවෙ නට් බෝල්ට් බ්‍රැකට් ක්ලිප් අඬුපඬු යකඩ කෑලිම විතරක් වැඩ කරාවි.. උගෙ හිත මොන තරම් අවංකද දුකකදි කොච්චර උණු වෙනවද කෙනෙකුට කොච්චර කැමැත්තෙන් උදව් කරනවද කියල තේරුම් යන දවසකුත් අනාගතේ තියෙයි..
ඒ වගේම බොක්කෙ තියෙන දෙයක් හරි ඇදල දෙන ජාතියෙ උගෙ යාලුවො සෙට් එකත් උඹට දිරවන්නෙ නැති වෙයි..ඒත් උගේ අතේ ජීවිත කීයක වගකීම ආරක්ෂාව රැඳිල තියෙනවද කියල උගෙ රස්සාව ගැන හරියට දැනගත්ත දවසක උඹ තේරුම් ගනීවි.
කුනුහර්පයකින් විහිලුවකින් ඌ තමංගෙ හිතේ තියන පීඩනය දුක විතරක්ම පිටකරන බව, ඒකෙන් කාටත් වරදක් නොකරන බව දවසක උඹ තේරුම් ගනීවි.එදාට උගෙ හිතේ මොන තරම් ආදරයක් තියෙනවද කියල උඹට තේරැම් යයි. හැබැයි උඹ ඌව තේරුම් ගන්නකොට ගොඩාක් පරක්කු වෙයි.. ඒ වෙද්දි උඹ ආයෙ නොහැදෙන තරම් උගෙ හිත කඩලා වෙන්න පුළුවන්..
සමහරවිට උගෙ හදවතට පේපර් සෙට් ඔක්කොම හදල අයිතිය ට්‍රාන්සර් කරලත් තියෙන්න පුළුවන් පරෙස්සම් කරගනින්...

Last edited: