මිගාර අලි පැටවාට හිංසා කළේ ඇත්ගොව්වාද?
ජුනි.26- කතරගම දේවාලයේ මිගාර අලි පැටවාට හිංසා කිරීම සම්බන්ධයෙන් සැකපිට ඇත් ගොව්වෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ ඊයේ රාත්‍රී ලැබුණු පැමිණිල්ලකට අනුව කරන ලද පරීක්ෂණයකින් පසු ඇත් ගොව්වා අත්අඩංගුවට ගත් බවය.
මේ අතර අදාළ මිගාර අලි පැටවා දැඩි ලෙස හිංසනයට ලක්ව ඇති බව වනජීවි දෙපාර්තමේන්තුවේ කතරගම ප්‍රදේශය භාර අඩවි ආරක්ෂක කරුණාසේන විතාරණ පවසයි.
කරුණාසේන විතාරණ පැවසුවේ එම ඇත්ගොව්වා අදාළ අලි පැටවාගේ දෙපා බැඳ හිංසා කර ඇති බවය.
ඒ හේතුවෙන් අලි පැටවාගේ දෙපාවල තුවාලද දක්නට ලැබෙන අතර සිද්ධියවන අවස්ථාවේ ඇත්ගොව්වා බීමතින් සිට ඇත්දැයි සැකයක් පවතින බව ඔහු සදහන් කළේය.
කරුණාසේන විතාරණ පෙන්වා දෙන්නේ විශේෂයෙන්ම මෙවැනි හීලෑ අලි ඇතුන්ට හිංසා කිරීම තුළින් පෙරහැර වැනි අවස්ථාවලදී ඔවුන් ප්‍රචණ්ඩ ලෙස හැසීරීමට එය හේතුවන බවය
උපුටා ගැනීම - ඊතලය

Last edited: