මිට්සුබිෂී ජීප් රථ ඉතිහාසය
මිට්සුබිෂී ජීප් රථ ඉතිහාසය
වර්ෂ 1950 දී ජපානයට 4X4 ට්‍රක් රථ සහ වෙනත් වාහන ආකෘතියක් අවශ්‍ය වුණා.ඒ අනුව ටොයෝටා සමාගම විසින් විසින් එවැනි වාහනයක් සැලසුම් කිරීම ආරම්භ කරන ලද අතර 1951 ජනවාරි මස ඔවුන් විසින් ඒ සඳහා ප්‍රොටෝටයිප්(prototype)ජීප් රථ ආකෘතියක් නිර්මාණය කරන ලදී.මේ සඳහා ටොයෝටා සමාග විසින් මැලේසියාවේ මිලිටරි කටයුතු සඳහා භාවිතා කරන ලද බන්ටේම් වාහනය(Bantam vehicle)නිර්මාණය මත සිය නිර්මාණය සිදුකර ඇත.ඒ කාලයේ දී ජපානයේ බොහෝමයක් ජිප් රථ ධාවනය වූ අතර ඒ අනුව ජීප් රථ යනු 4X4 සංකේතයක් විය.මේ හේතුව නිසා ටොයෝටා සමාගමේ එම ප්‍රොටෝටයිප් රථ ටොයෝටා ජීප් ලෙස හැඳින්විය.ඒ අනුව එය FJ40 ලෙස නම් කළේය.
ඒ කෙසේ වෙතත් දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු ප්‍රතිසංස්කරණ වැඩසටහන් සම්පූර්ණයෙන්ම පටන්ගත් විට බහු කාර්‍ය්‍යය ජීප් රථය ඉතා ආකර්ෂණීය වාහනයක් බවට පත් වූ අතර ජපන් රජයේ දේශීය කර්මාන්ත ආරක්ෂණ ප්‍රතිපත්තිය නිසා නිමි වාහන විශාල ප්‍රමාණයේ ආනයනය කළ නොහැකි විය.ඒ අනුව 1952 දී ෂින් මිට්සුබිෂී හෙවි ඉන්ඩ්‍රස්ටීස් සමාගම(Shin Mitsubishi Heavy Industries Co. Ltd.)විසින් එවකට ජීප් රථ නිෂ්පාදකයා වන ඇමෙරිකානු සමාගම වන විලීස් ඕවර්ලෑන්ඩ් මෝටර්ස්(Willys Overland Motors)මගින් සම්පූර්ණයෙන් කෑලි කිරීම සදහා CJ3A ජීප් රථයක් ආනයනය කරන ලදී.ඒ අනුව 1953 වසරේදී සමාගම විසින් පළමු මිටිසුබිෂී ජීප් රථය ලෙස J1 මොඩලය නිර්මාණය කර ඒකක 54 ක් ජපන් වන සංරක්ෂණ ඒජන්සිය වෙත භාර දෙන ලදී.එම වසරේම ජූලි මාසයේ දී මිට්සුබිෂී හෙවි ඉන්ඩ්‍රස්ටීස්(MHI)විසින් තාක්ෂණික සහාය සහ විකිණුම් ගිවිසුමකට විලීස් මෝටර් රථ සමාගම සමග එලඹුණු අතර ඒ අනුව මිට්සුබිෂී සමාගම J3 වර්ගයේ ජීප් රථ දේශීය නිෂ්පාදනයක් ලෙස ආරම්භ කළේය.එය විලීස් ජීප් රථ මොඩල් CJ3A සිට CJ3B දකවා නිෂ්පාදන සමඟ සම්පාත වූ අතර මිට්සුබිෂී J3 මොඩලය සඳහා විලීස් ජීප් රථ CJ3B මොඩලයෙන් ආවරණ ලබා ගත් අතර ඒ අනුව 1953 දී මිට්සුබිෂී ජීජ් රථයේ උපත සිදුවිය.
ඇමරිකා එක්සත් ජනපදයේ 1965 වර්ෂය දක්වා විලීස් ජීප් ඉදිකරන ලද නමුත් ජපානයේ මිට්සුබිෂි ජීප් රථ එයට වඩා හොඳ දෙයක් විය.ඒ අනුව මිට්සුබිෂි සමාගම 1998 දක්වාම ඔවුන්ගේ නිෂ්පාදන කටයුතු කරගෙන ගියේය.
මිට්සුබිෂී සමාගම විසින් 1955 දී CJ3B, J20DC සහ J30D ජීප් රථ මාදිලි සඳහා ප්‍රථම KE31 2.2L ඩීසල් එන්ජිම සවි කරන ලද අතර මෙම කුඩා සිලින්ඩර් හතරේ ඩීසල් එන්ජිම අශ්වබල 45 ක් වූ නමුත් එම අවස්ථාවේ දී විශ්වසනීයත්වය සඳහා ඉතා ප්‍රසිද්ධ විය.1970 දී 4DR5 2.7L සිලන්ටර් හතරේ ඩීසල් එන්ජින් J24, J24H, J36 වැගන් රථය සහ J44 ලෝන්ග් වීල් බේස් සඳහා ස්ථාපනය කරන ලදී. මෙම විශාල එන්ජින් වඩාත් ඵලදායී වූ අතර එමගින් අශ්වබල 80 බලයක් නිපදවූ අතර මෙම ජීප් රථය අධිවේගී මාර්ගයේ පැ.කී100 වේගයක් වාර්ථා කිරීමට සමත් විය.
1986 දී අශ්වබල 100 කින් බලගැන්වුණු සිලින්ඩර් 4 ටර්බෝ ඩීසල් 4DR6 එනජිම සමග J53 මොඩලය හඳුන්වා දෙන ලද අතර එය අධිවේගී මාර්ගයේ පැ.කී 120 උපරිම වේගයක් වාර්ථා කිරීමට සමත්ව විය.ඒ අනුව පාරිභෝගිකයින්ට තම මිට්ෂූබිසී තවදුරටත් අවශ්‍ය වූ බව සමාගම විශ්වාස කල බැවින් J55 මොඩලයට කර්මාන්තශාලාවේදීම සවිකරන ලද ඉන්ටර්කූලර් සමග අශ්ව බල 135 ක් සහිත ටර්බෝ එනජිමක් හඳුන්වා දුන් අතර 1998 දී තම වසර 45 ක ජීප් රථ නිෂ්පාදනය අවසන් වනතුරු මිට්සුබිෂී ජීප් රථ සඳහා මෙම එන්ජිම භාවිතා කළහ.
(චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)
29/10/2017