මිටි උණාට වැඩකාරයෝ - ලෝකෙ හොල්ලපු මිට්ටෝ

Apr 26, 2017
871
103
0
Earth
මිටි උණාට වැඩකාරයෝ - ලෝකෙ හොල්ලපු මිට්ටෝ

සමහරු කොටයි නේ. ඒ ගැන දුක් වෙවී ඉන්නෙ. මේ ඒ අය චියර් අප් කරල ගන්නයි පොඩි දැනුමක් දෙන්නයි උත්සාහයක්

බලන්න අපි හොඳින් දන්න ලෝකෙම හොල්ලපු කොට චරිත

220px-YuanEmperorAlbumGenghisPortrait.jpg

Genghis Khan - ආසියාවෙ යුරෝපෙ හොල්ලල ලෝකෙ ලොකුම අධිරාජ්‍යය ගොඩනගපු මෙයාගෙ උස අඩි 5යි. මෙයා කොච්චර වලත්තයද කියනවනම් අද ලෝකේ හැම 250න් එක්කෙනෙක් ට ම මෙයාට නෑදෑකමක් තියෙනවා


220px-Prince_at_Coachella_001.jpg

Prince - මේ ළඟදි මියගියපු සංගීත කේෂත්‍රය හොල්ලපු ගායකයෙක්. Grammy awards 7 ක් සමග මියුසික් ඇල්බම් මිලියන 100ක් විකුණපු මෙයාගෙ උස අඩි 5යි අඟල් 2යි


220px-Andrew_Carnegie%2C_three-quarter_length_portrait%2C_seated%2C_facing_slightly_left%2C_1913.jpg

Andrew Carnegie - ඇමරිකාවෙ හිටපු ලොකුම ධනපතියෙක්. මෙයාගෙ වත්කම අද සල්ලි වලින් නම් ඩොලර් බිලියන 300ට කිට්ටුයි (බිල් ගේට්ස් කැලේ) උස අඩි 5යි අඟල් 2යි



Gagarin_in_Sweden.jpg

Yuri Gagarin - අභ්‍යවකාශයට ගිය පළමු මිනිසා . උස අඩි 5යි අඟල් 2යි


FH-xitM5jQyeZVjgjHWMyQ_bogues2.jpg

Muggsy Bogues - අඩි 7 අය සෙල්ලම් කරන ඇමරිකන් බාස්කට් බෝල් වල අවුරුදු 14ක් වැඩ පෙන්නපු උස අඩි 5යි අඟල් 3කක කොල්ලෙක්


220px-Beethoven.jpg

Ludwig van Beethoven - බීතෝෆන් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ? උස අඩි 5යි අඟල් 3යි.


230px-Portrait_de_Picasso%2C_1908.jpg

Pablo Picasso - පිකාසෝ ගැනත් මොනව කියන්නද? උස අඩි 5යි අඟල් 3යි.


220px-Portrait_Gandhi.jpg

Mahatma Gandhi - උස අඩි 5යි අඟල් 4යි.


220px-Jacques-Louis_David_-_The_Emperor_Napoleon_in_His_Study_at_the_Tuileries_-_Google_Art_Project.jpg

Napoleon Boneparte - අවුරුදු 10ක් යන්න කලින් යුරොපයයේ වැඩි කොටසක් අල්ලපු නැපෝලියන් ගෙ උස අඩි 5යි අඟල් 6යි.



Aravinda-De-Silva-scored-his-first-century-against-New-Zealand-in-1991.jpg

අරවින්ද ද සිල්වා - ඔ්නම පන්දු යවන්නෙකුට බය නැතුව පහර දීපු... සතාසිවම් ට පස්සෙ ලංකාවෙ බිහිවුණ අලංකාරතම පිතිකරු. උස අඩි 5යි අඟල් 3යි


අන්තර්ජාලය සහ මතක පොත ඇසුරිනි
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    නිමල් සිරිපාල ද සිල්වා, මර්වින් සිල්වා, ඉසුර දේවප්‍රිය ඩලස් අලහප්පෙරුම වගේ ලෝකය දිනපු කොට අයවත් මතක් කරන්න ඕනේ.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අරවින්ද නම් සුපිරි
    හම්බෙලත් තියෙනවා
    මට පුදුමත් හිතුනා බන් එච්චර මිටියිද කියල
    එත් පෞරුශ්වත්වය එක්ක බලද්දී මිනිහා අඩි 7-8 වගේ ඩයල් එකක් වගේ දැනෙන්නේ
     
    • Like
    Reactions: foolishcitizen

    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    නිමල් සිරිපාල ද සිල්වා, මර්වින් සිල්වා, ඉසුර දේවප්‍රිය ඩලස් අලහප්පෙරුම වගේ ලෝකය දිනපු කොට අයවත් මතක් කරන්න ඕනේ.

    mehema athal denna epa ban plz
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    අරවින්ද නම් සුපිරි
    හම්බෙලත් තියෙනවා
    මට පුදුමත් හිතුනා බන් එච්චර මිටියිද කියල
    එත් පෞරුශ්වත්වය එක්ක බලද්දී මිනිහා අඩි 7-8 වගේ ඩයල් එකක් වගේ දැනෙන්නේ

    මිනිහගේ average එක අඩු ඉස්සර පිස්සුවෙන් වගේ ගහගෙන ගහගෙන යනවා(Mad Max was the nick name)... පස්සෙ තමා හැදිල ආවෙ...
    සංගක්කාරට වගේ මොළයකුයි ඉවසීමකුයි තිබ්බ නම් තෙන්ඩුල්කාර් ල කෝලි ල කැලේ අරවින්ද එක්ක බලද්දි
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    thumb500_gamini_06.jpg


    ඇයි සිනමා සක්විති ගාමිණී පොන්සේකා... මම දන්නා තරමින් ඔහුත් 5 3" . ඔහු මාලනී පොන්සේකාත් එක්ක රගපනකොට මාලනීට කොණ්ඩය මුදුනින් බදින්න දුන්නේ නැතිලු. මාලනී මහත්මිය කොණ්ඩය උඩින් බැන්දහම ගාමිණී මහත්මයට වඩා උසින් වැඩියි ලු . නමුත් ඔහුගේ සිනමා පවුර්ශය 6 4" වඩා වැඩියි වගේ මටනම් දැනෙන්නේ ! එය අදටත් අසමසමයි !!!
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    thumb500_gamini_06.jpg


    ඇයි සිනමා සක්විති ගාමිණී පොන්සේකා... මම දන්නා තරමින් ඔහුත් 5 3" . ඔහු මාලනී පොන්සේකාත් එක්ක රගපනකොට මාලනීට කොණ්ඩය මුදුනින් බදින්න දුන්නේ නැතිලු. මාලනී මහත්මිය කොණ්ඩය උඩින් බැන්දහම ගාමිණී මහත්මයට වඩා උසින් වැඩියි ලු . නමුත් ඔහුගේ සිනමා පවුර්ශය 6 4" වඩා වැඩියි වගේ මටනම් දැනෙන්නේ ! එය අදටත් අසමසමයි !!!

    අනිවාර්යයෙන් ම ! :love: