මිථ්‍යාදිට්ඨිය සහ සම්මාදිට්ඨිය

dragon119

Active member
  • Dec 25, 2017
    404
    216
    43
    මිථ්‍යාදිට්ඨිය සහ සම්මාදිට්ඨිය

    බුදුරජාණන් වහන්සේ අවබෝධ ඥානයෙන් පසක්‌ කර ගාම්භීර ධම්මචක්‌ක පවත්තන සූත්‍රය තුළින් දේශනා කර වදාළ උතුම් ධර්මස්‌කන්ධය දෙස මොහොතක්‌ නුවණින් බලන්න. දුකත්, දුකට හේතුවත්, දුක නැති කිරීමත්, දුක නැති කිරීමේ මාර්ගයත් පිළිබඳව දේශනා කරන ආර්ය අෂ්ටාංගික මාර්ගය සත්වයාගේ භව ගමනේ පැවැත්ම හේතුඵල දකිමින් දේශනා කළ, පටිච්ච සමුප්පාද ධර්මය නාම රූප ධර්මයන්ගේ ක්‍රියාකාරිත්වය තමා තුළින් තේරුම් කර දෙන සතර සතිපට්‌ඨාන ධර්මය, සත්ත්වයා ලෝකයට බැඳී පවතින පංච උපාදානස්‌කන්ධය, උතුම් ධර්ම මාර්ගයේදී ජීවිතයට එකතුවන සප්තබොඡ්ඣංග ධර්මයන්, මේ සියලුම ධර්ම මාර්ගය අහුරා දමන පංචනීවරණ ධර්මයන්….. සත්වයා දුගතියෙන් සුගතියටත් සුගතියෙන් උතුම් අධිගමයන් දෙසටත් මාර්ගය විවර කර දුන් ධර්මරත්නයේ ආශ්චර්යමත්භාවය නුවණින් දකින්න.


    බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළවීමට පෙර ලෝකයා ධර්මය හැටියට දැක්කේ ගස්‌, ගල්, ඉර, හඳ, තාරකා වන්දනා කිරීම, යකුන් යක්‌ෂණියන් මළපෙරේතයන්ට පුද පූජා තැබීමයි. සතුන් දහස්‌ ගණන් පණපිටින් බෙලි කපා කළ මහා සත්ත්ව යාගයන්ය. තිරිසන් ලෝකයේ ජීවත්වෙන අලියා, නයා, හරකා වැනි තිරිසන් සතුන්ට දේවත්වයෙන් සැලකීමයි. එදා මනුෂ්‍යයා සරණ ගිය ශ්‍රේෂ්ඨම සරණ වූයේ බ්‍රහ්මයා සහ ඊශ්වර දෙවියාය. සත්වයා මැවුවේ මහා බ්‍රහ්මයාය. නැති නම් ඊශ්වර දෙවියාය. සත්වයාගේ දුකත් සැපත් දෙකම මහාබ්‍රහ්මයාගේ කැමැත්තයි වැනි ධර්මයන්ය. එදා සමාජයේ කාන්තාව විමුක්‌තිය යෑයි සිතුවේ තම මියගිය ස්‌වාමිපුරුෂයාගේ ගිනිගෙන ඇවිළෙන දර සෑයට පැන වේදනාවෙන් දිවි නසා ගැනීමයි. දෙවියන් වහන්සේ නාමයෙන් ශුද්ධ යුද්ධ කර, මහා කුරිරු මිනිස්‌ ඝාතන සිදු කර දෙවියන් වහන්සේට කෘතගුණ දැක්‌වීමයි. තමන් දුක්‌ විඳීමෙන්ද අන්‍යයන්ට දුක්‌ දීමෙන්ද දුක නැතිකිරීමේ මාර්ගය හැටියට ගත් මෙවැනි මිථ්‍යදෘෂ්ටික, මෝහමූලික, අකුසල්ම වැඩෙන ක්‍රියාවන් සමඟ බුදුරජාණන් වහන්සේගේ උතුම් ආර්යඅෂ්ටාංගික මාර්ගයේ අර්ථය මොහොතක්‌ නුවණින් මෙනෙහි කර බලන්න.


    මහා බ්‍රහ්මයා, ඊශ්වර සියල්ලේම මැවුම්කරුවාය කියන මිථ්‍යාධර්මයන් සමඟ උතුම් පටිච්ච සමුප්පාද ධර්මය නුවණින් මෙනෙහි කර දකින්න. අව්ව තපිමින් ශීතලෙන් ගැහෙමින් ශීතල වතුරේ ගිලෙමින් නිර්වස්‌ත්‍රව ජීවත් වෙමින් බලු ව්‍රත, ගෝව්‍රත රකිමින් දුක, වේදනාව දරා ගැනීම ඉවසීම දුකෙත්, සැපෙත් ආශ්වාදයට කොටුවීම ධර්මය හැටියට විමුක්‌ති මාර්ගය හැටියට දැක්‌කා. මිච්ඡා ධර්මයන් සමඟ උතුම් පංච උපාදානස්‌කන්ධ ධර්මයන්, සප්තබොඡ්ඣංග ධර්මයන්ගේ ශ්‍රේෂ්ඨභාවය නුවණින් දකින්න. මෙවන් මිථ්‍යාවන් සමඟ බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ උතුම් ධර්මයන්ගේ අර්ථය නුවණින් සසඳා බලන්න. අතීතයේ වැඩසිටියා වූ මිච්ඡා ශාස්‌තෘවරුන් වූ පූර්ණ කසස්‌ප, මක්‌ඛලීගෝසාල, අජිත කේසකම්බල, පකුධ කච්චායන, නිගණ්‌ඨනාථපුත්ත, සංජය බෙල්ලට්‌ඨි පුත්ත වැනි අය දුකින් මිදීම වශයෙන් දේශනා කළේ යමෙක්‌ මේ ජීවිතයේදී සමාධි භාවනාවන් ප්‍රගුණ කර රූපාවචර ධ්‍යාන සකස්‌ කරගෙන ජීවත් වෙනවා නම්, ඒ හේතුවෙන්ම මේ ජීවිතයේදීම විමුක්‌තිය ලබනවාය යන්නයි. තවත් මිච්ඡා ශාස්‌තෘවරයන් දේශනා කළේ මේ ජීවිතයේදී අරූපාවචර ධ්‍යාන සකස්‌ කර ගෙන ජීවත් වෙනවා නම් මේ ජීවිතයේදීම විමුක්‌තිය ලබනවාය කියලයි. සමහරක්‌ මිච්ඡා ශාස්‌තෘවරුන් දේශනා කළේ ශරීරයට දැඩි දුක්‌ දීමෙන් දුක්‌ ගෙවී යනවාය යන්නයි.


    නිත්‍ය වූ ආත්මයක්‌ ගැන භවයෙන් භවයට යන්නාවූ ආත්මයක්‌ ගැන වාද විවාද කරමින් ධර්මයේ නාමයෙන් ලෝභ, ද්වේශ, මෝහ ධර්මයන් වඩා ගනිමින් ජීවත් වන අබුද්ධෝත්පාද කාලයක අවාසනාවන්ත මනුෂ්‍යයන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ උතුම් ධර්මය මොනතරම් ගාම්භීර ධර්මයක්‌ ද බුදුරජාණන් වහන්සේ පහළ නොවන්නට මිථ්‍යාවත් සත්‍යයත් අතර ධර්මයත් අධර්මයත් අතර හාස්‍යයත් ගෞරවයත් අතර ඇති පරතරය මොනතරම් නම් විශාලද. මෙවැනි මිථ්‍යාවන් නිසා සකස්‌වූ අකුසල් හේතූවෙන් එම මිථ්‍යාදෘෂ්ටිකයන් කල්ප ගණන් දුකට වැටෙද්දී උතුම් ලොව්තුරා ධර්මයේ සැනසීම ලැබූ සම්මාදිට්‌ටියට පත් මනුෂ්‍යයන් කල්ප ගණන් සුගතියේ ලබන සැපය නුවණින් දකින්න.
    මතු සම්බන්ධයි!


    ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!


    සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර (share) ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න! තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!


    සියලුම ලිපි : www.maharahathunwadimagaosse.org


    උපුටාගැනීම :Maha Rahathun Wadi Maga Osse - මහ රහතුන් වැඩි මග ඔස්සේ
     
    Last edited:

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0


    නිර සතුන් ගිය මඟ ඔස්සේ...!!!

    http://www.elakiri.com/forum/showthread.php?t=1806228

    --

    භික්ෂුවක් විනය අරභයා වද වීම ගැන රාජගිරියේ අරියඥාණ හිමිගෙන් අගතිගාමී උපදෙස්
    http://www.elakiri.com/forum/showthread.php?t=1824788

    පච දේශකයින් මැද අයෙක් බබළයි! (Youtube පරිශීලකයෙකුගේ විස්තර කිරීමක් - රාජගිරියේ අරියඤාණ හිමි ගැන ද සඳහන් වේ)
    http://www.elakiri.com/forum/showthread.php?t=1814306

    කාන්තාවක් වෙලා ඉපදුනේ කාමයේ වරදවා හැසිරුන නිසා-අරියඥාන මිත්‍යාදෘෂ්ටිකයා
    http://www.elakiri.com/forum/showthread.php?t=1808040

    බුදුන් වහන්සේ සිය දිවි නසා ගත්තා- අරියඥාන පචෝරිස්
    http://www.elakiri.com/forum/showthread.php?t=1807872

    රාජගිරියේ අරියඥාණ හිමි බිරිඳ, දරුවා, ස්වාමි පුරුෂයා, මුණුබුරා, මිණිබිරිය ධර්ම රත්නය සේ දකින්න යැයි අධර්මයක් පැවසීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1794320

    අරියඥාණ හිමිගේ අට මහා අකුසල් ප්‍රෝඩාව
    http://www.elakiri.com/forum/showthread.php?t=1786211

    අරියඥාණ හිමි සහ සුභද්ද හිමි
    http://www.elakiri.com/forum/showthread.php?t=1786056

    රාජගිරියේ අරියඥාණ හිමි නිවන් අනුසස් කොට ඇති උතුම් සීල ගුණය කෙළෙස් ධර්මයක් යැයි වරදවා අර්ථ දැක්වීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1785871

    රාජගිරියේ අරියඥාණ හිමිගෙන් බුදු සසුන අතුරුදහන් කිරීමට උපදෙසක්: භික්ෂූන් වහන්සේලාගේ හරි වැරදි සෙවීම ගිහියන්ට අදාල නැත
    http://www.elakiri.com/forum/showthread.php?t=1785527

    රාජගිරියේ අරියඥාණ හිමි සංඝයා රූපියශික්ෂාපදයෙහි වරදවා පිළිපැදීමට යොමු කෙරෙන පරිදි ගිහියන් විසින් භික්ෂූන් වහන්සේලාට මුදල් දිය යුතු අයුරක් පැවසීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1782913

    රාජගිරියේ අරියඥාණ හිමි විසින් යම් අයෙකු මාර්ග ඵල ලාභියෙක් යැයි පැවසිය හැක්කේ බුදුරජානන් වහන්සේ නමකට පමණක්ය යන ධර්මයට නොගැළපෙන කරුණක් පැවසීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1782644

    ආරියඥාණ හිමි බුදුන් සරණ නොයෑම
    http://www.elakiri.com/forum/showthread.php?t=1782317

    නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!
    http://www.elakiri.com/forum/showthread.php?t=1754494

    රාජගිරියේ අරියඥාණ හිමි බුදුන්ගේ සහ සංඝයාගේ ආහුනෙය්‍ය ගුණය වසා දැමීම - නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!
    http://www.elakiri.com/forum/showthread.php?t=1753221

    රාජගිරියේ අරියඥාණ හිමි සත්පුරුෂ වාසය වැරදවීම: භික්ෂූන් වහන්සේලා ගේ හරි වැරදි සෙවීම ගිහියන්ට අදාල නැත - නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!
    http://www.elakiri.com/forum/showthread.php?t=1752388


    Skylark
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    රාජගිරියේ අරියඤාණ හිමි යනු බාලයෙකි.

    රාජගිරියේ අරියඤාණ හිමි යනු බාලයෙකි. කෙලෙසින් බාලයෙකු වේ ද යත්, නො කැප දැයෙහි කැපය යන සංඥා ඇති බැවිනි. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ දුක නිපාතයේ දුතිය පණ්ණාසකයේ බාලවග්ගයේ තතිය සූත්‍රයේ[1] මෙනි. කවර නො කැප දැයෙහි කැපය යන සංඥා ඇති බැවින් ද යත්, භික්ෂූන් විසින් මුදල් පිළිගනු ලැබීම කැපය යන සංඥා ඇති බැවිනි. කෙලෙසින් භික්ෂූන් විසින් මුදල් පිළිගනු ලැබීම නො කැප ද යත්, ත්‍රිපිටකයේ විනය පිටකයේ පාරාජිකපාළියේ කොසියවග්ගයේ රූපියශික්ෂාපදයේ[2] පරිද්දෙනි. කෙලෙසින් භික්ෂූන් විසින් මුදල් පිළිගනු ලැබීම කැපය යන සංඥා ඇති බැවින් ද යත්, සිරස FM රේඩියෝවේ 2014.10.19 දින විකාශය වූ පන්සිල් මළුව 9 වන කොටසේ දී මුදල් දැමූ ලියුම් කවර සංඝයාට බෙදා දිය යුතු අයුරක් පවසන ලද පරිද්දෙනි. මෙපරිද්දෙන් රාජගිරියේ අරියඤාණ හිමි යනු බාලයෙකි.

    1. "ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ දුක නිපාතයේ දුතිය පණ්ණාසකයේ බාලවග්ගයේ තතිය සූත්‍රය [ http://thripitaka.org/view/bjts/sp12/202 ]"
    2. "ත්‍රිපිටකයේ විනය පිටකයේ පාරාජිකපාළියේ කොසියවග්ගයේ රූපියශික්ෂාපදය [ http://thripitaka.org/view/bjts/vp1/606 ]"

    නිර සතුන් ගිය මඟ ඔස්සේ...!!!
    http://www.elakiri.com/forum/showthread.php?t=1806228

    Skylark