තංගල්ල මිද්දෙණිය - කඩේවත්ත මංසන්ධියේදී ඊයේ (18) රාත්‍රියේ සිදුවූ මාරාන්තික වෙඩි ප්‍රහාරයකින් පියෙකු සහ ඔහුගේ දරුවන් දෙදෙනා ඝාතනයට ලක්ව තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මිද්දෙණිය පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
වීරකැටිය මීගස්ආර ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 39ක් වූ අරුණ විදානගමගේ හෙවත් 'කජ්ජා' යන අන්වර්ථ නාමයෙන් ප්‍රකට පුද්ගලයා, ඔහුගේ අවුරුදු 6ක් වූ දියණිය සහ අවුරුදු 9ක් වූ පුත්‍රයා සමඟ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.
මෙම කජ්ජා නමැත්තා රාජපක්ෂ පවුල වෙනුවෙන් ඕනෑම මිනීමැරුමක් සිදුකරන 'රාජපක්සගේ අලුගෝසුවා' ලෙස හඳුන්වා තිබූ බව හෙළිදරව් කරමින් මීට වසරකට පමණ පෙර චමුදිත සමරවික්‍රම කජ්ජා සමග යූටියුුබ් සාකච්ඡාවක්ද කර තිබුණි. කෙසේ වෙතත් එම වීඩියෝවේදී තමා කළදේට ඇගයුමක් නැති බවත් මරණ තර්ජන ඇති බවත් ඔහු කියා තිබේ.
මියගිය පුද්ගලයාට ජීව අත්බෝම්බයක් සහ රිවෝල්වරයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පැවති බව වාර්තා වේ. මෙම ප්‍රහාරය සඳහා ටී-56 වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවට පොලීසිය සැක කරයි.
තංගල්ල කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල සෙනෙවිරත්න මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වමින් සිටී. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුම් දියත් කර ඇති අතර, ප්‍රහාරයට හේතුව කුමක්දැයි සොයා බැලීමට ද පරීක්ෂණ ආරම්භ කර තිබේ.
mehe warella, @2osama @Don GasCan @monson @hirashgeff
rajapakshalage balu kukkek maha pare marala dala, ubala thread dala adanne naththe ai
වීරකැටිය මීගස්ආර ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 39ක් වූ අරුණ විදානගමගේ හෙවත් 'කජ්ජා' යන අන්වර්ථ නාමයෙන් ප්‍රකට පුද්ගලයා, ඔහුගේ අවුරුදු 6ක් වූ දියණිය සහ අවුරුදු 9ක් වූ පුත්‍රයා සමඟ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.
මෙම කජ්ජා නමැත්තා රාජපක්ෂ පවුල වෙනුවෙන් ඕනෑම මිනීමැරුමක් සිදුකරන 'රාජපක්සගේ අලුගෝසුවා' ලෙස හඳුන්වා තිබූ බව හෙළිදරව් කරමින් මීට වසරකට පමණ පෙර චමුදිත සමරවික්‍රම කජ්ජා සමග යූටියුුබ් සාකච්ඡාවක්ද කර තිබුණි. කෙසේ වෙතත් එම වීඩියෝවේදී තමා කළදේට ඇගයුමක් නැති බවත් මරණ තර්ජන ඇති බවත් ඔහු කියා තිබේ.
පොලිස් වාර්තා අනුව, ප්‍රහාරය එල්ල වූයේ රාත්‍රී 10.15ට පමණ වන අතර, පියා සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් ඇත. බරපතල තුවාල ලැබූ දරුවන් දෙදෙනා තංගල්ල සහ ඇඹිලිපිටිය රෝහල්වලට ඇතුළත් කර තිබූ අතර, දියණිය තංගල්ල රෝහලේදී මියගොස් ඇත. ඇඹිලිපිටිය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර තිබූ පුත්‍රයා පසුව රත්නපුර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කර තිබුණද, අද (19) පෙරවරුවේ මියගොස් තිබේ.මියගිය පුද්ගලයාට ජීව අත්බෝම්බයක් සහ රිවෝල්වරයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පැවති බව වාර්තා වේ. මෙම ප්‍රහාරය සඳහා ටී-56 වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවට පොලීසිය සැක කරයි.