අතීතයට කාල තරණය කිරීමේ එකම එක අවස්ථාවක් මට ලැබිලා තියෙනවා. මම ඒක පාවිච්චි කළේ මම දන්න මහා ප්‍රාඥයෙක් ගේ කාලයට…. ක්‍රි.පූ 440 කල ඉන්දියාවට යන්න. මට මාගධී භාෂාව බැහැ. නමුත් "සිද්ධාර්ඨ ගෞතම" කියලා ඇහුවම මිනිස්සු අතින් පයින් පෙන්නපු මං මාවත් දිගේ මම ආවා උන්වහන්සේ වැඩසිටිනවාය කියපු ඉසව්වට . ශරීරය රනින් දිලිසෙන, දෙතිස් මහා පුරුෂ ලකුණින් ආඩ්‍ය, ෂඩ් වර්ණයෙන් දිදුලන රුවක් දකින්න මගේ ඇස් සූදානම් වෙලයි හිටියේ. නමුත් සියලු බලාපොරොත්තු සුන් කරමින් මා ඉදිරියේ සිටියේ සාමාන්‍ය මනුස්සයෙක්. උන්වහන්සේගේ දෙකන් අපේ වගේමයි. අතේ ඇඟිලි, අඩි සටහනේ, කටහඬේ එහෙම, අමුතු වෙනසක් තිබුණේ නැහැ. නමුත් රජ කුමාරයෙක් සතු තේජසක්, සෙන්පතියෙක් සතු තියුණු පැහැදිලි කටහඬකුත් තිබුණා. . මේ ඉන්නේ ගෞතම බුදුන්මද කියලා මාගධී භාෂාවෙන් අහන්න මට තේරුණේ නැහැ. උන්වහන්සේව පිරිවරාගෙන ඉන්න ශ්‍රාවක පිරිස කරුණාවන්ත පාටයි. මම උන්වහන්සේලාගේ සෙවනේ මාගධී භාෂාව ඉගෙන ගන්නවා. කවදා හරි සත්‍ය බුදුන් හමුවට ගියහම මේ භාෂා ඥාණය වටීවි. හැබැයි මුන්වහන්සේත් කිසි කලබලයක් නැහැ වගේ. ශාන්තව වැඩසිටිනවා. ප්‍රියමනාපයි.
- සුමාන දෙකකට පසු -
මීට දින කිහිපයකට කලින් සුවිශේෂී දෙයක් වුණා. විසාලා නගරවාසීන්ට ඇතිවෙලා තිබ්බ දුර්භීක්ෂ බය, රෝග බය, අමනුස්ස බය... කියන තුන් බිය නැති කරන්න කියලා මා ඉදිරියේ ඉන්න උතුමාට ආරාධනාවක් ආවා. බුදුන්ට කලින් ෂඩ් ශාස්තෲවරුන්ටත් බිය නැති කරන්න මේ වගේම ආරාධනා ආවා කියලා මං කියවලා තියෙනවා. ඒ කියන්නේ මුන්වහන්සේත් එයින් එක් ශාස්තෲ කෙනෙක් ද? මේ ඉන්නේ බුදුන් නෙවෙයිද? . ඉතින් විසාලා නුවරට වැඩම කරපු මුන්වහන්සේ ධර්මය දේශනා කළා. පසුව ශ්‍රාවකයන්ගෙන් දැනගත්තු විදිහට "රතන සූත්‍රය" යන නමින් ඒ කියලා තියෙන්නේ, සෝවාන් වෙන ක්‍රමය ගැන. ඒ සූත්‍රය සජ්ජායනා කළා කියලා වැස්සක් නං ලැබුණේ නැහැ. නමුත් ඒ දේශනාවේ අර්ථය තේරුම්ගත්තු නිසා නගරවාසීන් බහුතරයක්.. ඉපදෙන අපි හැමෝම ජරාවට මරණයට රෝගවීමට උරුමකම් කියන බව තේරුම් ගත්තා. සිත් සුවපත් වුණා. රෝගවීමට, දුර්භීක්ෂයට, අමනුස්සයන්ට තිබුණු තුන් බිය කියන එක දුරු වෙලා ගියා. වැසි නැතිවීම ගැන ඒ මිනිස්සු තවදුරටත් දුක් වුණේ නැහැ . පත පොතේ මං කියවලා තියෙන්නේ රතන සූත්‍රය කියනකොට යක්කු පැනලා දිව්වාය කියලා. පෘථග්ජන මට යක්කු පේන එකක් යැ? උන් ටික පැනලා දුවන්න ඇති ! . සෑහෙන කලකට පස්සේ තමයි වර්ෂාව ලැබිලා තිබුණේ. නමුත් ඒ මිනිස්සු ආපහු කිසිම දෙයකට හිත කලබල කරගන්න එකක් නෑ කියලා මට හිතෙනවා.
- මාස එක හමාරකට පමණ පසු -
දැන් නම් මට විශ්වාසයි මේ ඉන්නේ බුදු දහමට අයත් ශ්‍රාවකයෝ පිරිසක් තමයි කියලා. නමුත් මේ ඉන්නේ බුදුන්මද? කියන ප්‍රශ්නයට පිළිතුරක් මට හම්බුනේ අද. දවසක් සැරියුත් තෙර මුන්වහන්සේ හමුවට ඇවිල්ලා සුනක්ඛත්ත කියන භික්ෂුව, සිවුරු ඇරලා ගිහින් මුන්වහන්සේට බණින බව සැල කළා. "සාරිපුත්‍ර, මොනවා කියලද මට බණින්නෙ?" උන්වහන්සේ ඇහුවා. "ඔබ වහන්සේ බුදුවෙලා නැහැලු. නමුත් ඔබවහන්සේගේ කියන දහම් මග ගියොත් දුක නිවෙනවලු ". . " ඉතින් සාරිපුත්‍ර මම දේශනා කරන්නේ දුක නිවන ක්‍රමයක් ගැන තමයි. එයා ඔය කියලා තියෙන්නේ තථාගත ගුණයක් නේ? " උන්වහන්සේ උත්තර දුන්නා. දුක නිවාගන්න මග දේශනා කරන කෙනා බුදුන් ද නැද්ද කියන එක වැදගත් නැහැ නේද? කියලා මට හිතුනා. මුන් වහන්සේගේ මේ දේශනාව "මහා සීහනාද සූත්‍රය" ලෙසින් ශ්‍රාවකයින් මතක තියාගත්තා . කෙනෙක් වසලයෙක් හෝ බමුණෙක් වෙන්නේ උපතින් නෙවෙයි කියලා උන්වහන්සේ දේශනා කළා. සතුන් බිලිදෙන පූජා වැරදි බව උජ්ජාය බ්‍රාහ්මණයාට කියලා දුන්නා. ජලයේ බැහැගෙන හිටියාට පව් සේදෙන්නේ නැහැ කිව්වා. මම ආපු අනාගතයේදී මේවා බොහෝම සාමාන්‍ය සංකල්ප වුණාට මේ කාලේ මිනිස්සුන්ට කුලයෙන් බිලිපූජාවෙන් තොර ජීවිතයක් ගැන හිතාගන්නවත් බැහැ. මේ නිසාම සමහරු ඇවිල්ලා උන් වහන්සේට බැන්නා. . එහෙම බණින්න ආපු සමහර අය උන්වහන්සේගේ කරුණු දැක්වීම අහලා පැහැදිලා ශ්‍රාවකයෝ වුණා. දණ්ඩපාණි ශාක්‍යයා වැනි තවත් සමහරක් අය දිව උලුක් කරලා පිළි නොගෙන නැගිටලා ගියා. මේ කාලය ඇතුලත උන්වහන්සේගේ කීර්තිය වැඩි වෙලා ටිකෙන් ටික පිරිවර වැඩි වුනා. සමහරු කලකිරිලා සිවුරු හැරලා ගියා. මහා උයන් ආරාම උන්වහන්සේ වෙනුවෙන් ලැබුණා. වැස්සෙන් බේරෙන්න ශාලාවකට ගියහම එහි හිටපු බමුණන් උන්වහන්සේව බැනලා එලවගත්තා. සමහර බමුණන් උන්වහන්සේ ලඟින් වඩිනකොට නිශ්ෂබ්දව වෙලා උන්වහන්සේට බණ කියන්න ඇතුලට එන්න කියලා ආරාධනා කළා. කාන්තාවක් මරලා පන්සල් බිමේ හංගලා මුන්වහන්සේ දූෂණය කරලා මරලාය කියලා චෝදනා කළා, රජවරු මුන්වහන්සේගේ උපාසකයන් ලෙස දණින් වැටුනා. සමහර උපාසකයෝ වෙනත් ආගම් වල සරණ ගියා . මේ මොන අවස්ථාවකදීවත් උන්වහන්සේ කෝප වුණේ නැහැ. දුක් වුණු හෝ සතුටු වුණු බවක් මට පෙනුනේ නැහැ .
- මාස 3 කට පමණ පසු -
මේ විදිහට මිනිස්සුන්ගෙන් බැණුම් ඇහුවාම මුන්වහන්සේ ආපහු ආන්දෝලනාත්මක කතා කියන එකක් නෑ කියලයි මම හිතුවේ . ඒත් එක දවසක් උන්වහන්සේ බ්‍රාහ්මණයෝයි බල්ලොයි සංසන්දනය කරමින් “සුනඛ ධම්ම සූත්‍රය“ දේශනා කළා. “ඔය බ්‍රාහ්මණයන්ට වඩා පාරේ ඉන්න බල්ලොත් උසස් “ කියලා කරුණු 5කින් පෙන්නලා දුන්නා. ඒතනින් නැවතුනේ නැහැ. බමුණො ඉපදෙන්නේ මහා බ්‍රාහ්මණයාගේ මුවින් ය කියන කතාව ඇත්ත නම්... මේ දැන් ඉන්න බමුණො ඉපදුන ඔවුන්ගේ මව්වරුන්ගේ ස්ථානය… මුත්‍ර කරන, ඔසප් වෙන යෝනිය.. මහ බඹාගේ මුවට සමාන වෙන්න ඕනේ නේද? කිව්වා
. ඉතිං මෙහෙම කතා කියනකොට බ්‍රාහ්මණයොන්ට මුන්වහන්සේ එක්ක මළ පනින එකේ අරුමයක් නැහැ නේද? කියලා මට හිතුනා. නමුත් සමාජයේ වැරදි මත විවේඡනය කරන්න උන්වහන්සේ බය වුණේ නැහැ. ... දවසක් සරකානි නම් ශාක්‍යයා මැරිලා කියලා අරංචියක් ආවා. මියගිය සරකානි සෝවාන් වූ කෙනෙක් කියලා මුන්වහන්සේ කිව්වා. "මේක මාර වැඩක් නේ? දැන් මෙහි සෝවාන් වෙලා නැත්තෙ කවුද? අන්න සරකානිත් සෝවාන් ලු " කියලා ශාක්‍යයෝ මුන්වහන්සේට විහිළු කළා. ඉතින් මට ප්‍රශ්නයක් ආවා. අපි පොත්වල කියවලා තියෙනවා වගේ බුදුන්ට මහත්වූ සෘද්ධි බලයක් තියෙනවා නං, කාටහරි කෙනෙක්ට මේවගේ බලවත් කෙනෙක්ට බණින්න, හිනාවෙන්න හිතෙන්නේ කොහොමද? ඉතිං මං මගේ පැනය කැඩිච්ච මාගධී භාෂාවෙන් භික්ෂූන්ගෙන් විමසුවා. “ ස්වාමීණි මේ ඉන්න බුදුන්...අහසින් වැඩම කරන හැටි, ජලයේ මෙන් ගොඩබිම කිමිදිලා, ගොඩබිම මෙන් ජලයේ ඇවිදින්නවා ඔබ වහන්සේලා දැකලා තියෙනවද? ”.. මානවය අපි නම් දැකලා නෑ. උන්වහන්සේලා පිළිතුරු දුන්නා. මට තාම හරියට මාගධී භාෂාව බැහැ. සමහර විට මං අහපු ප්‍රශ්නය උන්වහන්සේට තේරෙන්නෙ නැතුව ඇති. බුදුවරයෙක් ප්‍රාතිහාර්යයන් පාන්නේ නැතිවෙන්න බැහැ. . මට ප්‍රශ්නයක් ඇති බව දැනගෙන දෝ උන්වහන්සේ මං දිහා බලනවා. නමුත් මට මාගධී භාෂාව හොඳටම තේරෙනකං මං උන්වහන්සේ හමුවට යන්නේ නැහැ. උන්වහන්සේ බලෙන් මට දහම් දෙශනා කරන්න හැදුවෙත් නැහැ
- 5 වන මාසය -
මුන් වහන්සේ විවේක වේලාවලදී අන්‍ය බමුණන්ගේ ශාලා වලට වැඩම කළා. මම ආපු අනාගත කාලයේ සමහර නිරාගමිකයෝ වගේ.. තමන්ට පේන්නේ නැති ඇහෙන්නේ නැති හැමදේම බොරුමයි කියපු අය මේ කාලෙත් හිටියා. ඔවුනුත් වාදයට ආවා. නමුත් අන්ධයෙක් තමන්ට නොපෙනෙන නිසා නිල් පාට, රතු පාට, ඉර, හඳ කියන ඒවා මේ ලෝකෙ නැහැයි කියලා කිව්වොත් එක වැරදියි නේද? කියලා කුමාර කස්සප තෙරණුවෝ “පයාසි සූත්‍රයෙන්” කියලා දුන්නා . ආගම් භක්තිය නිසා ඕනෑම විකාරයක් අදහන අනුවණ උපාසකයනුත් මේ කාලයේත් මම දැක්කා. නමුත් තම ශාස්තෲභක්තියෙන්, ආගම් භක්තියෙන් දේවල් පිළිගන්න එපා කියලා පෙන්නලා දුන්නා. . විරුද්ධ මත තිබුණු සමහර බමුණන්, නිඝන්ඨයින් මුන්වහන්සේගේ කරුණු දැක්වීම හමුවේ නිරුත්තර වුණා. සමහර බ්‍රාහ්මණයෝ ඇවිල්ලා එයාලගේ ආගමේ තියෙන ගැටලු මුන්වහන්සේගෙන් අහලා විසඳගත්තා. මුන්වහන්සේට අනිත් ආගම් ගැනත් හසල දැනුමක් තියෙන පාටයි. එහෙම ආපු සමහරු පැහැදිලා මුන්වහන්සේ ලඟ පැවිදි වුණා. . මම ආපු අනාගත කාලේ හාමුදුරුවරු බණ කිව්වේ බෞද්ධයොන්ට. ඒත් මුන්වහන්සේගේ බණ අහලා උපාසකයන් බවට පත් වුණේ, පැවිදි වූණේ වෙනත් ආගම් වල බැසගෙන හිටපු අය. උන්වහන්සේ මේ කරන්නේ එසේ මෙසේ වැඩක් නෙවෙයි නේද කියලා මට තේරුනා. බුදුන් ලඟ තිබුණාය කියන අනුශාසනා ප්‍රාතිහාර්‍ය මම මුන්වහන්සේ තුලින් නො-අඩුව දුටුවා. . දේශනාව වගේම තමයි. උන්වහන්සේ වචනය ක්‍රියාවෙන්ම කරලා පෙන්නුවා. කුලවාදය හෙලා දැකපු උන්වහන්සේ කුමාරවරු වගේම සැඩොල්, ක්ෂූද්‍ර කුලයේ අයත් මහණ කෙරෙව්වා. කුල භේදයක් නැතුවම එයින් සමහරු ධර්මාවබෝධයට පත්වුණා. මාර්ගඵල ලාභීන් අතර කුදු, නොන්ඩි, සුදු, කළු, ලක්ෂණ, අවලක්ෂණ, උගත්, නූගත් මේ හැමෝම හිටියා. . ඒ අතරින් රහත් කියලා හඳුන්වාගත්තු භික්ෂූන් කවදාවත් සිවුරු හැරලා ගියේ නැහැ. උන්වහන්සේලාගේ මුහුණෙ භය, කෝපය, ශෝකය කියන දේවල සේයාවක් වත් මම මෙතෙක් දැකලා නැහැ. හැබැයි මේවා පේන්නේ සුපරික්ෂාවෙන් බැලුවොත් විතරයි. එහෙම නැත්නම් රහතන් වහන්සේලා සහ මම ආපු අනාගත කාලයේ භික්ෂුවක් අතරත් පිට පෙනුමෙන් වෙනසක් නැහැ. බබලන්නේ රැස් විහිදෙන්නේ නෑ . මුන්වහන්සේ කියපු දේ කළා. කරපු දේ කිව්වා. හැමවිටම නිෂ්ඵල කතා වලින් වැළකිලා ධර්මය ගැනම කතා කළා. අන්‍යයන්ට වඩන්න කියලා දේශනා කරපු සීලයන්, ගතිගුණ, කුසල් උන්වහන්සේ තුලත් තියෙනවද කියලා පරිස්සමෙන් බලන්න කියලා ශ්‍රාවකයන්ට කිව්වා. කැමති නං තමන්වහන්සේගේ චරිතය ගැනත් ප්‍රශ්න කරන්න කියලා "විමංසක සූත්‍රය" දේශනා කළා. . මේ ඉන්න මුණිවරයා බුදුන් වෙන්න පුළුවන්. මම අද ඉඳන් උන්වහන්සේ බුද්ධ යන නමින් අමතනවා. ශ්‍රාවක පිරිස භික්ඛු යන නමින් හඳූනාගන්නවා .
ithuru tika palleha thiyenawa...........

Last edited: