මිනිත්තු අටකදී ඉරණම වෙනස් වූ ඈන් (Crime Scene)
[FONT="]අම්මාට හාදුවක් දී නිවෙසින් එළියට පැමිණි ඈන් පාසල් බෑගයත් උරහිසේ එල්ලාගෙන නිවෙස ඉදිරිපස ගේට්ටුව ළඟට දුවගෙන ආවාය. ඈ හැමදාම මේ ටික එන්නෙ දුවගෙන, පොත් බෑග් එකත්, බටනළාවත් ගේට්ටුව අසල තියෙන ලියුම් පෙට්ටිය උඩින් තියල පාසල් බස් රිය ඈත වංගුවෙන් මතු වෙන තුරු ඈන් බලා ඉන්නෙ නොඉවසිල්ලෙන්. ඇය පොත් මල්ල අතට ගන්නෙ බස් එක දැක්කට පස්සෙයි.[/FONT]
[FONT="]එදා මාර්තු මාසෙ 22 වැනිදා පාසල් බස් රිය ඈත වංගුවෙන් මතුවුණා. බස් රථයේ රියදුරා පාරේ ඈත බැලුවා. මීළඟට බස් එක නවත්තන්නෙ ඈන්ගෙ නිවසෙ ගේට්ටුව ඉදිරිපිට. වෙනදා නම් ඈන් එතැනට වෙලා බලා ඉන්නවා. ඒත් අද නෑ.[/FONT]
[FONT="]ගේට්ටුව ඉදිරිපස බස් රිය නතර කළ රියැදුරු කත රථයේ නළාව ශබ්ද කළා. කිහිප වරක් රථයේ නළාව ශබ්ද වූ පස් ඈන්ගේ අම්මා නිවෙස ඉදිරිපසට ඇවිත් ඈන් ගෙදර නැති බවට අතින් සන් කළා. ඈන් සිය රථයෙන් පාසලට රැගෙන එන බව පැවසූ අම්මා බසයට යන ලෙස පැවසුවා.[/FONT]
[FONT="]නිවස වටේ ඇවිදිමින් නම කියා හඬ ගසමින් සෙව්වත් ඈන් අහල පහළක නැහැ. [/FONT] “[FONT="]මේ ළමයා කොහෙ ගියාද..?[/FONT]”[FONT="] අම්මා ඈන් සෙව්වා. ගෙයි කාමරයක් ගානේ ඈන් සෙවූ අම්මා අසල්වැසියන්ගෙනුත් ඈන් දැක්කාදැයි විමසුවේ සිතේ බියකුත් සමඟිනුයි. කවුරුත් එදා උදේ ඈන් දැකල නෑ.. අම්මගේ සිතේ බිය වැඩි වුණා.[/FONT]
[FONT="]අන්තිමේදි ඇය පොලීසියට දුරකතන ඇමතුමක් ගත්තේ සිතේ බිය සැක දුරුකර ගන්නා අදහසිනුයි. ඇමෙරිකා එක්සත් ජනපදයේ මිසූරි ප්‍රාන්තයේ කැන්සාස් නගර පොලීසියේ නිලධාරියෙක් ඈන් ගේ නිවසට මිනිත්තු කිහිපයකින් ළඟා වුණා. නිලධාරියා පාසලට දුරකථන ඇමතුමක් ගත්තා. පාසලෙන් කිව්වෙ ඈන් පාසල් ඇවිත් නැති බවයි. ඇගේ මිතුරියෝත් ඈන් එදින දැක තිබුණෙ නෑ.[/FONT]
[FONT="]පොලිස් නිලධාරීන්ට ප්‍රශ්නයක් මතුවුණේ මිනිත්තු අටක් වැනි සුළු කාලයක දී ඈන් අතුරුදන් වුණේ කොහොමද කියන එකයි. ඈන් නිවෙසින් ඇවිත් බස් එක ගේට්ටුව ළඟට එන ටිකට ගතවෙලා තිබුණෙ මිනිත්තු අටයි. පරීක්ෂකයො ඈන් ගෙදර ඉදන් ඇවිදින් ආපු පාරයි ලියුම් පෙට්ටිය ළඟයි හොඳට පරික්ෂා කළා. ලියුම් පෙට්ටිය තියෙන තැන කුමක් හෝ දෙයක් සිදු වී තිබෙන බව ඒ අයට දැනගන්න ලැබුණෙ එවිටයි.[/FONT]
[FONT="]ඈන් අතුරුදහන් වූ දින පෙරවරු දහය වෙද්දී කැන්සාස් පොලීසියෙ මනුෂ්‍ය ඝාතන හා ලිංගික අපරාධ අංශයේ නිළධාරීන් රැසක් ඇගේ නිවෙස පිහිටි ප්‍රදේශය පීරමින් ඈන් ගැන හෝඩුවාවක් සොයා ගැනීමට වෙහෙසුනා. පොලිස් සුනඛයන් යොදා පරීක්ෂණ කළත් උන්ට ඉව දෙන්න තරම් දෙයක්වත් පරීක්ෂකයන්ට සොයා ගැනීමට තිබුණෙ නෑ. හෙලිකොප්ටර් යානා යොදවා උඩින් සොයා ගැනීමටවත් නොහැකි වුණා. ඒත් පරික්ෂකයෝ උත්සාහය අත් නොහැර අසල්වැසියන්ගෙන් ප්‍රශ්න කළා. ඈන්ගේ නිවෙස අසල විසූ එක් අයෙක් පුංචි තොරතුරක් කිව්වේ ඒ අතරේදීයි. ඔහු කීවේ උදේ හතට පමණ ඇසුණු කෑගැසීම් ශබ්දයකින් ඔහු අවදි වූ බවයි. ඒ සමඟ ම මෝටර් රථයක් වේගයෙන් ඇදී යන හඬක් තමාට ඇසුනු බවත් ඔහු පැවසුවා.[/FONT]
[FONT="]පාසලේ ගරාජයේ සිටි පාසල් බස් රියේ රියැදුරු කාන්තාව හමුවීටත් පොලීසිය අමතක කළේ නෑ.[/FONT]
“ [FONT="]ඈන් හැමදාම පොත් ටික ලියුම් පෙට්ටිය උඩ තියලා බස් එක එනකම් බලා හිටියා. එදාත් පොටි ටික තිබුණා. ඈන් හිටියෙ නෑ. මං ඈන්ගෙ අම්මට කතා කරලා ආවා.[/FONT]”
[FONT="]රියැදුරු කත පොලීසියට පැවසුවා.[/FONT]
[FONT="]පාසලේ දීප්තිමත් ශිෂ්‍යාවක් වූ ඈන් වයසට වැඩි උස මහතයි. ඇගේ උස අඩි 5යි අඟල් 7යි. අන්තිමට දකින විට සිටියේ ඩෙනිම් කබායක් හා දිගු කලිසමක්, හොඳ ක්‍රීඩිකාවක වූ ඈන් පාසලේ ටෙනිස්, පාපන්දු, හා අත්පන්දු කණ්ඩායම් වලටත් ක්‍රීඩා කලා. ඒ විතරක් නෙමෙයි, බටනළා වාදනයටත් හපනියක් වූ ඈ තූර්යවාදක කණ්ඩායමෙත් සාමාජිකාවක්. පොලීසිය අන්තිමට ඈන් අතුරුදන්ව ඇති බව ප්‍රකාශ කළා.[/FONT]
[FONT="]අන්තිමටම ඈන්ගෙ පවුලේ අය පොලිස් නිලධාරීන් හා එක්ව ඈන්ගේ අතුරුදන් වීම ගැන ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කළා.[/FONT]
“ [FONT="]අනේ දුව ගැන මොනවා හරි දන්නවා නම් අපට කියන්න. ඉල්ලන ගාණක් දෙන්න අපි ලෑස්තියි. හැම දේටම වඩා අපට එයා වටිනවා. අපිට එයාව ඕනෑ. කවුරු හරි එයා රඳවගෙන ඉන්නවා නම් අපට කියන්න. එයාට තවම වයස අවුරුදු පහළොවයි. එයා නැතුව අපිට ජීවත් වෙන්න බැහැ. ඔයාලටත් මේ වගේ දෙයක් වුණොත් ඒ දුක දරාගන්න බැරිවේවි. අපේ දුව අපට දෙන්න. අපි එයාට ආදරෙයි..[/FONT]”
[FONT="]ඈන්ගේ අම්මාත්, තාත්තාත් මහජනතාවගෙන් ආයාචනා කළේ හැඬූ කඳුළින්.[/FONT]
[FONT="]මෙලෙස ඈන් අතුරුදන්ව කිසිම හෝඩුවාවක්වත් සොයා ගැනීමට නැතිව දැන් පැය විසිහතරක් ගතවෙලා. පරීක්ෂකයන් තව දුරටත් ඇය ගැන තොරතුරක් සොයා වෙහෙසෙද්දී රාත්‍රී 9.10ට පමණ කැන්සාස් පොලීසියේ දුරකතනය නාද වුනා. ඈන් හැරිසන්ට සිදු වූ දේ ගැන තොරතුරක් අනාවරණය වෙන්න ගත්තෙ එතැන් සිටයි. කැන්සාස් ප්‍රදේශයේ මාවතක දමා ගොස් තිබූ මෝටර් රථයක ඩිකියේ තිබී ඈන්ගේ සිරුර සොයා ගත්තා. පිහි ඇනුම් පහර කීපයකින් අප්‍රමාණ නිරුද්ධ වූ ඈන්ගේ සිරුර දමා තිබුණේ මොන්ටිකාලෝ වර්ගයේ මෝටර් රථයකයි. මෙය ඇය අතුරදන් වීමට පැයක කිහිපයකට පෙර සොරා ගත් එකක්.[/FONT]
[FONT="]එහි හිමිකරු සොයා වාහනය බාර දෙද්දී අහම්බෙන් මෙන් එහි ඩිකිය පරික්ෂා කළ මිහිකරුගේ මිතුරෙකු දුටුවේ එහි වූ ඈන්ගේ සිරුරයි.[/FONT]
[FONT="]පරීක්ෂණ වලින් පොලීසිය කහවුරු කරගත්තේ පැහැරගෙන යනු ලැබූ ඈන් මරා දමා මිනිත්තු අනූවක් ඇතුළතදී මෙතනට ගෙනත් දමා ඇති බවයි. කැන්සාස් පොලීසිය ඉන්පසු දිගටම ඈන්ගේ මිනීමරුවා සෙවීමට පරීක්ෂණ ආරම්භ කළා. මුලින්ම ඔවුන් උත්සාහ කලේ මෝටර් රථය පැදවූවන් ගැන තොරතුරු සොයන්නයි.[/FONT]
[FONT="]ඈන් ගේ මරණ පරීක්ෂණයෙන් හෙළිවුණේ පපුවේ වූ මරණිය පිහි ඇනුම් පහර නවයකින් ඇගේ මරණය සිදු වී ඇති බවයි. ඒ වගේම ඈන් මරා දැමීමට පෙර ඝාතකයන් ඇය දූෂණය කර ඇති බව ද හෙළි වුණා. මේ අවස්ථාව වන විට පරීක්ෂකයන්ගේ අදහස වුණේ ඈන් හැරිසන් පැහැර ගැනීමට හේතුව වුනේ ලිංගික අපහරණය බවයි. පරීක්ෂණ කටයුතු දිගටම සිදු කෙරෙද්දී කැන්සාස් පොලීසියට තවත් මෝටර් රථ හොරකමක් ගැන තොරතුරු හෙළි වුණා. හොරකම් කර තිබුණේ පෙර කී මොන්ටිකාලෝ වර්ගයේ රථය හොරකම් කළ ප්‍රදේශයේ ඒ අසල නිවෙසකිනුයි. මේ නිසා ඈන්ගේ මරණයත් මෝටර් රථ සොරකමත් අතර කුමක් හෝ සම්බන්ධයක් ඇතැයි පොලීසිය සැක කළා.[/FONT]
“ [FONT="]එකම පළාතෙන් එකම වෙලාවක හේතුවක් නැතුව කාර් දෙකක් හොරකම් කරන එක සැකයි. මෙතන මොකක් හරි සම්බන්ධයක් තියෙනවා.[/FONT]”
[FONT="]පරීක්ෂණ කණ්ඩායමේ ප්‍රධානියා පැවසුවා.[/FONT]
[FONT="]මේ අනුව පොලිස් නිලධාරීන්ගේ තර්කය වුණේ ඈන් පැහැර ගැනීමෙන් අනතුරුව ඇය කිසියම් තැනකට රැගෙන ගොස් දූෂණය කර මරා දමා සිරුර මොන්ටිකාලෝ රථයේ දමා ඝාතකයන් බුයිස් රිවෙයිරා රථයෙන් පලා යන්නට ඇති බවයි. එසේම ඝාතනය සඳහා ඝාතකයන් එකකුට වඩා සහභාගී වී ඇති බවත් පරීක්ෂකයන්ගේ අදහස වුණා.[/FONT]
[FONT="]කෙතරම් පරීක්ෂණ කලත් සැක කටයුතු පුද්ගලයන් හඹා ගියත් පොලීසියට ඈන්ගේ ඝාතකයන් ගැන හරිහමන් තොරතුරක් ලබා ගත හැකි වුණේ ඇගේ මරණයෙන් හරියටම මාස තුනකට පසුවයි. මෙසේ තොරතුරු දීමට ඉදිරිපත් වුණේ රිචඩ් ඇන්ඩර්සන් නැමැත්තායි. අවසානයේ ඔහු පරීක්ෂකයන් හමුවට පැමිණියා. ඝාතකයන් ඔහුගේ මිතුරන් දෙදෙනෙකු බව ඔහු පැවසුවා. ඔවුන් රොජර් සහ මයිකල් යන ඔහුගේ මිතුරන් බවත් රොජර් ගේ නැන්දණියට අයත් නිවසක බිම් මහලේ දී ඈන් දූෂණය කර මරා දැමූ බවත් ඔහු හෙළිදරව් කළා.[/FONT]
[FONT="]මේ සිද්ධිය වසර කිහිපයකට පෙර අපේ රටෙන් බොහෝ ඈත ඇමෙරිකා එක්සත් ජනපදයේ සිදුවූවත් වර්තමානයේ මෙවන් මිනීමැරුම් කීපයක් මෑත කාලයෙදී අප රටේ සිදු වූ බවත් ඔබට මතක ඇති. වෙනසකට වූයේ ඒ මිනී මැරුම් සිදු වූ ආකාරය පමණි. මිනිත්තු අටක් වැනි ඉතා සුළු කාලයකදී තරුණියකගේ ජීවිත ඉරණම වෙනස් වූ ආකාරය තෙතරම් භයානකද..? තම දියණිය, සහෝදරිය හෝ ඥාතියා, එසේත් නැත්නම් අසල්වැසියා ගැන නිතරම සොයා බලන්නේ නම් විමසිල්ලෙන් සිටින්නේ නම් මෙවන් අකල් මරණ කීයක් නම් වළකාගනු හැකි වන්නේද..?
[/FONT][FONT="]නිමි.[/FONT]
[FONT="]තවත් කතාවකින් හමුවෙමු.
[/FONT]
.................................................. ......................................
...::: පෙර ලියූ ලිපි එකතුව :::...

..::[ලොව සසල කළ සුපතළ මරණ] [01 කොටස]::..
සියල්ල වෙනස් කළ මිනිත්තු අට
http://www.elakiri.com/forum/showthread.php?t=1438391

..::[ලොව සසල කළ සුපතළ මරණ] [02 කොටස]::..
ශාපයට ලක්වූ කෙනඩි පවුලේ බාලයා
http://www.elakiri.com/forum/showthread.php?t=1438544

..::[ලොව සසල කළ සුපතළ මරණ] [03 කොටස]::..
ඩොලර් බිලියන 25ක් පාඩු කළ ඝාතන දෙකක්
http://www.elakiri.com/forum/showthread.php?t=1438794

..::[ලොව සසල කළ සුපතළ මරණ] [04 කොටස]::..
අලුත් මණාලියට මොකද වුණේ
http://www.elakiri.com/forum/showthread.php?t=1440335

..::[ලොව සසල කළ සුපතළ මරණ] [05 කොටස]::..
මරණයක් වූ Hello Kitty
http://www.elakiri.com/forum/showthread.php?t=1442947

[FONT="]
[/FONT]
[/FONT]
.................................................. .................................................. .............................
උපුටා ගැනීමකදී අදාල ලිපියේ සබැඳිය (link) සඳහන් කිරීමට කාරුණික වන්න
පරිවර්තනය - සේමාලි කැල්ලපත
[email protected]
2012-12-12

හිතා ගන්න බෑ... දැන් කාලේ වෙන දේවලුත්......
.