මිනිසකුට සුනඛ එන්නතක්‌ දීලා

JA- SHA

Member
Oct 2, 2011
929
86
0
මිනිසකුට සුනඛ එන්නතක්‌ දීලා

සුනඛයකු විසින් සපාකෑ අසූ හැවිරිදි පුද්ගලයකුට ජලභීතිකා රෝගය වැළැක්‌වීමට එන්නත් කරනු ලබන එන්නත වෙනුවට සුනඛයින්ට ජල භීතිකා රෝගය වැළැක්‌වීමට විදිනු ලබන එන්නතක්‌ නිකුත් කළ කළුතර නගරයේ ෆාමසියක එම එන්නත් තොගයට ඊයේ (19 දා) දහවල් මුද්‍රd තබා තිබේ.

රෝගියාට එම එන්නත දුන් රෝහල් කාර්ය මණ්‌ඩලය ගැනද කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ වෛද්‍යවරුන් පිරිසක්‌ විසින් පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

අදාළ පෞද්ගලික රෝහලේ වෛද්‍යවරයා නිර්දේශ කළ පළමු එන්නත, ෆාමසියෙන් මිලදී ගෙන රෝහල වෙත ගෙන ගිය පසු එම එන්නත රෝහල් කාර්ය මණ්‌ඩලය විසින් රෝගියාට එන්නත් කර ඇත.

දෙවැනි එන්නතද පෙරේදා (18 දා) අදාළ ෆාමසියෙන් මිලදී ගෙන එන්නත් කිරීමට යැමේදී එය සුනඛයින්ට විදින එන්නතකැයි වෛද්‍යවරයා පවසා තිබේ.

සුනඛයාගේ සපා කෑමට ලක්‌ වූ කළුතර, හීනටියන්ගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයාගේ පුත්‍රයා ඒ පිළිබඳව කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයට පැමිණිලි කර ඇත්තේ ඊට පසුවය.

ඒ අනුව පරීක්‍ෂණ ආරම්භ කළ වෛද්‍ය කණ්‌ඩායමක්‌ ෆාමසියේ අදාළ එන්නත් තොගයට මුද්‍රd තබා රෝගියාට වැරදි එන්නත විදිනු ලැබූ පෞද්ගලික රෝහලේ කාර්ය මණ්‌ඩලයෙන්ද ඒ පිළිබඳ ප්‍රශ්න කර ඇත. එම වෛද්‍ය කාර්ය මණ්‌ඩලය පිළිබඳවද පරීක්‍ෂණ පැවැත්වෙන බව අදාළ වෛද්‍ය කණ්‌ඩායමේ ප්‍රකාශකයෙක්‌ 'දිවයින' ට පැවැසීය.
http://www.divaina.com/2015/02/20/news04.html
 

jolySira

Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    අපේ පාර්ලිමේන්තුවේ ඉන්න සෙට් එකටනම් ඕවා විදින්න ඔනේ​
     

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    දැන් ඉතින් එක වල් බල්ලෙකුට බයවෙන්න කාරි නෑ. :) ඊලග අවුරුද්දෙත් වරද්දන් නැතුව විදගත්තනං හරි. :yes:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අවුලක් නම් නැතිව ඇති ලොකුවට (අතුරු ආබාධ එන්න පුලුවන්) ..බල්ලට දෙන බෙහෙත් මිනිහට දෙන බෙහෙත් කියල ලොකු බෙදීමක් නෑ.. බල්ලොන්ට විදිනව ඇත්තේ බොහෝ දුරට Horse Serum එක..ඒකේ අතුරු ආබාධ ටිකක් වැඩී.. ඉස්සර රජයෙන් විද්දෙත් ඒකම තමා... Human Serum එන්නත ගානෙනුත් වැඩී ඒකෙත් තියෙන අතුරු ආබාධ ගොඩක් අඩුයි.. දැන් නම් රජයේ රෝහල් වල විදින්නෙත් Human Serum එකම තමා..
     

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0

    ඒ අනුව පරීක්‍ෂණ ආරම්භ කළ වෛද්‍ය කණ්‌ඩායමක්‌ ෆාමසියේ අදාළ එන්නත් තොගයට මුද්‍රd තබා රෝගියාට වැරදි එන්නත විදිනු ලැබූ පෞද්ගලික රෝහලේ කාර්ය මණ්‌ඩලයෙන්ද ඒ පිළිබඳ ප්‍රශ්න කර ඇත. එම වෛද්‍ය කාර්ය මණ්‌ඩලය පිළිබඳවද පරීක්‍ෂණ පැවැත්වෙන බව අදාළ වෛද්‍ය කණ්‌ඩායමේ ප්‍රකාශකයෙක්‌ 'දිවයින' ට පැවැසීය.

    2500 දුන් නැති නිසා තරහටත් එක්ක විදින්නැති, දොස්තරයට පිස්සු හැදිලම යන්න... :lol:
     
    Last edited: