මිනිස්සු ඇත්තටම හඳට ගියාද බන්?

Jameson.k

Well-known member
  • May 16, 2025
    1,039
    1,718
    113
    London, United Kingdom
    අප්‍රේල් පළවෙනිදා ආයේ mission එකක් තියනවා. හැබැයි මේ පාර හඳ වටේ ගිහින් එන සීන් එකක් තියෙන්නේ. No Landing

    නාසා ආයතනය (NASA) ලෑස්ති කරන 'ආටෙමිස් II' (Artemis II) මෙහෙයුම එළඹෙන අප්‍රේල් 1 වෙනිදා ෆ්ලොරිඩාවෙන් උඩට යන්න හැමදේම සූදානම් කරලා ඉවරයි.

    හිතන්න, කුඩා මගී බස් එකක ප්‍රමාණයේ 'ඔරායන්' (Orion) කියන යානය ඇතුළේ අභ්‍යවකාශගාමීන් හතර දෙනෙක් දින 10ක් එක දිගට ඉන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි, සඳ වටේ සැතපුම් ලක්ෂ පහකට වඩා වැඩි දුරක් ගිහින් එන මේ ගමන හරිම අවදානම් සහගතයි කියලයි නාසා එක කියන්නේ. හැබැයි මේ අයට හදිසියේවත් 'සූර්ය කුණාටුවක්' ආවොත් බේරෙන්න යානය ඇතුළෙම විශේෂ ආරක්ෂිත කුටියකුත් හදලා තියෙනවලු.

    පළමු කළු ජාතිකයා වන වික්ටර් ග්ලෝවර් මේ ගමනත් එක්ක සඳ දෙසට යන ලොව පළමු කළු ජාතිකයා ලෙස ඉතිහාසයට එකතු වෙනවා.

    පළමු කාන්තාව වන ක්‍රිස්ටිනා කොක් තමයි මේ මෙහෙයුමේ ඉන්න එකම කාන්තාව. ඇය දැනටමත් අභ්‍යවකාශයේ වැඩිම කාලයක් හිටපු කාන්තාව විදිහට ලෝක වාර්තාවක් තියලයි ඉන්නේ.

    ඇමරිකානු නොවන පළමු පුද්ගලයා වන කැනේඩියානු ජාතික ජෙරමි හැන්සන් මේ ගමනට එකතු වෙන්නේ ඇමරිකානුවෙක් නොවන කෙනෙක් සඳ දෙසට යන පළමු අවස්ථාව සනිටුහන් කරමින්.

    අණදෙන නිලධාරියා ලෙස මේ හැමෝටම නායකත්වය දෙන්නේ අත්දැකීම් බහුල රීඩ් වයිස්මන්.

    මේ කට්ටියව අභ්‍යවකාශයට අරන් යන්නේ ඇමරිකාව මෙතෙක් හදපු බලවත්ම රොකට්ටුව වෙන 'Space Launch System' (SLS) මගින්. පෘථිවි ගුරුත්වාකර්ෂණයෙන් මිදිලා සඳ දෙසට යන ඒ මොහොත තමයි මේ ගමනේ තීරණාත්මකම අවස්ථාව වෙන්නේ.
     
    Last edited:

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    849
    93
    Night City
    ඇමරිකාවෙන් ඇත්තටම නොගියා නම් රුසියාව, චීනෙ මේ වෙද්දි ඒක ඔප්පු කරලා ඇමරිකාවට ආයෙ moon කියන වචනෙ කතා කරන්න බැරිවෙන්න ලැජ්ජ කරනවා.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    mata godak naraka adahas keepayak aawa

    ewa waedak na

    me ayaa set ekama hadata bahala awidinna balnda yanne.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,363
    100,243
    113
    ඇමරිකාවෙන් ඇත්තටම නොගියා නම් රුසියාව, චීනෙ මේ වෙද්දි ඒක ඔප්පු කරලා ඇමරිකාවට ආයෙ moon කියන වචනෙ කතා කරන්න බැරිවෙන්න ලැජ්ජ කරනවා.
    එහෙම වෙන් නෑ.
     

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    849
    93
    Night City
    mata godak naraka adahas keepayak aawa

    ewa waedak na

    me ayaa set ekama hadata bahala awidinna balnda yanne.
    මේ පාර බහින්නෙ නෑ, වටේ ගිහින් එනවා. බහින්න යන්නෙ පස්සෙ

    එහෙම වෙන් නෑ.
    හේතුව? ඕක හොඳම point එකක්නෙ ඇමරිකාවට ලෝකෙ තියෙන පිළිගැනීම නැතිකරන්න
    ------ Post added on Mar 24, 2026 at 9:06 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    aparadayak wage neda ehema baluwoth 4k geniyana eka.
    man hithuwe bahinna balan yanwa kiyala
    මේ පාර බහින්නෙ නෑ, වටේ ගිහින් එනවා. බහින්න යන්නෙ පස්සෙ
     

    McGayan

    Well-known member
  • Mar 15, 2013
    313
    653
    93
    Kandy
    ඇමරිකන් කාරයෝ හඳට ගියා බන්. ඒක විශ්වාස කිරීමට අපහසුම සත්‍ය වලින් එකක්. 60 ගණන් වල තාක්ෂණය එක්ක ඕක කරා කියන එකම ඇමරිකාව ලබපු සැලකිය යුතු ජයග්‍රහණයක්. ඕක බොරුවක් කියල කියන කතාව ඔය අපේ කෙබර ජෙප්පෝ වගේ සෙට් වලින් විවිද වාසි තකා පතුරවපු පචයක්..
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,639
    8,360
    113
    AS14-67-9385.jpg


    ගියා බන් මමත් බොරු කියල තමයි හිතුවේ හැබැයි ඔය සීන් එක දන්න නිසාම උන් හදේ රිෆ්ලෙක්ටර් දෙකක් තියල ඇවිල්ල තියෙන්නෙ. ඔකට හරියටම ලේසර් එකක් ගහල බීම් එක පෘතුවියට ගන්න පුලුවන්.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    හදට කොහොම හරි ගියා කියමුකෝ මට නම් තියන ප්‍රශ්නේ හදේ ඉදන් ආයේ පෘතුවියට අවේ කොහොමද කියන එක :rolleyes:
    launching pad එකක් නැතුව හැබැයි හඳේ low gravity නිසා ලේසි ඇති පෘතුවියේ ඉදන් එනවට වඩා :nerd:
     

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,039
    1,718
    113
    London, United Kingdom
    AS14-67-9385.jpg


    ගියා බන් මමත් බොරු කියල තමයි හිතුවේ හැබැයි ඔය සීන් එක දන්න නිසාම උන් හදේ රිෆ්ලෙක්ටර් දෙකක් තියල ඇවිල්ල තියෙන්නෙ. ඔකට හරියටම ලේසර් එකක් ගහල බීම් එක පෘතුවියට ගන්න පුලුවන්.

    හඳට තියන දුර මනින්නේ ඔහොම නේද?
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,119
    13,793
    113
    35
    Spain
    හදට කොහොම හරි ගියා කියමුකෝ මට නම් තියන ප්‍රශ්නේ හදේ ඉදන් ආයේ පෘතුවියට අවේ කොහොමද කියන එක :rolleyes:
    launching pad එකක් නැතුව හැබැයි හඳේ low gravity නිසා ලේසි ඇති පෘතුවියේ ඉදන් එනවට වඩා :nerd:
    ලෝන්චින් පෑඩ් එක තමයි ලූනා මොඩියුල් එකේ පහළ කොටස, උඩ කොටස වෙන් වෙලා ඉහළ කක්ෂයකට යන්න විතරයි ඉන්ධන ඕන. හඳේ ගුරුත්වයත් අඩු නිසා එකට උවමනා ඉන්ධන ප්‍රමාණයත් අඩුයි. ඊළඟට ලූනා මොඩියුල් එක මවු යානයට සම්බන්ධ වෙලා ඔක්කොම එකේ ආපසු එන කොටසට ගිහින් හඳ වටේ රවුම් කීපයක් ගිහින් ස්ලින් ෂොට් එක ගන්නවා. පොළවට ලං වෙනකොට පොලවේ ගුරුත්වය වැඩි නිසා යන ගමනට වඩා අඩු ඉන්ධන ප්‍රමාණයකින් එන්න පුළුවන්.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,119
    13,793
    113
    35
    Spain
    Giye naha. Giyanam melahata Daily hadata yanawa mum tarageta😁
    වියදම වැඩියි. දැකල තියෙනවද සැටර්න් රොකට් එකේ එන්ජින් එකක සයිස් එක? ඒ වගේ එන්ජින් 5ක් x අකුරේ හැඩයට සවිකරලා තමයි එන්ජින් පවර් එක බැලන්ස් කරලා ගත්තේ. එක බැලන්ස් කරන්න පහසුයි. එත් රුසියන් උන් හැදුවේ පොඩි එන්ජිම් කීපයක් එකතු කරලා පවර් එක ගන්න, නමුත් එන්ජින් ගණන වැඩි නිසා මේක කොන්ට්‍රෝල් කරන්න දියුණු ඉලෙක්ට්‍රොනික් පාලන පද්ධතියක් ඕන, ඒ කාලේ කම්පියුටර් තියා අයිසී තිබ්බෙත් නැති කාලෙක එහෙම කොන්ට්‍රෝල් කරන්න විදියක් තිබ්බේ නැති නිසා රුසියන් උත්සාහය ව්‍යර්ථ වුනා. ඊලෝන් මස්ක් ගේ රොකට් එක හදන්න කලින් ලෝකේ විශාලත්වයෙන් සහ බලයෙන් වැඩිම රොකට්ටුව ඔය සැටර්න් එක.

    1774369403404.png
     

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    849
    93
    Night City
    aparadayak wage neda ehema baluwoth 4k geniyana eka.
    man hithuwe bahinna balan yanwa kiyala
    4ක් යවන්නෙ mission එකේ දවස්ගාන වැඩි හින්දා එක එක්කෙනාට බෙදාගෙන වැඩකරන්න ලේසි වෙන්න, එක එක පරීක්ෂණ කරන්න ලු.
    බහින්න යවන්න plan කරපු Starship එක තවම ready නෑනෙ, ඒ හින්ද ඊළඟ mission තව කල් යන්නත් පුලුවන්.

    ඊළඟ moon base mission වල render එකක් NASA එකෙන් අද දාලා

    HEL2ksEXwAA5jSC

    ------ Post added on Mar 24, 2026 at 10:17 PM