මිනිස් කඳුළින් තැනූ ලුණු

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මිනිස් කඳුළින් තැනූ ලුණු

    1033311746salt.jpg


    මිනිස් කඳුළින් නිපදවන ලද බව සඳහන් වන ආහාර රසගැන්වීමට යොදන ලුණු වර්ග කිහිපයක් ලන්ඩනයේ වෙළඳපොළට පැමිණ තිබේ. මිනිස් හැඟීම් ඇසුරින් මෙම ලුණු, වර්ග කිහිපයකින් යුතුව නිපදවා තිබීම විශේෂත්වයකි. පවුම් 07 ක් ලෙස මිල නියම කර ඇති මෙම ලුණු වෙළඳපොළට ඉදිරිපත් කර ඇත්තේ Hoxton Street Monster Supplies විසිනි. ශෝකී අවස්ථාවක ගලන කඳුළු, කිවිසුම් අතර ගලන කඳුළු, ලූනු පෙති ගසන අතර ගලන කඳුළු, සිනාසෙන අතර ගලන කඳුළු සහ කෝපයට පත් අවස්ථාවක ගලන කඳුළු යන වර්ග 05 ක් යටතේ නිපදවා තිබේ. මෙම එක් එක් ලුණු වර්ගය ඊටම අනන්‍ය වූ රසයකින් යුක්ත වීම ද විශේෂත්වයකි.

    http://www.fmderana.lk/
     

    @MAkkA@

    Member
    Apr 24, 2012
    220
    79
    0
    USA
    මළ ජරාවක්නෙ. මොකා හොයාගත්තද දන්නෙ නෑ මේවා. :baffled: