මේ සේයාරූවලින් පෙනෙන අපූරු යතුරුපැදි සැබෑ ඒවා නම් නොවේ. මිනිස් ශරීර යතුරු පැදි ලෙසින් සිතුවම් කර නිරූපණය කළ යතුරුපැදියි. එහෙත් මිනිස් යතුරු පැදි හා සැබෑ යතුරු පැදිවල කිසිම වෙනසක් නැති තරම්. මේ අපූරු මිනිස් ශරීර සිතුවම් නිර්මාණ කරන්නේ කැලිෆෝර්නියාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ හි චිත්‍ර ශිල්පිනියක වන ට්‍රීනා මේරි විසිනුයි.
ඇගේ මේ මිනිස් යතුරු පැදි ඉදිරියේ දී ඇමෙරිකාවේ ප්‍රධාන පෙළේ අන්තර්ජාතික මෝටර් රථ දැක්මකට ඉදිරිපත් කිරිමට නියමිතයි. ට්‍රීනාගේ මේ අතිධාවනකාරී නිරූපිකාවන් සියල්ලම මලල ක්‍රීඩිකාවෝ. මේ හැමෝම ප්‍රදර්ශනයේ දී පැය 18ක් පුරා මිනිත්තු 5ක 6ක කාලයක් නිරූපණය කළ යුතු වෙනවා.
මොවුන් ගේ රහස් ප්‍රදේශ වැසුණු කුඩා ඇඳුම් කැබැල්ලක් හැරුණු කොට ශරීර මුළුමනින්ම නිරුවත්.
ට්‍රීනා ඔවුන්ගේ නිරුවත් සිරුරු වර්ණ ගන්වන්නේ බුරුසු සහ ස්ප්‍රේ කෑන් භාවිතයෙනි. මිනිස් යතුරුපැදි වර්ණ ගැන්වීමේදී නිරූපිකාවන් තනිව සිටිය දී මෙන් ම නිරූපණයේ යෙදී සිටියදී ද වර්ණ ගැන්වීම සිදුවෙනවා.
සිනමාපට හා රූපවාහිනී වැඩසටහන් චිත්‍ර ශිල්පිනියක ලෙස කලක් කටයුතු කළ ට්‍රීනාට මිනිස් ශරීර සිතුවම් කලාවට සිත ගියේ ප්‍රථමයෙන් ම ඇය ද ඔස්ට්‍රේලියානු සංගීත කණ්ඩායමක් සඳහා මුළු ශරීරයේම තීන්ත ගල්වාගෙන නිරූපණයක යෙදීමෙන් පසුවයි.
ඇය මිනිස් ශරීර සිතුවම් කිරීමට පෙර තම නිරූපිකාවන් යොදාගෙන යතුර පැදි හැඩතල නිර්මාණය කර බලනවා. ඔවුන්ගේ ශරීර වර්ණ ගැන්වීම ආරම්භ කරන්නේ ඉන්පසුවයි. මෙවර පැවැත්වෙන මෝටර් රථ දැක්මට ඇය වර්ග තුනක මිනිස් යතුරු පැදි ඉදිරිපත් කිරීමට සූදානම්.
මෙය ලෝකයේ කවුරුන්වත් මින් පෙර කර නොමැති දෙයක් බවයි ට්‍රීනා පවසන්නේ.