මිනිසා විසින් තැනූ අග්නිදිග ආසියාවේ නූතන
ෂැංහයි නුවරින් ආනයන කළ කළු ගල්, එංගලන්තයෙන් ගෙන්වන ලද පළිඟු පොකුරු පහන්, සහ සෞදි අරාබියෙන් රැගෙන ආ බුමුතුරුණු යොදාගනිමින් අලංකාර කරන ලද සුල්තාන් ඕමාර් අලි සයිෆුද්දීන් පල්ලිය ගොඩනංවා ඇත්තේ ඉතාලියානු කිරිගරුඬ යොදාගෙන යි.
රන්වන් පැහැයෙන් දිදුලන පල්ලියේ ප්‍රධාන කොත සැරසීම සඳහා මිලියන ගණනක් වූ විචිත්‍රවත් වීදුරු කැබලි යොදාගෙන තිබෙනවා.
රාජ්‍යයන් අතළොස්සක් එක්වීමෙන් සැදුම්ලත් අග්නිදිග ආසියාව, සුන්දරත්වයෙන් අනූන ස්වභාවික සහ ඓතිහාසික විචිත්රාංගයන්ගෙන් පිරිපුන් මනරම් බිම් කඩක් ලෙස හැඳින්වීමේ වරදක් නැහැ.
උතුරුදිග කාම්බෝජයේ, සීම් රීප් ප්‍රාන්තයේ, පුරාණ ඛ්මේර් අධිරාජ්‍යය මධ්‍යයේ පිහිටා ඇති ‘ඇන්කෝර් වට්’ හෙවත් විහාර නගරය, ශ්‍රේෂ්ඨ බුදු රදුන් වෙනුවෙන් තැනූ ඉන්දුනීසියාවේ ‘බෝරෝබුදුර්’ නම් මහායාන බෞද්ධ විහාරස්ථානය සහ හිරිගල් කුලුනු දහස් ගණනක් මැදි කරගෙන මරකත මැණිකක් මෙන් දිදුලන දිය පිරි වියට්නාමයේ හා ලෝන්ග් බොක්ක, අග්නිදිග ආසියාව සතු එවැනි සොඳුරු ස්වභාවික සහ ඓතිහාසික ස්ථානයන්ගෙන් කිහිපයක් පමණ යි.
එසේ ම මෑතකාලීන ව මිනිසා විසින් තැනූ අපූරු නිර්මාණ කිහිපයක් ද, දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනා ගනිමින් අග්නිදිග ආසියාවේ සුන්දරත්වය ඔප් නැංවීමට දායක වී තිබෙනවා. දුටුවන් මන්මත් කරන එවැනි නූතන පුදුමයන් කිහිපයක් ගැන යි මේ ලිපිය.
(© VectorStock) අග්නිදිග ආසියාව
රන්වන් පාලම (වියට්නාමය)
මධ්‍යම වියට්නාමයේ කඳු පන්ති අතරින් ඉහළ නැගුණු දැවැන්ත දෑත් යුගලක්, රන් හුයක් සේ ඈතට දිස්වෙන මගී පාලමක් කඳු මුදුන් හි ගෑවෙන නොගෑවෙන අයුරින් ඔසවාගෙන සිටින ආකාරයට දැකගැනීමට හැකි යි.
2018 ජූනි මාසයේ දී මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරන ලද ‘රන්වන් පාලම’ මේ වන විට වියට්නාමයේ ඉහළ ම සංචාරක ආකර්ෂණයක් හිමි ස්ථානයක් බවට පත් වී ඇති බව පැවසීම වැරදි නැහැ.
මුහුදු මට්ටමේ සිට මීටර් 1,000 (අඩි 3,280)ක් උසින් පිහිටා ඇති එය සැලසුම් කිරීමේ ගෞරවය හිමි වන්නේ හෝ චි මිං නුවර කේන්ද්‍ර කරගත් ‘TA Landscape Architecture’ සමාගමට යි.
© Imréné Mucsi

දෙව්ලොව සහ මනුලොව අතර පවතින දැවැන්ත දෑත් යුගලක් පෘථිවි ගර්භයෙන් ස්වර්ණමය හුයක් එළියට අදින ආකාරය පිළිබිඹු වන ලෙස ‘රන්වන් පාලම’ නිර්මාණය ඇති බව යි වාර්තා වන්නේ.
බා නා කඳුකරයේ සුන්දරත්වය නැරඹීමට ප්‍රිය කරන්නන්ගේ පහසුව සඳහා ගොඩනංවන ලද එය පළලින් මීටර් 5ක් පමණ වන අතර, මීටර් 150ක දිගින් යුක්ත වෙනවා.
රන් පැහැය ආලේපිත මළ නොබැඳෙන වානේ යොදාගෙන නිමවා ඇති අත්වැටක් සහිත ‘රන්වන් පාලම’ දරා සිටින දෑත් යුගල නිර්මාණය කිරීම සඳහා භාවිතා කර ඇත්තේ කොන්ක්‍රීට් මිශ්‍රණයක්.

මුහුදු බොක්ක අසබඩ උද්‍යාන (සිංගප්පූරුව)
© Peter Stewart
මුහුදු බොක්ක අසබඩ උද්‍යාන සතු සුවිශේෂී අංගයක් ලෙස ‘සුපිරි ශාක අරඹ’ හැඳින්විය හැකියි. එය සමන්විත වන්නේ දැවැන්ත ගසක හැඩයෙන් යුතු ආකෘති 12කින්.
මීවණ, ඕකිඩ්, නිවර්තන පුෂ්ප වැනි විශේෂ 200කට අධික පැළෑටි 162,900කට පමණ සෙවණ සපයන සුපිරි ශාක, උද්‍යාන තුළ ජල සහ වායු පාලනය සඳහා දායක වෙනවා.
ප්‍රධාන කොටස් ත්‍රිත්වයකින් යුතු මුහුදු බොක්ක අසබඩ උද්‍යාන නැරඹීම සඳහා පැමිණ ඇති දෙස් විදෙස් සංචාරකයින් ගණන මිලියන 40 ඉක්මවා ඇති බව යි වාර්තා වන්නේ.

බටූ ලෙන් හි මුරුගන් දේව ප්‍රතිමාව (මැලේසියාව)
ක්වාලා ලම්පූර් අගනුවර සිට කිලෝමීටර් 12ක් පමණ උතුරු දෙසින් පිහිටා ඇති බටූ ලෙන් හි දී හින්දු දේව කථාන්තරයන් හි සඳහන් වන යුද්ධයට සහ ජයග්‍රහණයට අධිපති මුරුගන් දෙවිඳුන්ගේ දැවැන්ත ප්‍රතිමාවක් දැකගැනීමට ලැබීම පුදුමයට කරුණක්.
අදින් වසර මිලියන 400කට පමණ පෙර නිර්මාණය වූ හිරිගලින් සැදි බටූ ලෙන් තුළ මුරුගන් දෙවිඳුන් වෙනුවෙන් කැප කරන ලද දෙවොලක් පවතින අතර, එයට ළඟා වීම සඳහා පියගැට 272ක් තරණය කළ යුතු වෙනවා.
© David Montasco
පියගැටපෙළ පාමුල නැගී සිටින ලොව විශාලතම මුරුගන් දේව ප්‍රතිමාව උසින් මීටර් 42.7 (අඩි 140)ක් වෙනවා.
එය නිර්මාණය කිරීම සඳහා කොන්ක්‍රීට් ඝන මීටර් 1550ක්, යකඩ ටොන් 250ක්, සහ තායිලන්තයෙන් ආනයනය කරන ලද රන්වන් තීන්ත ලීටර් 300ක් යොදාගෙන ඇති බව යි වාර්තා වන්නේ.
තුන් වසරක කාල සීමාවක් තුළ දී ගොඩනංවන ලද එය, මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කර ඇත්තේ 2006 ජනවාරි මාසයේ දී පැවත් වූ තෛපූසම් උත්සවයේ දී යි.
සුල්තාන් ඕමාර් අලි සයිෆුද්දීන් පල්ලිය (බෘෘනයි)

ආසියා-ශාන්තිකර කලාපය සතු සොඳුරු ම මුස්ලිම් පල්ලියක් ලෙස නිරන්තරයෙන් ම සැලකෙන ‘සුල්තාන් ඕමාර් අලි සයිෆුද්දීන් පල්ලිය’ පිහිටා ඇත්තේ බන්දාර් සේරි බෙගාවන් අගනුවර බෘෘනයි ගං ඉවුරේ යි.
බෘෘනයි රාජ්‍යයේ 28 වැනි සුල්තාන්වරයා වූ තෙවැනි ඕමාර් අලි සයිෆුද්දීන්ට කරන ගෞරවයක් ලෙස නම් කරන ලද එහි වැඩ කටයුතු සම්පූර්ණයෙන් ම අවසන් වී ඇත්තේ 1958 දී වන අතර, ඉතාලි ජාතික රුඩොල්ෆෝ නොලෝයි විසින් මූගල් සහ මැලේ ගෘහ නිර්මාණ ක්‍රම ශිල්පයන් හි මුසුවක් ලෙස සැලසුම් කරන ලද එය නූතන ඉස්ලාමීය ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රම සඳහා කදිම නිදසුනක්.
බෘෘනයි රාජ්‍යයේ 28 වැනි සුල්තාන්වරයා වූ තෙවැනි ඕමාර් අලි සයිෆුද්දීන්ට කරන ගෞරවයක් ලෙස නම් කරන ලද එහි වැඩ කටයුතු සම්පූර්ණයෙන් ම අවසන් වී ඇත්තේ 1958 දී වන අතර, ඉතාලි ජාතික රුඩොල්ෆෝ නොලෝයි විසින් මූගල් සහ මැලේ ගෘහ නිර්මාණ ක්‍රම ශිල්පයන් හි මුසුවක් ලෙස සැලසුම් කරන ලද එය නූතන ඉස්ලාමීය ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රම සඳහා කදිම නිදසුනක්.
ෂැංහයි නුවරින් ආනයන කළ කළු ගල්, එංගලන්තයෙන් ගෙන්වන ලද පළිඟු පොකුරු පහන්, සහ සෞදි අරාබියෙන් රැගෙන ආ බුමුතුරුණු යොදාගනිමින් අලංකාර කරන ලද සුල්තාන් ඕමාර් අලි සයිෆුද්දීන් පල්ලිය ගොඩනංවා ඇත්තේ ඉතාලියානු කිරිගරුඬ යොදාගෙන යි.
රන්වන් පැහැයෙන් දිදුලන පල්ලියේ ප්‍රධාන කොත සැරසීම සඳහා මිලියන ගණනක් වූ විචිත්‍රවත් වීදුරු කැබලි යොදාගෙන තිබෙනවා.
කතෘ අයිතිය DHARANI WEERASINGHE