මිනිසුන්ගේ දෑතින්ම නිපදවෙන Rolls Royce

chari2617

Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    මිනිසුන්ගේ දෑතින්ම නිපදවෙන Rolls Royce

    Rolls-Royce-logo-2048x2048.png


    rolls-royce-ghost.jpg


    ඔන්න ඉතින් අද මම ඔයාලට ගේන්න යන්නේ ටිකක් luxury දෙයක් ගැනයි.එහෙම කිව්වහම ඔයාලත් බලනවා ඇති මොකක්ද කියල..ඇත්තටම මේක ශ්‍රී ලංකාවේ අපිටත් ගොඩක්ම වටිනා දෙයක් කියලයි මට හිතුනේ. මම එහෙම කියන්න හේතුව ඔයාලම බලන්නකෝ.


    Rolls Royce Car කිව්වහම කව්ද නොදන්නේ..ඉතින් මම මුලින්ම පොඩි හැදින්වීමක් කරන්නම් මොකක්ද මේ Rolls Royce Car වල තියන විශේෂත්වය කියල.

    Rolls Royce කියන්නේ ඔයාල අපි කව්රුත් හොදටම දන්නා BMW සමාගමටම අයිති සමාගමක්.මේ සමාගම පටන් ගන්නේ 1906 එංගලන්තේදී.ඉතින් මේ රථ වල සහ මේ සමාගමේ විශේෂත්වයක් තියනවා. ඒ තමයි මේ සමාගමේ නිෂ්පාදනය කරන සියලුම මෝටර් රථ නිෂ්පදනය වන්නේ මිනිස් දෑතින්.ඒ කිව්වේ වාහනය පොලිෂ් කිරීමේ ඉදලා අන්තිම nut එක දක්වාම සවිකිරීම,paint කිරීම. වැනි බොහෝ කාර්යයන්....නැහැ සියලුම කාර්යයන් පාහේ සිදුවන්නේ මිනිස් දෑතින්. වෙනත් මෝටර් රථ සමාගම් වල වාහනයක් නිෂ්පාදනය කරන්න නොයෙකුත් යන්ත්‍රසූත්‍ර යොදා ගන්නවා. එම නිසාම එක් රථයක් නිෂ්පාදනය කරන්න ඔවුන්ට යන්නේ උපරිම පැය 20ක් නැත්තම් පැය 30ක් වගේ කාලයක් තමයි.නමුත් මේ Rolls Royce සමාගමට අයත් රථයක් නිෂ්පාදනය කරන්න ආසන්න වශයෙන් පැය 450ක පමණ කාලයක් ගත වෙනවා.ඔයාලට හිතාගන්න පුළුවන් නේද මේක හදන්න මෙච්චර කාලයක් ගත වෙන්නේ ඇයි කියලා...
    දැන් අපි බලමු අපේ රටට මේක කොහොමද අදාල වෙන්නේ කියලා.

    2016_rolls-royce_wraith_coupe_base_fq_oem_7_1280.jpg


    ඉතින් මම,අපි වගේම වාහන වලට ගොඩක් ඇලුම් කරන කෙනෙක්ට ඕන වෙලා තිබ්බා මේ වගේ රථයක් ලංකාවට ගෙන්න..ගෙනල්ල ලංකාව වටේ උජාරුවට රවුම් ගහන්න..ඉතින් ඇත්තටම ඔහු ඒ හීනේ හැබෑ කරගත්තා..
    ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 16ක්..දීලා Rolls Royce වර්ගයට අයත් Rolls Royce Wraith රථයක් ඔන්න ඔහු ශ්‍රී ලංකාවට ගෙන්නුවා..මෙරට ඉතිහාසයේ දැනට වැඩිම තීරු බදු ගණනක් ගෙවා ගෙන්වූ රථය ලෙසයි මෙය සලකන්නේ...
    ඇත්තටම සමහර වෙලාවට ඔයාලට හිතෙනවා ඇති එක මහා මෝඩ කමක් එච්චර ගානක් දීලා වාහනයක් මොකටද ගෙන්නේ කියලා..
    ඒත් මෙන්න මේකටයි රථගාය කියලා කියන්නේ...මොකද රථගාය තියන හැම කෙනෙක්ටම හීනයක් තියනවා, තමන් හීන මවන වාහනයක් තියනවා ඒක ගන්න කෝටි 16ක් නෙමේ කෝටි ලක්ෂයක් කිව්වත් ඒ ගානට ගිහින් වාහනේ අරගන්නයි ඒ හීනේ තියන කෙනාට ඕන.
    මේ රථයේ ඇත්තම වටිනා කම අසන්න වශයෙන් රුපියල් කෝටි 6 ක් ඒ කියන්නේ ලක්ෂ 600ක් වගේ තම වෙන්නේ.නමුත් ලංකාවට ගේනකොට ඒ කෝටි 6ට තවත් කෝටි 10 ක් වගේ අමතරව දීල තමා ඔහුට මේක ගේන්න වෙලා තියෙන්නේ..

    අපි දැන් පොඩ්ඩක් මේ රථය ගැන විපරම් කරලා බලමු මොනවද තියන කෑලිබෑලි කියලා.

    මුලින්ම මේකේ ඇතුලත ගැන කතා කරොත් කොහෙන් පටන් ගන්නද කියලා මට හිත ගන්න බැහැ.මොකද පුංචි ඉඩ ප්‍රමාණයක කරන්න පුළුවන් උපරිම දේ, දෙන්න පුළුවන් උපරිම දේ සහ වටිනාකමට සරිලන පරිදි නියමම නිමාවකින් තමා මේ රථය නිෂ්පාදනය වෙලා තියෙන්නේ...genuine ලෙදර්,ස්වභාවික ලී සහ ඔරිජිනල් chrome ප්‍රධාන වශයෙන් යොදාගෙන තමයි මේකේ interior වැඩ කිඩ දාලා තියෙන්නේ..ඒ වගේම කතා කරන්න ඕන ලස්සනම දේ තමයි මේකෙ roof එක.මේ රථයේ පොඩි option එකක් තියනවා star line head liner කියලා ඉතින් එක අපිට බලාගන්න පුළුවන් වෙන්නේ වාහනේ roof එකේ..

    the-446-diamonds-planted-in-this-rolls-royce-are-not-its-craziest-feature.jpg



    අපි ඒ option එක දාලාroof එක දිහා බැලුවහම අපිට පේන්නේ ලස්සන අලංකාරවත් තරු තියන රාත්‍රී අහසක් වගේ.. ඒ ලස්සන විඳගන්න නම් අපි ඒ රථයක ගමන් කරන්නම ඕන...ලස්සන වගේම තම මේ system එක හදන්නම විතරක් රථයේ නිෂ්පාදකයින්ට පැය 9ක් විතර ගත වෙනවලු.ඉතින් දැන් ඔයාලට හොදටම පැහැදිලි නේ මේ රථය හදන්න මෙච්චර කල් යන්නේ ඇයි කියලා.ඉතින් මේ ඔක්කොම දරගෙන ඉන්න මේ රථෙ බර ඔයාල හිතන්නේ කියක් වගේ කියලද?
    විශ්වාස කරනවද මේ රථය ටොන් 2 1/2 බරයි කියලා.විශ්වාස කරන්නත් අමාරුයි නේද..ඉතින් දැන් ඔයාලට හිතෙනවා ඇති මේකේ බර වැඩි නිසා හයියෙන් යන්න බැරුව ඇති කියලා.. අපි එක ගැනත් හොයල බලමුකෝ.

    Marken_Rolls_Royce_Motor.jpg


    අශ්ව බල 624 ක V12 6.6 Ltr Twin Turbo එන්ජිමකින් සමන්විත වන මෙම Wraith රථයට තප්පර 4.4 වැනි සුළු කලයකදී පැයට කිලෝමීටර් 100 වේගය ලබාගන්න හැකියාව තියනවා.ඒ වගේම මේකේ උපරිම වේගය සඳහන් වන්නේ පැයට කිලෝමීටර 240ක් කියලයි.

    දැන් මොකද හිතෙන්නේ...:D:D
    rolls-royce-wraith-rt-0026.jpg




    උපුටා ගැනීම
    crazylambo
     
    Last edited:

    isuru amantha

    Active member
  • Feb 18, 2010
    302
    70
    28
    e wagema thamai ona ona kenata oka ganna baha, salli thibbath, uge jathake hoyala thamai car eka denne, okak kadunoth para mada bonnet eka open karanna ba, oya wage scene godak thiyenawa :D

    Math e scene eka nam ahala thiyenawa. eka aththada machn? kawda bn owa check karanna inne :rofl: