මිනිසුන් තිදෙනා

M.RIZ

Member
Mar 30, 2009
2,007
171
0
ඔබේ හදවතේ
මිනිසුන් තිදෙනා

උමර් බින් කත්තාබ් (රලි) තුමාණන්ගේ පුත් අබ්දුර්-රහ්මාන්, අබ්දිල්ලාහ් (රලි) විසින් වාර්තාකරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් (සල්) පවසනු මම ඇසුවෙමි. නුඹලාට පෙර සිටි මිනිසුන්ගෙන් තිදෙනෙක් (දීර්ඝ) ගමනක් සඳහා පිටව ගියහ. (ඔවුන් ගමන් කරමින් සිටියදී) රෑ බෝවීගෙන ආ නිසා රාත්‍රිය ගතකිරීම සඳහා ගල්ගුහාවක් තුළට ඇතල් වුහ. එම අවස්ථාවේ විශාල ගලක් කන්ද උඩ සිට පෙරලී ඇවිත් ගුහාවේ දොරකඩ වසා ගත්තේය. එවිට ඔවුන් තිදෙනා (එකිනෙකාට) තම තමන් කළ යහපත් ක්‍රියාවන් ගැන කියා අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කළොත් මිස මෙම ගලෙන් මිදීමට නොහැකිවන බව කථා කරගත්හ.

ඔවුන්ගෙන් එකෙකු ර්‍පරමාධිපතියාණෙනිඳ්‍යා මට මහලු වයසේ දෙමව්පියන් සිටියෝය. ඔවුන් හට රාත්‍රිිකිරි පානයට නොදී මගේ පවුලේ වෙන කිසිවෙකුට හෝ දරුවන්ට නොදෙන්නෙමි. දිනක් මා දරසොයා ගිය නිසා ප්‍රමාදවී ආපසු නිවසට එනවිට රෑ බෝවී තිබුණ අතර ඔවුහු (මව හා පියා) නිදා ගත්හ. බීමට කිරි දොවාගෙන විත් කිරි මුට්ටිය අත තබාගෙන ඔවුන් ඇහැරෙන තෙක් ළඟට වී සිටියෙමි. භාජනය අතැතිව ඔවුන් ඇහැරෙනතුරු බලා සිටියෙමි. ඔවුන් බොනතෙක් ගෙදර අයට (කිරි) දීමටත් ඔවුන් අවදි කිරීමටත් මා අකමැති වුයෙමි. පසුදින එළිවෙන තෙක් ඔවුන් ඇහැරියේ නැත. මගේ දරුවන්ද අ'මින් මගේ දෙපාළඟ වැටී සිටියහ. මව් පියන් දෙදෙනා (අරුණෝදයත් සමග) අවදි වී කිරි බීවෝය.

පරමාධිපතියාණෙනිඳ්‍යා ඔබේම සතුට බලාපොරොත්තුවෙන් (පිරිසිදු සිතෙන්) මෙය කළා නම් මෙම දොරටුව ඇරී අපට පිටව යාමට සලස්වත්වාඳ්‍යා යි ප්‍රකාශ කළේය. එවිට ගල තරමක් ඉවත්විය. එහෙත් ඔවුන්ට පිටට ඒමට තරම් එම ඉඩ ප්‍රමාණවත් නොවීය. ඊළග මිනිසා ර්‍පරමාධිපතියාණෙනිඳ්‍යාම මට බාප්පාගේ දියණියක් සිටියාය. අන් කිසිදු පිරිමියෙක් ස්ත්‍රියකට ආදරය කරනවාට වැඩියෙන් මම ඇයට ආදරය කළෙමි. තවත් වාර්තාවක ඇය සමග අයථා සම්බන්ධයකට මා උත්සාහ කළමුත් ඇය මගෙන් ඈත්වුවාය. වසර ගණනාවකට පසු ඇයට දරුණු අගහිඟකමක් ඇති විය. ඇය මා වෙත පැමිණ උදව් පැතුවාය. මගේ අවශ්‍යතාවට ඇය එකඟවීමේ පොරොන්දුව මත ඇයට රන්කාසි එකසිය විස්සක් දුන්නෙමි. පොරොන්දුවු පරිදි ඇයද මට එකඟවුවාය. මා සමිපවුයෙමි. තවත් වාර්තාවක් අනුව මා ඇයගේ දෙකකුල් අතර වාඩිවු විට (ඇය මා අමතා) අල්ලාහ්ට බියවන්නඳ්‍යා නියමිත අයිතියකින් තොරව මුද්‍රාව (තිරය) නොකඩන්නඳ්‍යා යැයි (අවවාද කරමින්) ප්‍රකාශ කළාය. (මෙය ඇසුන විට) මට ඇය ඉතා ප්‍රියමනාප වුවත් වහාම ඇයගෙන් ඉවත්වී ආපසු පැමිණියෙමි. ඇයට මා දුන් රන්කාසිද ආපසු නොගත්තෙමි. පරමාධිපතියාණෙනිඳ්‍යා මෙම ක්‍රියාව ඔබේම සතුට පතා(පිරිසිදු සිතින්) මා කළා නම් මේ දොර ඇරී අපට පිටවීමට සලස්වනු මැනවිඳ්‍යා යි ප්‍රකාශ කළේය. ගල තරමක් ඉවත්විය. එහෙත් ඔවුන්ට පිටතට ඒමට තරම් ඉඩ ප්‍රමාණවත් නොවීය.

පසුව තුන්වැනියාද ර්‍පරමාධිපතියාණෙනිඳ්‍යා මම කුලී කරුවන් ලවා වැඩ කරවුයෙමි. ඔවුන්ගේ කුලිය මා විසින් ගෙවන ලදී. එහෙත් ඔවුන්ගෙන් එක් අයෙකු පමණක් කුලී මුදල් ලබා නොගෙන ගියේය. එම මුදල ආදායම් මාර්ගවල යෙදුවෙමි. ටික කලක් ගතවු පසු ඔහු මා වෙත පැමිණ ර්‍අල්ලාහ්ගේ ගැත්තාණනි, මගේ කුලිය දෙන්නැයි ඉල්ලීය. එවිට මමම ඔබ දකින මේ එළුවෝ, ගවයෝ, ඔටුවෝ හා වහලුන් හැම දෙයක්ම ඔබේයැයි කීවෙමි. ඒ ඇසු ඔහු මඅල්ලාගේ ගැත්තනිඳ්‍යා මට සමච්චල් කරන්නෙහිදැයි කීය. ර්‍මම ඔබට සමච්චල් නොකරමි යැයි පිළිතුරු දුන්නේය. ඒ සියලු සම්පත් කිසිවක් ඉතුරු නොකර ඔහු රැගෙන ගියේය. පරමාධිපතියාණෙනිඳ්‍යා මේ ක්‍රියාව ඔබේම සතුට පතා (පිරිසිදු සිතින්) මම කළානම් මේ දොරටුව ඇරී අපට පිටව යන්න සලස්වනු මැනවිඳ්‍යා යැයි ප්‍රාර්ථනා කළේය. එවිට එම ගල (සම්පුර්ණයෙන්) ඉවත් විය. ඔවුන් හැමෝම ඉන් පිටවී ගියෝය. (බුහාරි, මුස්ලිම්)