මිනිසුන්=තිරිසනුන්

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මිනිසුන්=තිරිසනුන්

    hakka.jpg




    අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ වන අලින් මරා දැමීම සඳහා මෙතෙක්‌ කල් භාවිතා කළ හක්‌ක පටස්‌ දැන් අනෙකුත් වන සතුන් මරණයට පත් කිරීම සඳහා ද යොදා ගන්නා අයුරු දක්‌නට ලැබේ.

    මිනිසුන් දවසින් දවස තිරිසනුන් බවට පත් වෙමින් යන අයුරු ඒ තුළින් දක්‌නට ලැබීම ජාතියේම අභාග්‍යයකි. වන අලින් මරණයට පත් කිරීමට භාවිතා කළ හක්‌ක පටස්‌ භාවිතා කර ඌරන්, මුවන්, ගෝනුන් වැනි සිව්පා සතුන් විනාශ කරන අයුරු නිතර නිතර අසන්නට දකින්නට ලැබේ.

    අවාසනාවන්තම සිදුවීම වන්නේ ඌරන්, මුවන් වැනි සතුන් ඉලක්‌ක කර වැව් පිටිවල හා බඩවැටිවල තබන හක්‌ක පටස්‌ හැපීම නිසා ගවයන් සහ බල්ලන් වැනි සතුන්ද මරණයට පත් වීමයි.

    පසුගිය දිනක ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ කොහොඹන්කුලම ගම්මානයේ වැව් පිටියේ තිබූ හක්‌ක පටස්‌ එකකට ගොදුරු වූ ගැබ්බර එළදෙනෙක්‌ මරණයට පත්විය. එළදෙනගේ බෙල්ල ප්‍රදේශය පුපුරා පැය ගණනක්‌ ලේ ගලමින් තිබූ අයුරු බලන්නටත් නොහැකි තරම් දුක උපදවන කාරණයකි. පැය ගණනක්‌ නිරාහාරව වතුර බීමට නොහැකිව දුක්‌ විඳි ගැබ්බර එළදෙන මරණයට පත්විය.

    මෙවන් අවාසනාවන්ත සිදුවීම් දැන් බහුලව සිදුවේ. මස්‌ වැද්දන්ගේ තිරිසන් වැඩ නිසා දහස්‌ ගණන් වන සතුන් හා ගවයන් බල්ලන් වැනි සතුන් මරණයට පත්වේ.

    වනාන්තර, වැව්පිටි, ලඳු කැලෑ, ඇළදොළ ගංගා ආසන්නයේ මාරාන්තික හක්‌ක පටස්‌ අටවා තබා අහිංසක සතුන් දහස්‌ ගණනින් බිල්ලට ගනිති. බොහෝ විට පුපුරණ ද්‍රව්‍ය හාල්මැස්‌සන් කුඩුවල හෝ කරවල කුඩුවල ඔතා සතුන්ට කෑමට සලස්‌වති. එසේත් නොමැතිනම් කැකිරි වට්‌ටක්‌කා වැනි ගෙඩිවල ඔතා වනසතුන් විනාශ කිරීමට භාවිතා කරති. හක්‌ක පටස්‌ පුපුරා යැම නිසා අසරණ සතුන් දහස්‌ ගණන් විනාශ වෙති.

    මරාදමන වන සතුන් ගැන සංඛ්‍යා ලේඛන නොමැත. ඊට හේතුව මරා දමන වන සතුන් හිත් පිත් නැති මස්‌ වැද්දන් විසින් ආහාරයට ගන්නා බැවිනි.

    බඩට අහරක්‌ සොයා, පිපාසයට දිය බිඳුවක්‌ සොයා ඇවිදින තිරිසනුන්, මිනිස්‌ වෙසින් සිටින දෙපා තිරිසනුන්ගේ හක්‌ක පටස්‌ භීෂණය නිසා දවසින් දවස අපිට අහිමි වෙමින් පවතී.

    වනයේ ජීවත්වන වන සතුන්ද මිනිසාගේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය සාධකයකි. ඔවුන් රැක ගැනීම සඳහා නීති රීති සකස්‌ කර ඇත. එහෙත්? එම නීති ක්‍රියාත්මක නොවීම නිසා තිරිසනුන්ගේ ජීවිත දවසින් දවස පරිසරයට අහිමි වෙමින් පවතී.

    වන සතුන් වෙනුවෙන්ම වන ජීවි දෙපාර්තමේන්තුව පිහිටුවා තිබේ. නිලධාරීන් පත්කර සිටී. කෝටි ගණන් මුල්‍ය ප්‍රතිපාදන වෙන් කරනු ලබයි.

    පරිසරයට අසීමිත ලෙස ආදරය කළ සියෑටල් වරක්‌ ඇමරිකානු ජනාධිපති µEන්ක්‌ලීන් පියර්ස්‌ ගෙන් ඉල්ලා සිටියේ "මිනිසුන් වන ඔබලා මේ භූමියේ සිටින සතුන් ඔබගේම සහෝදරියන් ලෙස සිතා කටයුතු කරන්න" යනුවෙනි.

    ඒ සුදු ජාතිකයන් පරිසරයට හා සතා සීපාවට දක්‌වන අසීමිත සෙනෙහස එවැනි සිදුවීම් තුළින් අපූරුවට පැහැදිලි වේ. නමුත්? බුදුන් තෙවරක්‌ වැඩම කළ මිහිඳු හිමියන් බුදු දහම රැගෙන ආ පැය විසිහතරම බණ අහන අපේ රටේ සතුන්ට පරිසරයට දක්‌වන සැලකිල්ල කෙතරම් පහත් මට්‌ටමකට පත්වී තිබේද?
     

    yktsandaruwan

    Well-known member
  • Oct 10, 2009
    1,874
    774
    113
    පස්දුන් කෝරලය.
    eth issara lankawe minissu mehema naha ban.dan inna minissu pisso wage.

    mama kiyanne bn suddha mekata enna kalin, minissu gaswel walata , satthunta godak adaraya kara, eth mama kiyanne ne hema minihama ohomai kiyala, sathunta adaraya karana minissu thama lankawe innawa, mekane bn , apita media walin pennanne satthunta una wipath witharaine, monawa unath budu hmaudhuruwo kiyapu dewal wennath epei, minissu dawasaka thirisanun wenawa, eka nawatthanna be.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    mama kiyanne bn suddha mekata enna kalin, minissu gaswel walata , satthunta godak adaraya kara, eth mama kiyanne ne hema minihama ohomai kiyala, sathunta adaraya karana minissu thama lankawe innawa, mekane bn , apita media walin pennanne satthunta una wipath witharaine, monawa unath budu hmaudhuruwo kiyapu dewal wennath epei, minissu dawasaka thirisanun wenawa, eka nawatthanna be.

    :yes: