මිනිසුන් වී ඉපිද ඇති අපට මේ ලැබී ඇත්තේ ඉතාමත් දුර්ලබ අවස්ථාවකි. දිනක් බුදු රජාණන් වහන්සේගෙන් ස්වාමින් වහන්සේලා පිරිසක් විමසා සිටියේ මිය යන සත්වයන් අතරින් නැවත සුගතියක ඉපදෙන්නේ කෙතරම් වූ ප්‍රමාණයක්ද ලෙසිනි. එවිට බුදුරජාණන් වහන්සේ විසින්, එය උපමාවකින් විස්තර කළ සේක. මහ පොළොවේ ඇති පස් ප්‍රමාණයත්, නිය සිල මතට ගත් පස් ප්‍රමාණයත් සැසදූ කල, නිය පිට ඇති පස් ප්‍රමාණය අතිශයින්ම නොගිණිය හැකි ලෙසට කුඩා වෙන පරිදිම, මහ පොළොවේ ඇති පස් ප්‍රමාණයම අතිවිශාල වන පරිදිම, නැවත සුගතියක ඉපදෙන්නේ නිය සිල මතට ගත් පස් ප්‍රමාණයක්ම තරම් වූ අල්ප පිරිසක් බවත්, සෙසු සියල්ලෝම දුගති කරාම යන බවත්ය. මේ විශ්වය වූ කලී අති විශාලය. සත්වයන් අතරින් අපේ ඇසට පෙනෙන ප්‍රමාණය ඉතාමත්ම කුඩා ප්රමාණයකි. මියයන සත්වයන් මේ කවර තැනක හෝ නැවත ගොස් ඉපදිය හැක. වෙනත් වෙනත් තැන් වල සිටින සත්වයන් නැවත මිනිස් උපත්ද ලබයි. සත්වයන් ප්‍රමාණය ගණනින් දැක්විය නොහැකි තරම් විශාල වන හෙයින්ම, අපේ ඇසට දැකිය හැකි ප්‍රමාණය පමණක් සිතා මුළු ලෝකයම යනු මෙපමණකැයි සිතීම මුලාවකි. එය හරියට ළිඳේ සිටිනා ගෙම්බා, ළිඳ පමණක් ලෝකයම යැයි සිතා සිටිනවාක් මෙනි.
සසරේ බොහෝ දුක් විඳ ලබා ගත් මනුෂ්‍ය උපත විනාශ වී යාමට ඉඩ නොදෙන්න. අප්‍රමාදීව ධර්මයෙහි හැසිරෙන්න. දිනපතා ධර්මය ශ්‍රවණය කරන්න. අප නොදන්නා බොහෝ දේ ඇති බැවින් සද්ධර්මය ශ්‍රවණය කරමින් ප්‍රඥාව වඩවා ගන්න.
සසරේ බොහෝ දුක් විඳ ලබා ගත් මනුෂ්‍ය උපත විනාශ වී යාමට ඉඩ නොදෙන්න. අප්‍රමාදීව ධර්මයෙහි හැසිරෙන්න. දිනපතා ධර්මය ශ්‍රවණය කරන්න. අප නොදන්නා බොහෝ දේ ඇති බැවින් සද්ධර්මය ශ්‍රවණය කරමින් ප්‍රඥාව වඩවා ගන්න.