මිනිසෙකුට-තියා-සතෙකුටවත්-කන්න-බැරි-හාල්-හාලිඇලදි බෙදලා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    image_4f2dfa76bb.jpg


    රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගොස් පැමිණිලි කළේය.

    හාලිඇල මැදපිටගම ප්‍රදේශයේ පදිංචි එච් .බංඩාර නැමත්තෙකු මෙසේ තමන්ට රජයෙන් ලබා දුන් සහල් පරිභෝජනයට නුසුදුසු අයුරින් පවතින බව පවසමින් ලැබුණු සහල් වලින් කොටසක් ද රැගෙන හාලිඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගොස් මේ සම්බන්ධයෙන් දැනුම් දුන්නේය .

    හාලිඇල මහජන සෞඛ්‍ය පරීක්ෂක තනුජය ප්‍රදීප් මහතා මේ සම්බන්ධයෙන් සදහන් කලේ රජය මගින් නොමිලේ ලබා දුන් සහල් කිලෝ 10 ක් අඩංගු සහල් බෑගයේ තිබූ සහල් නරක්වී පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පවතින බව පවසමින් සහල් රැගෙන හාලිඇල මැදපිටගම ප්‍රදේශයේ පුද්ගලයකු හාලිඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට පැමිණ පැමිණිලි කල බවත් , ඒ සම්බන්ධයෙන් අදාළ පරීක්ෂණ කටයුතු කරන බවයි .

    හාලිඇල ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව් ඇම් .සී.වීරසිංහ මහතා පැවසුවේ මේ දිනවල රජය මගින් ජනතාවට නොමිලේ ලබා දෙන සහල් බෙදා දීමේ කටයුතු හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාශයේ සිදු කරන බවත් , ඉන් එක් අයෙකුට පමණක් නරක්වූ පරිභෝජනයට නුසුදුසු සහල් ලැබුණු බවට දැනුම් දුන් බවත්ය. ඔහුට ඒ වෙනුවට වෙනත් කිලෝ 10ක සහල් බෑගයක් ලබා දුන් බවත් සදහන් කළේය .

    image_13db7c4a80.jpg



    https://www.ada.lk/breaking_news/මිනිසෙකුට-තියා-සතෙකුටවත්-කන්න-බැරි-හාල්-හාලිඇලදි-‌බෙදලා/11-409282


    @monson
    @2osama
    @N A K A M U R A
    @weer 11
    @hirashgeff
    @netudara thread wlata enna baya podi hujja kolla
    @nicjosh83 AKA @John Dutton

    Monawada ponnayo pohottu anduwe ranil korana sakkili weda??
     

    Similar threads