මිනිහෙක් වුනහම ජීවිතේ තියාගන්න ඕන ප්‍රති

HiT_TrackeR

Active member
  • Jan 17, 2011
    463
    171
    43
    මිනිහෙක් වුනහම ජීවිතේ තියාගන්න ඕන ප්‍රති

    මිනිහෙක් වුනාම තමන්ගේ ජීවිතේ යම් ප්‍රතිපත්තියකට අනුකුලව හැඩගස්වා ගත්තම ජීවත් වෙන්න බොහොම පහසු වෙනවා. ඔබට විතරක් නෙවෙයි. ඔබේ හිතවතුන් සහ ඔබේ අවට සිටින සියලුම දෙනාට ඒ පහසුව අත්විඳින්න පුළුවන් වෙනවා. අපි මේ කියන්න යන්නෙ මනුස්සයෙක් හැටියට ඔබේ ජීවිතේට වටිනාකමක් එක් කරල ඔබව අනිත් අය අතරේ කැපී පෙනීමට ලක් කරන ප්‍රතිපත්ති කීපයක් ගැනයි. මේ සියල්ලම බැරි උනත් කීපයක් හරි රකින්න උත්සාහ කලොත් ඒකෙ වාසිය ඔයාටමයි.

    1. අවංක වෙන්න

    Man-Philiosophy-aniwa-01.jpg


    බොහොම පහසුවෙන්ම කල හැකි සහ ගොඩක් අයට කරන්න කරන්න අපහසුම වැඩක් තමයි අවංක වෙන එක. එක අතකට ඒක අපේ වැරද්දක්ද එහෙම නැතිනම් අපි ඉන්න මේ සමාජයේ වරදක්ද කියලා හිතා ගන්න බැහැ. මොනවා වුනත් ඔබට අවංක ප්‍රතිපත්තියකට අනුකුලව ජීවත් වෙන්න උවමනා නම් කරන්නට තියෙන්නේ ඔබට හිතට බොරු නොකර වැඩ කරන එක විතරක්ම බව කියන්නම ඕනේ.

    2. වෙලාවට වැඩ කරන්න

    Man-Philiosophy-aniwa-02a.jpg


    ඔබ කෙනෙකුට වෙලාවක් සම්බන්ධයෙන් පොරොන්දුවක් වුනා කියලා හිතන්න. සමහර විට ඔහු හෝ ඇය වෙලාවට එතැන නොසිටිනවා වෙන්න පුළුවන්. නමුත් අපේ යුතුකම තමයි පොරොන්දු වූ වෙලාවට ටික වෙලාවකට හෝ කලින් අදාළ තැනට යාම හෝ අදාළ උදව්ව ලබාදෙන එක.

    අපි කිසිදු වෙලාවක කිසිවෙක්ගෙන් යමක් ඉල්ලන්නේ නැතිවෙන්න පුළුවන් හැබැයි. අපෙන් යම් දෙයක් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම්, අපි ඒ දේ ගැන ඔවුන්ට පොරොන්දු වෙලාත් තිබෙනවා නම් අපි වෙලාව නොවරදවා අදාළ කර්තව්‍යය කරලා දෙන එකෙන් දෙපැත්තට ම වාසියක් වෙන බව නම් නොකියාම බැහැ.

    අඩුම තරමේ ඔබ වෙලාවට වැඩකරන ප්‍රතිපත්තියක් ඇති කෙනෙක් කියන සිතුවිල්ල හිතතුල රඳවාගෙන සතුටින් ඉන්න හරි පුළුවන්.


    3. කියන දේ කරන්න/ කරන දේ කියන්න

    Man-Philiosophy-aniwa-03.jpg


    ප්‍රතිපත්ති කියන දේවල් රකින්න එතරම් අමාරු නැහැ ඔබ ඒවා බරක් විදිහට නොසලකන තාක් කල්. ඉතින් මේ නිසා ඔබ බොරු සෝබන, මවාපෑම් කරන්නේ නැතුව කරන දේ පමණක් කියලා, කියන දේ පමණක් කරලා පෙන්වීමෙන් ඔබට පහසුවෙන්ම ගැටළු වලින් තොරව ජීවිතේ ගෙනියන්න පුළුවන්.

    ජීවිතේ කියන්නේ ගොතපු ලණුවක් ය කියලා හිතන කෙනෙකුට නම් මේ වැඩේ කරන්න අපහසුවෙන්න පුළුවන්. මක් නිසාද එහෙම අයගෙ ජීවිතේම මවාපෑමක් නිසා. නමුත් ඔබට මේ දේවල් අපහසු වෙන්න විදියක් නැහැ. ඒ ගොඩක් වෙලාවට අනිවා කියවන්නේ පොලවේ පය ගහලා ඉන්න මිනිස්සු නිසා.


    4. බැරි වැඩ බාර නොගන්න

    Man-Philiosophy-aniwa-04.gif


    යම් දෙයක් ඔබට කරන්න අපහසු නම් කරුණා කරලා කෙලින්ම ඒ බව ඔවුන්ට කියන්න. එහෙම කල විට ඔවුන් ඔබ එක්ක අමනාප වේවි කියලා හිතනවා නම් එය ඔබේ දුර්වලතාවයක්. තමන්ගේ වෙලාව සහ මුදල් වැය කරලා අපහසුවෙන් ජීවත් වෙනවට වඩා. තමන්ට අදාළ දේ කල නොහැකි නම් ඒ බව කියලා, එය ඉටු කරදිය හැකි කෙනෙකුට ඔවුන්ව යොමු කරන එකෙන් ඔබේ ප්‍රතිරූපයට කිසිදු අයුරකින් හානියක් වෙන්නේ නැහැ.

    බොහෝ වෙලාවට ඔබේ හිතවතුන් ඔබව විශ්වාස කරන්නට එක හේතුවක් වෙන්නේ මේ කෙලින් කතා කරන අවංක, බැරි වැඩ භාර නොගන්නා ප්‍රතිපත්තිය වෙන්නට පුළුවන්.


    5. නොරිදවන්න

    Man-Philiosophy-aniwa-05.jpg


    මොනම අවස්තාවකවත් හිතාමතා තව කෙනෙකුගේ හිත රිදෙන ලෙස හැසිරෙන්න එපා. ඔබට සමාජය තුල මහත්මයෙකු ලෙස පිළිගැනීමක් ඇතිවෙලා තිබෙනවා නම් ඒ පිළිගැනීමට අතුල් පහරක් බවට ඔබ විසින් අනිකාව රිදවීම ම පත් වෙන්න ඉඩ තිබෙනවා. ශාරීරික රිදවීම පමණක් නෙවෙයි. වාචිකව සහ සමාජීයව ඔබට කෙනෙකුව රිදවන්නට හැකියාව තිබෙනවා.

    එකක් මතක තියාගන්න. ඔබ අනිකාව රිදවන තරමට, තව කෙනෙකුට ඔබවත් රිදවන්නට හැකියාව තිබෙන බව. ඒ වගේම ඔබ අහේතුකව කෙනෙකුව රිදවීමෙන් කරගන්නා පාප කර්මය කවදා හෝ ඔබ වෙතටම ආපසු එන බව. අපි මේ කියන්නෙ කෙලින් කථා කරන්න එපා කියලවත්, වැරැද්දක් දුටු තැනදි එය නොදැක්කා සේ ඉන්න කියලවත් නොවෙයි. යම් දෙයක වැරැද්දක් පෙන්වීමේදී, විරෝධතාවයක් දැක්වීමේදී උනත් ඒ දේ කිව යුතු පිළිවෙලට ඉවසීමෙන්, සංයමයෙන් යුතුව කියන්න උත්සාහ ගන්න කියලයි.


    6. උදව් කරන්න

    Man-Philiosophy-aniwa-06.jpg


    ඔබේ ශක්ති ප්‍රමාණය ගැන ඔබට මනා වැටහීමක් පවතිනවා නම් මේ ප්‍රතිපත්තිය රකින්න හරිම පහසුයි. මක් නිසාද කියනවා නම් ඒ ශක්තිය ගැන තිබෙන රාමු තුල හිඳගෙන කෙනෙකුට උදව් කලාට ඔබට කිසිදු හානියක් නොවෙන නිසා. නමුත් තමන්ගේ ප්‍රතිපත්ති බල්ලට දාලා අනෙකාට උදව් කරන එකෙන් සියල්ල අවසානයේදී හැම දෙනාම සතුටු වුනත් ඔබට අවංකව සතුටු වෙන්න බැරිවේවි. අවශ්‍ය කෙනාට, හරි විදිහට උදවුව කරන්න. ඒ උදවුව වෙනුවෙන් ආපිට ස්තූතියක්වත් බලාපොරොත්තු නොවී කරන උදවුවක් කරන්න.

    7. ඉතුරු කරන්න

    Man-Philiosophy-aniwa-07.jpg


    හැමදාම අනෙකා වෙනුවෙන් පමණක් ප්‍රතිපත්ති පවත්වන් ඉඳලා හරියන්නේ නැහැ. තමන් සම්බන්ධයෙනුත් යම් ප්‍රතිපත්තියක් දෙකක් හරියට යොදවන්න හිත හදාගන්න එක හොඳා.

    ගොඩක් වෙලාවට තමන්ගේ ඇති හැකි කාලේ නැති බැරි අයට උදව් කරලා තියෙන ගොඩක් අයට තමන්ට නැති කාලේ උදව් ගන්න එකෙක් පැත්ත පලාතක නැති අවස්ථා හරිම සුලභයි. ඉතින් මේ නිසා ඔබ ඔබේ ආරක්ෂාව සලසා ගන්න උවමනා නිසා. තමන් වෙනුවෙන් කුමක් හෝ ආයෝජනයක් කරලා තමන්ගේ අනාගතේ සහ වියපත් දිවිය සවිමත් කරගන්න කුමක් හෝ වැඩ පිළිවෙලක් යොදාගෙන තියෙන එක හරි වටිනවා.


    8. ආදර්ශමත් වෙන්න

    Man-Philiosophy-aniwa-08.gif


    ඔබේ අසල්වැසියන්ට තමන්ගේ හිතවතුන්ට ඔබව පෙන්නලා “මෙන්න මේ වගේ හැදෙන්න” කියන චරිතයක් වෙන්න හිතට ගන්න. හැබැයි, ඔබ පාරේ යනකොට ඔබව පෙන්නලා “මෙන්න මු වගේ නම් හැදෙන්න එපා” කියලා කියන තත්ත්වෙට නම් වැටෙන්න හිතන්නවත් එපා පුතෝ. තමන් කැමති ජීවිතේ ගත කරන ගමන් තමන්ගේ සහ සමාජයේ යහ පැවැත්මට තමන්ගේ තීන්දු තීරණ කොයිතරම් බලපානවද කියන එක ගැනත් අවබෝධයෙන් ජීවත් වෙන්න කියලයි මේ කියන්නෙ. නැතිව බොරු ශුද්ධවන්තයෙක් වගේහැසිරෙන්න කියල නෙමෙයි.

    9. හිත නිදහස් මිනිසෙක් වෙන්න

    Man-Philiosophy-aniwa-09.jpg


    කෙලින් කතා කරන්න, වැරැද්දට සමාව දීල හිත නිදහස් කරගන්න, ඇත්ත සහ අවංකභාවය සමගින් සම්බන්ධතා ගොඩනගාගන්න. මේ සියල්ලත් සමග අවසානයේ ඔබට දවස කෙලවර කිසි හිත කරදරයක් නැතිව නින්දට යන්න පුලුවන්නම් අන්න ඒක තමා මිනිසෙකුට ලබන්න තිබෙන උතුම්ම සැපත. ඉහතින් තියෙන ප්‍රතිපත්ති බොහොම පහසුවෙන් රකින කෙනෙක් කියලා ඔබට හිතෙනවා නම් ඔබ ගැන සතුටු වෙන්න. නැති උනත් ප්‍රශ්නයක් නෑ. ජීවිතේ කියන්නෙ ඉගෙන ගනිමින් යන ගමනක්නෙ. කල් අරගෙන ජීවිතය හැඩ ගස්වාගන්න.


    උපුටාගැනීම aniwa.lk
     
    • Like
    Reactions: Vandetta and ctooi