මිනීමරන බොරු කියන ජ්‍යෝතිෂ්‍ය පාතාලයෝ
මිනීමරන බොරු කියන ජ්‍යෝතිෂ්‍ය පාතාලයෝ
(උපුටා ගැනීම ,සත්හඬ 2016 ඔක්තෝබර් 01 වෙනිදා )
පාතාලය සිදු කරන්නේ මිනිසුන් මරා දැමීමය. දැන් ඒ වැඬේ ජ්‍යෝතිෂ්‍යය හරහා ජ්‍යොතීර්වේදීන් කරන්නට පටන්ගෙන ඇත. ජ්‍යෝතිෂ්‍ය විෂය සිය ඉතිහාසය පුරාම ක්‍රියාත්මක වී ඇත්තේ එළඹීමට නියමිත විපතින් මිනිසුන් මුදාගැනීමටය. ජ්‍යෝතිෂ්‍යය සමඟ බැඳුණු ආයුර්වේදය විසින් ද අරමුණු කර ඇත්තේ මිනිසුන්ගේ සුවපත්භාවයයි. සත්‍යය වශයෙන්ම ජ්‍යෝතිෂ්‍යය යනු මිථ්‍යා විශ්වාසවල එල්බගත් තර්කානුකූල ගණන් බැලීමකි. නමුදු මේ අන්ධකාර විශ්වාසය පවා භාවිත කළේ මිනිසුන් අවුලෙන් අවුලට පත් කිරීම සඳහා නොව මානසික සුවපත්භාවය උදා කරනු පිණිසය. එහෙත් එකී අරමුණ වාණිජ්‍ය අරමුණුවලින් යටපත් වූයේය. මිනිසුන්ට විපත් ඇතැයි පෙන්වා දී මුදල් ගැරීමේ ගැලවිල්ලක් නැති කර්මාන්තයක් බවට ජ්‍යෝතිෂ්‍යය පත් වූයේය. දැන් මේ විෂය දේශපාලන වුවමනාව වෙනුවෙන් හැසිරෙන්නේය. පෙර පැවැති සුමුදු උපයා ගැනීම වෙනුවට දැන් නරුම ලෙස මිනිසුන් කොල්ලකෑමට පටන්ගෙන ඇත.
ජන නායකයන්ට අනාවැකි උණ්ඩ
අනාවැකි පාතාලයේ ආසන්නතම සිදුවීම නුගේගොඩ සුපර්මාර්කට් එකේ රෙකෝඞ්බාර් එකක් පවත්වා ගෙන යන විජිත රෝහණ විජේමුණිගේ අනාවැකියයි.
විජිත රෝහණ විජේමුණි 2015 අප්‍රේල් 09 සිය ෆේස්බුක් ගිණුමේ කියා සිටියේ “තමන් පෙර කී ලෙසම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි මාස හයක කාලය තුළ හදිසි අනතුරකින් හෝ මාරාන්තික රෝගයකින් මරණයට පත් වන බවයි” ඊට දිගුවක් වශයෙන් ධනු රාශියෙන් සෙනසුරු ඉගිල්ලෙන 2017 ජනවාරි 26ට පෙර මෛත්‍රීපාල සිරිසේන මහතා මිය යන බව ද ඔහු කියා ඇත. සාමාන්‍යයෙන් මෙවැනි අනාවැකි අසත්‍ය වුවත් ඒවා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම ජ්‍යෝතිෂ්‍යයේ සිරිතක්ව තිබුණේ නැත.
ජ්‍යෝතිෂ්‍යයට අනුව පුද්ගලයකුට කිසියම් විපතක් එළඹීමට නියමිත නම් ඒවා දැනුම් දෙන්නේ කේන්දර පරීක්ෂා කර බලා පෞද්ගලිකවය. එහෙත් විජේමුණි මේ කරන්නේ දේශපාලන කොන්ත්‍රාත්තුවකි. මෙවැනි අනාවැකි කියන්නන්ට කියන්නේ ‘කණ වෙද්දු’ කියාය. එහි තේරුම දෘෂ්ටියක් හෙවත් පෙනීමක් නැති ප්‍රතිකාර කරන්නා යන අදහසය.
විජේමුණි නම් ‘කණ වෙදා’ මීට වසර කිහිපයකට පෙර ඉන්දියානු විරෝධය හමුවේ මෙරට ජනතාවගේ සිත්සතන් තුළ වීරයකු වූයේය. ඔහු වීරයකු වූයේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය, ඉන්දියානු විරෝධය අවුළුවාලන මොහොතේ ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීමට මෙරටට පැමිණි ඉන්දීය අගමැති රජිව් ගාන්ධි මහතාට සිය තුවක්කු අච්චුවෙන් පහරදීම හේතුවෙනි.
එදා රටේ අභිමානය රකින්නට නිර්භීත වූ වීරයාට අදාළ විෂයමූල තත්ත්වය අහෝසි වීමෙන් පැවැත්මක් නැති වූයේය. අසරණ වූ මේ වීරයා “සරණ ජ්‍යෝතිෂ සේවය” පටන් ගත්තේ ඊට පසුවය. නිවැරැදි දෘෂ්ටියක් නැති වීරයන් අපේ ඇස් ඉදිරිපිටදීම බලු වන බව අපි ඉතිහාසයෙන් ඉගෙන ගෙන ඇත්තෙමු....! දැන් විජේමුණි සිටින්නේ එකී සංක්‍රාන්ති සමයේ අවසන් අදියරේය.
විජේමුණිගේ කණා ෂොට්
2013 අප්‍රේල් 30 වන දින ඔභඛ රූපවාහිනී වැඩසටහනකට එක් වෙමින් විජිත රෝහණ විජේමුණි කීවේ එළඹෙන මැතිවරණයෙන් එවකට පැවැති ආණ්ඩුව පරාජයට පත්වන බවයි. 2014.12.16 දින සිරස සටන වැඩසටහනට සහභාගී වෙමින් ඉන්දික තොටවත්ත කීවේ එළඹෙන ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් වන බවයි. මේ කිසිවකු නොකීව ද රටේ දේශපාලන හැසිරීම නිරීක්ෂණය කළ බොහෝ දෙනකු මහින්ද රාජපක්ෂට ගෙදර යාමට සිදු වන බව දැන සිටියේය. ජ්‍යේතිෂ්‍යවේදීන් අනාවැකි කී මුළු ඉතිහාසය පුරාම ඔවුන් ඒවා කීවේ රටේ දේශපාලන හැසිරීම නිරීක්ෂණය කරමින් මිස ඔවුන්ට තිබූ සුවිශේෂී ඉවකින් නොවේ.
1993 දී සුමනදාස අබේගුණවර්ධන කරළියට ආවේ එවකට පැවැති දේශපාලන ජ්‍යේතිෂ්‍යවේදීන් කියූ අනාවැකිවලට පරස්පර විරෝධී අනාවැකි කීමෙනි. ඔහු කීවේ චන්ද්‍රිකා කුමාරණතුංග මෙරට මීළඟ විධායක ජනාධිපතිනිය වන බවයි. රටේ දේශපාලන හැඩගැස්ම ඒ අනාවැකියට පාදක වූයේය. 2014 වර්ෂයේ ඊළඟට එළඹීමට නියමිත ජනාධිපතිවරණය ගැන අනාවැකි කියූ මාපලගම විමලරත්න, චන්ද්‍රසිරි බණ්ඩාර කීවේ ඊළඟ ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නා බවයි. එසේ සිදු නොවුණහොත් තමා ගිනි තබාගන්නා බව මාපලගම විමලරත්න කීවේය. චන්ද්‍රසිරි බණ්ඩාර කිව්වේ තමා හෘදයාංගමව වෙඩි තබා ගන්නා බවයි. 2015 ජනවාරි 08 මහින්ද රාජපක්ෂ පැරදී ගෙදර ගියේය. ධුර කාලය තවත් වසර දෙකක් ඉතිරිව තිබිය දී වේලාසනින් තම තනතුරට කෙළවාගත් විධායක ජනාධිපතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ ඉතිහාසගත වූයේය. ජ්‍යෝතිෂ්‍යවේදී මාපලගමයාත්, චන්ද්‍රසිරි බණ්ඩාරයාත් තවමත් ජීවතුන් අතර සිටින්නේය. ජ්‍යෝතිෂ්‍යය කෙරෙහි මහත් බලාපොරොත්තු තබා සිටි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා 2013 වසරේ සිය ජ්‍යෝතිෂ්‍ය උපදේශක සුමනදාස අබේගුණවර්ධනගෙන් ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා නැකැත්පත ඉල්ලා සිටියේය. අදාළ නැකත්පත මත මහින්ද සියලු කටයුතු සිදු කළත් සුමනදාසගේ අනාවැකි පරදා මහින්දට ගෙදර යාමට සිදු වුණේය.
2015 ජනවාරි අට වන දින ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පරදින බව කියූ ජ්‍යෝතිෂ්‍යවේදී ඉන්දික තොටවත්ත ජනප්‍රිය පුද්ගලයකු වූයේය. ආයුෂ වැඩිකල් තිබුණේ නැත. 2015 අප්‍රේල් තුන්වන දින සිරස රූපවාහිනී නාලිකාවේ ජ්‍යෝතිෂ්‍ය වැඩසටහනකට පැමිණි ඉන්දික තොටවත්ත එදා තවත් අනාවැකියක් කීවේය. ඔහු කිව්වේ 2016 මාර්තු 27 ට පෙර කියුබානු ජනාධිපති පිදෙල් කස්ත්‍රෝ මිය යන බවයි. පිදෙල්ට එවන් අවාසනාවන්ත ඉරණමක් අත්වූයේ නැත. තොටවත්ත ද පච වී කිච වී ගියේය. කිසියම් කාල පරාසයකට අනුව අනාවැකියක් කීමේ දී එය ඉෂ්ට වීමේත් ඉෂ්ට නොවීමේත් සම්භාවිතාව 50%ක්ව පවතින්නේය. ඒවා හුදු ප්‍රලාප අපේක්ෂාවන් මුවින් ගලනය වීම හැර විද්‍යාත්මක හේතු සහිත කියැවීම් නොවේ.
හොරු දෙකයි බොරු දෙකයි
විජිත රෝහණ විජේමුණි ජනපති මෛත්‍රී ගැන කියා ඇත්තේ ද ඉන්දික තොටවත්ත පිදෙල් කස්ත්‍රෝ ගැන කී අනාවැකියට සමාන වූවක් මිස විස්මිත සොයා ගැනීමක් නොවේ. ජනපති මෛත්‍රී ගැන විජිත රෝහණ එවැනි පාතාල අනාවැකියක් කිව්වේ වෙන කිසිවක් නිසා නොවේ. ඔහුට රාජ්‍ය මාධ්‍යවල සිය ‘සරණ ජ්‍යෝතිෂ්‍ය සේවය’ වෙනුවෙන් කාල හෝරාවක් වෙන්කර දීම නොකළ නිසාය. විජිත රෝහණ ‘කණ වෙදා’ම ඔහුගේ ෆේස්බුක් අඩවියේ දක්වා තිබෙන්නේ “මම 2013 අප්‍රේල් 30 ඔභඛ එකේ කිව්වා මහින්ද පරදිනවා කියලා. මෛත්‍රී දිනන බවත් කිව්වා. ඒ වුණාට මේ ජනාධිපති කිසි කෙළෙහි ගුණයක් නැති කෙනෙක්. අපිට රාජ්‍ය මාධ්‍යවල ඉඩක් දෙන්නේ නැහැ” 2017 ජනවාරි 26 ට පෙර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මිය යන බවට අනාවැකිය කියන්නට හේතු වූයේ මහින්දගේ සමයේ සුමනදාසට තිබූ සැලකිල්ල මෛත්‍රීගේ සමයේ විජිතමුණිට නොදැක්වීමය. වෛරය පිරිමසා ගැනීම සඳහා මේ කණ වෙදා මෛත්‍රීට පහර දීමට පාවිච්චි කර ඇත්තේ අධ්‍යාත්මය පසාරු කරන මානසික ප්රහාරයකි. ජීවත්ව සිටින මිනිසකු මරා දැමීම සඳහා අනාවැකි කියන ජ්යෝතිෂ්යවේදයක් පිළිබඳව මුළු ඉතිහාසයෙන්ම හමු වී නැත. හමුවන්නේ ද නැත. අනාවැකි සත්‍ය වීමටත් එසේ නොවීමටත් හේතු ඇත. ඒවා කියන්නට ජ්‍යෝතිෂ්‍යයේ අෂ්ට විද්‍යාව හදාරන්නට වුවමනා නැත. ජ්‍යෝතිෂ්‍යය ගැන මෙලෝ හසරක් නොදත් ඕනෑම එකෙකුට අනාවැකි කියන්නට හැකිය. මක්නිසාද යත් අනාවැකිය යනු සත්‍ය වන්නක් ද නොවේ. සත්‍ය නොවන්නේ ද නොවේ. ඒවායේ හැටි එහෙමය.
ජ්‍යෝතිෂ්‍යය ගැනත් අනාවැකි ගැනත් මෙලෝ හසරක් නොදන්නා දි.මු. ජයරත්න හිටපු අගමැතිවරයා 2014 නොවැම්බර් 19 දින එවැනි අනාවැකියක් කීවේය. ඔහු කිව්වේ “2015 ජනවාරි 13 දින පාප් වහන්සේ මෙරටට පැමිණෙන මොහොතේ ලංකාවේ සිටින්නේ අලුත් ජනාධිපතිවරයකු බවයි.” අනාවැකිය සත්‍ය වූයේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නැවත දිවුරුම් දුන්නා නම් එය ද දි.මු.ගේ අනාවැකිය සත්‍ය වීමක් ලෙස කෙනෙකුට තර්ක කළ හැකිය. 2020න් පසුව මැතිවරණ ප්‍රතිඵල කියන කණ වෙදාලාට කීමට ඇත්තේ ද මේ ටිකමය. ජ්‍යෝතිෂ්‍යය පාතාල මෙහෙයුම්වලට යොදාගැනීමේ මෙහෙයුම දැන් ක්‍රියාත්මකය. එය මහින්දට එල්ල කළත් මෛත්‍රීට එල්ල කළත් ඒවා අමූලික අසත්‍යයන්ය. පට්ටපල් කෙප්පය. මේ ප්‍රහාර පිටුපස ඇත්තේ දේශපාලන අතපෙවීම්, මානසික අඩපණ කිරීම් හැර වෙන කිසිවක් නොවේ. තොටවත්ත කී ලෙස මහින්ද ගෙදර ගියත් සරත් ෆොන්සේකා රට හැර ගියේ නැත. පිදෙල් කස්ත්‍රෝ මිය ගියේ නැත. මෛත්‍රීගේ මරණය 2017 ජනවාරි 26 ට පෙර සිදු වන බව කියන විජිත රෝහණ විජේමුණි ගණිතයාට කීමට ඇත්තේ ද ඒ ටිකමය. ජ්‍යෝතිෂ්‍ය බලපෑම අපට ලැබුණේ බෞද්ධ සාහිත්‍ය තුළින්ය. සිදුහත් කුමරු පිළිසිඳ ගැනීමේ දී දුටු සිහින දහයක පලාඵල ගැන කියවෙන්නේ යශෝදරා වත නම් ග්‍රන්ථයේය. සිදුහත්ගේ ඉපදීමෙන් දින පහකට පසුව කුමරුට නම් තැබීම හා අනාගතය විමසීම සඳහා ත්‍රිවේදයෙහි කෙළ පැමිණි බමුණන් 108 ක් සුද්ධෝදන රජතුමා විසින් මාලිගාවට කැඳවූ බව සඳහන්ය. එයින් සඵල විය හැකි අනාවැකි කීවේ අට දෙනෙකි. ඉන් ළාබාලතම බ්‍රාහ්මණයා වූ කොණ්ඩඤ්ඤ එක ඇඟිල්ලක් ඔසවා කීවේ නියත ලෙසම මේ කුමරුවා පැවිද්දකු වන බවයි. මේ පැමිණි එකසිය අටෙන් එකෙකුවත් බුදුන් වහන්සේ මිය යන දිනයක් පිළිබඳව අනාවැකි කියූ බවක් බෞද්ධ සාහිත්‍යයේ නැත.
වැහි මුත්තලා දැන් නැත
එසේම අපේ රටේ සිටිනවා යැයි කියන අතිප්රබල අනාවැකි කියන කණ වෙද්දු එකෙකුවත් සුනාමිය හෙවත් මුහුද ගොඩ ගැලීම පිළිබඳව හෝ සාලාව අවි ගබඩාව පුපුරා යාම පිළිබඳව අනාවැකි කීවේ නැත. අරණායක හෝ මීරියබැද්ද නායයාම ගැන කීවේ නැත. සියලු අනාවැකි කීම් හුදු දේශපාලන අවශ්‍යතාව මත ගොඩනගන, ගොඩනංවන ලද ප්රලාපයන්ය. අතීතයටත් අනාගතයටත් එය එසේම වලංගුය.
අපේ ගමේ වයස්ගත සීයා කෙනෙකු සිටියේය. ඔහුට ගමේ කවුරුත් කීවේ ‘වැහි මුත්තා’ කියාය. වැහි මුත්තාට එසේ කියන්නට හේතු වූයේ වැස්ස ගැන ගම්මුන්ට ඔහු කී අනාවැකිවලින් බොහෝමයක් ඇත්ත වීමය. අනූනව හැවිරිදි වැහි මුත්තා ලෙඩ ඇඳේ සිටිය දී ඔහු කී අනාවැකි සාර්ථක වූයේ කෙසේදැයි මම විමසූවෙමි. ඔහු කීවේ ඒක මට ඇළට දොළට ගියාම හේනට කුඹුරට ගියාම කියන්න පුළුවන් කියාය. මේ දැන් කියන්නට බැරිදැයි ඇසූ විට ඔහු කීවේ බැහැ කියාය. ඒ ඇයිදැයි ඇසුවාම ඔහු කීවේ “මම දැන් ඉන්නේ ලෙඩ ඇඳේ මං කොහොමද වේයෝ, මෙරුවෝ, ගෙම්බෝ, කඩියන් හැසිරෙන හැටි දකින්නේ.... හුළඟෙ තෙතමනය ගැන දන්නේ, වැහි කුරුල්ලයි පිළිහුඩුවයි, උකුස්සයි, කටුස්සයි හැසිරෙන හැටි දන්නේ. ඒ මොකුත් දකින් නැතුව මට මොකුත් කියන්න බෑ... මම කිව්වේ උන්ගේ හැසිරීම අවුරුදු ගාණක් ඇහින් දැකලා... ඒවා දකින්නේ නැතිව මට බොරු කියන්න බෑ...” වැහි මුත්තාට තිබූ ඒ විනය විශ්ව අභිමානී විශ්ව කීර්ති, කලා කීර්ති ජ්‍යෝතිෂ්‍ය විශාරද යැයි කියාගන්නා අනාවැකිකාරයන්ට නැත. උන් දැන් අනාවැකි පාතාලකරුවන් බවට පත්ව ඇත. වචනවලින් මිනී මරන්නට පෙලඹී ඇත්තාහ.
- දයා නෙත්තසිංහ -

හිරු සඳු තාරකා දැකීමෙන් මිනිසා තුළ ඇති වූ කුතුහලය අභ්‍යවකාශය විනිවිද යාමට සමත් වූයේය. කුතුහලය ඉහළටත් පහළටත් වැඩුණේය. ඉහළට යාමේ නැවතීමක් ද පහළට ගමන් කිරීමේ නැවතීමක් ද නැත. ඊට හේතුව කුතුහලය තවදුරටත් ඉතිරි වීමය.
කුතුහලය විසින් ඇති කරන ලද උනන්දුව නිසා මිනිසා වෙසෙන පෘථිවියට අමතරව තවත් ග්‍රහලෝක, චක්‍රාවාට, උපග්රහයන් පිළිබඳ ගවේශණය පුළුල් වූයේය. භෞතික තත්ත්වය අභිභවන සැකය විසින් ජ්‍යෝතිෂ්‍යය නමැති මිථ්‍යා විශ්වාස ද මිනිසා තුළ හටගත්තේය. එහෙයින් නවීන විද්‍යාව නිම්වළලු පසු කරද්දී ජ්‍යෝතිෂ්‍යය පාතාලය තෙක් ගමන් කළේය. දැන් අපේ රටේ ඇත්තේ අනාවැකි කියන්නන්ගේ පාතාලයකි. එකී පාතාලය කෙතරම් බිහිසුණු මුහුණුවරක් ගෙන තිබේද යන්න විශ්ව අභිමානී, විශ්ව කීර්ති, කලා කීර්ති යැයි කියා ගන්නා ජ්‍යෝතීර්වේදීන් සිය දේශපාලන අවශ්‍යතාව වෙනුවෙන් කරන අනාවැකිවලින්ම පෙනී යන්නේය.